යුද්ධ හමුදා සෙබළා පොලීසියට සහය වේ

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    යුද්ධ හමුදා සෙබළා පොලීසියට සහය වේ

    මාරාන්තික රිය අනතුරක් සිදුකර පලායමින් සිටි රියදුරු සහ මෝටර් රථය සොයාගැනිම සඳහා යුද්ධ හමුදා සෙබළා පොලීසියට සහය වේ

    manathunge_0.jpg

    manathunge_2.jpg


    බේස්ලයින් පාර මවුන්ට් මේරි මංසන්ධිය අසල මාරාන්තික රිය අනතුරක් සිදුකොට පලායමින් සිටි රියදුරෙකු සහ එම මෝටර් රථය සොයාගැනීම සඳහා පසුගියදා යුද්ධ හමුදා සෙබළෙකු විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් දායකත්වය ඉහලින් අගයමින් දෙමටගොඩ පොලීසියේ රථ වාහන අංශය විසින් යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ලිපියක් මගින් දැනුම් දි ඇත.

    2017 දෙසැම්බර් මස 12 වන දින පෙරවරු 4.15 ට පමණ තැඹිලි අලෙවිකරුවෙකු සිය තැඹිලි කරත්තය සමඟදෙමටගොඩ ප්‍රදේශයේ බේස්ලයින් මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් ඔහුව අනතුරකට පත්කර පලායන අයුරු දුටු යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ රාජකාරි නියුතු 11 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.එන්.පි මනතුංග වහාම තම මෝටර් සයිකලයෙන් සිද්ධිය වු ස්ථානයට පැමිණ අනතුරින් මරණාසන්න තත්වයේ සිටි තැඹිලි අලෙවිකරු රෝහල් ගත කිරිමට සහාය වන ලදි. අනතුරුව ඹහු විසින් අනතුර සිදුකරන ලද මෝටර් රථය හඹා ගොස් එහි අංකයන් ඔරුගොඩවත්ත මංසන්ධියේ රථ වාහන රාජකාරිියේ යෙදි සිටි රථ වාහන පොලිස් නිලධාරින් වෙත ලබාදෙන ලදී.

    පසුව මෙම යුද්ධ හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙතට පැමිණ තුවාලකරු පිළිබඳවත් සොයා බලා ඇති අතර එහිදි ඔහු මියගොස් ඇති බව දැන ගන්නට ලැබි තිබේ. එසේ වුවද ලාන්ස් කෝප්‍රල් මනතුංග සිද්ධිය සම්බන්ධව සියළු කරුණු දෙමටගොඩ පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් වෙත ලබා දෙමින් සැකකාර රියදුරු සහ මෝටර් රථය සොයාගැනිම සඳහා පොලීසිය වෙත උපරිම සහයෝගය ලබා දී ඇති අතර ඒ හේතුවෙන් ඉතා සුළු කාලයක් තුල මාරාන්තික අනතුර සිදුකල රියදුරු සහ මෝටර් රථය සොයාගැනිමට පොලිසියට හැකියාව ලැබී තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ යුද්ධ හමුදා සාමාජිකයා තම පෞද්ගලික කාර්යයක නියැලී සිටියත් ඔහු විසින් එය ද අමතක කොට මාරාන්තික රිය අනතුරක් සිදුකර පලායමින් සිටි සැකකාර රියදුරු සහ මෝටර් රථය සොයා ගැනිම සඳහා පොලිසිය වෙත ලබාදුන් සහාය හේතුවෙන් එම සැකකාර රියදුරු අත්අඩංගුවට ගැනිමට හැකියාවක් ලැබු බවත්,මෙවන් හමුදා සාමාජිකයන් සිවිල් සමාජයට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාවටම ආදර්ශයක් හා ආඩම්බරයක් බැව් දපොලිසිය යුද්ධ හමුදාව වෙත අදාළ යුද්ධ හමුදා සාමාජිකයා අගයමින් එවන ලද ලිපියේ සඳහන් කර ඇත.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔහොම එක හමුදාවේ මනුස්සයෙක් කලොත් තමා..
    නියමයි බං..
    ඔහොම කැපවෙන මිනිස්සු අගයන්න ඕන..

     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    kohomda bn hospitl aran gihin car ekath fllow karanne

    man ahala kiyannam hariyatama, samaharawita 3wheel ekakata hari kata hari kiyl hospital yawala, car eka passen pannala tiynne, pandara 4ta wage wadiya wahana adu welawaka nisa car eka allaganna lesi wela traffic signal ekaka nathara karan idala thiyenne. Musilim porak thamai drive karala thiynne yahapalanaya mokak karaida danne na ithin :angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Respect Soldier-- --my experience, Mama Ratthnapure gihilla ena kota, KIRIALLEDI, Three wheel eka hapuna car ekaka, Three wheel eka perali giya athara, Threewheel driver eliyata visi vee sitiya namuth, Mama three wheel eke kotu unemi. VATE SITIYA , NIVATA PAKAIN, EYE EKA LOKU KARA GENA BALA INNAVA MISAK, EKEK HELP EKATA AVE NATHA. MAMA THANIYAMA, TRY KARALA ELIYATA PANA GATHIMI. LANKAVE VADIYEN INNE, NIVATA PAKAIN BAVA MATA VATAHUNI. [Matahaka thaba ganna, accident eka une car eke varadini. podi rain ekak thibuni. Salesman kenek car eka drive kara atha. Tyre 4 ma katta mathu venna gevilaya. tyre ekak pupura, car eka wrong side ekata avith, accident eka uneya.]
     
    • Like
    Reactions: tsomeone

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ආරමි කොල්ලෝ සුපිරි ජරාව කන පොලිස් පක්කු වගේ නෙවේ
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    Respect Soldier-- --my experience, Mama Ratthnapure gihilla ena kota, KIRIALLEDI, Three wheel eka hapuna car ekaka, Three wheel eka perali giya athara, Threewheel driver eliyata visi vee sitiya namuth, Mama three wheel eke kotu unemi. VATE SITIYA , NIVATA PAKAIN, EYE EKA LOKU KARA GENA BALA INNAVA MISAK, EKEK HELP EKATA AVE NATHA. MAMA THANIYAMA, TRY KARALA ELIYATA PANA GATHIMI. LANKAVE VADIYEN INNE, NIVATA PAKAIN BAVA MATA VATAHUNI. [Matahaka thaba ganna, accident eka une car eke varadini. podi rain ekak thibuni. Salesman kenek car eka drive kara atha. Tyre 4 ma katta mathu venna gevilaya. tyre ekak pupura, car eka wrong side ekata avith, accident eka uneya.]

    ammo luxmen uncle, wayase hatiyatada wachana:lol::dull: