යුද-අපරාධ-චෝදනා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යුද-අපරාධ-චෝදනා

යුද අපරාධ චෝදනා පරීක්ෂණයට යුරෝපයත් එක්වෙයි
අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 12:11 GMT

140205180516_lanka_war_512x288_jds.jpg

යුද සමයේ කැරුණු බරපතල අපරාධ පිලිබඳ චෝදනා සම්බන්ධ විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන්නට යුරෝපා සංගමය තීන්දු කොට තිබේ.

ශ්‍රී ලංකාවේ වගකීම් සහගත භාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයටත් තම සහාය පළ කරන බවයි සඳුදා සම්මත කැරුණු යෝජනාවේ දැක්වෙන්නේ.එමෙන්ම, රටේ වර්තමාන මානව හිමිකම් තත්වය වෙත යොමු වන බව ද යෝජනාවේ සඳහන් වෙයි.

යුරෝපා සංගම් මුලස්ථානය පිහිටි බ්‍රසල්ස් නුවර රැස් වූ සංගමයේ විදේශ කටයුතු පිලිබඳ කමිටුව පවසා ඇත්තේ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේ විසි පස් වැනි සැසි වාරය ට පෙරාතුව මේ තීරණයට එළැඹි බවයි.

140109120933_lanka_protest_304x171_afp_nocredit.jpg

යුද අපරාධ පරීක්ෂණ විරෝධී ආණ්ඩු පාක්ෂික උද්ඝෝෂණයක්

ඉහළ පෙළේ නියෝජනය

විදේශ කටයුතු සහ ආරක්ෂක පිළිවෙත පිලිබඳ උත්තම නියෝජිත කැතරින් ඇෂ්ටන් ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් විසි අටේ ම විදේශ අමාත්‍ය නියෝජිතයන් සහභාගි වූ බවයි යුරෝපා සංගමය පවසා තිබුනේ.ශ්‍රී ලංකාවේ යුද්ධයේ දීත්, ඉන් පසුවත් දෙපාර්ශවය ම විසින් කළ බවට වාර්තා වී ඇති යුද අපරාධ, මානව වර්ගයා ට එරෙහි අපරාධ සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ වගකීම විනිශ්චය සඳහා ස්වාධීන,ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඇමරිකානු උත්තර මන්ත්‍රී මණ්ඩලයට මෙතැන ඔබන්න​ යෝජනාවක් ගෙන එනු ලැබීමෙන් දින කීපයකට පසුයි යුරෝපා සංගමය ස්වාධීන යුද අපරාධ පරීක්ෂණයක් සඳහා සහාය පළ කොට ඇත්තේ.

BBC Sinhala Sandeshaya
 
Last edited:

Majesty

Member
Jun 18, 2013
1,006
159
0
මුන්ට යුරෝපානු රටවල් මානව හිම්කම් උල්ලංගනය කරපුවා පේන්නේ නැහැ! ගව් ගානක් ඈත තියෙන ආසියාවේ පුංචි රටක් හොයන් එනවා වැරදි හොයන්න. යටත් විජිත කාලේ මුන් කරපුවා කියන්න ගත්තනම් මේ ත්‍රෙඩ් එකත් මදි කියලා ඉවර කරන්න. ආසියාව විනාශ කරපු ජාතියක් මුන්! අපිට තුන්වෙනි ලෝකේ රටවල් කියලා ටැග් ගහලා අපේ සම්පත් සූරං කාලා දිවුණු වෙච්ච ජාතියක් මුන්! මුන් ආර්ථික තියරි හැදුවේ මුන්ට වාසි වෙන විදිහට! අද කිරි අපනයනය කරන නවසිලන්තයත් අපිට වඩා දිවුණු රටක්! මට හිතෙන විදිහට මුන් ගාව තියෙනවා අපිට කියන්නේ නැති ලොකු රහසක්! මේ ලෝකේ ඇමෙරිකාව වැනි අද ඊයේ ඇති වෙච්ච රටවල් දිවුණු වෙලා තියෙන්නේ හොර වැඩ කරලා කියලා මට තියෙනවා. ඇමරිකන් කාරයෝ හෙලිකොප්ටර් හදන විදිහ හොයාගත්තේ නාසි ජර්මන් කාරයන්ගේ ලිපි උස්සලා! ඕස්ත්‍රේලියාවෙ ඇබ්‍රෝජින් වරුන්ගේ රට ආක්‍රමණය කරපු එවුන් සහා ඇමරිකාවේ රතු ඉන්දියානුවගේ රට උස්සපු එවුන් අද එනවා අපේ වැරදි හොයන්න! මානව අයිතිවාසිකම් උපරිමයෙන්ම උල්ලංගනය කරලා තියෙන්නේ මුන්. චීනෙට ඕපියම් විකුණලා චීන ජාතිකයන් ඕපියම් වලට ඇබ්බැහි කෙරෙව්වේ කව්ද ? චීනේ පාලකයා තම රටේ වැසියන් ඕපියම් වලට ඇබ්බැහි වීම නතර කරන්න එංගලන්තෙන් එන ඕපියම් ටික ගිණි තිබ්බහම මුන් කරේ චීන්ට ගහලා චීනෙන් කෑල්ලක් අල්ලගත්තු එක! අන්තිමට චීනෙට සිද්ද වුනා අව්රුදු 99කට හොං කොං කියන දුපත් සමූහය එංගලන්තෙට බද්දට දෙන්න. මුන් හොං කොං වල කරපු නැති හොර වැඩක් නැහැ! හොං කොං වලට චුට්ටක් එහායින් තියෙන මැකාව් දුපත අද ලෝකේ කැසිනෝ තිත්පොලක්! මැකව් වල රාජ්‍ය භාෂාව පෘතුගීසි භාෂාව. මෑතකදී ඉන්දුනීසියාවෙන් වෙන් වෙච්ච ටිමෝර් රටෙත් රාජ්‍ය භාෂාව පෘතුගීසි භාෂාව! ටිමෝර් රටේ පෘතුගීසි භාෂාවෙන් නඩු විභාග කරනකොට රටේ වැසියන්ට තේරෙන්නේ නැහැලු මොනවද කියන්නේ කියලා! ඒ රටේ වැඩි දෙනෙකුට පෘතුගීසි භාෂාව ගැන අවබෝධයක් නැහැ. දැන් තේරෙනවනේ මුන් ආසියාවට කරලා තියෙන විනාශය ? මේ ලෝකේ තියෙන ගොඩක් රටවල් දැනුත් මුන් අල්ලගෙනයි ඉන්නේ! සංස්කෘතික වශයෙන් සහා දේශගුණික වශයෙන් මුන්ට කිසි සේත්ම ගැලපෙන්නේ නැති රටවල් සම්පත් සහා බලය වෙනුවෙන් අල්ලාගෙන ඉන්න ජාතියක් මුන්! මාලදිවයින ගාව තියෙන බ්‍රිටිෂ් ඉන්දියන් ඕෂන් ටෙරිටෝරි එක මේකට හොඳ උදාහරණයක්! බටහිර ඉන්දීය කොදෙව් දුපත් වලත් නෙතර්ලන්ඩ් ඇන්ටිලෙස් වැනි මුන්ට අයිති දුපත් තියෙනවා. අඩුම තරමේ ඇන්ටාටිකවවත් මුන් අතහැරලා තියලා නැහැ!
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart

ලොකයේ බල අරගලයෙන් ඇමරිකාව ඉදිරියට අවා හොදින් හො නරකින්. දැන් ඔවුන් එය රැකගන්න ඔනැම කුපාඩි වැඩක් කරන ගානට පාත් වෙලා.

යුද්ධය දිනන්න ඇමරිකාවත් උදව් කරා කියන එකත් මතක් කරන්න කැමති. නමුත් දැන් අපිට යුධ අපරාධ චොදනා යොමු වෙලා. අපි කොච්චර බරහිරට චොදනා කරත් එතරම් පලක් වන්නෙ නැහැ මන්ද අපි ඇමරිකාව මත පදනම්ව සිටින රටක් නිසා. අනෙක් පැත්තෙන් දමිල ඩයස්පොරාවත් බලවත්. ඉතින් වෙමන් තත්වයක් උඩ අපි ඉතා කල්පනාකරි විය යුත්යි ශුක්ශම විය යුතුයි.

ඔබ පැවසු පරිදි ඇමරිකාව අමු අමුවේ යුද නිතීන් උල්ලංඝනය කරා, UN අනුමැතිය නොමැතිව රටවල් අක්‍රමනය කරා එයද බරපතල වරදක් අන්තර්ජාතික සිමාවන් අනුමැතියකින් ඇක්‍රමනය නොකර ඕසාමා බින් ලඩන්ව මරා දැමුව ගොඩාක් අය පවසන පරිදි නිරායුධව සිටියෙදි ඔබතුමා කියපු නොකියපු බොහො දේ අමරිකාව කරා හෙටත් කරනවා. මොකක්ද මෙකට හෙතුව? හෙතුව අනෙකුත් කිසිම රටක් ඔවුනට විරුද්ධව කතා කිරිමට දක්වන බියයි. එනෙක් පැත්තෙන් United Nations කියන්නේ ලොකයේ බලවත් රටවල් විසින් අනෙකුත් රටවල් පාලනය කිරිම සදහා හදාගත්තු සංවිදානයක් පමන්ක්ද ? කියන සැකයත් ඇතිවනවාඅ හොද දෙවල් වෙන්නත් නොවෙනවා නොවෙයි.

බැහැයි ඔය උගත්පඩම් වර්තාව ඉදිරිපත් කරේ මේ අණ්ඩුවෙන්මයි නමුත් අද අන්ඩුවේ හැසිරිම බටහිරට රුලුලක් වෙලා අද ලංකාවේ පැහැර ගැනිම්, දුශන , වංචා වැඩි වෙලා දෙමළ අයව පදිඞචිකරලා නැහැ ඉතින් මෙවාගෙ තත්වයක් උඩ අපිට නිතර බලපැම් එල්ල වෙනවා. අණඩුව පොඩ්ඩක් Diplomatic වෙන්න ඔනැ මෙතනදි එ වගෙම රටේ නිතිය සමාය සහ ප්‍රජත්‍රන්ත වාද්ය යලි ස්තාපිත කර යුතුම වෙනවා.
:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලොකයේ බල අරගලයෙන් ඇමරිකාව ඉදිරියට අවා හොදින් හො නරකින්. දැන් ඔවුන් එය රැකගන්න ඔනැම කුපාඩි වැඩක් කරන ගානට පාත් වෙලා.:)
    දැකීම සතුටක් ෆාද්රේ:)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න ජනාධිපතිවරණයක් තියන්න නියම වාතාවරණයක් ඇවිල්ල තියෙනව ... ජනාධිපතිවරණය දිනල කියයි මම ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියල ... එතකොට ඇමරිකාවටයි යුරෝපෙටයි මොකද්ද කියන්න ඉතුරු වෙන්නෙ