යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

batman malli

Active member
  • Nov 2, 2012
    245
    105
    43
    Colombo
    යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates

    යුගයක් වෙනස් කල මිනිසා – Bill Gates :shocked:

    gates.jpg

    ලොව විශාලතම මෘදුකාංග සමාගමක් මෙන්ම වර්තමානයේදී ඊටත් එහා ගිය විශ්මිත නිර්මාණ කරමින් තාක්ෂනය අතින් මුළු ලෝකයම ඉදිරියට රැගෙන යන, ලෝක ප්‍රසිද්ධ Microsoft සමාගමේ නිර්මාතෘ ඔහුයි. නමින් ඔහු Bill Gates වෙයි.
    1995 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වන දින Seattle, Washington හි උපත ලැබූ Bill Gates,
    සහෝදරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය. අන් යට වඩා ටිකක් වෙනස් චරිතයක් වූ Bill දවසින් සැලකිය යුතු ප්‍රමාණයක් පොත් සහ Encyclopedia සමග කාලය ගත කරන්නට විය. Seattle’s Lakeside පාසලෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු ගණිතය, විද්‍යාව වැනි විෂයන් වලට
    ඉතාමත් දක්ෂයෙක් විය.

    bill-gates-was-born-on-oct-28-1955-in-seattle-the-son-of-a-lawyer-and-a-schoolteacher-he-was-an-argumentative-but-brilliant-child-as-a-teenager-his-appetite-for-knowledge-was-so-great-that-he-read-the-entire-world-book-encyclopedia-series-from-start-to-finish.jpg

    එකල Seattle computer company විසින් සිසුන් සදහා පරිගණක දැනුම ලබා දීමේ වැඩසටහනක්
    මගින් Gates ට terminal එකක වැඩ කිරීමට අවස්තාව ලැබුණි. එහිදී ඔහු BASIC පරිගණක
    භාෂාවෙන් tic-tac-toe program එකක් හරහා usersලාට පරිගණකය සමග ක්‍රීඩා කිරීමට
    අවස්තාව සැලසුවේය.

    අද පවතින Microsoft සමාගම නිර්මාණය කිරීමට Bill සමගම සිටි Paul Allen ව, Bill ට හමුවන්නේ මේ අවස්තාවේදීය. දෙදෙනා ඉතාමත් ඉක්මනින් සමීපතම යාළුවන් බවට පත්විය.
    පාසල් කාලය තුලදීම Bill, Seattle computer company එක සදහා payroll program එකක්
    නිර්මාණය කළේය.

    920x920.jpg

    1970 වර්ෂයේදී Bill Gates, Paul Allen සමගින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔවුන් Seattle හි
    traffic එක අධ්‍යනය කිරීමට “Traf-o-Data” නමින් පරිගණක වැඩසටහනක් නිර්මාණය කර ඉන්
    ආදායමක්ද උපයා ගත්හ.

    1973 වසරේ දී Lakeside පාසලෙන් තම උපාධිය ලබාගත් Bill Gates, වැඩිදුර අධ්‍යාපනය
    ලබාගැනීමේ අරමුණින් Harvard විශ්වවිද්‍යාලයට ඇතුලත් විය. මේ අතර කාලය තුල ‘Altair 8800 mini-Computer kit’ ගැන Popular Electronics යන සගරාවට ලියන ලද ලිපියක් Allen විසින් Gates ට පෙන්වූයේය. ඔවුන් දෙදෙනාටම සිතුනේහැ එකම දෙයකි. ඒ මෙම Altair 8800 mini-Computer එක තමන් දන්නා BASIC පරිගණක භාෂාව පාවිච්චි කර වැඩිදියුණු කරීමට හැකි බවයි. පසුව ඔවුන් දෙදෙනා මෙම Altair 8800 නිපදවන සමාගම වන Micro Instrumentation and Telemetry Systems (MITS) සමග එකගතාවයකට පැමිණියහ. MITS සමාගමේ හිමිකරු වන Ed Roberts මහතා මේ දෙදෙනාට demonstration එකක් කිරීමට ආරාධනා කළේය. ඊළඟ මාස දෙකම Harvard විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාගාරයේ ගතකරමින්, අවසානයේදී ඔවුන් සාර්ථක මෘදුකාංගයක් නිමවීය.

    popular-electronics-january-1975.jpg

    මෙම සිද්ධියෙන් පසුව 1975 වර්ෂයේදී Bill Gates සහ Paul Allen දෙදෙනා “Micro-Soft” නමින් හවුල් සමාගමක් ආරම්භ කෙරිණි. මෙයින් අවුරුද්දකට පමණ පසුව “Micro-Soft”, “MicroSoft” බවට පත්විය. දිගින් දිගටම විවිධාකාර formats වලින් වෙනත් පරිගණක සමාගම් වලටද මෘදුකාංග නිර්මාණය කරමින් Microsoft සමාගම දිනෙන් දින දියුණු විය. Bill Gates අවුරුදු 23 වන විට (1978) සේවකයන් 25 දෙනෙකුගෙන් යුත් සමාගමක හිමිකරුවෙක් විය. තවද එම වර්ෂයේදී ආදායම ඩොලර් මිලියන 2.5 ක් විය. ($2.5 million).
    මෘදුකාංග නිර්මාණයට අමතරව ව්‍යාපාර දැක්මක් ද , නිසි තීරණ ගනිමින්ද Microsoft සමාගමට මග පෙන්වූ Gates, එය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. 1978 – 1981 කාලය තුල සේවකයන් ගණන 25 සිට 128 දක්වා වැඩි විය. සමාගමේ ආදායම ඩොලර් මිලියන 4 සිට ඩොලර් මිලියන 16 දක්වා වැඩි විය.
    bill_gates_microsoft_by_qimoo-d4yb6kk.jpg

    1986 දී , Bill Gates විසින් Microsoft සමාගම, කොටසක් $21 ලෙස කොටස්කරුවන් සඳහා යෝජනා කිරීමට ඉඩ ලබාදිය. Gates සියලුම කොටස් වලින් 45% ටමන් සතු කරගත්තේය. එයින් ඔහු එකවරම $ 234 million වැනි විශාල ආදායමක් උපයන ලදී. 1993 සිට 2007 දක්වා ලොව ධනවත්ම මිනිසා ලෙස නොකඩවා පලමුවන ස්ථානයේ ඔහුගේ නම සටහන් වී තිබිණි.
    Gates ගේ සහකාරිය වශයෙන් Microsoft සමාගමේම සේවය කල ප්‍රංශ ජාතික කාන්තාවක් වන
    Melinda තෝරාගත් Gates 1994, ජනවාරි 1 වන දින ඇයත් සමග Hawaii වලදී විවාහ විය.
    bill-gates-melinda-gates.jpg

    විවාහයෙන් පසුව gates සමගින් ඔහුගේ බිරිද විශාල වශයෙන් සමාජ සත්කාර වැඩසටහන් ක්‍රියාත්මක කළේය.2014 පෙබරවාරි මාසයේදී, තමන් Microsoft සමාගෙමේ CEO තනතුරෙන් විශ්‍රාම ගන්නා බවත්,ඒ වෙනුවට සමාගමේ තාක්ෂණික උපදේශක වශයෙන් රැඳීසිටින බවත් දැනුම් දුන්නේය. පසුව ඔහු වෙනුවට CEO වශයෙන් Steve Ballmer මහතා පත්විය. මෙම නික්මයාමෙන් පසුව Bill Gates වැඩි වශයෙන් ‘Bill and Melinda Gates Foundation’ හරහා සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී සමාජ සත්කාරයන්හි යෙදෙමින් සිටි.

    අවසාන වශයෙන් , ඔක්තොම්බර් 28 වන දින, 60 වන ජන්ම දිනය සමරන ඔබට, අපගෙන් සුභ පැතුම්.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බලන් යද්දි බුවා මටත් වඩා බාලයි නෙහ්
     
    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    TFS Rep 5+++++

    " 1995 වර්ෂයේ ඔක්තෝම්බර් 28 වන දින Seattle, Washington හි උපත ලැබූ Bill Gates"

    1995 1955 යනුවෙන් නිවැරදි විය යුතුය
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මු මුලින්ම steve jobs ගේ apple mac කොපි කරලා windows හැදුව. පස්සේ netscape කොපි කරලා internet explorer හැදුව. දැන් ඔක්කොම හොරකන් වහගන්න charity කරනව. netscape කාරය තමයි bill gates ට රෙවෙන්න දුන්නේ. steve jobs වගේ ඔහේ කමක් නැහැ කියල උඩ බලන් උන්නේ නැහැ. (බිල් ගේට්ස් සමහර අයගේ රෝල් මොඩල් උනාට ඇත්ත දන්නේ ටික දෙනයි )
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මු මුලින්ම steve jobs ගේ apple mac කොපි කරලා windows හැදුව. පස්සේ netscape කොපි කරලා internet explorer හැදුව. දැන් ඔක්කොම හොරකන් වහගන්න charity කරනව. netscape කාරය තමයි bill gates ට රෙවෙන්න දුන්නේ. steve jobs වගේ ඔහේ කමක් නැහැ කියල උඩ බලන් උන්නේ නැහැ. (බිල් ගේට්ස් සමහර අයගේ රෝල් මොඩල් උනාට ඇත්ත දන්නේ ටික දෙනයි )

    yako copy karana eka unath muu hariyata karala tiyanawa...

    oya kiyawana uba saha meka liyana mama ekawat karaganna baruwa ela kiriye kaale kakaa innawa..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මු මුලින්ම steve jobs ගේ apple mac කොපි කරලා windows හැදුව. පස්සේ netscape කොපි කරලා internet explorer හැදුව. දැන් ඔක්කොම හොරකන් වහගන්න charity කරනව. netscape කාරය තමයි bill gates ට රෙවෙන්න දුන්නේ. steve jobs වගේ ඔහේ කමක් නැහැ කියල උඩ බලන් උන්නේ නැහැ. (බිල් ගේට්ස් සමහර අයගේ රෝල් මොඩල් උනාට ඇත්ත දන්නේ ටික දෙනයි )

    ඔව් නැත්තන් උසාවි යන්න වෙනවනේ හොරකන් කරා කියල නේ.? :dull:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මු මුලින්ම steve jobs ගේ apple mac කොපි කරලා windows හැදුව. පස්සේ netscape කොපි කරලා internet explorer හැදුව. දැන් ඔක්කොම හොරකන් වහගන්න charity කරනව. netscape කාරය තමයි bill gates ට රෙවෙන්න දුන්නේ. steve jobs වගේ ඔහේ කමක් නැහැ කියල උඩ බලන් උන්නේ නැහැ. (බිල් ගේට්ස් සමහර අයගේ රෝල් මොඩල් උනාට ඇත්ත දන්නේ ටික දෙනයි )

    උබ windows crack කරලා use කරනවා :lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මු මුලින්ම steve jobs ගේ apple mac කොපි කරලා windows හැදුව. පස්සේ netscape කොපි කරලා internet explorer හැදුව. දැන් ඔක්කොම හොරකන් වහගන්න charity කරනව. netscape කාරය තමයි bill gates ට රෙවෙන්න දුන්නේ. steve jobs වගේ ඔහේ කමක් නැහැ කියල උඩ බලන් උන්නේ නැහැ. (බිල් ගේට්ස් සමහර අයගේ රෝල් මොඩල් උනාට ඇත්ත දන්නේ ටික දෙනයි )

    හොරකම් කරපු එක ඇත්ත නමුත් කොපි කලා කිව්වොත් ගොඩක් වැරදියි මොකද ඇත්තම කිව්වොත් බිල් ගේට්ස් තමා ඔෆිස් පැකේජ් එක ඉන්වෙන්ට් කලේ නමුත් කන්සෙප්ට් එක ස්ටීව් ජොබ්ස්ගෙ මිනිහ කලේ බිල් ගේට්ස්ව හයර් කලා ඔෆිස් පැකේජ් එක හදන්න මොකද ජොබ්ස් දැනගෙන හිටිය ඒක හදන්න පුලුවන් කෙනෙක් ලෝකෙ ඉන්නව නං ඒ බිල් ගේට්ස් විතරයි කියල. බිල්ල මොකෝ කලේ අරූට ඔෆිස් පැකේජ් එක හදල දීල ඒකෙ සෝස් කෝඩ් එක හොරෙන් ඌත් එක්කම අරන් ඇවිත් ඇපල් එකේ ඔෆිස් පැකේජ් එකට වඩා සෑහෙන්න හොඳ ඔෆිස් පැකේජ් එකක් හැදුව වින්ඩෝස් වලට ඒකයි අදටත් ඇපල් යූසර්ස්ල මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජ් එක උන්ගෙ ලැප් වල යූස් කරන්නේ. පස්සෙ කාලෙක බිල් ගේට්ස් ඒකට සමාව ඉල්ලල තිබ්බ ඒකෙන් පස්සෙ ඇපලුයි මයික්‍රොසොෆ්ටුයි එකතු වෙලා ගොඩක් ප්‍රොජෙක්ට්ස් කලා අද තියෙන තත්වෙට ස්මාර්ට් ෆෝන් පීසී එහෙම තියෙන්නෙ ඒ එකතු උන නිසා නැත්තන් තාමත් අපි ගල් යුගේ.