යුද ටැංකිවල මාරයා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකිවල මාරයා

    TQA7wRd.jpg

    නූතන සංග්‍රාම භූමියේ තිබෙන යුද ටැංකි නාශක අවි බිම් බෝම්බ වල සිට මිනිස් පාලනයට යටත් අවි දක්වා පරාසයක පැතිර තිබේ.වර්තමානයේ භාවිතා වන යුද ටැංකි නාශක නියාමක මිසයිල(anti-tank guided missiles - ATGMs ) පාබල හමුදා සතු ඉහළම ප්‍රති-යුද ටැංකි අවියයි.එහි ඊළඟ පරම්පරාවේ මොඩලය සුපර් සොනික් වර්ගයේ මිසයිලයි(super-sonic ATGMs).නමුත් දැනට භාවිතා වන සැහැල්ලු යාන්ත්‍රික රථ නාශක අවි( anti-vehicle weaponry) යුද ටැංකි නාශක නියාමක මිසයිලවලට වඩා හැකියාවෙන් දුර්වලය.මෙම සැහැල්ලු යාන්ත්‍රික රථ නාශක අවි කොටස් තුනකට බෙදේ.ඒවා පහත දක්වා ඇත.

    1.rocket-propelled grenade Launcher

    2.Anti-materiel rifle

    3.Recoilless Rifle


    AT-3 Sagger (රුසියානු බසින් 9M14 Malyutka)හැටේ දශකයේ සිට වර්තමානය දක්වා භාවිතා කරන යුද ටැංකි නාශක මිසයිල පද්ධතියකි.සෝවියට් නිෂ්පාදනයක් වන මෙය wire-guided වර්ගයේ එකකි.යොම් කිපූර් යුද්ධයේදී ඊශ්‍රායල හමුදා විස්මයට පත් කරමින් ඊජිප්තුව මෙම අවිය ඊශ්‍රායල යුද ටැංකි විනාශ කිරීමට භාවිතා කරන ලදි.

    gFqIAkd.jpg


    AT-14 Spriggan යනු රුසියානු බසින් ලෙස 9M133 Kornet හඳුන්වන ලේසර් මගින් ඉලක්කය සලකුණු කරන යුද ටැංකි නාශක නියාමක මිසයිල පද්ධතියකි.1998 වසරේදී හඳුන්වා දුන් අවියකි.මෙය 2003 වසරේ ඉරාක යුද්ධයේදී ඇමෙරිකානුවන්ට එරෙහිවද,2006 වසරේ ලෙබනන් යුද්ධයේදී ඊශ්‍රායල හමුදාවට එරෙහිවද භාවිතා කර තිබේ.

    mOH30RC.jpg


    BGM-71 TOW යනු ඇමෙරිකා එක්සත් ජනපද විසින් නිෂ්පාදනය කල ලොව පුරා සුලභව භාවිතා කරන නියාමක යුද ටැංකි නාශක මිසයිල දියත් කරන අවියකි.වියට්නාම යුද්ධයේ පටන් වර්තමාන සිරියානු සිවිල් යුද්ධය තෙක් යුද්ධ ගණනාවකට මෙය යොදාගෙන තිබේ.විශේෂයෙන්ම සිරියාවේ ක්‍රියාත්මක රුසියානු යුද ටැංකිවල ප්‍රබලම සතුරා ලෙස ඇමෙරිකානු TOW මිසයිල හඳුන්වා දිය හැකිය(මේ සම්බන්ධව නුදුරේදීම දීර්ඝ ලිපියක් පළකිරීමට බලාපොරොත්තුවක් තිබේ).

    EmiQQgS.jpg



    ඉහත දැක්වූ අවි තනි පුද්ගලයෙකුට ක්‍රියාත්මක කල හැකිය.වර්තමානයේදී නම් මෙම අවි වලින් ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියකට සිදුකල හැකි හානිය අවම වී තිබෙන්නේ නූතන යුද ටැංකි ශක්තිමත් සන්නාහයකින් යුක්ත වීම නිසාය.නමුත් යුද ටැංකියක දුර්වල ස්ථානවලට මෙම අවියකින් කරන පහරදීමක් සාර්ථක වීමේ හැකියාව තිබේ.යුද ටැංකියේ රෝද ගමන් කරන පථය(tracks),සංවේදක උපකරණ(නූතන යුද ටැංකිවල අධෝරක්ත සංවේදක,ප්‍රකාශ දර්ශක ආදී උපකරණ බොහෝ විට අනාරක්ෂිතව පිටතින් පිහිටා ඇති බව පෙනේ),කොත සහ කඳ අතර පිහිටි හිඩැස්,පිටුපස කොටස/එන්ජිම ආදී කොටස් දුර්වල ස්ථාන ලෙස හැඳින්විය හැකිය.කෙසේවෙතත් නූතන යුද ටැංකි බොහෝමයකට මෙම සැහැල්ලු යාන්ත්‍රික රථ නාශක අවි හමුවේ නොබිඳී සිටීමට හැකියාව තිබේ.ඒ නූතන යුද ටැංකි සතු සන්නාහයේ ශක්තිමත් භාවය සහ සක්‍රීය ආරක්ෂක පද්ධතිය(APC) නිසාය.


    BPYnHxO.jpg

    1.කුඩා පරිමාණ අවි සහ මැෂින් තුවක්කු ප්‍රහාර හමුවේ යුද ටැංකියේ කොතේ පිටතින් තිබෙන ප්‍රකාශ සහ වෙඩි පාලන උපාංගවලට හානි සිදුකල හැකිය.

    2.ප්‍රධාන අවිය ඉලක්ක කරගෙන පහරදීම.

    3.යුද ටැංකියේ කොත සහ පහල කොටස අතර විශාල හිඩැසට පහරදීම

    4.ඕනෑම වර්ගයක RPG අවියක් යොදාගෙන යුද ටැංකියේ පහළ කොටසේ පිටුපස දෙපසට(වම්/දකුණ ) පහරදීම.

    5.යුද ටැංකියේ කොතේ පිටුපස වම් සහ දකුණු කොටස්






    Rocket Propelled Grenade Launcher - රොකට් ප්‍රචාලන ග්‍රෙනේඩ් විදිනය​

    ආර්පීජී යන කෙටි නාමයෙන් හඳුන්වන මෙම අවියේ දීර්ඝ නාමය Rocket Propelled Grenade Launcherය.මෙය පුද්ගලයෙක් සිය උරහිස මත තබාගෙන ක්‍රියාත්මක කරයි.මෙම අවි පාවිච්චි කල ඉවත දැමිය හැකි එනම් එක් වෙඩි තැබීමකින් පසුව ඉවත් කල හැකි ලෙස සහ නැවත නැවතත් පාවිච්චි කල හැකි යන ආකාර දෙකකින් පැමිණේ.RPG අවියක පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂය රැගෙන යන්නේ රොකට්ටුවක් මගින්ය.ඒ නිසා ප්‍රහාරක පරාසය සහ ඉවතට විදීමේ බලය වැඩිය.RPG අවියක් ක්‍රියාත්මක කිරීමට තනි පුද්ගලයෙක්(වරක් භාවිතා කර ඉවත දමන ආර්පීජී අවි )
    හෝ පුද්ගලයින් දෙදෙනෙක් හෝ තිදෙනෙක් අවශ්‍ය වේ(භාවිතා කරන ආර්පිජී ගණන මත - අවිකරුවන් 1-2 සහ රීලෝඩ් කිරීමට සහායකයෙක් ).මෙම අවිය සුළු පරිමාණ කැරැල්ලක සිට මහා පරිමාණ යුද්ධ දක්වා භාවිතා කරයි.මේවා යුද ටැංකි වලට එරෙහිව යොදා ගැනීමේ සඵලතාවය ඉස්මතු වී පෙනෙන්නේ දුර්වල හෝ ඉතා වැදගත් ස්ථානයකට එම ප්‍රහාරයක් එල්ල වුවහොත්ය.ආර්පීජී මගින් ඇතිකරන්නේ බොහෝ විට ද්විතීයික හානියන් වන ඉන්ධන ටැංකිය පුපුරවා හැරීම, හෝ සංවේදක උපාංග අඩපණ කිරීම,පිපිරී යන ප්‍රතික්‍රියක සන්නාහ ගඩොල් ප්‍රමාණය අවම කිරීම සහ සක්‍රීය ආරක්ෂක පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල කිරීම ආදියයි.මෙම අවියක් සමග thermobaric උණ්ඩ,අදියර දෙකකදී හෝ වැඩි ගණනකදී පුපුරා යන tandem HEAT උණ්ඩ( මේවා ප්‍රතික්‍රියක සන්නාහයට එරෙහිව භාවිතා කරයි.) සහ සන්නාහයන් බිඳගෙන යාමට විශේෂයෙන් සැකසූ උණ්ඩ යොදා ගැනේ.


    සාධනීය පරාසය: මීටර් 200-300


    1961 වර්ෂයේදී හඳුන්වා දුන් RPG-7 අවිය සෝවියට් දේශයේ නිෂ්පාදනයකි.නැවත භාවිතා කල හැකි RPG අවියකි.

    UfqN4Ov.jpg


    TDxtWne.jpg




    1985 වසරේ පටන් භාවිතා කරන RPG-26 අවියද සෝවියට් නිෂ්පාදනයකි.මෙය වරක් භාවිතා කල ඉවත දමන මුත් සතුරන් අතට පත්වුවද ගැටලුවක් නොවන්නේ එය නැවත භාවිතා කල නොහැකි වීමයි.

    j4sUSvm.jpg


    eeMhA56.jpg




    මෙය ඇමෙරිකානු නිෂ්පාදනයක් වන M72 LAW නම් යුද ටැංකි නාශක අවියයි.1963 වසරේ පටන් මෙය භාවිතා කරයි.

    pVzenV3.jpg


    UATbHoX.jpg





    Anti-materiel rifle

    AMR හෙවත් Anti-materiel rifle රයිෆල් නිපදවා තිබෙන්නේ හමුදාමය උපාංග,රථ ආදියට ප්‍රහාර එල්ල කිරීමට මිස පුද්ගලයන් ඉලක්ක කිරීමට නොවේ.දුර්වල සන්නාහයක් සහිත යුද රථ,පහළින් පියාසර කරන හෙලිකොප්ටර් ආදිය මෙම අවියේ පහසුම ඉලක්ක වේ.මෙම රයිෆලයට 12mm - 20mm ප්‍රමාණයේ උණ්ඩ යොදාගනියි.Anti-materiel රයිෆලයේ ආරම්භය පළමු ලෝක යුද්ධ සමය දක්වා දිව යයි.මෙවැනි රයිෆල් එසමයේ එතරම් ශක්තිමත් නොවූ සන්නාහයක් සහිත යුද ටැංකිවලට පහරදීමට බහුල භාවිතා කර තිබේ.නමුත් වර්තමානයේදී එම කාර්යය සඳහා මෙම විශේෂිත රයිෆලය භාවිතා කිරීම ඵලදායි නොවන්නේ යුද ටැංකිවල සන්නාහය බොහෝ ශක්තිමත් අයුරින් නිපදවන නිසාය. වර්තමානයේදී සන්නාහයක් රහිත හෝ සැහැල්ලු සන්නාහයක් සහිත රථවලට එරෙහිව මෙම අවිය භාවිතා කරයි.Anti-materiel rifle අවිය බිහිවන්නේ ස්නයිපර් රයිෆලය සහ යුද ටැංකි නාශක රයිෆලය යන අවි දෙක මත පදනම්වයි.එය සතු දිගු දුර ප්‍රහාරක හැකියාව නිසා සිය ප්‍රාථමික කාර්යයෙන් ඔබ්බට ගොස් මෘදු-ඉලක්ක වන සතුරු ස්නයිපර්වරුන් ආදිය වැනසීමටද යොදාගනියි.Anti-materiel රයිෆලයෙන් හෙලිකොප්ටර් වල එන්ජිම,භ්‍රමකයන් සහ එහි නියමුවන් ඉලක්ක කල හැකි අතර යුද ටැංකිවල බාහිරින් තිබෙන සංවේදක හෝ ලුහුබැඳීමේ උපාංග අඩපණ කිරීම,ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ අවහිරකරන(electro-opitcal jammers),දුම් විසර්ජක සහ පිපිරී යන ප්‍රතික්‍රියක සන්නාහය අක්‍රීය බල විරහිත කිරීම ආදිය හානියන් සිදුකල හැකිය.Anti-materiel රයිෆලය ,RPG හෝ Recoilless Rifle අවියක් හා සංසන්දනය කිරීමේදි උණ්ඩය නිකුත් කිරීමේදී ඇතිකරන දීප්තිය ඉතා අවම නිසා සැඟවී සිට සතුරු යුද රථ ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමට කදිම අවියකි.මෙම රයිෆලයක් ක්‍රියාත්මක කිරීමේදී අවිකරු,සහායක සහ ඉලක්ක ලබාදෙන්නා නූතන සංග්‍රාම භූමියේදී සුලභව දක්නට ලැබේ.

    සාධනීය පරාසය: මීටර් 1500 - 2500


    1990 දශකයේදී නිපද වූ Denel NTW-20 නම් anti-materiel rifle අවියට දකුණු අප්‍රිකානු සම්හවයක් ඇත.ප්‍රමාණයේ 20×82mm,20×110mm Hispano,14.5×114mm (NTW 14.5)උණ්ඩ මෙම රයිෆලය වෙනුවෙන් භාවිතා කරයි.වෙඩි තැබිය හැකි සාධනීය දුර කි.මී. 2.3ක් වේ.

    Um1iFyD.jpg


    nXcel81.jpg



    1984 වසරේ පටන් භාවිතා කරන Barrett M82 නම් ඇමෙරිකානු anti-materiel rifle අවිය මොඩල ගණනාවක් තිබේ.පහත දැක්වෙන්නේ Shooter(2007)නම් හොලිවුඩ් චිත්‍රපටයේ එන මෙම අවියේ Barrett M82A1 නම් මොඩලයයි.ඉන් සාර්ථකව කි.මී. 1.8ක් දුරක ඉලක්ක වෙත වෙඩි තැබිය හැකිය.

    dLX5w3N.jpg


    guoXx59.jpg


    23P7HH4.jpg


    CpJ8WG5.jpg





    Recoilless Rifle

    බාහිර පෙනුමින් මෙම අවිය රොකට් විදිනයක ස්වරූපය ගන්නා මුත් ඉන් නිකුත් කරන්නේ රොකට්ටුවක් වෙනුවට වැඩිදියුණු කල කාලතුවක්කු උණ්ඩයකි.වාංගු වීමක් / පසුපසට පැනීමක් නොමැතිව ප්‍රහාරයක් එල්ල කිරීම පිණිස ඉන් නිකුත්වන බොහෝමයක් වායු අවියේ පිටුපසින් ඉවත් වේ.උණ්ඩයක් අවියෙන් නිකුත්වූ පසු එහි වේගය තවදුරටත් ඉහළ යෑමක් සිදු නොවන අතර ක්‍රමයෙන් වේගය අඩු වෙමින් යන නිසා සාම්ප්‍රදායික කාලතුවක්කුවක මෙන් දිගු දුර ප්‍රහාරක හැකියාවක් Recoilless රයිෆලයට නොමැත.මෙම අවියට යොදාගන්නා උණ්ඩ විශාල ප්‍රමානයේ ඒවාය.නමුත් ඒවාහි විශාල හානියක් කල හැකි පුපුරණ ද්‍රව්‍ය අඩංගුය.එය සතු සැහැල්ලු බව සහ වෙඩි බලය නිසා කඳුකර,වාසර ,විශේෂ බලකා හමුදා ඒකක සුලභව භාවිතා කරයි.මෙම වර්ගයේ අවි පුද්ගලයෙකුට උරහිසේ තබාගෙන ක්‍රියාත්මක කල හැකිය.විශාල ප්‍රමාණයේ අවි භූමිය මත සිටවා හෝ ජීප් රථ ,ට්‍රක් රථ හෝ වෙනත් සන්නාහ සන්නද්ධ රථයකට සවිකර ක්‍රියාත්මක කල හැකිය.

    සාධනීය පරාසය: මීටර් 100-700(රොකට්-සහායක උණ්ඩ ),කාලතුවක්කු පදනම් වූ උණ්ඩ මීටර් 1000-2000ක් ,සමහරක් අවිවලට යොදාගන්නා උණ්ඩ මත ප්‍රහාරක පරාසය 6,500ක් දක්වා වැඩිකර ගත හැකිය.​


    මෙහි දැක්වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය භාවිතා කල M67 නම් recoilless rifle අවියයි.මෙය ක්‍රියාත්මක කිරීමට තිදෙනෙක් අවශ්‍ය වන අතර වෙඩි තැබිය හැකි උපරිම දුර කි.මී. 2.1කි.


    U91M20J.jpg



    1948 වසරේදී සේවයට එක්වූ Carl Gustav නම් Recoilless Rifle අවියේ සංස්කරණ 4ක්(M1: 1946, M2: 1964, M3: 1991, M4:2014) මේවන විට පැමිණ තිබේ.දැනට බහුලවම භාවිතා වන්නේ 1991 වසරේ පැමිණි M3 මොඩලය සහ 2014 වසරේදී හඳුන්වා දුන් M4මොඩලයයි.

    sI8ulsV.jpg


    TdfcNba.jpg



    M40 යනු 1950 දශකයේ සිට භාවිතා වන recoilless rifle අවියකි.මින් කි.මී. 1350 ක උපරිම දුරකට වෙඩි තැබිය හැකිය.

    CzlBJSG.jpg



    සන්නාහ සන්නද්ධ රථයක් මත ස්ථානගත කල recoilless rifle අවියක්

    pflwh4m.jpg





    Source:tactdb.blogspot.com

    -HarshaLulzSec-
     
    Last edited:

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    The future

    Thanks

    Good explanation 6+
    Thanks

    patta post eka machn
    tfs
    kln rep deelalu
    Thanks

    hoday mcn//wadahath lipiyak
    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again
    Thanks

    bump

    rep denna ba
    Thanks

    Thanks

    Well Explained.. REP 12+
    Thanks

    Bazooka ekath maru
    :yes:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    Similar threads