ඉදිරි පැය 48 තුළ රුසියාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට යුක්රේන නායකයා අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අතර තවත් රටවල් කිහිපයක් යුක්රේනයේ පිහිටි සිය තානාපති කාර්යාල වසාදැමීමට පියවර ගෙන තිබේ.
යුක්රේන දේශ සීමාව ආසන්නයේ හමුදා භටයන් ලක්ෂයකට වැඩි පිරිසක් සීරුවෙන් තබමින් රුසියාව සැරසෙන්නේ කිනම් මොහොතක හෝ යුක්රේනය ආක්‍රමණය කිරීමට බවට අමෙරිකාව සහ මිත්‍ර පාර්ශ්වික රටවල් අනතුරු අඟවා ඇත.
එහෙත් රුසියාව මේ අනතුරු ඇඟවීම්, මායා රෝගී තත්ත්වයක් නිසා සිදුකරන ඒවා සේ සලකා බැහැර කරයි.
කෙසේ නමුත් රුසියානු ආක්‍රමණයක් පිළිබඳ බිය හේතුවෙන් ඊශ්‍රායලය, නවසීලන්තය ඇතුළු තවත් රටවල් රැසක් කියෙෆ් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.
යුක්රේනයේ සිටින පුරවැසියන්ට වහා එරටින් පිටව යන ලෙසද අදාළ රටවල් දැනුම් දී ඇති බව සඳහන් වේ.
කැනඩාව,ජර්මනිය,ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් සිය තානාපති කාර්යාල රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ලුවිව් නගරය වෙත ගෙන යෑමට කටයුතු කරමින් සිටී.
පවතින වාතාවරණය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ රුසියාව හා සාකච්ඡා කිරීමට යුක්රේනය අපේක්ෂා කරයි.
නමුත් දේශ සීමාවේ සෙබළුන් බලමුළුගැන්වීම පිළිබඳව පැහැදිලි කරන ලෙස තමන් ඉදිරිපත් කළ නිල ඇරයුම් රුසියාව නොසලකාහැරිය බව යුක්රේන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.
රුසියානු සැලසුමේ විනිවිදභාවය පිළිබඳව ඉදිරි පැය 48 තුළ දැනුවත් කරන ලෙස යුක්රේනය ඉල්ලා ඇත්තේ ඒ අනුවය.
මේ අතර අමෙරිකානු භට කණ්ඩායමක් රැගත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පෝලන්තයට පැමිණ තිබේ.
නැගෙනහිර දෙසින් නේටෝ හමුදාව ශක්තිමත් කිරීම සඳහා මේ භට පිරිස අනුයුක්ත කෙරෙන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.
එමෙන්ම යුක්රේනයට ලිතුවේනියාවෙන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ලැබී ඇති අතර නේටෝ රටවල මිත්‍ර පාර්ශ්වයන්ගෙන් තවත් ආධාර තොගයක් ගෙවුණු සති කිහිපය තුළ ලැබුණු බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.