රටේ බඩු මිල අඩුවුනාද?
දේශීය නිශ්පාදනය වන ආහාර ද්‍රව්‍ය වල මිළ සැලකිය යුතු ලෙස අඩුවෙලා. විශේෂයෙන් එළවලු සහ හාල්.
රටකට පැවැත්මක් නෑ.
සහල් මිල අඩු වෙලා කියන්නෙ කොහොමද
2005 වසරේ පැවතුන සහල් මිලට සාපේක්ෂව කෙතරම් වේගයකින් සහල් මිල වැඩි වෙලා තියෙනවද බලන්න පොඩ්ඩක් විපරම් කරල(පාර්ලිමේන්තු හැන්සාඩ් එකේ හරි මහ බැංකු වාර්ෂික වාර්තාවෙ බලන්න )
යකෝ මාළු මිලත් දෙගුණකයින් විතර වැඩි වෙලා
ඉතින් කොහෙද
රටේ සංවර්ධනය ඉහල ගියාද?
රටක සංවර්ධනයේ පලමු පිම්ම යටිතල පහසුකම් දියුණූ කිරීමෙන් ඇරඹිය යුතුය. ඒකෙනුත් පලමු එක මහා මාර්ග. ඒක වෙමින් පවතින බව රටේ තොටේ ඇවිද්දාම ඇහැට පේනවා.
යටි තල පහසුකම් දියුණු කිරීම සාධාරණව වෙනව නම් කමක් නෑ කියමු
ඒත් එහෙම වෙනවද නෑ නේද අපි බැලුවොත් අධිවේගී මාර්ග හදන්න වෙන් කරන මුදලෙන් කීයක් වෙනත් පාර්ශවයන්ගේ පරිබෝජනයට යනවද
ඇස්තුමේන්තු කල වටිනාකමට වැඩියෙන් වැය වෙලා ඉතින් කොහෙද ආයුබෝවන්ඩ සංවර්ධනය සාර්ථක වෙන්නෙ
කන්න නැතුව මොන සංවර්ධනය කලත් පලක් නෑ නේ
මිනිසුන්ගේ ජීවන මට්ටම ඉහල ගියාද?
මිනිසුන් නිශ්පාදනයට දායක වීම සහ ජීවන රටාව (ආහාර සහ භාණ්ඩ පරිහරණය ආදියත් )අතර සම බර තාවයක් තිබිය යුතුය. නැත්නම් ඉහලටම තමා. අනවශ්‍ය වියදම් කපා හැර (උදා- නිශ්ප්රයෝජන පල්හෑලි දෙඩවීමට දුරකතන භාවිතය) නිෂ්පාදනයට දායක විය යුතුය.
ඔබ කියන්නෙ මේ දුරකථන භාවිතය ගැන කල ප්‍රකාශයෙන් මොකද්ද අදහස් කලේ
ගෙදර තියෙන දුරකථනයත් නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න යොදාගන්න ඕනෙ කියලද
රටේ නිෂ්පාදන ඉහල ගියාද?
දේශීය නිෂ්පාදන ඉහල ගිහින් බව පෙනේ. උදා- වී, ධාන්‍ය, එළවලු.
වී නිෂ්පාදනය ඉහල ගියා කියමුකො
ඒත් ගොවියට ඊට අදාල නිසි මිලක් ලැබෙනවද
නෑ.වී මිලදී ගන්න කිසිම ප්‍රතිපත්තියක් නෑ මේ රජයට
හෝ ගාල පිටරටින් සහල් ගේනවා
ලංකාවේ දේශිය සහල් එක්කො අතරමැදියො සොච්චම් මුදලකට ගොවීන්ගෙන් අරගෙන විශාල ලාබ තබාගනිමින් වෙළද පොළට මුදා හරිනව
ඉතින් නිෂ්පාදන වැඩි වීමෙන් කිසිම ලාබයක් ලැබෙනවද