යුද-අපරාධ-චෝදනා
යුද අපරාධ චෝදනා පරීක්ෂණයට යුරෝපයත් එක්වෙයි
අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 11 අඟහරුවාදා - 12:11 GMT
යුද සමයේ කැරුණු බරපතල අපරාධ පිලිබඳ චෝදනා සම්බන්ධ විශ්වසනීය සහ ස්වාධීන පරීක්ෂණයක් සඳහා ක්‍රියාකාරී ව සහාය දක්වන්නට යුරෝපා සංගමය තීන්දු කොට තිබේ.
ශ්‍රී ලංකාවේ වගකීම් සහගත භාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීම සඳහා දරන උත්සාහයටත් තම සහාය පළ කරන බවයි සඳුදා සම්මත කැරුණු යෝජනාවේ දැක්වෙන්නේ.එමෙන්ම, රටේ වර්තමාන මානව හිමිකම් තත්වය වෙත යොමු වන බව ද යෝජනාවේ සඳහන් වෙයි.
යුරෝපා සංගම් මුලස්ථානය පිහිටි බ්‍රසල්ස් නුවර රැස් වූ සංගමයේ විදේශ කටයුතු පිලිබඳ කමිටුව පවසා ඇත්තේ එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් සමුළුවේ විසි පස් වැනි සැසි වාරය ට පෙරාතුව මේ තීරණයට එළැඹි බවයි.
යුද අපරාධ පරීක්ෂණ විරෝධී ආණ්ඩු පාක්ෂික උද්ඝෝෂණයක්
ඉහළ පෙළේ නියෝජනය
විදේශ කටයුතු සහ ආරක්ෂක පිළිවෙත පිලිබඳ උත්තම නියෝජිත කැතරින් ඇෂ්ටන් ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් විසි අටේ ම විදේශ අමාත්‍ය නියෝජිතයන් සහභාගි වූ බවයි යුරෝපා සංගමය පවසා තිබුනේ.ශ්‍රී ලංකාවේ යුද්ධයේ දීත්, ඉන් පසුවත් දෙපාර්ශවය ම විසින් කළ බවට වාර්තා වී ඇති යුද අපරාධ, මානව වර්ගයා ට එරෙහි අපරාධ සහ වෙනත් මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ වගකීම විනිශ්චය සඳහා ස්වාධීන,ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවන ලෙස ඇමරිකානු උත්තර මන්ත්‍රී මණ්ඩලයට මෙතැන ඔබන්න යෝජනාවක් ගෙන එනු ලැබීමෙන් දින කීපයකට පසුයි යුරෝපා සංගමය ස්වාධීන යුද අපරාධ පරීක්ෂණයක් සඳහා සහාය පළ කොට ඇත්තේ.
BBC Sinhala Sandeshaya

Last edited: