යුද්දේ_පටන්_ගන්නද_මේ_හදන්නේ?

inspiron

Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    යුද්දේ_පටන්_ගන්නද_මේ_හදන්නේ?

    ඇමරිකා එක්සත් ජනපද සත්වැනි නැව් හමුදාවට අයත් " යූ.එස්.එස් රොනල්ඩ් රේගන්" සහ " යූ.එස්.එස් නිමිට්ස් " ගුවන් යානා හාරක යුද නෞකා යුගල, " යූ.එස්.එස් කාල් වින්සන්" නෞකාව ඇතුළත් නෞකා පන්තියට සහාය දීම සඳහා පිළිවෙලින් ජපානයේ යොකොෂුකා වරායේ සිට සහ එක්සත් ජනපදයේ ඔරිගන් සිට ජපන් මුහුද දෙසට පැමිණෙමින් සිටිති.....
    මේ අතර, යූ.එස්.එස්. " කාල් වින්සන්" යුද නෞකාව උතුරු කොරියානු මුහුදු සීමාව ආසන්නයටම පැමිණෙමින් සිටින අතර, එම නෞකා සමූහය නිරීක්ෂණය කිරීමට රුසියාව සහ චීනය නිරීක්ෂක යුද නෞකා සතරක් එම නෞකා පන්තිය පිටුපසින් යවා ඇති බවද වාර්ථා වනවා........
    ලෝකය න්‍යෂ්ඨික අවි භාවිතා කරනු ලබන යුද්දයක අග්ගිස්සට පැමිණ සිටින බව රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.....උතුරු කොරියාව සමග යුදමය තත්වයක් උද්ගත වුවහොත්, උතුරු කොරියාවේ සිට රුසියාව තුළට සරණාගතයන් දහස් ගණනින් පැමිණීම වැළැක්වීම සඳහා රුසියාව ස්වකීය නැගෙනහිර සහ ගිණිකොණ දිග දේශ සීමාවන්ට අතිරේක භටයන් 95,000 ක් මේ වනවිට පිටත් කර යවා තිබෙනවා......
    මේ සියල්ලට ප්‍රතිචාර දක්වන උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය හන් සංග් යොල් මහතා බී.බී.සියට ප්‍රකාශ කරනුයේ " තම රාජ්‍යය කවර ආකාරයක හෝ අත පෙවීමක් නුරුස්සනා බවත්, මෙතැන් සිට සතියකට වතාවක්, මාසයකට වතාවක් නව මිසයිල අත්හදා බැලීමකට යාමට පසුබට නොවන බවත්, එක්සත් ජනපදය දෙසින් එල්ලවන ඕනෑම ප්‍රහාරයකට න්‍යෂ්ඨික අවි යොදාගෙන ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තමන් පූර්ණ සූදානමක සිටින බවත්ය" .....
    උතුරු කොරියාවේ පියොං යෑං අගනුවර ජනයාගෙන් 600,000 ක් මේ වනවිට ඉවත් කර ඇති අතර, මීට පැය කිහිපයකට පෙර එරට ආරක්ෂක හමුදා පූර්ණ යුද පදනමක පිහිටුවනු ලැබුවා.........
    දකුණු කොරියාවේ සංචාරයක යෙදෙන ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා " එක්සත් ජනපදය තව දුරටත් උතුරු කොරියාව කෙරෙහි උපායශීලී ඉවසීමක් ඵල නොකරන" බව ප්‍රකාශ කර සිටිනවා......

    47f62db24cfb8727f4ab98787f68f5af.jpg


    යුදමය අවස්ථාවකදී දකුණු කොරියාවේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ඔබේ ආරක්ෂාව උදෙසා- http://www.elakiri.com/forum/showthread.php?t=1793776
     
    Last edited:
    • Like
    Reactions: maduranga90

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බොරු බයිලා බං ඔය එකෙක්වත් සද්දේ දැම්මට ගහගන්නේ නෑ..