මම ඔය වගේ සීන් හෙන සෙට් එකක්ම ගැන හොඳටම දන්නවා
1 - ඉන්ජිනියර් කෙනෙක් අහු උනා අර මොකද්ද ෆෝන් කම්පැනියකින් දෙන මොන්ටේරෝ එකක් දිනලා ඒකෙ ටැක්ස් වලට රුපියල 35000ක් ද කොහෙද ඕන කියලා. මේක පට්ටෙට ප්ලෑන් කරපු සීන් එකක්, අරූට කියලා සේරම රාජ්ය බැංකුවලට මේ සීන් එක දන්වලා තියෙන්නෙ බැංකුවට ගිහින් වාඩි වෙලා ඉන්න නම කියලා කතා කරාවි කියලා, අරුන් බැංකුවෙ කවුන්ටරේට කෝල් කරලා මෙහෙම නමක් තියන එකෙක් සල්ලි වගයක් දාන්න ඇවිත් ඉන්නවා ෆෝන් එක වැඩ නැහැ පොඩ්ඩක් බලන්න කියලා, ඒපාර කවුන්ටරේ එකා අරූගෙ නම කියලා කතා කරලා. දැං වැඩේ ශුවර් නිසා සල්ලි දාල, දැම්මට පස්සෙ ෆෝන් එක වැඩ නැහැ.
හොඳම සීන් එක කියන්නෙ ඌත් එක්ක වැඩ කරන සේරම එවුන් මේ ස්කෑම් එක ගැන දන්නවා ඌ විතරයි දැනන් ඉඳලා නැත්තෙ, අරුන් කෝල් කරාම ෆෝන් එක අත අරින්න බැරි වෙන විදියට කට්වෙද්දි කට් වෙද්දි ආපහු ගන්නවාලු එතකොට යාලුවෙක්ට වත් කියන්න විදියක් නැහැනේ
2 - මගේ නම්බර් එකට කතා කරලා ඩයලොග් එකෙන් කියලා, ඒකට නං හොඳට ඇමතුවා.
3 - නංගිගෙ නම්බර් එකට ආව හිරු FM එකෙන් කියලා, ලක්ශ 10ක් ඇදිලා ඒකට ටැක්ස් එකක් දාන්න කියලා, මේකෙන් අපි ෆුල් ඩේ එකක් ආතල් ගත්තා, අපි ඉන්නෙ හෙන දුර, වෙස්ටන් යූනියන් එකෙන් තමයි සල්ලි දාන්නෙ වෙන්නෙ වෙස්ටන් යූනියන් එකක් තියන තැනකට යන්න පැය තුනක් විතර යනවා අරවා මේව කියලා ෆුල්ම ෆන් එකක් ගත්තා. හැබැයි අන්තිම ටිකේ ඌටත් ඇඬිලා වගේ කතා කරේ
4 - මගේ ෆෝන් එකක් ikman එකේ දාල තිබුනා, නයිජීරියන් ස්කෑම් ඩයල් තුන හතරක්ම කතා කරා. අර බැංකුවෙන් සල්ලි එවලා ඒක රිලීස් කරන්න පෝස්ට් කරපු බිල් එක මේල් කරන්න කියන ජාතියෙ එවුන්. මං උන්ට කිවුවා මගේ අතේ එවන්න සල්ලි නෑ ශිපින් වලට ඩොලර් 125ක් දෙනවා නං අදම එවන්නං කියලා කීයක් හරි උගෙන් ගන්න පුලුවන්ද කියලා, මුං එහෙම කරේ නෑ, මං අන්තිමට ආතල් එකක් ගන්නෙ කියලා උන්ට කිවුවට පස්සෙ වට්සැප් එකෙනුත් බ්ලොක් කරලා තිබ්බා (මේක ඔෆිස් එකේ එවුන් ගොඩක් එවුන් කරලා ආතල් අරන් තිබ්බා), Whatsapp screenshot තිබුනා, පුලුවන් උනොත් දාන්නං.
4 - තව නයිජීරියන් ඩයල් එකක් කතා කරා, ඌ කිවුවෙ ලංකාවෙ වෙන එකෙක්ගෙ පාර්සලයක් තියනවා, ඌ ශිප් කරන්න දන්නෙ නැහැ මට ඒක අරගෙන ශිප් කරන්න පුලුවන්ද කියලා. මේකෙදි මම ලංකාවෙ ඩයල් එකගෙ නම්බර් අරූගෙන් අරගෙන ලංකාවෙ එකාට සීන් එක කිවුවා, ඌ ඒක විස්වාස කරේ නැතුව මගේ කරේ නගින්න ආවා. එහෙනං යවලා සල්ලි ගනින් කියලා මම ෆෝන් එක තිබ්බා. සමහරි විට ඌ අහුවෙන්න ඇති, මම කියපු එක තේරෙන්නත් ඇති.
නයිජීරියන් ආතල් ගන්න නං බොරුවට අයිෆෝන් එකක්, කැමරාවක්, අයිපෑඩ් එකක් වගේ ඇඩ් එකක් ikman එකේ දාපන් අනිවා, එකෙක් හරි චැට් කරනවා.