යුද්ධ කාලේ හමුදාවෙන් පැනලා ගියොත් මොකද වෙන්නේ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,969
    1
    6,833
    113
    යුද්ධෙ කාලෙ නෙවෙ බන් දැනුත් එහෙම තමා
    පැනපු එකෙක් අහු උන ගමන් HQ දාල ගහමබ උගෙ රන්කිරි කටින් එන්න, එල්ලල ගහන්නෙ .... හමුදාවෙ සිස්ටම් තියනව පිටට කැලැල් පේන්න නැති වෙන්න ඌරොන්ට වගෙ තලන

    ගහල ගහල හිරේ දානව ...
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පැනලා යන අය ගැන හොයලා ආයේ අල්ලන් යනවා. ගෙවල් වලට එහෙම යනවා ආමි එකෙන්. පැනලා ආවත් ගමේ නං ඉන්න බැහැ. මිනිස්සු ඕක දැන ගත්තු ගමන් පොලිසියට හරි ආමි එකට හරි කියනවා පැනලා ගිය කෙනා ඇවිත් කියලා.

    ඉතින් ඒ නිසා ඒ අයට සමාජයේ එළිපිට රස්සාවක් මොකුත් කරන්න බැහැ. අපරාධ වලට තමයි යොමු උනේ.

    ඒ හින්දා පස්සේ කාලවල පොදු සමාව කියලා එකක් දීලා හමුදාවෙන් අයින් කරන ක්‍රමය ආව. අපේ අදුරන කෙනෙක් ඉන්නවා ඔහොම පැනලා ඇවිත් එක තැන්වල හැංගි හැංගි හිටියා. පස්සේ 2001 රනිල්ගේ ආණ්ඩුව ආවම හම්බුනා පොදු සමාව යටතේ හමුදාවෙන් අයින් උනා.

    එතකොට ලියුමක් දෙනවා. එයා එක හැම තැනම අරගෙන යන්නේ. ඊට පස්සේ රට යද්දීත් ඕක එයාර්පොර්ට් එකෙන් බලනවා.

    ඔහොම අයින් නොවී ඉදලා අහු උනොත් නං ගහනව. අපේ පැත්තේ ඔහොම පැනලා ආපු කෙනෙක් ගෑනු කෙනක් ඉන්න ගෙදරකට එබිකන් කරන්න ගිහින් රෑ. ඊට පස්සේ ඒ ගෙදර අය අර හමුදාවෙන් පැනලා ආපු කෙනා ඉන්න තැන් වල විස්තර මිලිටරි පොලිසියට දීලා තිබ්බා.

    ඒ වෙලේම මිලිටරි පොලිසියෙන් බස් එකක් අරගෙන ඇවිත්. එතකොට අර මනුස්සයා ටවුන් එකේ ඉදල. එහෙම්ම අල්ලාගෙන ගමට ගෙනාවා.

    බස් එකේ සීට් එකකට තියලා මාංචු දාලා තිබ්බේ. පොරට මිනිස්සු ඉස්සරහම ගැහුවා ආමි එකෙන්. ගමේ අයටත් පේන්න එකක්ම. එතන එහෙම ගහපු හැටියට සෙල් එකට දැම්මම දෙන්න ඇති මීහරක් පිටී.

    ඒත් හැබැයි ඒ පොර ආයේ මාස කීපයකින් පැනලා ආව හමුදාවෙන්. දැන් නං අයින් වෙලා ඇති නිත්‍යානුකූලවම.

    දැන් නං සල්ලි ගෙවල අයින් වෙන්න පුළුවන් නේද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    යුද්ධෙ කාලෙ නෙවෙ බන් දැනුත් එහෙම තමා
    පැනපු එකෙක් අහු උන ගමන් HQ දාල ගහමබ උගෙ රන්කිරි කටින් එන්න, එල්ලල ගහන්නෙ .... හමුදාවෙ සිස්ටම් තියනව පිටට කැලැල් පේන්න නැති වෙන්න ඌරොන්ට වගෙ තලන

    ගහල ගහල හිරේ දානව ...
    Boru kiyanna epa ban. Ehema gahanne na. Seniority cut, verbal warning, detention wage punishment denne. Samaharawelawata walikada daannath ida tiyenawa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    Yes. අල්ලල ගල් ⁣තොප්පි දාල අර බර ඇඳුම අන්දල සති දෙකක් විතර තියනව කළුවර කාමරේක. දස වද දෙනව. ඊටපස්සෙ වැලිකඩ දානව. මාසෙන් එලියෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,046
    15,557
    113
    New Zealand
    හමුදාවෙන් අයින් උන බාස් කෙනෙක් මට උගේ විස්තර වහයක් කිව්වා. හමුදාවෙන් පැනලා ගියත්, ඇබ්සන් උනත් දඩුවම් සැරයි. හමුදාවේ උන් මේකට කියන්නේ ඇබ්සන්ට් වෙනවා කියලා. එහෙම උනොත් සතියක් විතර ඇතුලත ආවේ නැතොත් හොයාගෙන එනවා. එතනදි හොයාගන්නත් බැරි වෙලා කවදා හරි කොහේදි හරි අහු උනොත් අහු උනොත් සුපිරි නෙලිල්ලක් නෙලනවලු.

    පොදු සමාව දෙන කාලෙදි ගිහින් භාර වෙලා එලියට යන්න පුලුවන්. එතන් දිත් දඩුවමක් දෙන කතාවක් කිව්ව බන්.
     
    • Like
    Reactions: Yeezus and DXB2021

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    military ayata civil law apply wenne na neda :nerd:.. gahanna pulwan
    ගහන්න තහනම් ඉස්සරත්. ඒත් ගහනව. හැබැයි දැන් නං ඒක ගොඩක් අඩුයි. ආමි එකට අලුතෙන් එන අයත් දන්නවා ගහන්න බැහැ කියලා.

    ( ගහන්න බැහැ කියන්නේ සාමන්‍ය අයට, පුහුණු වෙද්දී එහෙම.) හැබැයි මිලිටරි පොලිස් එකට අහු උනොත් නං ඕවා අදාල නැහැ. පුළුවන් තරං ශාරීරික දඩුවම් තමයි.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    යුධ හමුදා පනත, නාවික හමුදා පනත, ගුවන් හමුදා පනත. මේ පනත් තුන මගින් පිහිටුවා තියෙන නිත්‍ය බලසේනාවකට කෙනෙක් බැඳෙනකොට ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම මගින් හමුදා නීතියට බැඳෙනවා. එතකොට ඒ සෙබලා රටේ සිවිල් නීතිය සහ හමුදා නීතිය කියන දෙකටම යටත් වෙනවා. හමුදාවේ ඒ ගිවිසුම අවු. 6න් 12න් 18න් සහ 22න් අවසන් වෙනවා. ඒ වෙලාවට කැමති නම් අයින් වෙලා යන්න පුලුවන්. නැත්නම් ගිවිසුම අලුත් කරලා අවු. 22ක් වෙනකල් ඉන්න පුලුවන්. කොමිෂන් නොලත් නිලධාරියෙකුට උපරිම සේවා කාලය අවු. 22ක් වෙනවා. අර ගිවිසුම බලාත්මක තිබියදී නිවාඩු නොලබා නොපැමිණීම තමා හමුදාවෙන් පැනලා ගියා කියලා කියන්නේ.

    හමුදාවේ විනය ආරක්ෂා කරන්න වෙනම බලසේනාවක් තියෙනවා. යුධ හමුදා පොලීසිය Military Police කියන්නෙ ඒ අයට CCMP නැත්නම් දැන් SLCMP කියලා කෙටියෙන් කියනවා. රතු තොප්පි කාරයො කියලා ඇතුලෙ කියන්නෙ. හමුදාවේ නිවාඩු නොලබා නොපැමිණීම එහෙම නැත්නම් Absent වීම සලකන්නේ සංග්‍රාමික විනය කඩ කිරීමක් විදිහට. එහෙම පැනලා ගිය අය අත්අඩංගුවට ගන්නෙ CCMP එකෙම් ඒත් හදිසි නීතිය නැති වෙලාවට හමුදාවට ගෙයක් search කරන්න අයිතියක් නැති නිසා පොලිස් නිලධාරියෙක් එක්ක ගිහින් තමා අත්අඩංගුවට ගැනීම කරන්නේ. ඊට පස්සේ හමුදා කඳවුරට ගෙනිහින් හමුදා අධිකරණයක් ඉදිරියට පමුණුවනවා. Court martial කරනවා කියන්නේ ඒකට. ඒකෙදි යම් දඬුවමක් පමුණුවනවා. ඒක වැඩිපුර සරඹ, වැඩිපුර රාත්‍රී රාජකාරි, වැඩිපුර මුර රාජකාරි, වැටුපෙන් දඩයක් වගේ එකක් බොහෝ දුරට. Absent වුන කාලය අනුව වෙනස් වෙනවා. සමහරු court martial එකට අමතරව නොවිධිමත් දඬුවම් දෙන අවස්ථා තියෙනවා. ඒක හොරෙන් කරන දෙයක්. රැග් එක වගේ තමා. වැරදි උනාට කවුරුත් නවත්තන්නෙ නෑ.

    හමුදාව කියන්නෙ පණ දෙවෙනි කරලා අනිත් එකාව විශ්වාස කරන්න සිද්ධ වෙන තැනක්. ඒ වගේ පසුබිමක absent වෙනවා කියන්නෙ මහ නෝන්ඩි ක්‍රියාවක්. ඒකයි අර විදිහට සමහරු කරන්නේ.

    පොලීසියට, සිවිල් ආරක්ෂක බලකායට සහ පරිපූරක හමුදා පනත යටතේ පිහිටවූ බලඇණියක කෙනෙකුට absent වෙන්න පුලුවන්. එතකොට තනතුර අත්හැර යාමේ නිවේදනය නිකුත් කරලා රාජ්‍ය සේවා අසාධු ලේඛනයට නම ඇතුළත් කරනවා. ඒ ඇරෙන්න වෙන දඬුවමක් නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    මම දන්නා මාමා කෙනෙක් හිටිය . . ඌ නම් ඒ කාලේ හැංගි හැංගි හිටියේ .
    එකපාරක් අල්ලන් ගියා . ඌ අයිත පැනල ආව .

    ගෙනිහින් පොඩි පොඩි පෝරියල් දෙනවා ලු ඉතින් . යකඩ තොප්පි දාල අව්වේ වැඩ කරන්න දෙන ඒවා වගේ . කලන්තේ දාල වැටුනම නැගිට්ට්ල ආයිත් වැඩ කරන්න දෙනවා කියලා ඌ කියනව මතකයි .
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    යුධ හමුදා පනත, නාවික හමුදා පනත, ගුවන් හමුදා පනත. මේ පනත් තුන මගින් පිහිටුවා තියෙන නිත්‍ය බලසේනාවකට කෙනෙක් බැඳෙනකොට ගිවිසුමක් අත්සන් කරනවා. ඒ ගිවිසුම මගින් හමුදා නීතියට බැඳෙනවා. එතකොට ඒ සෙබලා රටේ සිවිල් නීතිය සහ හමුදා නීතිය කියන දෙකටම යටත් වෙනවා. හමුදාවේ ඒ ගිවිසුම අවු. 6න් 12න් 18න් සහ 22න් අවසන් වෙනවා. ඒ වෙලාවට කැමති නම් අයින් වෙලා යන්න පුලුවන්. නැත්නම් ගිවිසුම අලුත් කරලා අවු. 22ක් වෙනකල් ඉන්න පුලුවන්. කොමිෂන් නොලත් නිලධාරියෙකුට උපරිම සේවා කාලය අවු. 22ක් වෙනවා. අර ගිවිසුම බලාත්මක තිබියදී නිවාඩු නොලබා නොපැමිණීම තමා හමුදාවෙන් පැනලා ගියා කියලා කියන්නේ.

    හමුදාවේ විනය ආරක්ෂා කරන්න වෙනම බලසේනාවක් තියෙනවා. යුධ හමුදා පොලීසිය Military Police කියන්නෙ ඒ අයට CCMP නැත්නම් දැන් SLCMP කියලා කෙටියෙන් කියනවා. රතු තොප්පි කාරයො කියලා ඇතුලෙ කියන්නෙ. හමුදාවේ නිවාඩු නොලබා නොපැමිණීම එහෙම නැත්නම් Absent වීම සලකන්නේ සංග්‍රාමික විනය කඩ කිරීමක් විදිහට. එහෙම පැනලා ගිය අය අත්අඩංගුවට ගන්නෙ CCMP එකෙම් ඒත් හදිසි නීතිය නැති වෙලාවට හමුදාවට ගෙයක් search කරන්න අයිතියක් නැති නිසා පොලිස් නිලධාරියෙක් එක්ක ගිහින් තමා අත්අඩංගුවට ගැනීම කරන්නේ. ඊට පස්සේ හමුදා කඳවුරට ගෙනිහින් හමුදා අධිකරණයක් ඉදිරියට පමුණුවනවා. Court martial කරනවා කියන්නේ ඒකට. ඒකෙදි යම් දඬුවමක් පමුණුවනවා. ඒක වැඩිපුර සරඹ, වැඩිපුර රාත්‍රී රාජකාරි, වැඩිපුර මුර රාජකාරි, වැටුපෙන් දඩයක් වගේ එකක් බොහෝ දුරට. Absent වුන කාලය අනුව වෙනස් වෙනවා. සමහරු court martial එකට අමතරව නොවිධිමත් දඬුවම් දෙන අවස්ථා තියෙනවා. ඒක හොරෙන් කරන දෙයක්. රැග් එක වගේ තමා. වැරදි උනාට කවුරුත් නවත්තන්නෙ නෑ.

    හමුදාව කියන්නෙ පණ දෙවෙනි කරලා අනිත් එකාව විශ්වාස කරන්න සිද්ධ වෙන තැනක්. ඒ වගේ පසුබිමක absent වෙනවා කියන්නෙ මහ නෝන්ඩි ක්‍රියාවක්. ඒකයි අර විදිහට සමහරු කරන්නේ.

    පොලීසියට, සිවිල් ආරක්ෂක බලකායට සහ පරිපූරක හමුදා පනත යටතේ පිහිටවූ බලඇණියක කෙනෙකුට absent වෙන්න පුලුවන්. එතකොට තනතුර අත්හැර යාමේ නිවේදනය නිකුත් කරලා රාජ්‍ය සේවා අසාධු ලේඛනයට නම ඇතුළත් කරනවා. ඒ ඇරෙන්න වෙන දඬුවමක් නෑ.
    Officers lata 20y