යුදෙව් දේශයේ සිහිනය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුදෙව් දේශයේ සිහිනය

    PbjMLXv.jpg

    සිරියාව 2011 වර්ෂයේ පටන් යුද පිටියක් බවට පත්ව තිබෙන්නේ කවර පාර්ශ්වයන්ගේ කුමන්ත්‍රණ හමුවේදැයි අමුතුවෙන් කිවයුතු නැත.2015 වර්ෂය මැදභාගය වන විට සිරියානු රජයේ හමුදා ක්‍රමයෙන් පරාජය කරා ගමන් කරමින් සිටියහ.නමුත් 2017 වර්ෂය වන විට සියල්ල කණපිට පෙරළී තිබේ.රුසියානුවන්ගේ සහාය ඇතිව සිරියානු රජයේ හමුදා ජයග්‍රාහී මාවතට අවතීරණය වී තිබේ.එවන් තත්ත්වයක් යටතේ ජනපති බෂාර් අල් අෂාඩ්ට බරපතල චෝදනා එල්ල කරන්නට ඔහුට විරුද්ධ පාර්ශ්වයන් පෙළ ගැසී තිබේ.ඊශ්‍රායලය යනු සිරියාව අද පත්ව තිබෙන තත්ත්වයට වගකිව යුතු එක් රටකි.ජනපති අෂාඩ් ඝාතනය කල යුතු යැ‍යි මැයි මාසයේදී එරට ඇමතිවරයෙක් බරපතල ප්‍රකාශයක් සිදුකර තිබිණි.

    එරට නිවාස කටයුතු පිළිබද අමාත්‍ය යොව් ග්ලාන්ට් මැයි මස 16දා ප්‍රකාශ කර තිබුණේ සිරියාවේ සිදුවන සමූල ඝාතන වලට අෂාඩ් වගකිවයුතු බවත් ඔහුව මුලිනුපුටා දැමීමට කාලය පැමිණ ඇති බවත්ය.

    "සිරියාව තුල මනුෂ්‍ය ඝාතනවල යථාර්තය වන්නේ,රසායනික අවි යොදාගෙන මරාදමන මිනිසුන්ගේ දේහයන් පුලුස්සා දැමීමයි.පසුගිය වසර 70 කාලය තුල මෙවැනි දෙයක් අපි දැක නැහැ.අපේ රතු ඉර පැනලා තියෙන්නේ දැන්.ඇත්ත වශයෙන්ම අෂාඩ් මුලිනුපුටා දමන්න මේක තමයි වෙලාව" යනුවෙන් අමාත්‍ය යොව් ග්ලාන්ට් කිය සිටියේය.ඔහු ඊශ්‍රායල හමුදාවේ හිටපු මේජර් ජෙනරල්වරයෙක් මෙන්ම ජාතික ආරක්ෂක සභාවේ සාමාජිකයෙක්ද වේ.

    nmBYVqx.jpg
    අමාත්‍ය යොව් ග්ලාන්ට්​

    ඊට පෙර අමාත්‍යවරයා සමග පැවැත්වූ ගුවන් විදුලි සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ දෙවන ලෝක යුද්ධ සමයේ ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් පසුව දුටු නරකම පාලනය අෂාඩ් විසින් ගෙන යන බවයි.

    "සිරියාවේ සිදුවෙමින් තිබෙන්නේ සමූල ඝාතනයකි.ඒවා බොහෝ රහසිගතව සිදුවේ.ඊශ්‍රායලයට අවශ්‍ය අෂාඩ් සහ අලාවිට් පාලනතන්ත්‍රය බලයෙන් පහකර මධ්‍යස්ථ මතධාරී සුන්නි පාලකයෙක් බලයේ පිහිටුවීමයි"-අමාත්‍ය යොව් ගලාන්ට්.

    මරාදමන සිරකරුවන් පුලුස්සා දැමීමට කුප්‍රකට සෙඩ්න්‍යා හමුදා බන්ධනාගාර භූමියේ ආදාහනාගාරයක් අෂාඩ් රජය විසින් ඉදිකර තිබෙන බවට ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව මැයි මාසයේ 15දා චෝදනා කරන ලදි."2013 වර්ෂය ආරම්භයේදී සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය නවීකරණය කර ඊට ආදාහනාගාරයක් එකතු කරන්නට සිරියානු රජය පියවර ගත්තා.බන්ධනාගාරය තුල මහා පරිමාණයෙන් සිදුකෙරෙන සිරකරුවන් ඝාතනය කිරීම් සඟවන්නට ඔවුන් මෙම ආදාහනාගාරය යොදාගන්න බවට අපි විශ්වාස කරනවා.මෙම කෲරකම් සිදුවන්නේ ඉරානය සහ රුසියාවේ කොන්දේසි විරහිත සහායෙන් බවට පෙනී ගොස් තිබේ"- රාජ්‍ය ලේකම් සහකාර,ස්ටුවට් ජෝන්ස්.

    rmrlxaR.jpg
    සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය​

    "සුන්නි මුස්ලිම් රටවලට සහාය දීමෙන් ඈත්ව ෂියා මුස්ලිම් රටවලට කිට්ටුවීමට උත්සාහ කිරීම ඔබාමා පරිපාලනය සිදුකල උපායමාර්ගික අත්වැරැද්දකි.නමුත් ට්‍රම්ප් පරිපාලනය ඊට වෙනස්ය.මීට වසර එක හමාරකට පෙර සිරියාව සුන්නි පාලනයක් දෙසට ගමන් කරන බව පෙනෙන්නට තිබුණත් ඉන් පසුව සිදුවන රුසියානු මැදිහත්වීමත් ඔවුන් චෙච්නියාවේදී පළමුවරට යොදාගත් නගර අවහිර කිරීමත් ඒ අතරතුර දිගින් දිගටම ගුවනින් බෝම්බ හෙලීමත් යන උපායමාර්ගයෙන් සටන් කිරීමට කැරලිකරුවන්ට තිබූ කැමැත්ත බිදී ගොස් තත්ත්වය වහා වෙනස් විය.රුසියානුවන් අෂාඩ් හට සහාය ලබාදුන්නද ඔවුන් කලාපයේ වැදගත්කම සහ තමන් එකතුව සිටින්නේ කා සමගදැයි ඔවුන් දනියි" -අමාත්‍ය යොව් ගලාන්ට්.

    SBJyL4d.jpg
    සිරියාවට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පසු අහස දිස්වූ අයුරු.2014 දෙසැම්බර් 7.​

    "යුද්ධය අවසන් වූ පසු ඔවුන්ගේ මරණවලට පළිගැනීමේ චේතනාවෙන් සිරියාවේ සුන්නි මුස්ලිම් ජනයා මිලියන 20ක් තවමත් සිටින බව රුසියානුවන් දන්නවා සේම තමන් එහි ඉලක්කයක් බවට පත්වන බවත් ඔවුන් දනියි.එසේම සුන්නි මුස්ලිම් බහුතරය සමග වඩා හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අෂාඩ් කැපකර හෝ ප්‍රවේශ මාර්ගයක් සාදා ගැනීමට රුසියානුවන් උත්සාහ කරාවි" -අමාත්‍ය යොව් ගලාන්ට්.

    IL2ZmPF.jpg
    සිරියාවේ ක්නීට්‍රා හි හමුදා කඳවුරකට ඊශ්‍රායල හමුදාව එල්ල කර ප්‍රහාරයකින් පසුව එම ප්‍රදේශය දිස්වූ අයුරු.2017 අප්‍රේල් 23.​

    අමාත්‍ය යොව් ගලාන්ට් අනුව ඊශ්‍රායලයට එරෙහිව ඉතිරිව තිබෙන ප්‍රධානතම තර්ජනය වන්නේ ඉරානයයි.ඉරානය ඊශ්‍රායලයට සමීප වීමට ටෙහෙරානයේ සිට ඉරාකය හරහා ඩැමැස්කස් දක්වා ගොඩබිම් පාලමක් විවෘත කරගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.සිරියාව පිටුපස සිටින්නේ ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානයයි.ඉරානය ලෝකයේ ආරක්ෂාවට තර්ජනයකි.ඉරානය යනු ප්‍රශ්නයක් මිස පිළිතුරක් නොවේ.අපි සර්පයාගේ වලිගය(අෂාඩ්) අල්ලා ගත් විට උගේ හිස ටෙහෙරානයෙන් සොයාගත හැකිය.

    mE9qv4d.jpg
    සෙඩ්න්‍යා බන්ධනාගාර සංකීර්ණය-චන්ද්‍රිකා ඡායාරූපයක්​

    ඇමෙරිකාව විසින් නගන ලද සිරකරුවන් මරා පිළිස්සීමේ චෝදනාව මැයි 16දා සිරියානු රජය විසින් ප්‍රතික්ෂේප කරන ලදි.සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ එම චෝදනාව යතාර්ථයෙන් දුරස්ථ වූ හොලිවුඩයේ තවත් එක් අලුත් කතාවක් බවයි.ඉහත කී බන්ධනාගරයේදී සතියකට සිරකරුවන් 20-50 ඇතුලු පිරිසක් එල්ලා මරා දමන බවත් 2011-2015 කාල සමය තුල පුද්ගලයින් 5000-13000 අතර පිරිසක් එහිදී ඝාතනය කරන්නට ඇතිබවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ වාර්තාවක සඳහන් වේ.

    bGLP373.jpg

    සිරියානු හමුදාවට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ගෝලාන් උස්බිම්වල ජබාතා අල්-කෂාබ් නම් සිරියානු ගම්මානයෙන් දුම් රොටු ඉහලට නගින අයුරු.2016 සැප්තැම්බර් 10.

    ඊශ්‍රායලය කලක පටන් ගෝලාන් උස්බිම් ආසන්නයේ සිටින ඩැමැස්කස් රජයට පක්ෂපාතී හමුදාවන්ගේ ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කරයි.ඔවුන් කියන්නේ එම ප්‍රහාර සිරියානු හමුදාව සිදුකරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස එල්ල කරන ඒවා බවයි.නමුත් යතාර්ථය අමාත්‍ය ගේ ප්‍රකාශවලින් මනාව පැහැදිලිවේ.ඊශ්‍රායල-සිරියා දේශසීමාවේ බලය අල්ලාගෙන සිටින්නේ සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ කැරලිකරුවන්ය.ඊශ්‍රායලයට අවශ්‍යව තිබෙන්නේ සිරියාව සුන්නි පාලනයක් යටතට ගෙන ඒමයි.සිරියානු රජයේ හමුදාව මේවන විට දියත් කර තිබෙන මෙහෙයුම් හමුවේ සුන්නි මුස්ලිම් කැරලිකරුවන්ට ඊශ්‍රායල-සිරියා දේශසීමාවේ බලය ක්‍රමයෙන් අහිමි වෙමින් යයි.රජයේ හමුදාවන්ට එරෙහිව සටන් වැදී සිටින ත්‍රස්තවාදීන් සතුව තිබී ඊශ්‍රායලයේ නිපදවූ අවි සහ යුද්ධෝපකරණ අවස්ථා කිහිපයකදී සොයාගන්නට හැකිව තිබේ.තවද සටන්වලින් තුවාල ලබන ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායලය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවට පැහැදිලි සාක්ෂි හමුවී ඇත.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සමග ඊශ්‍රායලය උපායමාර්ගික මිත්‍රත්වයක් පවත්වාගෙන යන බවත් වරක් ත්‍රස්තවාදීන් ඊශ්‍රායල හමුදාවට එල්ල කර ප්‍රහාරයක් සම්බන්ධව ඔවුන් සමාව ඉල්ලා සිටි බවත් ඊශ්‍රායලයේ හමුදා සබදතා පිළිබද හිටපු අමාත්‍ය මොෂේ යාලන් විසින් අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර සිටියේය.ගෝලාන් උස්බිම්වල සටන්වලදී ජබාත් ෆාටා අල්-ෂාම් සංවිධානයට(කලින් අල්-නුස්රා පෙරමුණ)ටෙල් අවිව් රජය සෘජුවම සහාය ලබාදෙන බව 2016 සැප්තැම්බර් මාසයේදී ඊශ්‍රායල නීතිසම්පාදකයෙක් වන අක්‍රම් හසන් චෝදනාවක් එල්ල කරන ලදි.




    Source:jpost.com

    -HarshaLulzSec-
     

    Similar threads