යැංකි රහස් මෙහෙයුම්-3

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යැංකි රහස් මෙහෙයුම්-3

    eP7kNC6.jpg

    යැංකි රහස් මෙහෙයුම් ලිපි පෙළේ තුන්වන කොටසත් පළ කරන්න යැයි කිහිපදෙනෙකුගෙන් ඉල්ලීම් ලැබී තිබිණි.එම නිසා ඔවුන්ගේ කියවීම උදෙසා එහි තුන්වන කොටස මෙලෙස දිගහැරෙනු ඇති.යැංකි කියන්නේ ඇමෙරිකානුවෝ කියලා අමුතුවෙන් කියන්නේ ඕනේ නෑනේ.යුද ශක්තිය අතින් කිසිම රාජ්‍යයකට නොදෙවෙනි ඇමෙරිකා එක්සත් ජනපදය සීතල යුද සමයේදී තම පරම සතුරා වූ කොමියුනිස්ට් සෝවියට් දේශයේ තාක්ෂණය තමන් සතු කරගන්නට සිදුකල රහස් මෙහෙයුම් කිහිපයක් ගැන මෙම ලිපි පෙළ ඔස්සේ සාකච්ඡාවට බඳුන් කරන ලදි.මෙම රහස් මෙහෙයුම් සඳහා ඇමෙරිකාව ඇ.ඩො. මිලියන ගණනන් වැය කර තිබේ.නමුත් ඔවුන්ගේ එම උත්සාහයන් හි ප්‍රතිඵලද තිබේ.සීතල යුද සමයේදී පැසිෆික් සාගරයේ අනතුරට ලක්වූ K-129 නම් සෝවියට් න්‍යෂ්ඨික සබ්මැරීනය රහසිගතව ගොඩගෙන සෝවියට් න්‍යෂ්ඨික මිසයිල තාක්ෂණය සහ ඒ තුල වූ රහසිගත ලිපිගොනු අත්පත් කරගැනීමට එක්සත් ජනපදය දියත් කල නම් මෙහෙයුම ගැන තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


    K-129 සෝවියට් සබ්මැරීනය

    H9kDOav.jpg



    K-129 සබ්මැරීනය ගිලී ගිය මුහුදු ප්‍රදේශය

    AwHmgTs.png


    ih7tv00.jpg


    මෙම කතාව ඇරඹෙන්නේ පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ K-129 නම් සෝවියට් සබ්මැරීනය මෙගා ටොන් ගණනක් බර න්‍යෂ්ටික මිසයිල 4 සහ නාවිකයන් 70ක් සහිතව උතුරුදිග පැසිෆික් සාගරයේ අනතුරට ලක්ව ගිලී යෑමෙන්ය.ඇතුලත සිදුවූ පිපිරීමක් නිසා මෙම සබ්මැරීනය හවායි දූපත්වලට උතුරු ප්‍රදේශයේ නාවික සැතපුම් 1,900 හෙවත් කි.මී.2890 පමණ ගැඹුරේ ගිලීගියේය.ඇමෙරිකානුවන්ගේ නිරීක්ෂණයන්ට අනුව මෙම සිදුවීම 1968 මාර්තු මස 8 වෙනිදා සිදුව තිබේ.නාවික බුද්ධි තොරතුරුවලට අනුව එය උතුරු අක්ෂාංශ 40 ත් දේශාංශ 180 ත් ආසන්න ප්‍රදේශයේ අනතුරට ලක්ව තිබිණි.අනතුරෙන් පසුව සබ්මැරීනය සොයාගැනීමට සෝවියට් දේශය මහා පරිමාණ මෙහෙයුමක් මාස දෙකක් තිස්සේ සිදුකර තිබුණද ඔවුන්ට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකිව තිබේ.සෝවියට් දේශය තම උත්සාහය අතහැර දැමුවද ඇමෙරිකාව රහසිගතව මෙම ගිලීගිය සබ්මැරීනය ගැන තොරතුරු රැස්කරන ලදි.1974දී ඔවුන් සබ්මැරීනය ගොඩගැනීමට Project Azorian නම් ව්‍යාපෘතිය දියත් කරන ලදි.මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් එක්සත් ජනපදය ඇ.ඩො.මිලියන 800ක් ආයෝජනය කර තිබේ.වර්තමානයේ(2016) නම් එම මුදල ඇ.ඩො.බිලියන 3.8ක් වන බව කියවේ.


    R-21 මිසයිල

    ogGUSit.jpg


    සෝවියට් සබ්මැරීනයක් අත්පත් කරගැනීමෙන් ඇමෙරිකානුවන්ට ලැබෙන්නේ මොනවාද?සෝවියට් න්‍යෂ්ඨික මිසයිල කිහිපයක් මෙම සබ්මැරීනය තුල තිබිණි.ඒවා R-21 නම් වර්ගයට අයත්වේ.R-21 යනු සබ්මැරීනයක සිට නිකුත් කල හැකි පළමු සෝවියට් න්‍යෂ්ඨික මිසයිල වර්ගයයි.සෝවියට් න්‍යෂ්ඨික මිසයිල තාක්ෂණය අධ්‍යයනය කිරීමට හැකිවීම ඇමෙරිකාවට මේ හරහා ලැබෙන එක් වාසියකි.සෝවියට් නාවික කේත කියවීමට හැකි උපකරණ(cryptological documents /equipments) සබ්මැරීනය තුල අනිවාර්යයෙන්ම අඩංගු විය හැකිබව ඇමෙරිකානුවන්ගේ විශ්වාසය විය.එම රහස් අත්පත් කරගත්විට සෝවියට් නාවික හමුදාවේ මෙහෙයුම්,සබ්මැරීන සහ නෞකාවල ගමන් මාර්ග ගැන වැදගත් තොරතුරු අනාවරණය කරගැනිමට ඇමෙරිකානුවන්ට අවස්ථාව උදාවේ.


    itRfwmo.jpg
    Richard M. Nixon​


    සබ්මැරීන සහ වෙනත් දියුණු තාක්ෂණයන් යොදාගෙන ඇමෙරිකානුවන් අනතුරට ලක්වු සෝවියට් සබ්මැරීනය සොයාගනියි.තොරතුරු සියල්ල සනාථ කිරීමෙන් පසුව සෝවියට් සබ්මැරීනය රහසේම සොරාගැනීමට ජනපති රිචඩ් නික්සන් අවසර ලබාදෙයි.​




    Project Azorian ව්‍යාපෘතිය


    සෝවියට් R-21 සබ්මැරීනය ගොඩගැනීමට සැලැස්මක් තැනීමට 1969 වසරේදී CIA සංවිධානය විසින් ඉන්ජිනේරුවන් සහ තාක්ෂණවේදීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් සූදානම් කරන ලදි.ටොන් 2500 වඩා බර සබ්මැරීනයක් අඩි 16,500ක් ගැඹුරු සාගර ප්‍රදේශයකින් ගොඩගන්නේ කෙසේද? මෙම මෙහෙයුම කිසිවෙක්ගේ අවදානයට ලක්නොවී විශේෂයෙන්ම සෝවියට් දේශයේ නිරීක්ෂණයන්ට ලක්නොවී රහසිගතව සිදුකරන්නේ කෙසේද?


    NrUGdsf.jpg
    The Spy Who Loved Me​


    ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක පිටපතකින් ලබාගත් සැලැස්මක් ආකාරයේ රහසිගත සැලස්මක් නිර්මාණය කරන්නට මෙම කණ්ඩායම සමත්විය(මෙම සිද්ධිය 1977 තිරගතවූ The Spy Who Loved Me නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයට පාදක කරගන්නා ලදී).මෙම අපූරු සැලැස්ම කොටස් තුනකින් සමන්විත විය.



    1.recovery ship-මුහුදු පතුල දෙසට විවෘත කිරීමට හැකි සහ වසා දැමිය දොරවල් තිබෙන අභ්‍යන්තර කුටියක් සහිත දැවැන්ත නෞකාවක්

    5cbiPkC.jpg



    2.capture vehicle-මෙය නෞකාවේ සිට මුහුදු පතුලට යැවුනු දැවැන්ත අත් සහිත කොටසකි.සබ්මැරීනය ආරක්ෂිතව අල්ලාගැනීමට මෙම යන්ත්‍රය නිපදවා තිබිණි.

    XRFgMjt.jpg



    3.ඩැහැගත් සබ්මැරීනය ඉන්පසු බත්තලකට පටවයි.මෙම බත්තල වහලයක් සහිතව ජලයේ ගිල්විය හැකි අයුරින් නිර්මාණය කර තිබිණි.ඒ කිසිවෙක්ගේ අවධානයට ලක්නොවන අයුරින් සබ්මැරීනය ප්‍රවාහනය කිරීමයි.

    RKbiiUY.jpg





    Howard Hughes

    YzMSOWB.jpg

    සැලැස්මේ පළමු කොටස හෙවත් දැවැන්ත බේරාගැනීමේ නෞකාව නිර්මාණය කිරීම පැවරුණේ බිලියනපතියෙක් වූ Howard Hughes හටය.ඔහු ඊට පෙරත් එක්සත් ජනපද හමුදාවේ මෙවැනි රහස් ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය කල නිර්මාණ සැපයූ අයෙකි.නමුත් Hughesගේ සමාගම් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන නැත.ඔහුගේ සමාගම් විසින් Hughes Glomar Explorer නමින් හඳුන්වන නෞකාව මේ රහස් ව්‍යාපෘතිය වෙනුවෙන් නිර්මාණය කරන ලදි.එය අඩි 619 දිග,අඩි 116 පළල නෞකාවකි.Hughes Glomar Explorer නෞකාව ඇ.ඩො.මිලියන 350ක් වටිනා එකකි.නෞකාවේ පළමු මුහුදු ගමන 1974 ජූනි 20 දා සිදුකර තිබේ.එය නිර්මාණය කලේ මුහුදේ තිබෙන මැග්නීසියම් කැණීම සඳහා බවයි කියවුනේ.නමුත් එහි නියම අරමුණ හෙළිවන්නේ පසුකාලයේදී.


    Hughes Glomar Explorer නෞකාව

    tG1deAm.jpg



    Hughes Glomar Explorer නෞකාව Long Beach හි නවතා තිබූ අයුරු(1974)

    ucryowb.jpg



    Hughes Glomar Explorer නෞකාවේ සැලැස්ම

    x0OHNxv.jpg


    K-129 සබ්මැරීනය මුහුදු පත්ලේ සිට මතුපිටට ඔසවාගෙන ආ හැකි නිය සහිත අඬුවක ආකාරයේ උපකරණය නිර්මාණය කලේ ලොක්හීඩ් සමාගමයි.එය Clementine යන නමින් හැඳින්වූ අතර ටොන් 2170 ක බරකින් යුක්ත විය.මෙම උපකරණය අඩි 179ක දිගක් සහ අඩි 31 පළලක් සහිතව නිර්මාණය කර තිබිණි.

    EmuZq5d.jpg


    PACMeON.jpg


    FTKYg2u.jpg


    MfdevOl.jpg


    මෙම දැවැන්ත මෙහෙයුම ලෝකයෙන් වසන් කරන්නට එක්සත් ජනපදය සාර්ථක සැලැස්මක් නිර්මාණය කර තිබිණි.මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණේ මෙය මුහුදු පත්ලේ ඛනිජ කැණීමේ මෙහෙයුමක් බවයි(Economist magazine).නිව්සයන්ස්ටිස්ට් මගින් වාර්තා කලේ නෞකාව මගින් දිනකට ටොන් 5000ක් කණින බවයි.


    සබ්මැරීනය ගොඩගත් පසු එය නොපෙනෙන ලෙස ප්‍රවාහනය කිරීමට යොදාගත් සම්පුර්ණයෙන්ම ජලයේ ගිල්විය හැකි බත්තල

    d2hOH0U.jpg


    TjCcN15.jpg


    9cXxfQn.jpg


    wKUEowm.jpg




    කැලිෆෝනියා වෙරළ ආසන්නයේ තිබූ එම විශේෂිත බත්තල

    gwEA7ri.jpg



    බත්තල ක්‍රමයෙන් ජලයේ ගිල්වන අයුරු

    XG5lYnK.jpg


    wZOHWuq.jpg


    K-129 සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම දියත් කරන්නට පෙර එක්සත් ජනපද නාවික හමුදාව ගැඹුරු මුහුදේ දියත් කල පෙරික්සුම්වලදී ගිලීගිය සෝවියට් සබ්මැරීනයේ ඡායාරූප 20,000 වඩා ලබාගෙන තිබූබව සඳහන්වේ.ජනපති නික්සන් සහ ජාතික ආරක්ෂක උපදේශක හෙන්රි කීසිංගර් විසින් මෙම මෙහෙයුම අනුමත කල මුත් ටොන් 2000 වැඩි බරක් සහිත සබ්මැරීනයක් අඩි 17,000 පමණ ගැඹුරේ සිට මතුපිටට ගෙන ඒම දැවැන්ත කාර්යයකි.ඒ කාලයේදී ගැඹුරු මුහුදේ මෙවැනි ගොඩ ගැනීමක් සිදුකල උපරිම ගැඹුර වූයේ අඩි 245 මුහුදු පත්ලේ තිබූ චන්ද්‍රිකාවක කොටසක්(රාත්තල් සියගණනක් බර )ගොඩගැනීමයි.


    සෝවියට් සබ්මැරීනය ගිලීගොස් තිබූ ප්‍රදේශයේ ගැඹුර සම්බන්ධ අවබෝධයක් ලබාගත හැකි සටහනක්

    KRUv789.png



    Hydrophone - ජලය යට ශබ්දවලට ඇහුම්කන් දීමට තැනූ මයික්‍රෝපෝනයක්

    2UJMHB5.jpg


    එක්සත් ජනපද නාවික හමුදාව හයිඩ්‍රෝපෝන් ජාලයක් යොදාගෙන සබ්මැරීන සහ නෞකාවල සාමාන්‍යය මුහුදු ගමනාගමනය සම්බන්ධ තොරතුරු රැස් කරන ලදි.එම තොරතුරු ඔස්සේ ඔවුන් සෝවියට් K-129 සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශය හඳුනාගැනීමට සමත්ව තිබිණි.ඉන්පසු මුහුදු පතුලට යැවූ කැමරාවක් ඔස්සේ සබ්මැරීනය සොයාගත් අතර එය කොටස් දෙකකට කැඩී තිබෙන බව නිරීක්ෂණය විය.1974 ජූනි 20 දා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිට ගමන් ඇරඹූ Hughes Glomar Explorer නෞකාව සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශයට පැමිණියේ 1974 ජූලි 4 වෙනිදාය.එතැන් පටන් ඇරඹුණු සබ්මැරීනය ගොඩ ගැනීමේ මෙහෙයුම මාසයක් පුරා සිදුකර තිබේ.නමුත් එම කාර්යය තමන්ට රිසි පරිදි නිවීසැනහිල්ලේ කිරීමට නම් ඇමෙරිකානුවන්ට අවස්ථාවක් නොලැබී තිබේ.මන්ද එම කාල සීමාව තුල සෝවියට් නෞකා 2ක්,Hughes Glomar Explorer නෞකාව අවට ප්‍රදේශය සැරිසැරීමයි.සෝවියට් නැව් එම මුහුදු කලාපයේ සැරිසැරුවේ තම සබ්මැරීනය ගොඩ ගැනීමේ ඇමෙරිකානු උත්සාහයක් ගැන සැක සිතීම නිසා බව 1991 පසු අනාවරණය වී තිබේ.එවැන්නක් සිදුවේ නම් වහාම එය වැළැක්වීමට ක්‍රියා කරන ලෙස සෝවියට් නාවික හමුදාවට උපදෙස් ලැබී තිබුණද සබ්මැරීනය ගිලීගිය ස්ථානය සෝවියට් දේශය විසින් නිවැරදිව හඳුනාගෙන නොතිබූ නිසා එවැන්නකට ඉඩ නොලැබුණි.


    Eh7TxRw.jpg


    9T1lb2h.jpg


    aJ7fIY5.jpg


    සෝවියට් නෞකාවල නිරීක්ෂණයට ලක්නොවී සූක්ෂමව සබ්මැරීනය ගොඩගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.සෝවියට් හෙලිකොප්ටර් Hughes Glomar Explorer නෞකාවේ තට්ටුව මත ගොඩබෑම වැළැක්වීමට පථය අවුරා දමන ලදි.නමුත් සබ්මැරීනය මතුපිටට ගෙන එද්දී එහි සුන්බුන් සාගරය ජලයේ ඉලිප්පීමට තිබෙන ඉඩ නිසා මෙහෙයුමේ රහස්‍යබාවය සෝවියට් නාවික හමුදාවට අනාවරණය වීමේ අවදානමක්ද තිබිණි.1974 අගෝස්තු මාසයේ 4 වනදා සබ්මැරීනය මතුපිටට රැගෙන එද්දී එහි කොටසක් යළි කඩා වැටිණි.ඉතිරි වූයේ ඉන් 2/3 කොටසක් පමණි(අඩි 38 කැබැල්ලක්).මෙම අසාර්ථකත්වයට බලපෑවේ සබ්මැරීනය ඩැහැගැනීමට නිර්මාණය කර තිබූ උපකරණයේ ලෝහ නිය ශක්තිමත් ලෝහයෙන් නිර්මාණය කර තිබුණත් ඒවා නැමෙන සුළු නොවීමයි.සබ්මැරීනයේ අනෙක් කොටස ආපසු ගොඩගැනීම සඳහා උපකරණය් යළි නිර්මාණය කිරීමට අවශ්‍ය විය.එනම් දෙවන මෙහෙයුමක් සිදුකිරීමට සිදුව තිබිණි.නමුත් Project Azorian ව්‍යාපෘතියේ රහස්‍යභාවය මාධ්‍ය ඔස්සේ අනාවරණය වීම නිසා දෙවන මෙහෙයුමකට යෑමට තිබූ හැකියාව අහෝසි විය.


    WOJmaq6.jpg



    අනතුරෙන් මියගිය සෝවියට් නාවිකයෝ

    jrmomA3.png


    qcFfRnV.png


    N2vNda6.png


    GkgbFAT.png


    මෙහෙයුම 1974 අගෝස්තු මාසයේදී අවසන් වේ.Project Azorian ව්‍යාපෘතිය සම්පුර්ණයෙන්ම අසාර්ථක එකක් නොවීය.එහිදී න්‍යෂ්ඨික ටෝර්පිඩෝ දෙකක් ගොඩගන්නා ලදි.ඊට අමතරව සෝවියට් නාවිකයන් හයදෙනෙක්ගේ මළසිරුරුද සොයාගන්නා ලද අතර ඒවා ලෝහ පෙට්ටිවල දමා හමුදා ගෞරව සහිතව මුහුදේදීම භූමදාන කර තිබේ.Hughes Glomar Explorer නෞකාව 1974 සැප්තැම්බර් මාසයේදී වෙත පැමිණෙන්නේ සබ්මැරීනයෙන් ලබාගත් ද්‍රව්‍යයන් සහිත පෙට්ටි සමගයි.ගොඩගත් සබ්මැරීනයේ කොටස වොෂින්ටන් හි Bangor සබ්මැරීන කඳවුරට ගෙනයන ලදි.




    Project Azorian ව්‍යාපෘතිය අනාවරණය වීම

    පළමුවරට Azorian ව්‍යාපෘතිය සම්බන්ධව එක්සත් ජනපද වැසියන් දැනුවත් කරන්නේ Jack Anderson නැමැත්තාය.ඉන්පසු Seymour Hersh නම් මාධ්‍යවේදියා විසින් මෙම රහස් ව්‍යාපෘතිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔස්සේ අනාවරණය කරයි(1975 පෙබරවාරි ).ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පතද මේ සම්බන්ධව ලිපියක් පළකරයි(1975 මාර්තු ).සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම CIA සංවිධානය විසින් චිත්‍රපටගත කර තිබූ අතර එය තවමත් සම්පුර්ණයෙන් ප්‍රසිද්ධ කර නොමැති අතර භූමදාන කල සෝවියට් නාවිකයන්ගේ සිරුරු හය 1992 දී රුසියානුවන්ට භාරදෙන අයුරු එම චිත්‍රපටයේ කොටසක අඩංගුව තිබේ.2010 වසරේදී Azorian ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක් CIA සංවිධානය විසින් නිකුත් කරන ලදි.

    SgIdmiN.jpg



    මළසිරුරු භාරදෙන අයුරු දැක්වෙන වීඩියෝපටය






    සෝවියට් දේශයේ ප්‍රතිචාරය

    එක්සත් ජනපදය දියත් කල Azorian ව්‍යාපෘතිය ලෝකය ඉදිරියේ එළිදරව් වීමෙන් පසුව සෝවියට් දේශය ඒ සම්බන්ධව කිසිදු නිල නිවේදනයක් නිකුත් නොකිරීම ධවල මන්දිරය පුදුමයට පත් කලේය.නමුත් ඔවුන් අපේක්ෂා කලේ 1960 දී ඇමෙරිකානු ඔත්තු බැලීමේ යානයක්(U-2) සෝවියට් ගුවන් සීමාවේදී වෙඩි තබා බිම හෙළීමේ සිද්ධියේ පසු ඇතිවූ තත්ත්වයට සමාන තත්ත්වයක් මෙම අනාවරණය විම ඔස්සේ සිදුවේවි යැයි කියාය.


    T9Bq3wo.png



    සෝවියට් දේශය මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ ප්‍රතිචාරයක් නොදක්වා නිහඬව සිටීමට හේතුවිය හැකි කරුණු අඩංගු වාර්තාවක් 1975 අප්‍රේල් මාසයේදී CIA සංවිධානය විසින් පිලියෙල කරන ලදි.


    -සෝවියට් දේශයේ සිට බොහෝ දුරකින් සබ්මැරීනය අනතුරට ලක්වීමත්,ඒ සඳහා මැදිහත්වීමට දරන ප්‍රයත්නයක් ඉතා දුෂ්කර එකක් වීම.

    -තම සබ්මැරීනය අනතුරට ලක්වූ ස්ථානයවත් සොයාගැනීමට සෝවියට් දේශයට නොහැකිවූ බව ලෝකයා ඉදිරියේ අනාවරණය වීම වැළැක්වීම.තමන්ට වඩා එක්සත් ජනපදය තාක්ෂණික අතින් ඉහළින් පසුව බවත් ඔවුන් තම සබ්මැරීනය සොයාගත්තා පමණක් නොව එය ගොඩගැනීමටද සමත්වූ බව සනාථ වීම තම අභිමානයට කැළලක් බව සෝවියට් දේශය සිතීම.

    -වසර පහක් තිස්සේ කැණීමේ ව්‍යාපෘතියක් ලෙස හුවාදක්වමින් සැලසුම් කල Azorian ව්‍යාපෘතිය සම්බන්ධව කිසිදු බුද්ධි තොරතුරක් අනාවරණය කරගන්නට සෝවියට් දේශයේ බුද්ධි අංශවලට නොහැකිවූ බව සඟවාලීම.



    සබ්මැරීනයෙන් කොටසක් ගොඩගන්නා අයුරු

    IS6Sj6H.jpg


    සෝවියට් දේශයේ නිහඬබවට හේතු ලෙස CIA සංවිධානය විසින් සඳහන් කර තිබුණේ ඉහත කරුණුය.නමුත් තමන් දෙවන මෙහෙයුමක් දියත් කල හොත් සෝවියට් දේශය ඔවුන්ගේ සියලු ශක්තිය එය නැවැත්වීම වෙනුවෙන් යොදවාවි යැයි CIA සංවිධානය අනතුරු අඟවා තිබිණි.නමුත් දෙවන මෙහෙයුමක් සිදුකල හොත් සෝවියට් දේශයට වැනි සිවිල් නෞකාවකට පහරදීමේ හැකියාවක් තිබේද?1975 ජූනි 16දා කීසිංගර් විසින් ජනපති ෆෝර්ඩ් වෙත එවන ලද ලියවිල්ලකට අනුව ව්‍යාපෘතිය තවදුරටත් කරගෙන යෑමට සුදුසු තත්ත්වයක් නොමැතිබවත් ,සෝවියට් දේශයෙන් දෙවන මෙහෙයුමට ප්‍රබල බලපෑම් එල්ලවීමේ ඉඩත් නිසා එය නවතා දැමීම සුදුසු බව යෝජනා කර තිබිණි.අවසානයේදී Azorian ව්‍යාපෘතිය අහවර කරන ලදි.මේවන විට ඒ සඳහා යොදාගත් Hughes Glomar Explorer නෞකාව සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්කේ නවතා තිබේ.


    Project Azorian සම්බන්ධව නිර්මාණය කල චිත්‍රපටය

    lgctUX8.png







    හතරවන කොටසින් හමුවෙමු​


    Source:Cracked.com

    -HarshaLulzSec-
     

    waligamaya

    Well-known member
  • පට්ට පට පට. මුන් දෙගොලෝම පිස්සු යක්කු. මිනිස්සු වෙනුවෙන් යොදවන්න් පුළුවන් මහා දානස් කණ්ඩයක් මෙවට් විලි ලජ්ජා නැතුව වියදම් කරනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    vatin article ekak
    passe kiyawannamko

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.