යුක්‍රේන නායකයා රුසියාව සමග සාකච්ඡාවකට සුදානම්!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,598
    16,461
    113
    ඉදිරි පැය 48 තුළ රුසියාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට යුක්‍රේන නායකයා අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර තවත් රටවල් කිහිපයක් යුක්‍රේනයේ පිහිටි සිය තානාපති කාර්යාල වසාදැමීමට පියවර ගෙන තිබේ.

    යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ හමුදා භටයන් ලක්ෂයකට වැඩි පිරිසක් සීරුවෙන් තබමින් රුසියාව සැරසෙන්නේ කිනම් මොහොතක හෝ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට බවට අමෙරිකාව සහ මිත්‍ර පාර්ශ්වික රටවල් අනතුරු අඟවා ඇත.

    එහෙත් රුසියාව මේ අනතුරු ඇඟවීම්, මායා රෝගී තත්ත්වයක් නිසා සිදුකරන ඒවා සේ සලකා බැහැර කරයි.

    කෙසේ නමුත් රුසියානු ආක්‍රමණයක් පිළිබඳ බිය හේතුවෙන් ඊශ්‍රායලය, නවසීලන්තය ඇතුළු තවත් රටවල් රැසක් කියෙෆ් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    යුක්‍රේනයේ සිටින පුරවැසියන්ට වහා එරටින් පිටව යන ලෙසද අදාළ රටවල් දැනුම් දී ඇති බව සඳහන් වේ.

    කැනඩාව,ජර්මනිය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් සිය තානාපති කාර්යාල රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ලුවිව් නගරය වෙත ගෙන යෑමට කටයුතු කරමින් සිටී.

    පවතින වාතාවරණය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ රුසියාව හා සාකච්ඡා කිරීමට යුක්‍රේනය අපේක්ෂා කරයි.

    නමුත් දේශ සීමාවේ සෙබළුන් බලමුළුගැන්වීම පිළිබඳව පැහැදිලි කරන ලෙස තමන් ඉදිරිපත් කළ නිල ඇරයුම් රුසියාව නොසලකාහැරිය බව යුක්‍රේන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.

    රුසියානු සැලසුමේ විනිවිදභාවය පිළිබඳව ඉදිරි පැය 48 තුළ දැනුවත් කරන ලෙස යුක්‍රේනය ඉල්ලා ඇත්තේ ඒ අනුවය.

    මේ අතර අමෙරිකානු භට කණ්ඩායමක් රැගත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පෝලන්තයට පැමිණ තිබේ.

    නැගෙනහිර දෙසින් නේටෝ හමුදාව ශක්තිමත් කිරීම සඳහා මේ භට පිරිස අනුයුක්ත කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

    එමෙන්ම යුක්‍රේනයට ලිතුවේනියාවෙන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ලැබී ඇති අතර නේටෝ රටවල මිත්‍ර පාර්ශ්වයන්ගෙන් තවත් ආධාර තොගයක් ගෙවුණු සති කිහිපය තුළ ලැබුණු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උදයංග වීරතුංගට තමා රටක් නැති වෙන්නේ. ඌ කොහොම හරි ඊට කලින් මුළු යුක්රේනෙම ලංකාවට පටවයි ද දන්නේ නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ නායකයෝ බෝම්බ ගහලා මිනී මරලා බලේ ගන්න ජාතියේ සෙවලයෝ නෙවෙයි බං
    බෝම්බ ගහනව කියල දැන දැන ගහනකන් කොල්ලො ගගහ ඉන්න එකකුත් නැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බෝම්බ ගහනව කියල දැන දැන ගහනකන් කොල්ලො ගගහ ඉන්න එකකුත් නැ
    බෝම්බ ගහපු එවුන්ට උක දීලා පොන්නයෙක් වගේ බලන් ඉන්න එකකුත් නෑ
     
    • Haha
    Reactions: buddikagayan

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,478
    113
    ඕකුන් දෙගොල්ලොම හිගන්නෝ
    ගහගන්නේ නෑ සද්දේ විතරයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Joe Biden Lol GIF by Election 2020
     
    • Haha
    Reactions: NRTG

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    පුටින් කාරයනම් ගහන්නේ නැතිවේවි,ඒත් ඔය විදියට දිගටම ප්‍රෙශර් එක දීගෙන ඉඳී.
    අන්න්තිමට ඩොන්බාස් යුක්‍රේන් වලින් ගලවයි.
    යුක්‍රේන් උන්ට තමා පාඩු වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,514
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔය දෙගොල්ලොම Ukraine අල්ලන්න හදන්නේ එහෙ 6 billion tonnes ද කොහෙද iron තියනවා කියන හින්දා ද දන් නැ
    US ඉස්සර හරි රටක තෙල් තිබ්බොත් ගහනවා වගේ
     
    • Like
    Reactions: NRTG