යුද අපරාධ චෝදනාවලට එරෙහිව රුසියාව හා චීනය ශ්‍රී ලංකාවේ සහයට
එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනාවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහය දැක්‌වීමට රුසියාව සහ චීනය ඉදිරිපත් වී ඇත.
මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලයට යෝජනාවක් ගෙන ඒමට උත්සාහ කිරීමයි.
ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක් නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට හිමිකමක් නැතැයි යන පදනම මත මෙම රටවල් දෙකම ක්‍රියාකර ඇත.
රුසියාව හා චීනය යන රටවල් දෙකම නිෂේධ බලය හිමි රාජ්‍යයන් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය හමුවට ගෙන එන යෝජනාවන් වැළැක්‌වීමට හැකිවේ.
මෙයට පෙර මෙක්‌සිකෝව සහ කොස්‌ටාරිකා රුවන්ඩි ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට දැරූ උත්සාහය චීනය සහ රුසියාව විසින් නතර කර ඇත.
මේ අතර මෙම විද්වත් මණ්‌ඩල වාර්තාව ගැන කරුණු දැක්‌වීම සඳහා රජයේ විශේෂ කණ්‌ඩායම් දෙකක් රුසියාව හා චීනය වෙත යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග ඊයේ (19 දා) පැවැසීය.