යුදෙව් දේශයේ මොළකරුවෝ

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුදෙව් දේශයේ මොළකරුවෝ

    caLqPa0.jpg

    බ්‍රිගේඩියර් ජෙනරල් ඩේවිඩ් ලස්කොව් ලෝක ප්‍රසිද්ධියට පත්වන්නේ ඔහු විසින් සිදුකල අතිවිශිෂ්ඨ සොයාගැනීමක් නිසාය.එය පාවෙන ජංගම පාලමකි.මෙය නිර්මාණය කර තිබුණේ යොදාගෙනය.ලස්කොව්ගේ මම ජංගම පාලම යොම් කිපූර් යුද්ධයේ ප්‍රධානතම තාක්ෂණික ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය.මෙම පාලම නිසා ඊශ්‍රායෙල යුද ටැංකිවලට සූවස් ඇළ තරණය කර දකුණු පෙරමුණ ගමන් කිරීමට හැකිවූ අතර ඒ නිසාම ඔවුන්ට යුද්ධය ජයග්‍රහණය කිරීමටද අවස්ථාව උදාවිය.

    8Yd7Cvt.jpg
    පාලම සුවස් ඇළ හරහා ස්ථාපනය කල අයුරු පෙන්වන යුද සිතියමක්​

    Yiftach යනු තාක්ෂණය සම්බන්ධව විශේෂයෙන් පර්යේෂණ පැවැත්වූ සහ සංවර්ධන කටයුතු සිදුකල ඒකකයකි.මෙහි සේවය කරන සෙබලුන් විවිධ මෙහෙයුම්වලදී ඇතිවන අපහසුතා මඟ හැරවීමට අවශ්‍ය නිර්මාණශීලී විසඳුම් සැපයීමේ දක්ෂයන් වේ.ඔවුන්ගේ සියළු නිර්මාණ මුලදී ඉහළ මට්ටමේ රහස්ය.පසුව ඒවා ලෝකය ඉදිරියේ එළිවන්නේ ඊශ්‍රායෙල හමුදාව හරහාය.




    යොම් කිපූර් යුද්ධයේ ප්‍රමුඛතම ඒකකයක්​

    Yiftach ඒකකයේ, බොහෝදෙනා දන්නා ජයග්‍රහණයක් වන්නේ රෝලර් යොදා තැනූ පාවෙන පාලමයි.යොම් කිපූර් යුද්ධයේදී (1973) ජයග්‍රහණයක් සොයමින් සිටි යුදෙව්වන්ට සුවස් ඇළ තරණය කිරීමේ අභියෝගයට මුහුණදෙන්නට සිදුවිය.බ්‍රිගේඩියර් ජෙනරල් ලස්කොව්ගේ ජංගම පාලම ඊට කදිම පිළිතුරක් විය.මෙම අපූරු නිර්මාණය භාවිතා කර ඊශ්‍රායෙල හමුදාවට සිය යුද ටැංකි සූවස් ඇළේ අනෙක් ඉවුරට(ඊජිප්තුව දෙසට) ගෙන යාමට හැකිවිය.කෙසේ වෙතත් ලුතිනන් ජෙනරල් ඩේවිඩ් එලසර් මෙම අදහස මුලදී ප්‍රතික්ෂේප කරන ලදි.ඒ පාලමේ සාධ්‍යතාව සම්බන්ධව කරන ලද පරීක්ෂණයකදී එය රැගෙන යාම සහ භාවිතා කිරීම කලනොහැකි යැයි සඳහන්ව තිබූ නිසාය.නමුත් ඉහළ බලපෑම් මත මෙම පාලම් ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට කෙරීගෙන ගිය අතර 1972 වසරේදී එය සම්පුර්ණ කෙරිණි.පාවෙන රෝලර් යොදාගෙන තැනූ පළමු පාලම එය විය.ඊට යුද ටැංකි පවා දරා සිටීමේ හැකියාව තිබිණි.මෙම පද්ධතිය පෙණ පිරවූ ප්ලාස්ටික සිලින්ඩර් වලින් සමන්විත විය.ඒවා මතින් පාලම ඉදිවිය.මෙම පාලමේ දිග සීමාවක් නොවීය.එනම් එය අවශ්‍ය තරමට දීර්ඝ කර ගත හැකිය.

    yGwzjHZ.jpg
    පාවෙන පාලම මතින් ඊජිප්තුව දෙසට ගමන් කරන ඊශ්‍රායල හමුදාව​




    බ්‍රිගේඩියර් ජෙනරල් ඩේවිඩ් ලස්කොව් - තාක්ෂණික මහ මොළකරුවා

    බ්‍රිගේඩියර් ජෙනරල් ඩේවිඩ් ලස්කොව් යනු Yiftach ඒකකයේ නිර්මාපකයා සහ ඉහත කී පාවෙන පාලම නිර්මාණය කිරීම පිටුපස සිටි මහ මොළකරුවාය.එදා මෙදාතුර ඊශ්‍රායෙල හමුදාවේ සේවය කල වයස්ගතම සොල්දාදුවා ලෙසද ඔහුව හඳුන්වයි.ඔහු 1989 දී වයස අවුරුදු 86 ජීවත්ව මිය යන තෙක්ම ඊශ්‍රායෙල හමුදාවේ සක්‍රීය සේවයේ නිරතව සිට තිබේ.ඩේවිඩ් ලස්කොව් උපන්නේ 1903 වසරේ රුසියාවේය.ඔහු වෛද්‍ය විද්‍යාව සහ ගෘහ නිර්මාණශිල්පය උගත් අතර 1928 දී ඊශ්‍රායලයට සංක්‍රමණය විය.ඔහු ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ අධ්‍යාපන කටයුතු ඊශ්‍රායලයේ හයිෆා නගරයේදී සම්පුර්ණ කරන ලදි.

    M0HWu6C.png
    තම අපුර්ව නිර්මාණය මතින් ගමන් කරන බ්‍රිගේඩියර් ජෙනරල් ඩේවිඩ් ලස්කොව්(වම් පස සිට දෙවැන්නා)​

    දෙවන ලෝක යුද්ධය ඇරඹීමත් සමග වයස අවුරුදු 36 දී ලස්කොව් බ්‍රිතාන්‍ය හමුදාවට සම්බන්ධ විය.ඊශ්‍රායලය ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමත් සමග ඔහු ඊශ්‍රායෙල හමුදාවට එක්විය.ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 45ක් විය.ලස්කොව් විසින් සම්පුර්ණ කල උපාධිය නිසා ඔහුට Golani සේනාංකයේ ඉංජිනේරු නිලධාරියෙක් වන්නට හැකියාව ලැබුණි.ඔහු විසින් 1958 වසරේදී “Team Laskov” නම් කණ්ඩායම නිර්මාණය කලේය.එය හමුදාව ක්ෂේත්‍ර භුමියේදී මුහුණ දෙන සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ඒකකයක් ලෙස ක්‍රියාත්මක විය.පසුව Yiftach නම් වෙනම ඒකකයක් බවට පත්වූයේ මෙම කණ්ඩායමයි.

    FNK0HAw.jpg
    බ්‍රිගේඩියර් ජෙනරල් ලස්කොව්​

    බ්‍රිගේඩියර් ජෙනරල් ලස්කොව් පළමු ලෙබනන් යුද්ධය දක්වා වූ සියලු ඊශ්‍රායෙල ‍යුද්ධවලට සහභාගී විය.ඔහු ඊශ්‍රායෙල ආරක්ෂක සම්මානය 1964 දී සහ 1973දී දිනාගෙන තිබේ.




    Yiftach ඒකකයේ නව තාක්ෂණික නිපැයුම්

    Yiftach ඒකකය විසින් සිදුකරන ව්‍යාපෘති යටතේ නිර්මාණය කරන අවි සහ තාක්ෂණයන් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමේදී ඊශ්‍රායල හමුදාවට උපායමාර්ගිකව විශාල පිටුබලයක් ලැබේ.පහත දැක්වෙන්නේ Yiftach ඒකකය විසින් සපුරා ගත් අතීත ව්‍යාපෘතීන් කිහිපයකි.



    1.“Wolf” Rocket

    මෙම රොකට්ටුව සැලසුම් කර තිබෙන්නේ භූමිය මත සහ භූගතව නිර්මාණය කල ගොඩනැගිලි සහ ආරක්ෂක විධිවිධාන විනාශ කිරීම සඳහාය.Wolf රොකට්ටුවේ සැලැස්ම පදනම් වී තිබෙන්නේ Katyusha මිසයිලය මතයි.මෙම රොකට් ඊජිප්තුව සමග ඇතිවූ යුද්ධයේදී භාවිතා කරන ලදි.ඊශ්‍රායල හමුදාව විසින් Wolf රොකට් යොදාගෙන ඊජිප්තු හමුදාවේ ඉහල නිලධාරීන්ට ප්‍රහාර එල්ල කර තිබේ.

    zk5T7eP.jpg




    2.Anti-Mine Snake

    මෙම අවිය මගින් බිම්බෝම්බ විනාශ කර භූමිය නිදහස් කර දෙයි.පද්ධතිය සතුව දිගු වයරයක් සහ පුපුරණ ද්‍රව්‍ය අඩංගුය.එය භූමියේ තිබෙන බිම්බෝම්බ් ඉලක්ක කරගෙන නිකුත් කර විනාශ කරයි.

    vfEnH71.jpg




    3.Laskov Missile

    මෙම මිසයිලය සැලසුම් කර තිබෙන්නේ ගොඩනැගිල්ලක් තුල තිබෙන සැඟවුණු ඉලක්ක වෙත ගමන් කිරීමටය.ගැටීමෙන් පසුව සම්පුර්ණයෙන් පිපිරී යෑම වෙනුවට බිත්තියේ වැදුණු වහා මිසයිලයේ එක් කොටසක් පිපිරී යයි.ඉන්පසු ඇතිවන සිදුර තුලින් දෙවන කොටස ගොඩනැගිල්ල තුලට ගමන් කර ඉලක්ක විනාශ කරයි.

    ouhvXbi.jpg




    4.Demining Sandals

    මේවා විශාල ප්‍රමාණයේ පාවහන් යුගලක් ලෙස හැඳින්විය හැකිය.තහඩු මත ස්පොන්ජිමය අමුද්‍රව්‍යයක් ආලේපනය කර තිබේ.එම තහඩු පැලඳගෙන සෙබලුන් බිම්බෝම්බ සහිත භූමියක් තුල ගමන් කරද්දී බිම්බෝම්බ මත යෙදෙන තෙරපුම් බලය පාවහන් වල මතුපිට වර්ගඵලය වැඩි නිසා අවම වේ.

    RD4gLYe.jpg







    Operation Gazelle

    1973 වසරේදී ඇතිවූ යොම් කිපූර් යුද්ධයේදී ඊජිප්තු හමුදාව සූවස් ඇල තරණය කරමින් සිනායි අර්ධද්වීපයේ සිටි ඊශ්‍රායෙල හමුදාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කරන ලදි.මෙහිදී ඊජිප්තු හමුදාවට සෝවියට් දේශයේ සෑම් මිසයිල යොදාගත් නිසා ඊශ්‍රායෙල ගුවන් හමුදාවට සතුරන් අල්ලා ගත් භූමියට ඇතුලුවීමට අවස්ථාවක් නොලැබුණි.


    සෑම් මිසයිලවල ආවරණ පරාසය තුල ඊජිප්තු හමුදාව රැඳී සිටි නිසා ඊශ්‍රායල ගුවන් හමුදාවට යොදාගෙන ප්‍රහාර එල්ල කිරීම කල නොහැක්කක් විය​

    fn1KUPJ.png
    රතු පැහැය- ඊජිප්තු හමුදාව නිල් පැහැය-ඊශ්‍රායල හමුදාව​

    ගුවන් හමුදාව නොමැති නිසා ඊශ්‍රායල යුද හමුදාව දැඩි ප්‍රහාරයකට ලක් විය.නමුත් පසුව ඊජිප්තු හමුදාවේ සමහර තීරණ නිසා සහ ඊශ්‍රායල හමුදාවේ යුද උපක්‍රම නිසා යුද්ධයේ වාසිය ක්‍රමයෙන් ඊජිප්තුවෙන් ගිලිහී ගියේය.ඊජිප්තු හමුදාවේ දුර්වලතා හඳුනා ගනිමින් යුදෙව්වන් ක්‍රමයෙන් එය තීරණාත්මක ස්ථානයක් කරා රැගෙන ගියෝය.මේවන විට සූවස් ඇල දෙපස එනම් බටහිර ඉවුරේ සහ නැගෙනහිර ඉවුරේ බලය ඊජිප්තු හමුදා සතුවිය.


    ඊශ්‍රායෙල හමුදා මෙහෙයවූ ජෙනරල් ඒරියල් ෂැරොන් විසින් මෙහෙයුමට(Operation Gazelle)පෙර සෙබලුන් අමතන අයුරු

    cEKOA4M.jpg


    ජෙනරල් ෂැරොන්ගේ සැලැස්ම

    KNXcGTC.png
    ඊශ්‍රායල හමුදාව ඇළ හරහා ගමන් කිරීම නිල් පැහැයෙන් පෙන්වා තිබේ​

    ඇළේ නැගෙනහිර ඉවුරේ සිටි ඊජිප්තු හමුදාව එක් ස්ථානයකින් දෙකඩ වී තිබෙන බව ඒවන විට ඊශ්‍රායල හමුදාව මෙහෙයවමින් සිටි ඒරියල් ෂැරෝන් හට සැලවිය.එහිදී ඔහු අතිශය තීරණාත්මක තීන්දුවකට එළඹුණි.ඒ මෙම හිඩැස ඔස්සේ ගමන් කර සූවස් ඇළ තරණය කර ඇළේ බටහිර ඉවුරේ සිටින ඊජිප්තු හමුදාවට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කර එහි රදවා ඇති සෑම් මිසයිල පද්ධති විනාශ කර ඊශ්‍රායල හමුදාවට ගුවනේ බලය ලබාදීමයි.


    පාවෙන පාලම ස්ථාපනය කල ස්ථානය

    ler4R0k.jpg


    පාලම කාන්තාරය ඔස්සේ සූවස් ඇළ අසලට රැගෙන එන අයුරු

    A1SiGAp.png


    පාලම ස්ථානගත කිරීම

    Wp9T8f0.jpg


    බ්‍රිගේඩියර් ජෙනරාල් ඩේවිඩ් ලස්කොව් ඇතුලු පිරිස නිර්මාණය කල පාවෙන පාලම මෙහිදී සූවස් ඇල තරණය කිරීමට භාවිතා කරයි.යුදෙව් හමුදාව Temsah විල අසලින් පාලම ඇළ හරහා ස්ථාපනය කරයි.මීටර් 180ක් දිග,ටොන් 400ක් බර මෙම පාලමේ කොටස් සම්බන්ධ කිරීමට දින තුනක් ගතවන බව කියවේ.ඊශ්‍රායල හමුදාව සිය යුද ටැංකිද සමග පාලම උඩින් ඇළේ බටහිර ඉවුරට ලඟා වන්නේ 1973 වසරේ 19-20 දිනවල රාත්‍රියේදීය.


    පාලම යොදාගෙන සූවස් ඇළ තරණය කල යුද ටැංකි ඇතුලුව ඊශ්‍රායල හමුදාව ඇළේ බටහිර ඉවුර දෙපස ඊජිප්තු හමුදාවට පහර දී ඔවුන්ගේ සෑම් මිසයිල පද්ධතීන්ද වනසා දැමීය.

    jZShwPM.png


    යොම් කිපූර් යුද්ධය සඳහා යොදාගත් පාවෙන පාලම දැන් දිස්වෙන අයුරු

    3GRdfYH.jpg


    tGQ3XjA.jpg


    2008-2009 කාලයේදී මෙම පාලම හෝ එහි වැඩිදියුණු කල මොඩලයක් හෝ හමුදා අභ්‍යාසයක් සඳහා යොදාගත් අවස්ථාවක්

    WPe2zvt.jpg



    යොම් කිපූර් යුද්ධය සම්බන්ධව සකස් කල වාර්තා වැඩසටහනක් - 20th Century Battlefields - 1973 Yom Kippur War - 6වන කොටස



    පාවෙන පාලමේ දර්ශන ඇතුලත් වීඩියෝ පට කිහිපයක්



    *2.26 සිට නරඹන්න.​








    ඊශ්‍රායලය සම්බන්ධව කතා කරද්දී එළකිරියේ බොහෝදෙනාට මතක්වන සාමාජිකයා වන්නේ Zeusය.ඔහු ඊශ්‍රායලය සම්බන්ධව පළකල ලිපි පහත දක්වා ඇත.​

    අසිරිමත් ඊශ්‍රායලය !​


    Amazing Israel Part 2​


    Amazing Israel 3 - War of Independance !​


    Amazing Israel Part 4 - 6 Day War !!!​


    Amazing Israel Part 5 - Yom Kippur War !!!​





    Source:idfblog.com,militaryimages.net

    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :lol: ganna newie 2ka denakota kiyanna patan ganna wei uba kohenda mewa danagatte kiyala :rofl: :lol:
    :P:P

    Thanks

    Patta ban mamath mehe nisa...;)
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    subscribed
    Thanks

    Thanks

    godak mahansi wela hamadamath lassana post danawata thanks machan
    Thanks

    thanks machan
    Thanks

    එල. දිගටම කරගෙන යමු.
    Thanks

    Thanks

    Thanks

    Thanks

    bump .ela
    Thanks