යුද අවිවල සුසාන බිම්

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද අවිවල සුසාන බිම්

    V5RhHx5.jpg

    දෙවන ලෝක යුද සමයේ සිට එක්සත් ජනපදය ,සෝවියට් දේශය විශාල වශයෙන් යුද ගුවන් යානා,යුද ටැංකි,යුද නෞකා සහ අනෙකුත් අවි නිපදවන ලද්දේ එකිනෙකා පරයමින්ය.නමුත් කාලයත් සමග මෙම අවි භාවිතයට ගත නොහැකි ලෙස අබලන් වීම හෝ ඒවාහි තාක්ෂණය අනාගතයට නොගැලපීම මත ඉවත දමන්නට විය.මෙලෙස ඉවත් කල අවි දැන් තිබෙන්නේ කොහේද ? ඒවා ශ්‍රී ලංකාවේ මෙන් යකඩ බඩුවලට විකුණුවාද?මෙම අවි ඔවුන්ගේ සැදෑසමය ගෙවා දමන්නේ කොහේද? මේ කියන්නේ යන්නේ එලෙස අතහැර දැමූ අවි වල සොහොන් බිම් බවට පත්වූ ස්ථාන කිහිපයක් ගැනයි.



    ඇමෙරිකන් නෞකාවල සොහොන් බිම්​

    එක්සත් ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි සුසැන් බොක්ක ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නෞකා රක්ෂිතය තුල 1959 වන විට නෞකා 400ක් තිබූ බවත් 2000 දශකයේ එය 75ක් දක්වා අඩුවී තිබේ.1946 වසරේ සිට එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන මේ නෞකා බලඇණිය හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගත හැකි මෙන්ම භාවිතයට ගත නොහැකි මට්ටමේ තිබෙන නෞකාවලින් සමන්විතය.මේවා ඉන් සමහරක් බොහෝ පැරණි යුද නෞකා සහ බෝට්ටු වේ.දෙවන ලෝක යුද්ධය,කොරියන් යුද්ධය,වියට්නාම යුද්ධය සහ ගල්ෆ් යුද්ධයේදී භාවිතා කල නෞකා මෙන්ම මගී සහ වෙළඳ නෞකාද මෙහි තිබේ.මෙහි තිබෙන යුද නෞකා අතර USS Iowa ආදී ඓතිහාසිකව වැදගත් නෞකාද තිබේ.මෙම නෞකා සොහොන් බිම අතිශය රහසිගත ඉහළ හමුදා ආරක්ෂාවක් සහිත ස්ථානයක් නොවේ.2011 මැයි මාසයේදී ස්කොට් හැෆ්නොර් නැමැත්තා මෙම ස්ථානයට රහසේ ඇතුලුවී සති අන්තයක් මෙහි ඡායාරූප ගනිමින් ගත කර තිබේ.Sea Shadow (IX-529) නම් එක්සත් ජනපද නාවික හමුදාවේ රහස් නෞකාව එහි තිබෙනවා ඔහු දැක තිබේ.හැෆ්නොර් ලබාගත් Sea Shadow (IX-529) යාත්‍රාවේ ඡායාරූපයක්ද පහත දක්වා තිබේ.

    9S7ypfD.jpg
    සැන් ෆ්‍රැන්සිස්කෝ හි සුසැන් බොක්ක ප්‍රදේශයේ නෞකා පෙන්වන සිතියම​


    F3AqT5l.jpg
    දිරාපත්වෙන නෞකාවල චන්ද්‍රිකා ඡායාරූපයක්​


    N8gP1di.png
    2004 වසරේ මෙම ප්‍රදේශය ගුවනට පෙනුන අයුරු​


    PouDa6L.jpg


    wWRUH4Y.jpg


    IRJy59w.jpg


    1yhoY2y.jpg


    m12n6V9.jpg




    එමි හයිඩන් විසින් ලබාගත් ඡායාරූප කිහිපයක්

    87h8VLO.jpg


    UVBCwfZ.jpg


    VGfbINj.jpg
    මෙම USS Nereus (AS-17)නෞකාව 1945 සිට 1971 වසර තෙක් සේවයේ යොදවා තිබූ අතර 1971 පටන් මෙම ස්ථානයේ රඳවා තිබී 2012 වසරේදී කොටස් කරන්නට ටෙක්සාස් වෙත යවා තිබේ.​


    Q9kKSUH.jpg


    BSuIge5.jpg
    USS Iowa නෞකාව කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ​


    LpTfVnJ.jpg
    මෙම නෞකා මුහුදු බොක්කට සින්ක්,බේරියම්,සින්ක්,ඊයම් ආදිය එක් කරන නිසා පාරිසරික ප්‍රශ්න ඇති කරන්නට හේතුවිය හැකිය​


    lIbq1FX.jpg


    hscsXOE.jpg


    aZ8G1oH.jpg


    ScxJCbk.jpg
    නෞකාවල ඇතුලත ඡායාරූප​


    vP90xul.jpg
    රේඩාර් මඟ හැර යාමේ තාක්ෂණය සඳහා අත්හදා බැලූ යාත්‍රාවක් වන Sea Shadow​



    ස්කොට් හැෆ්නොර් විසින් ලබාගත් Sea Shadow යාත්‍රාවේ ඡායාරූපයක්.ඔහු මෙම යාත්‍රාංගනයට රහසේ ඇතුලුවී ලබාගත් ඡායාරූප මෙතනින් බලන්න​
    .

    s8ghEz6.jpg



    l9pBZiM.jpg
    USS Iowa නෞකාව එදා සහ අද​




    Sea Shadow

    Sea Shadow (IX-529) ගැන කෙටියෙන් හෝ දෙයක් මතක් කරන්න ඕනේ.මෙම නෞකාව ඩොලර් මිලියන 50 පමණ වටිනා එකක් සේම එම ව්‍යාපෘතියට ඇ.ඩො. මිලියන 195ක් වැය කර තිබේ.Sea Shadow නෞකාව නිර්මාණය කිරීමට Advanced Research Projects Agency (ARPA),ලොක් හීඩ් මාර්ටින් ,නාවික හමුදාව ආදිය සහභාගීවී තිබේ.80 දශකයේ මැද කාලයේ ආරම්භ වූවා යැයි සැලකෙන මෙම ව්‍යාපෘතිය වසර 10 තිස්සේ ක්‍රියාත්මක වී තිබේ.නෞකාව මීටර් 50ක් දිග, ටොන් 563ක් බර,නාවික සැතපුම් 10-14 අතර වේගයෙන් ගමන් කල හැකි stealth වර්ගයේ එකකි.එය 1993 දී ප්‍රථම වරට ප්‍රසිද්ධ කරන ලදි.

    VOn6Op4.jpg


    z2Hit2K.jpg
    Sea Shadowහි ඇතුලත සැලැස්ම​


    USS Iowa යුද නෞකාව නිපදවන්නට ඇ.ඩො. බිලියන 1.5ක් වැය වී තිබෙන අතර Sea Shadow යාත්‍රාවට ඇ.ඩො.200(195) වැය කලේ යැයි සිතුව හොත් මෙම මුහුදු බොක්කේ මේවන විට ඇ.ඩො. බිලියන 1.7ක් පාවෙමින් තිබේ.





    දිරාපත් වන සෝවියට් සබ්මැරීන හමුදාව

    ශීතල යුද්ධ සමය යනු ඇමෙරිකා එක්සත් ජනපදය සහ සෝවියට් දේශය තම අහංකාරය පෙන්වීමට අතිවිශාල ධනස්කන්ධයක් නාස්ති කර දැමූ කාල පරිච්ඡේදයකි.නමුත් එක්සත් ජනපදය මෙන් නොව සෝවියට් දේශය කඩා වැටීමෙන් පසුව රුසියාවට තම අතිවිශාල යුද අවි කන්දරාව නඩත්තු කරන්නට මුදල් නොතිබිණි.ඒ නිසා ඔවුන්ගේ සබ්මැරීන,යුද නෞකා ආදිය වරායන්හි ජරාවාස වන්නට ඉඩ හරින්නට සිදුවිය.රුසියාවේ එවැනි සොහොන් බිමක් ලෙස මර්මාන්ස්ක් හැඳින්විය හැකිය.මෙය නාවික නගරයක් ලෙස හඳුන්වයි.රුසියාවේ කෝලා අර්ධද්වීපයේ මර්මාන්ස්ක් හි නසෙමෙන්ට්නයා බොක්කේ මෙම නෞකා සොහොන්බිම පිහිටා ඇත.එහි භාවිතයෙන් ඉවත් කල පැරණි සෝවියට් සබ්මැරීනද තිබේ.සෝවියට් දේශය 1958 සිට නාවික න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරක 450ක් පමණ නිපදවා තිබේ.බ්‍රිතාන්‍ය වාර්තාවකට(2005 ජුනි 10) අනුව ඉන් 3/2ක්ම රුසියාවේ වයඹදිග බැරන්ට්ස් මුහුදු කලාපයේ තිබෙන අතර ඒවා ලෝකයේ තිබෙන න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරවලින් 20%ක් බවයි පැවසෙන්නේ.බ්‍රිතාන්‍ය වාර්තාවට අනුව මෙම න්‍යෂ්ඨික කසල කොයි මොහොතක හෝ බරපතල සෞඛ්‍ය ගැටලුවකට හෝ ඛේදවාචකයකට හේතුවිය හැකිය. සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව න්‍යෂ්ඨික සබ්මැරීන 170ක් පමණ සේවයෙන් ඉවත් කර තිබෙන අතර ඉන් 40ක් පමණක් නිල වශයෙන් ගලවා ඉවත් කර තිබේ.

    6SaXe0k.jpg
    Nezametnaya Cove, Kola Peninsula​


    vsJARyC.jpg
    Nezametnaya Cove​


    EnY0Qr1.jpg
    Nezametnaya Cove​


    fQVu52Q.jpg
    Nezametnaya බොක්කේ ගුවන් ඡායාරූපයක් - දිරාපත්වන්නට දමා තිබෙන රුසියානු සබ්මැරීන​


    ydkOBpS.jpg


    q86o24N.jpg


    dQlo6cL.jpg


    ob1DDrm.jpg


    YI7e1xm.jpg


    XizOPxB.jpg


    Uu4IeWZ.jpg


    Ofezb9r.jpg


    yS5arLi.jpg


    U6TcD31.jpg
    ගිලී ගිය නෞකාවක්​





    අතහැර දැමූ රුසියානු සබ්මැරීන කඳවුර

    1991 වසරේදී සෝවියට් දේශය බිද වැටෙන තෙක් රහසක්ව තබාගත් භූගත සබ්මැරීන තොටුපලක් සම්බන්ධ තොරතුරු අනාවරණය විය.මෙය පිහිටා තිබෙන්නේ පසුගිය සමයේ රුසියාව යුක්‍රේනයෙන් අත්පත් කරගත් ක්‍රිමියා අර්ධද්වීපයේ තිබෙන බැලක්ලාවා නම් නගරයේය.මේවන විට එය කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.සෝවියට් දේශය පැවති සමයේ ඉහල තාක්ෂණයෙන් යුතු,උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථානය වූ අතර න්‍යෂ්ඨික ප්‍රහාරයකට ඔරොත්තු දෙන ලෙස එය නිර්මාණය කර තිබිණි.එහි තිබූ අවසන් යාත්‍රාව එම ස්ථානය හැරගියේ 1995 වසරේ යැයි සැලකේ.රුසියානුවන් එහි SS-N-23 Skiff වර්ගයේ බැලස්ටික් මිසයිල කිහිපයක්ද එහි දමා ගොස් තිබිණි.

    AkeqXhi.jpg
    පිහිටීම​


    NBrrUds.jpg
    Balaklava city​


    KS7GBZg.jpg
    මෙම සබ්මැරීන කඳවුර දැනට කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලැබේ​


    6BQzPI0.jpg
    දුර සිට බැලූවිට පෙනෙන අයුරු​


    iORDs6m.jpg
    භූගත කඳවුර පිටතට විවෘත වන එක් ස්ථානයක්​


    7QKvfwL.jpg
    පිටවීමේ දොරටුව​


    iVAulCm.jpg


    25el029.jpg



    ඇතුලත දර්ශන

    7C1WyBa.jpg


    jXm3P9q.jpg


    R2qYRrR.jpg


    DKg62Am.jpg


    zm4M4Ce.jpg


    airKqtA.jpg


    JT9tMr8.jpg


    mqkp5PW.jpg


    rQCpAX0.jpg





    ඇමෙරිකානු ගුවන්යානාවල අවසන් නැවතුම් පොළ

    ඇමෙරිකා එක්සත් ජනපදය යනු ලොව ගුවන් යානා විවිධත්වය වැඩිම රට ‍යැයි කිව හොත් වැරදි නැතැයි සිතමි.සීතල යුද්ධ සමය ඊට ප්‍රබල හේතුවක් විය.නමුත් ඔවුන් නිර්මාණය කල අතිවිශාල ගුවන් යානා තොග කාලයත් සමග භාවිතයෙන් ඉවත් කරදමන්නට සිදුවිය.එවැනි සිවිල් සහ යුද ගුවන් යානාවල අවසන් නැවතුම් පොල වූයේ ඇරිසෝනාවේ ටුසාන් හි ඩේවිස්-මොන්තන් ගුවන් හමුදා කඳවුරයි.මෙම දැවැන්ත ගුවන් යානා අංගනය නිර්මාණය කර තිබෙන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වී සුළු කාලයකට පසුවයි.මේ සඳහා ඉහල උන්නතාංශයක් සහ වියළි දේශගුණයක් සහිත ප්‍රදේශයක් තෝරාගෙන තිබෙන්නේ මෙම ගුවන් යානා ආවරණයකින් තොරව එළිමහනේ අවම දිරාපත්වීමක් සමග තබාගන්නටය.මෙහි ගුවන් යානා 4200ක් වඩා තිබෙන අතර අභ්‍යාවකාශ තරණයට සම්බන්ධ යානා 40ක් පමණ රඳවා තිබේ.මෙය ලොව විශාලතම හමුදා ගුවන් යානා සුසාන භූමිය ලෙසද හඳුන්වනු ලැබේ.අක්කර 2600 හෙවත් පාපන්දු පිටි 1430ක භූමි ප්‍රමාණයට සමාන ප්‍රදේශයක් මේ සඳහා යොදාගෙන තිබේ.මෙහි තිබෙන ගුවන් යානා අතර සීතල යුද්ධයේ එක්සත් ජනපදයේ සලකුණක් වූ B-52 බෝම්බ හෙළන යානාද ඇත.2006 වසරේදී විශ්‍රාම ගැන්වූ F-14 ප්‍රහාරක යානා විශාල සංඛ්‍යාවක්ද මෙහි නවතා තිබේ.මෙම ගුවන් යානා සොහොන් බිම හොලිවුඩ් චිත්‍රපටවලට පවා යොදාගෙන තිබේ.Transformers: Revenge of the Fallen

    iw17p9K.jpg

    ගුවන් කඳවුරේ පිහිටීම


    EW87DY7.jpg


    gTN8HRO.jpg


    u1sOrUd.jpg


    b4fVSnU.jpg


    x1Wd7b7.jpg


    QynTyK7.jpg


    0T3e0Lv.jpg


    7djYcfQ.jpg


    97Ef2PL.jpg


    ckRjGe2.jpg


    WP0agQV.jpg


    fgB6YKm.jpg

    High Resolution Photography


    Google Maps​





    දෙවන කොටසින් හමුවෙමු.



    Source:Cracked.com

    -HarshaLulzSec-
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැට්ල් ශිප් තමා යුධ නැව් ගැන ආස එකෙක් බලන්න ඕන ෆිල්ම් එක පට්ට බන් :love:

    Rep ++++++++++++++++