යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    https://www.facebook.com/slcustomsdept/

    යාලු සුද්දෙක් තෑග්ගක් එව්වද? එකවුන්ට් එකකට සල්ලි දාන්න කිව්වද?

    රාජකාරී ජීවිතේදි මේ දවස්වල සතියකට සැරයක් විතර මුහුණ දෙන්න වෙන සිදුවීමක් ලියන්න හිතුව අද. කියවන කෙනෙක් මේ වංචාවෙන් බේරෙයිනෙ කියල හිතල.

    මේ සිද්ධිය උනේ ඊයෙ දවසෙ.මගෙ ලඟට ආව වයස විසිපහක විතර අහිංසක තරුණයෙක්.ගම දෙහිඅත්තකණ්ඩියටත් එහා. වැඩකරන්නෙ ආරක්ෂක හමුදාවක. ඇවිත් පහල තියෙන ෆොටෝ එක පෙන්නල ඇහුව මෙහෙම පාර්සලයක් තියෙනවද කියල.

    "කොල්ලට අඳුරන සුද්දෙක් රටින් පාර්සලයක් එවල !! "

    අහල බලනකොට වැඩේ වෙලා තියෙන්නෙ මෙහෙමයි.
    එකපාරට කොල්ලට එෆ්.බී. එකෙන් රික්වෙස්ට් එකක් එනව සුද්දෙක්ගෙන්.නිකං සුද්දෙක් නෙමෙයි.ලන්ඩන්වල දොස්තර කෙනෙක්.ඒ කියන්නෙ ඔරිජිනල් සුද්දෙක් වෙන්ඩ එපැයි !!

    ඉතිං දෙන්න කතාවට වැටෙනව මාස ගානක්.ගෙවල් වල විස්තර හුවමාරු කරගන්නව, පවුලෙ ෆොටෝ පවා හුවමාරු කරගන්නව. වෙන එකක් තියා ෆෝන් නම්බරෙත් හුවමාරු කරගන්නව.වට්ස් ඇප් වලින් චැට් කරනව.කිසිම සැකයක් නෑ.පවුලෙ හිතවතෙක් ගානටම සුද්ද ෆිට් වෙනව.වෙන එකක් තියා කොල්ල සුද්දගෙ නම්බරේ සේව් කරල තියෙන්නෙ "Bro" කියල...හිතාගන්නකො සංසාරගත බැඳීමක් වගේ යාලුකමක් දුරදිග ගිහිල්ල තියෙන තරම. සුද්දට කෝල් ගන්නත් පුලුවන්.හැබැයි කවදාවත් වීඩියෝ කෝල් නම් ගන්න බෑ, එක එක ප්‍රශ්න.කැමරාව වැඩ නෑ, සිග්නල් හරි නෑ, රෑ කලුවරයි ආදී දහසකුත් ප්‍රශ්න සුද්දට තියෙනව.සුද්දෙක් කිව්වට ඕක ලංකාවෙ එකෙක්ගෙම ෆේක් එකක් වෙන්න තියෙන ඉඩ වැඩී.

    ඔහොම මාසයක් විතර ගියාම තමා අර Bro ට ලංකාවෙ ඉන්න අහිංසක කොල්ලට තෑග්ගක් එවන්න කරුණාවක් පහල වෙන්නෙ. ඉතින් සුද්ද් කියනව "මල්ලි මං ඔයාට පාර්සලයක් එවන්නම් ලංකාවට.ඔයාගෙ ඇඩ්‍රස් එක දෙන්න. මේ ඔක්කොම කරන්නෙ ඔයාත් එක්ක තියෙන ෆිට් එකට.පාර්සලේ තියෙන්නෙ ලැප්ටොප් එකකුයි, ඇපල් ෆෝන් එකකුයි, අත් ඔරලෝසුවකුයි, තව පොඩි බඩු දෙකතුනකුයි. මේවට යන ගාන මට සුලුදෙයක්.මම ලඟදි ලංකාවට එන්නත් ඉන්නෙ. එතකොට හම්බෙන්නත් බැරියැ." අපේ කෙනා දැන් ගානට Bro fit එකට ඇඳගෙන ඉන්නෙ මේ වෙනකොට. එහෙම කියල සුද්ද නවතින්නෙ නෑ. ගත්ත බඩු වල ෆොටෝත් එවනව අපේ කොල්ලට. දිලිසි දිලිසි තියෙන රත්තරං පාට අත් ඔරලෝසුව දැක්කම ආසාවෙ බැරුව යනව.

    ඔන්න එකදවසක් සුද්ද වීඩියෝ එකකුත් කොල්ලට එවනව "මං අද බඩු ටික දැම්ම.මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක, දවස් තුනකින් විතර ගෙදරටම බඩු ටික එයාගෙ ලංකාවෙ ඉන්න ඒජන්තය ගෙනත් දෙයි" කියල.ලංකාවෙ ඒජන්තයගෙ නොම්බරෙත් දෙනව.පාර්සලේ විස්තර තියෙන පහලින් අමුනල තියෙන ෆොටෝ එකත් එවනව.
    කොල්ලත් ඉතිං පස්වනක් ප්‍රීතියෙන් පිනාගිහිල්ල Bro ට ෆුල් භක්තියෙන් ඉන්නෙ මේ වෙලාවෙ.ඇයි ඉතින් එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෙක්වත් නොදෙන ආකාරයේ තෑග්ගක් ලන්ඩන් වල සුද්දෙක් ගෙන් ලැබුනම !!
    දවස් තුනක් විතර ඉන්නකොට ලංකාවෙ ඒජන්තය වට්සැප් කරනව. "මල්ලි පාර්සලේ එයාපෝට් එකට ඇවිල්ල තියෙන්නෙ.පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒක ක්ලියර් කරගන්න රුපියල් එක්ලක්ශ අසූදාහක් විතර යනව.වටින බඩුනෙ මල්ලි.ආන්ඩුවෙන් බදු ගහනව.

    කමක් නෑ මල්ලි ඉස්සෙල්ලම අසූදාහක් මගෙ බැංකුවට දාන්න.මෙන්න එකවුන්ට් එකේ නොම්බරේ" කියල.
    අපේ "හාවා" එතකොට දෙපාරක් හිතන්නෙත් නෑ, කිසිම සැකේකුත් නෑ අසූදාහ ෆෝන් එකෙන්ම ට්‍රාන්සර් කරනව. දාල බලං ඉන්නව.

    දවසක් විතර ගියාම තමා "අපේ හාවා"ට පොඩ්ඩක් සැක හිතෙන්න පටං ගන්නෙ.එච්චරට සූක්ෂමව තමයි ගේම යන්නෙ .එතකොට පෙරහැර ගිහින් ඉවරයි. දැන් තමා හාවාට හොයල බලන්න හිතෙන්නෙ ඇත්තටම මෙහෙම බඩුවක් ඇවිල්ලද කියල. තාමත් තමන් රැවටිලා කියල හිතාගන්න කොල්ලගෙ හිත ඉඩ දෙන්නෙ නෑ.ඇයි අනේ එංගලන්තෙ සුද්දෙක් මෙහෙම කරයියැ !!

    මේ ඩොකියුමන්ට් එක අතට ගත්ත ගමන් මං නෝටිස් කරපු තැන් හතරක් තිබ්බ.තවත් තියෙන්න පුලුවන්.

    1. පාර්සලේ ඇවිල්ල තියෙන්නෙ "Diplomatic delivery" එකක් විදිහට.ඒ කියන්නෙ රාජ්‍ය තාන්ත්‍රික පාර්සලයක් !!
    😨

    මේවගේ එකක් ලැබෙන්න "අපේ හාව" රාජ්‍ය තාන්ත්‍රිකයෙකුත් නෙමෙයි, Bro එහෙම කෙනෙකුත් නෙමෙයි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට එන බඩු වලට කිසිම බද්දක් අයකරන්නෙත් නෑ.රාජ්‍ය තාන්ත්‍රිකයෙක් කියන්නෙ මන්ත්‍රී ,ඇමති , තානාපති කාර්‍යාලවල නිලධාරීන් ආදී කට්ටිය.

    2. වම්පැත්තෙ පහල Receiver's Phone කියන තැන c වෙනුවට කැපිටල් D අකුරක් වෙනපාටකින් උඩින් ටයිප් කරල.ෆොටෝශොප් යාන්තං දන්න කෙනෙක්ගෙ වැඩක්. හාවව මෙහෙම එඩිට් කලත් අන්දන්න පුලුවන් කියලත් උන් දැනගෙන ඉන්න ඇති.

    3. එව්ව කිව්ව බඩු වල විස්තරේ හැටියට කිලෝ 25ක් පාර්සලේ බර වෙන්නත් බෑ.කවුරුත් මොකටද වැඩිපුර බරකට ගුවන් සමාගමට සල්ලිගෙවන්නෙ නිකං බොරුවට !!

    4. කිසිම ගුවන් සමාගමක/ කුරියර් සමාගමක නමක් ඩොකියුමන්ට් එකේ නෑ. එතකොට නිකමටවත් ඒ සමාගමට කෝල් එකක් දීල පාර්සලේ දැනගන්න ඉඩක් නෑ අපේ හාවා ට.

    විස්තරේ කොල්ලට පැහැදිලි කරල මං කිව්වෙ දැන්ම ගිහින් පොලිසියෙ පැමිණිල්ලක් කරන්න කියන එක තමයි. පැමිණිල්ල දැම්ම කියල සල්ලි එකපාරට හම්බෙන්නෙ නැති වෙයි.කවද හරි හොරාව අල්ලගත්තොත් පැමිණිල්ලක් දාල තියෙන එක ප්‍රයෝජනවත් වෙයි කියල.කොල්ල ඒක කලාද කියන්න මං දන්නෙ නෑ.
    ගොඩක් මිනිස්සු තමං රැවටිලා කියන ලැජ්ජාවට පොලිසියට යන්නෙ නෑ.කලින් සතියෙ ගෑනු කෙනෙක් මේ වගේම ආව එයාටත් යාලු සුද්දෙක් තෑගි එවල රුපියල් අනූදාහක් ඒක ක්ලියර් කරගන්න දුන්න කියල. මිනිස්සු නිකං ලැබෙන දේවල් වලට තියෙන කෑදර කම තමයි මේ අපරාධකාරයො පාවිච්චියට ගන්නෙ.මෙයාලට කිසිම හදිසියක් නෑ. ඔයා හාවා වෙනකං එයාල මැසේජ් කරයි, සුරංගනා කතා කියයි, පණ දෙන්න වුනත් එයි.මේ වෙලාවෙත් මිනිස්සු ගොඩක් මේ අපරාධකාරයොන්ට ගොදුරු වෙන ගමන් ඇත්තෙ.

    ඒ නිසා කවුරුහරි බඩු පාර්සලයක් තමන්ගෙ නමට එව්වොත් ක්ලියර් කරන්න සල්ලි දාන්න කලින් පොඩ්ඩක් හොයල බලල ඉන්න.සමාජයේ ඉන්න ඉතා උගත් මිනිස්සු පවා මට කෝල් කරල අහල තියෙනව මෙහෙම එකක් වෙලා තියෙනව මොකද කරන්නෙ සල්ලි දාන්නද කියල. ඒ නිසා ඒක මේ දේ දෙහිඅත්තකන්ඩියෙ මල්ලිටද, කාටද වෙන්නෙ කියන එක කලින් කියන්න බෑ.

    ඒ ඔක්කොටම කියන්න තියෙන්නෙ රේගුවෙන් බඩුවක් නැවැත්තුවොත් ඔබගෙ නමටම රේගුවෙන් ලියුමක් එවනව ඇවිල්ල බඩු ගන්න කියල.ඔබ එනකන් ඒ පාර්සලේ විවෘත කරන්නෙ නෑ රේගුවෙන්. බඩු පරීක්ශා කරන්නෙ නැතුව ගෙවන්න වෙන බදු ප්‍රමාණය තක්සේරු කරන්නත් බෑ.ඔබ රේගුවට ආවම තමයි බදු ප්‍රමාණය හරියටම කියන්න පුලුවන් බඩු පරීකශා කරල ඉවර වෙලා. කවුරුහරි පාර්සලයක් ක්ලියර් කරන්න සල්ලි ඉල්ලනව නං කස්ටම් එකෙන් බඩු නැවැත්තුව කියල නිකුත් කරන ඩොකියුමන්ට් එක එයාලගෙන් ඉල්ලගන්න.ඒක දෙන්න මග අරිනව නම් එතනම ලෙඩක් කියල තේරෙන්න ඕනෙ.ඩොකියුමන්ට් එකක් එව්වොත් ඒ අදාල ආයතනයෙ නොම්බරේ අන්තර්ජාලයෙන් වගේ හොයාගෙන කෝල් එකක් දීල චෙක් කරගන්න. ඩොකියුමන්ට් එකේ තියෙන නොම්බර වලට කෝල් ගන්න එපා.බොහෝ විට ඒකත් අපරාධකාරයෙක්ගෙම නොම්බරයක් වෙන්න පුලුවන්.

    අමාරුවෙන් හම්බකරන සල්ලි රට ඉන්න සුදු බ්‍රෝ කෙනෙක් නිසා නාස්ති කරගන්න කලින් පොඩ්ඩක් හොයල බලාලම ඉන්න.
    ජය !
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඔය හා සමාන නොවුනත් මගෙ අත්දැකීම් කියන්නම්.
    මටත් රිකුවෙස්ට් එකක් ආවා ඔය වගෙ .ෆේස්බුක් එකෙ ප්‍රොෆයිල් එක අනුව වයසක සුද්දියෙක් හොස්පිටල් බෙඩ් එකෙ ඉන්නෙ අමාරුවෙන්.
    ඉතිං චැට් කරන ගමන් අරකයි මෙකයි විස්තර අහනවා.
    පස්සෙ එයාගෙ ධනය එයා බෙදා දෙනවලු .
    එකට තොර ගත්තෙ මාවලු අරකයි මෙකයි ගොඩක්.
    පොඩි කාලෙ ඉඳන් අත්දැකීම් වැඩි නිසා සහ සැක කිරිමෙ මනසක් සතුව නිසා මන් මෙ ගැණිව සැක කරා.
    පස්සෙ මන් ප්‍රොෆයිල් එකෙ ෆොටො සර්ච් කරලා ෆිල්ටර් කරා .
    ඒ එකවුන්ට් එකෙ මුල් කාලෙ දාපු පික් එකක් සෙට් උනා.
    කළු කාපිරි පොරක්.
    මන් චැට් කරන ගමන් මෙ ඉන්නෙ ඔයාද කියලා ඉංග්‍රිසියෙන් කොටලා පින්තූරෙ යැවුවා.
    මාව බ්ලොක් කලා.
    නයිජීරියන් ස්කැමර්ස් ලා.

    දෙවෙනි අත්දැකීම.

    සුද්දෙක්.
    හැබැයි මූ ෆේක් නෙමෙ.
    ෆොටො රියල්
    සයන්ටිස්ට් කෙනෙක් .
    ඔක්ස්ෆර්ඩ් උපාධි දාරියෙක්.
    සල්ලි තියෙනවා .
    ඌ සත්තුන්ට ආදරෙයි.
    ඌ එක්ක චැට් කර කර හිටියා හෙතුව මට ඒ කාලෙ ඉංග්‍රිසි හදාගන්න ඔනි වෙලා තිබ්බ නිසා .
    ඉතිං ෆේක් උනත් රියල් උනත් බැලුවෙ නැහැ .
    පස්සෙ මූ මට පාර්සලයක් එවුවා.
    මගෙන් සත පහක් ගියෙ නැහැ.
    දවසක් කතා කරා කිසි අවුලක් තෙරුණෙ නැහැ.
    මන් අපෙ කොල්ලෙක්ට මෙ සීන් එක කිව්වා .
    ඌ කිව්වා ඔය සත්තුන්ට ආදරෙ උන් ගොඩක් සමලිංගික සීන් වලට වැටෙනවලු .
    කතාව හරි .
    ඌ ඉන්දියන් ටයිප් එකෙ කොල්ලොන්ට ආස එකෙක්.
    ඌ ඉන්දියාවට විසිට් කරනවා කොල්ලො හොයාගෙන. ඌ හිතලා තියෙන්නෙ මාත් ඉන්දියන් කියලා.
    හැබැයි බුවා හොරෙක් වත් වංචා කරයෙක්වත් නෙමෙ.

    උගෙ එකමා අවුල ගේ කුරුල්ලෙක් වීම.


    අපිට උනත් උනා නම් තන්හාව හිතෙනවා.
    කවදාවත් වැඩි ආශ්‍රයක් නොකරපු කෙනෙක් සල්ලි ගණු දෙනු වලට එන වනම්
    නිතරම සැක කරපන්.පිට රට හො ලංකාවෙ වෙවා.
    මාත් ඔය වගෙ සිද්ධි වලින් ඔනි තරම් බෙරිලා තියෙනවා හෙතුව සල්ලි වියදම් කිරිමෙ කුණු ලොබ මානසිකත්වය මන් ප්‍රගුණ කරලා තියෙන නිසා .
    මොකද මගෙන් සල්ලි යන වැඩක් නම් මන් දෙතුන් පාරකය වැඩිය හිතනවා ඔනිම දෙකදි .
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඔය හා සමාන නොවුනත් මගෙ අත්දැකීම් කියන්නම්.
    මටත් රිකුවෙස්ට් එකක් ආවා ඔය වගෙ .ෆේස්බුක් එකෙ ප්‍රොෆයිල් එක අනුව වයසක සුද්දියෙක් හොස්පිටල් බෙඩ් එකෙ ඉන්නෙ අමාරුවෙන්.
    ඉතිං චැට් කරන ගමන් අරකයි මෙකයි විස්තර අහනවා.
    පස්සෙ එයාගෙ ධනය එයා බෙදා දෙනවලු .
    එකට තොර ගත්තෙ මාවලු අරකයි මෙකයි ගොඩක්.
    පොඩි කාලෙ ඉඳන් අත්දැකීම් වැඩි නිසා සහ සැක කිරිමෙ මනසක් සතුව නිසා මන් මෙ ගැණිව සැක කරා.
    පස්සෙ මන් ප්‍රොෆයිල් එකෙ ෆොටො සර්ච් කරලා ෆිල්ටර් කරා .
    ඒ එකවුන්ට් එකෙ මුල් කාලෙ දාපු පික් එකක් සෙට් උනා.
    කළු කාපිරි පොරක්.
    මන් චැට් කරන ගමන් මෙ ඉන්නෙ ඔයාද කියලා ඉංග්‍රිසියෙන් කොටලා පින්තූරෙ යැවුවා.
    මාව බ්ලොක් කලා.
    නයිජීරියන් ස්කැමර්ස් ලා.

    දෙවෙනි අත්දැකීම.

    සුද්දෙක්.
    හැබැයි මූ ෆේක් නෙමෙ.
    ෆොටො රියල්
    සයන්ටිස්ට් කෙනෙක් .
    ඔක්ස්ෆර්ඩ් උපාධි දාරියෙක්.
    සල්ලි තියෙනවා .
    ඌ සත්තුන්ට ආදරෙයි.
    ඌ එක්ක චැට් කර කර හිටියා හෙතුව මට ඒ කාලෙ ඉංග්‍රිසි හදාගන්න ඔනි වෙලා තිබ්බ නිසා .
    ඉතිං ෆේක් උනත් රියල් උනත් බැලුවෙ නැහැ .
    පස්සෙ මූ මට පාර්සලයක් එවුවා.
    මගෙන් සත පහක් ගියෙ නැහැ.
    දවසක් කතා කරා කිසි අවුලක් තෙරුණෙ නැහැ.
    මන් අපෙ කොල්ලෙක්ට මෙ සීන් එක කිව්වා .
    ඌ කිව්වා ඔය සත්තුන්ට ආදරෙ උන් ගොඩක් සමලිංගික සීන් වලට වැටෙනවලු .
    කතාව හරි .
    ඌ ඉන්දියන් ටයිප් එකෙ කොල්ලොන්ට ආස එකෙක්.
    ඌ ඉන්දියාවට විසිට් කරනවා කොල්ලො හොයාගෙන. ඌ හිතලා තියෙන්නෙ මාත් ඉන්දියන් කියලා.
    හැබැයි බුවා හොරෙක් වත් වංචා කරයෙක්වත් නෙමෙ.

    උගෙ එකමා අවුල ගේ කුරුල්ලෙක් වීම.



    කවදාවත් වැඩි ආශ්‍රයක් නොකරපු කෙනෙක් සල්ලි ගණු දෙනු වලට එන වනම්
    නිතරම සැක කරපන්.පිට රට හො ලංකාවෙ වෙවා.
    මාත් ඔය වගෙ සිද්ධි වලින් ඔනි තරම් බෙරිලා තියෙනවා හෙතුව සල්ලි වියදම් කිරිමෙ කුණු ලොබ මානසිකත්වය මන් ප්‍රගුණ කරලා තියෙන නිසා .
    මොකද මගෙන් සල්ලි යන වැඩක් නම් මන් දෙතුන් පාරකය වැඩිය හිතනවා ඔනිම දෙකදි .
    :baffled:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පිළිගන්නව. ඒත් සල්ලි දාන්න කලින් මොලේ තියන එකෙක් නම් හොයල බලනව ඔයිට වඩා.

    1000ක් 2000ක් නම් දීලා දායි. එක්ලක්ෂ ගාණක් කිව්වම කවදාවත් දෙන්නේ නෑ. දුශ්කර පැතිවල කොල්ලො තමයි අල්ල ගන්නේ. ඉතින් උන් සිංහලෙන් ද චැට් කරන්නේ?
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    නිකන් ලැබෙනවනම් දෙමල පත්තරෙත් බලලා සබනුත් කාලා තමයි අපේ අය්යල නවතින්නේ. 2021 ත් මේ වගේ ගේම් වලට අහුවෙනවා කියන්නේ උන් නම් මනුස්සයෝ වෙන්න බෑ මචං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එහෙම තමා බන් මිනිස්සු අහු වෙනවා... උන් සෑහෙන්න කාලයක් ගන්නවා එකෙක් බා ගන්න. මේක ලියපු කස්ටම් එකා කියන විදිහට මේ වගේ සීන් සතියට එකක්වත් සෙට් වෙනවලුනේ.

    මම දන්න එකෙක්ට ඈරියා ලන්කාවෙ එකෙක්.

    අබාන්ස් එකේ මෑනේජර් කෙනෙක්ට සෙට් වෙලා තියෙනවා කස්ටම් ඔෆිසර් කෙනෙක්. නම ඩී රණසින්හ. මිනිහා සෑහෙන්න කාලයක් මූත් එක්ක කතා බහ කරලා තියෙනවා. එහෙම ඉදලා කියලා තියෙනවා ඌ ලග අල්ලපු බෝතල් තියෙනවා ඕනේ කෙනෙක් ඉන්නවා නම් කියන්න සෑහෙන්න අඩුවට දෙනවා කියලා.

    ඉතින් මෑනේජරයා ඕක උගේ ජූනියර් බුවෙක්ට කියලා. ඌ උගේ අයිය සෙට් කරලා බෝතල් ගන්න. කීයක බෝතල්ද? 150000 ක.. බෝතල්.

    ඉතින් ඩී රණසින්හ මේ බුවාට කෝල් කරලා කටුනායකට එන්න කියලා සල්ලිත් අරන්. මූ යලුවෙක් එක්ක වාහනේ ගිහින්, කටුනායකදී කෝල් කලහම පාර අයිනේ නවත්ත ගන්න එයාගේ මිනිහෙක් එයි කියලා. ඉතින් මූත් නවත්තන් ඉන්නකොට කොල්ලෙක් ඈවිත් අරූ එව්වා කියලා සල්ලි ඉල්ලන් ගිහින් බෝතල් ටික අරන් එන්නම් කියලා.

    ඌ ගියා ගියාමයි. ඩී රණසින්හ ගේ එයාටෙල් නම්බර් එක ඕෆ්. හෝදම දේ කියන්නේ මේ එකෙක්වත් ඒ වෙනකම් රනසින්හ ව ඈහෑට දෑකලා නෑ... ඕන්න ගේම්..

    අදාල එකා එලකිරියෙත් ඉන්නවා
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ape pawle ekenektat england docek parcel ekak ewwa. messenger eken photo ewala tibuna ehen ewanna kalin. mac book ekai tab ekai iphone 2i. dawas 2-3 kin suddek call kara courier service kiyala. u kiyanawa parcel eka athule salli wagekut tibilalu. echchara salli ewanna tahanamlu. custom eken nawaththagenalu. 80k onelu nidahas karanna. epara lankawe ekekge account ekak ewwa nsb da koheda. scene eka kalin danna nisa ahu une na.
    e yakage courier service eke nama ahuwam mokadda ekak kiwwa. search karama mokadda anaatha website ekak awa. u katha karapu widihata russian hari ukraine wage terune
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මටත් එංගලන්තෙයි අරෙහෙ මෙහෙ ඉන්නවා කියන පක්කු රික්වෙස්ට් දාල තියනවා. බලන කොට උගේ ෆොටෝ වලට ලයික් කරලා තියන ඔක්කොම ලංකාවේ හරි ඉන්දියාවේ හරි අප්‍රිකාවේ හරි උන්. මම දන්නෙ නැති එකෙක්වත් ඇඩ් කරගෙන චැට් කරන්න යන්නේ නැහැ.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මට නම් මේ වගේ emails මාසෙකට දෙක තුනක් එනවා, මට මතකයි ඉස්සරම 2014 දි විතර මුල්ම එක ආවේ.... මට මතකයි අපේ ඉන්ජිනියර් කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඇද ගත්තා මෙහෙම යාළුවෙක් බඩු පාර්සලයක් එවලා කියලා. මම එයාට කිව්වත් මේවා වංචාවල් කියලා පොරලා විශ්වාශ කලේ නෑ.. අන්තිමට කෙලවෙලා ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ හිටියේ.... තාම මතක් වෙද්දි හිනා යනවා... යකො මුන් මෙහෙන ඇන්දෙනවද කියලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මටත් සෙට් වුනා ඕහොම වෙන්ට ඇමෙරිකන් ඇම්බැසඩර් කෙනෙක්. ඌට හැමරටේම දේපල තියේලු. ලංකාවේ විතරක් නෑ උදව් කරන්න කිව්වා ගන්න එකක්. මමත් ඇන්දුනා වගේ උගෙන් ආතල් ගත්තා...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    මටත් සෙට් වුනා ඕහොම වෙන්ට ඇමෙරිකන් ඇම්බැසඩර් කෙනෙක්. ඌට හැමරටේම දේපල තියේලු. ලංකාවේ විතරක් නෑ උදව් කරන්න කිව්වා ගන්න එකක්. මමත් ඇන්දුනා වගේ උගෙන් ආතල් ගත්තා...
    ඔයිට එහා ආතල් එකක් මට සෙට් වුණා ගිය අවුරුද්දෙ .

    මගෙ කටාර් වල ජොබ් සයිට් එකක එකවුන්ට් එකක් තිබ්බා. මෙකෙන් ඊමෙල් එක හොයාගෙන මට ඊමෙල් එකක් එවලා තිබ්බා ඉන්ටර්වීව් එකක් කියලා නම්බරෙකුත් දාලා ඒ නම්බරෙට වට්සැප් කරන්න කියලා.
    පස්සෙ මන් ඒ ඊමෙල් එක දාලා තියෙන නම්බරෙට වට්සැප් මැසෙජ් එකක් යැවුවා
    මුලින් සාමාන්‍ය විදියට ප්‍රශ්න ඇහැව්වා.
    පස්සෙ මගෙ රැවුල වැවෙනවාද ?පපුවෙ මයිල් තියෙද නැද්ද වගෙ සීන් ඇහැව්වා.
    පපුවෙ මයිල් කියද්දි මට තෙරුණා මොකක් හරි සීන් එකට තමා කියලා.
    මාත් ආතල් එකෙ හිටියා.
    පස්සෙ ඔන්න ප* සයිස් එක ඇහැව්වා.
    නැග්ගහම සයිස් එක කොහොමද කියලා ඇහැව්වා.
    මන් ඉතිං බොරු දුන්නා.
    පස්සෙ කිව්වා ජොබ් වෙකන්සි එක තියෙන්නෙ ස්පා එකක .
    එකෙ ගැණු එන්නෙ .එගොල්ලොන්ව සතුටු කරන්න තමා තියෙන්නෙ කියලා.
    ඔහොම කියලා පස්සෙ මගෙ ප* ෆොටො ගහල එවන්න කිව්වා.
    හොඳටම නැගලා තියෙන වෙලාවක එවන්න කියලා.
    මන් කිව්වා ඔයාගෙ එක පෙන්වන්න ( මෙ ඉන්ටර්වීව් කරපු කෙනා ගැනු කෙනෙක්ගෙ නමක් තිබ්බ. එක නිසා මාත් ආතල් එකට වගෙ එහෙම ඇහැව්වා )
    පස්සෙ ඒ කෙනා රිෆියුස් කරා ඒක. මන් කිව්වා මන් කොහොමද ඔයාව විශ්වාස කරන්නෙ කියලා.
    ඊට පස්සෙ වැඩි කතාවක් නැහැ .