යුද ටැංකි අංගනය-5

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකි අංගනය-5

    92fYY7X.jpg

    නූතන යුද ටැංකිවල සන්නාහය එහි මුතුන්මිත්තන් වන දෙවන ලෝක යුද්ධයේ යුද ටැංකිවලට වඩා තුනී මෙන්ම ශක්තිමත්ය.යුද ටැංකිවල චැසිය සහ පිටත වැස්මේ මෙම වෙනස හොඳින් දැකගත හැකිය.අතීතයේ පටන් යුද ටැංකිවල සන්නාහය නිපදවූයේ ලෝහවලිනි.නමුත් වර්තාමනයේ ඒ සඳහා ලෝහ මෙන්ම ලෝහ,ප්ලාස්ටික්,පිඟන් මැටි ආදී අමුද්‍රව්‍ය කිහිපයක එකතුවකින් නිර්මාණය කරන ස්ථර භාවිතා කෙරේ.සම්පුර්ණ ලෝහයෙන් තැනූ සන්නාහයකට වඩා එවැනි සංයුක්ත සන්නාහයක් බරින් අඩු මෙන්ම තුනීය.නමුත් ශක්තිය අතින් ඒවා ලෝහවලට දෙවැනි නැත.බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් -2 යුද ටැංකිය සංයුක්ත සන්නාහයක් භාවිතා කරන යුධ ටැංකියකට හොඳම උදාහරණයයි.එහි ශක්තිමත්භාවය ගැන හොඳම සහතිකය හිමිකරගත්තේ 1991 පළමු ගල්ෆ් යුද්ධයේදී සහ 2003 ඉරාක ආක්‍රමණයේදීය.එහිදී යුද බිමට යැවූ එකදු චැලෙන්ජර් - යුද ටැංකියක් හෝ විනාශයට පත්වූයේ නැත.

    RgXhjmF.jpg
    බ්‍රිතාන්‍යයේ චැලෙන්ජර් -2 යුද ටැංකිය​

    කෙසේවෙතත් යුද ටැංකි නාශක අවිවල සීඝ්‍ර දියුණුව හමුවේ යුද ටැංකි නිෂ්පාදකයන්ටද යුද ටැංකිවල සන්නාහය වැඩිදියුණු කිරීමට සිදුව තිබේ.මෙහිදී ඔවුන්ගේ කාර්යභාර්ය අතිශය තීරණාත්මක වෙන්නේ යුද ටැංකියේ කාර්යමණ්ඩලයේ ජීවිත රඳාපවතින්නේ සන්නාහය මත වීම නිසාය.නමුත් යුද ටැංකියක අභ්‍යන්තරයේ සිටින සෙබලුන්ගේ ආරක්ෂාව මෙන්ම යුද ටැංකියේ ආරක්ෂාවද එහි සන්නාහයට භාරදී බලා සිටීම වර්තමානයේදී කල නොහැක්කකි.ඊට හේතුව ලාභදායි,ඵලදායි සහ මාරාන්තික ප්‍රති-සන්නාහය අවි සහ ශිල්ප ක්‍රමවල දියුණුවයිය.මේ නිසා යුද ටැංකි නිෂ්පාදකයන්ට යුද ටැංකිවල ආරක්ෂාව සඳහා අතිරේක ආරක්ෂක උපක්‍රම හඳුන්වා දෙන්නට සිදුවිය.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ නූතන යුද ටැංකි භාවිතා කරන එවැනි ආරක්ෂක උපක්‍රම සම්බන්ධවයි.




    ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක සන්නාහය

    මෙම ස්ඵෝටනය වන ගඩොල් ආකාරයේ කුට්ටි යුද ටැංකිවල පිටත ස්ථරය මත සවිකල හැකිය.මේවා යුද ටැංකියක් ඉලක්ක කරගෙන එල්ලවන ඕනෑම උණ්ඩයකින් යුද ටැංකියට අමතර ආරක්ෂාවක් සපයයි.ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක ගඩොලක් ලෝහ තහඩු දෙක අතර පුපුරණ ද්‍රව්‍ය අඩංගු කර තිබේ.ඉදිරිපස තහඩුව බිඳගෙන යම් උණ්ඩයක් ගමන් කරන්නට උත්සාහ කල හොත් එය පිපිරී යයි.එම පිපිරීමේ යුද ටැංකිය තුලට එන ඕනෑම ප්‍රක්ෂිප්තයක් පසුපසට විසිකරවයි.ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක සන්නාහය එහි පිපිරුම් ශක්තිය සහ ලෝහ තහඩු ඇතිකරන ප්‍රතිවිරුද්ධ බලය නිසා යුද ටැංකියේ සන්නාහය බිදගෙන යෑමට එන උණ්ඩයක ප්‍රවේගය එහි ආනතිය අඩාල කරයි.ඒ ඔස්සේ උණ්ඩයේ ඵලදායිතාවය අවම කරයි.පිපිරීමෙන් පසුව වෙනත් ප්‍රතික්‍රියක සන්නාහය ගඩොලක් ඒ වෙනුවෙන් ආදේශ කල යුතුය.

    WFrOhpa.jpg
    ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් සවි කල රුසියානු ටී-72 යුද ටැංකියක්​

    y3NaGI9.jpg
    ටී-72 යුද ටැංකිවලට භාවිතා කල "DYNA" නම් ප්‍රතික්‍රියක සන්නාහය ගඩොලක්​





    විද්‍යුත් ප්‍රතික්‍රියක සන්නාහය

    ස්ඵෝථනය වන ප්‍රතික්‍රියක සන්නාහය මෙන්ම විද්‍යුත් ප්‍රතික්‍රියක සන්නාහය යුද ටැංකියේ පිටත ස්ථරය මත සවි කර තිබේ.මෙය විද්‍යුත්-චුම්භක ප්‍රතික්‍රියක සන්නාහය නමින්ද හඳුන්වයි.මෙම සන්නාහයේ පිටත තහඩු අතර පුපුරණ ද්‍රව්‍ය රඳවා නැත.එහි තිබෙන තහඩු දෙක අතර වා හිඩැසක් හෝ සන්නායක නොවන ද්‍රව්‍යයක් සහිතය.සන්නාහය අධි වෝල්ටීයතාවයක් සහිත විදුලි ධාරාවකින් ආරෝපණය කෙරේ.උණ්ඩයක් එහි තහඩු බිදගෙන යෑමට උත්සාහ කල හොත් විද්‍යුත් පථය සංවෘත වේ.අධි වෝල්ටීයතාවය සහිත විදුලි ධාරාවට නිරාවරණය වන උණ්ඩය එහිදී වාෂ්ප වී යන බව කියවේ.නමුත් මෙම ක්‍රමය තවමත් ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැත.

    1ypbapA.png
    විද්‍යුත් ප්‍රතික්‍රියක සන්නාහයක් ක්‍රියා කරන අයුරු දැක්වෙන සරල රූප සටහනක්​





    ස්ඵෝටනය නොවන ප්‍රතික්‍රියක සන්නාහය

    මෙම සන්නාහයේද පුපුරණ ද්‍රව්‍ය අඩංගු නොවේ.ඒ වෙනුවට තහඩු අතර කම්පන උරාගත හැකි රබර් වැනි අමුද්‍රව්‍යයක් භාවිතා කරයි.මේවා අනෙක් වර්ගවල ප්‍රතික්‍රියක සන්නාහයන්ට වඩා තුනීය.පිපිරීමක් සිදු නොවන නිසා පාබල සටන්වලදී ප්‍රයෝජනවත් වේ.නමුත් ප්‍රමාණයෙන් සමාන ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක සන්නාහයක් ඔස්සේ සපයන ආරක්ෂාව මේ ඔස්සේ සපයන්නේ නැත.කෙසේවෙතත් ප්‍රති-ස්ඵෝටන ප්‍රතික්‍රියක සන්නාහයන් බිඳගෙන යාමට නිර්මාණය කර තිබෙන උණ්ඩවලට (එනම් පළමු අවි ශිර්ෂය මගින් ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල පුපුරා හැර නිරාවරණය වන යුද ටැංකියේ සන්නාහය බිදගෙන යෑමට දෙවන අවි ශීර්ෂය යොදාගන්නා andem warhead shaped charges)එරෙහිව මෙම වර්ගයේ ප්‍රතික්‍රියක සන්නාහයන් යොදාගැනීම ඵලදායි වේ.

    NkwtT9c.jpg
    ස්ඵෝටනය නොවන ප්‍රතික්‍රියක සන්නාහයක ආදර්ශනයක්​





    ලෝහයෙන් තැනූ කූඩු හෙවත් Slat Armor

    මේවා යොදාගන්නේ ආර්පීජී හෝ මිසයිල ප්‍රහාර නිසා ඇතිවන පිපිරීම් යුද ටැංකියේ පිටත සන්නාහයෙන් ඈත්ව සිදුවීමට ඉඩ සලස්වා ආරක්ෂාව සැලැස්වීමයි.මෙය දෙවන ලෝක යුද සමයේදී භාවිතා කල යුද ටැංකියේ පිටත වැස්මට අඩියක් පමණ දුරින් රැදවූ ලෝහ තහඩුවලින් ලබාදුන් ආරක්ෂාවට සමානය.නමුත් මෙම ආවරණය යුද ටැංකියට සම්පුර්ණ ආරක්ෂාවක් සපයන්නේ නැත.මන්ද ඊට හැකියාව තිබෙන්නේ මිසයිල ප්‍රහාර වලින් 50% පමණ නැවැත්වීමට පමණි.

    QpIk666.jpg





    ස්ටෙල්ත් ඇඳුම්

    රේඩාර් තරංග අවශෝෂණය කරගත හැකි ද්‍රව්‍ය (Radar Absorbent Material)සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ යුද ගුවන් යානාවලට වුවද දැන් ඒවා යුද ටැංකි ඇතුලුව සන්නාහ සන්නද්ධ රථ සඳහාද භාවිතා කරයි.හොඳම උදාහරණය වන්නේ රුසියාව නිර්මාණය කල නැකිඩ්කා නම් ස්ටෙල්ත් ඇඳුමයි.එය ඇඳවූ පසු රේඩාර් සහ අධෝරක්ත ප්‍රතිග්‍රාහකවලට හසුවන යුද ටැංකියේ රූපය ප්‍රමාණාත්මකව අවම කර පෙනෙන්නට සලස්වයි.මෙම ඇඳුමේ බර වර්ග මීටරයකට කි.ග්‍රෑ.2ක් වන අතර එක් වර්ග මීටරයක් විහිදවන්නට මිනිස් පැය 0.4-1.0ක් ගතවේ.සුළු අවි ප්‍රහාර සහ නේප්ලාම් ප්‍රහාර හමුවේ එයට නොබිඳී පැවතිය හැකිය.මෙවැනි ස්ටෙල්ත් ඇඳුම් වඩාත් සුදුසු වන්නේ දිගු දුර ගොඩබිම් සහ වාසර රේඩාර් සහ අධෝරක්ත අනාවරක වලට එරෙහිවයි.කෙසේ නමුත් මෙය සංග්‍රාමික වශයෙන් අත්හදා නොබැලූ උපක්‍රමයකි.එසේ වුවත් චීනය,ඊශ්‍රායලය සහ උතුරු කොරියාව ස්ටෙල්ත් ආලේපන,පැනල්,දැල් ආදිය නිපදවමින් සිටින බවට තොරතුරු තිබේ.

    Y7LaKlG.jpg
    රුසියානු ටී-90එස් එම් යුද ටැංකියකට නැකිඩ්කා නම් ස්ටෙල්ත් ඇඳුම යොදා ඇති අයුරු​





    අධෝරක්ත පැනල්

    මෙය නවතම සොයාගැනීමකි.මෙම පැනල ඔස්සේ විමෝචනය කෙරෙන තාපය ඔස්සේ ඒවාට සතුරු අධෝරක්ත සංවේදක මුලාවට පත් කල හැකිය.එය සිදුකරන්නේ මෙම පැනල ව්‍යාජ අධෝරක්ත මුද්‍රාවක් සතුරන්ට පෙනීමට සැලැස්විය හැකි අයුරින් වැඩසටහන් ගත කිරීම හරහාය.එහිදී පැනල සවිකල යුද ටැංකියක් සිවිල් හෝ වෙනත් ආකාරයක වාහනයක් ලෙස පෙනීමට සැලැස්විය හැකිය.බොහොමයක් සන්නාහ සන්නද්ධ රථ වර්තාමනයේදී පියවි ඇසින් සංග්‍රාම භූමිය නිරීක්ෂණය කරනවාට වඩා අධෝරක්ත කැමරා භාවිතා කරයි.රාත්‍රී කාලයේදී අධෝරක්ත කැමරා අතිශය ප්‍රයෝජනවත් වේ.මේ නිසා අධෝරක්ත පැනල වලින් සන්නද්ධ වූ යුද ටැංකි ඉදිරිකාලයේදී සටන් බිමේ මං මුලා කරන්න බවට පත්වේවි.

    gK9MAHv.jpg
    ඉහළ:අධෝරක්ත පැනල්,පහළ වම් පස:පැනල් අක්‍රීය විට පෙනෙන අයුරු,පහළ දකුණුපස:පැනල් සක්‍රීය විට පෙනෙන අයුරු(මෝටර් රථයක් ලෙස දිස්වේ)​





    ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ අවහිර කිරීම් උපාංග

    මෙම පද්ධති සැලසුම් කර තිබෙන්නේ ප්‍රකාශ සංවේදක රැවටීමට ලක්කිරීම/ අන්ධ කිරීම ක්ෂණික දීප්තියක් අධෝරක්ත-පාරජම්බූල(ඇසට පෙනෙන වර්ණාවලියෙන්) පරාසයේ තරංගවලින් උත්පාදනය කිරීම.මෙම මුළා කිරීමේ උපාංගවලට මිනිස් ඇස් හෝ යුද ටැංකිනාශක අවි පද්ධතිවල තිබෙන ප්‍රකාශ සංවේදක හෝ මාර්ගෝපදේශන පැකේජ ඉලක්ක කල හැකිය.නියාමක මිසයිල හමුවේ මෙම උපාංග මිසයිලය මෙහෙයවන්නාගේ දර්ශන පථය තිත් රැසක් පෙනෙන සේ විකෘති කර හෝ ව්‍යාකූල කර පෙන්වයි(මිසයිලයේ ප්‍රචාලන ඔස්සේ නිපදවන නිර්ගමන ඔස්සේ ඔහු එහි ගමන් මාර්ගය දකියි).අනෙකුත් මෙවැනි අවහිර කිරීමේ පද්ධති සැලසුම් කර තිබෙන්නේ මිනිස් ඇසට නොපෙනෙන විශේෂිත සංඛ්‍යාතයකින් යුක්ත ආලෝකයක් දිගින් දිගටම ක්ෂ්ණිකව දීප්තිමත් වීම ඔස්සේ යුද ටැංකිනාශක අවියේ ප්‍රකාශ සංවේදක මුළුමනින්ම අන්ධ කිරීමටය.

    ykqxIPh.jpg
    රුසියාවේ Shtora(වම්පස)සහ සිරියාවේ නිපදවන Sarab-1 ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ අවහිර කිරීම් උපාංග(Electro-Optical Jammers)​





    හාඩ්-කිල් සක්‍රීය ආරක්ෂණ පද්ධති

    හාඩ්-කිල්(Hard-Kill) සක්‍රීය ආරක්ෂණ පද්ධති යනු යුද ටැංකියේ යුද ටැංකි නාශක උණ්ඩයක්/මිසයිලයක් ගැටීමට පෙර අතරමඟදී විනාශ කර දමන පද්ධතිය.පළමුව එම පද්ධතිය සිය ආවරණ කලාපය බිදගෙන පැමිණෙන ප්‍රක්ෂිප්තයක් හඳුනාගෙන එය විනාශ කිරීමට කුඩා බෝම්බයක් මුදා හරියි.ගැටීමේදී යුද ටැංකියේ සන්නාහයට හානියක් නොවී සතුරු උණ්ඩය/මිසයිල විනාශ කරයි.නමුත් මෙහි තිබෙන එක් අවාසියක් වන්නේ පාබල සේනාංක සහිත භූමියකදී මෙවැනි පද්ධතියක් සතුරු තර්ජනයකට එරෙහිව ක්‍රියාත්මක වුවහොත් අවට සිටින සෙබලුන්ට පවා හානියක් සිදුවීමේ හැකියාව තිබීමයි.

    yiwJG2l.jpg
    හාඩ්-කිල් සක්‍රීය ආරක්ෂණ පද්ධතියක් ක්‍රියා කරන අයුරු - ආදර්ශනයකි​





    ස්වයංක්‍රීය කොත

    මේවා යුද ටැංකියක හෝ වෙනත් සන්නාහ සන්නද්ධ රථයක ඉහළින් සවි කරනු ලබන ස්වාධීනව ක්‍රියා කල හැකි අවි පද්ධති වේ.ඉතා මෑත කාලයේදී මේවා සංග්‍රාම භූමියට පැමිණ තිබේ.මෙම අවි පද්ධති නිපදවන එකම ප්‍රධාන ජාතිය වන්නේ දකුණු කොරියාවයි.එසේ වුවත් අනෙකුත් ජාතීන්ද ඔවුන්ගේම ස්වයංක්‍රීය කොත් වැඩසටහන් සංවර්ධනය කරමින් සිටියි.මේවා ක්‍රියාත්මක වන්නේ ඒවාහි මිනිසුන් සහිත මොඩලයට සමානවයි.නිරීක්ෂණ උපාංග සහ ඉලක්ක හඳුනාගැනීම,ලුහුබැඳීම සහ වෙඩි තැබීමට අවශ්‍ය උපාංග ඒවා සතුය.දකුණු කොරියාව නිපදවන ලද ස්වයංක්‍රීය කොත් දැනට අරාබි රටවල මෙන්ම උතුරු-දකුණු කොරියා දේශසීමාවල ස්ථානගත කර තිබේ.ඉරාකයේ මෙහෙයුම් සඳහා මේවා යොදවා තිබූ බවද සඳහන් වේ.තෝරාගත් මූලාකෘති මොඩලයන් වැඩිදියුණු කල මෘදුකාංග සහ මිතුරා-සතුරා ප්‍රශ්න කරන පද්ධති සමග යුද ටැංකිවලට අත්හදා බලා තිබේ.මෙම මොඩල තීව්‍ර සංග්‍රාමික තත්ත්වවලදී පරීක්ෂාවට ලක් කල යුතුව තිබේ.නමුත් මේවා වැඩියෙන්ම් සැලසුම් කර තිබෙන්නේ අවම තීව්‍රතාවයක් සහිත සටන් බිම්වල සහාය සඳහාය.

    7jJIT5O.jpg
    දකුණු කොරියානු නිෂ්පාදන දෙකක්​





    දූම විසර්ජක

    දූම විසර්ජක යනු යුද ටැංකි සමග බැදී තිබෙන දෙයකි.යුද ටැංකි නිවැරදිව ඉලක්ක කිරීම අඩාල කිරීම සහ අවට ප්‍රදේශය අඳුරු කිරීමට දෙවන ලෝක යුද සමයේ පටන් භාවිතා කරන ලදි.තම සංචලනය වසන් කිරීම පමණක් නොව නූතන සංග්‍රාම භූමියේදී දූම විසර්ජක මගින් ලේසර් මගින් ඉලක්ක ගැනීමටද බාධා කල හැකිය.දැනට දූම විසර්ජක දෙවර්ගයක් යුද ටැංකිවල භාවිතා කරයි.එක් වර්ගයක් යුද ටැංකිවල සවිකර තිබෙන විසර්ජනය කල හැකි දුම් බෝම්බ පොකුරුය.අනෙක්වා එන්ජිමෙන් පිටාර දුමත් සමග තුනී ඇතිරිල්ලක් ආකාරයේ දුමක් නිකුත් කල හැකි ඉන්ධන වර්ගයකි(හුමාලය බවට හැරවූ ඩීසල් වලට සමානය).

    jNVQvDF.jpg





    දුරස්ථ පාලන අවි පද්ධති

    මෙම අවි පද්ධති තරමක් සරල,සතුරු ප්‍රහාරයකට නිරාවරණය වීමේ අවදානමකින් තොරව අවිකරුට යුද ටැංකිය තුල සිට එහි කොතේ සවිකර තිබෙන මැෂින් තුවක්කුව ක්‍රියාකරවිය හැකි ඒවාය.මෙවැනි අවි පද්ධතියක වටිනාකම දැනෙන්නේ නගරබද ප්‍රදේශවල කෙරෙන සටන්වලදීය.මන්ද ගොඩනැගිලි සහිත භූමියකදී ප්‍රධාන මැෂින් තුවක්කුව ක්‍රියාකරවන්නාට උස් ගොඩනැගිලිවල සිට ප්‍රහාර එල්ල වීමේ හැකියාව ඉතා වැඩිය.තවද සංග්‍රාම භූමියේදී කාලතුවක්කු ප්‍රහාරවල සිට ගුවන් ප්‍රහාර දක්වා මාරාන්තික අවස්ථාවලදී කොතෙන් පිටත සිටින අවිකරු අනාරක්ෂිතය.ඊට හොඳම විසඳුම දුරස්ථව පාලනය කල හැකි අවි පද්ධතීන්ය.බොහොමයක් නූතන යුද ටැංකි මෙවැනි අවි පද්ධති සමග පැමිණේ.මීට පෙර සඳහන් කල "ස්වයංක්‍රීය කොත" සමග සංසන්දනය කිරීමේදී දුරස්ථ පාලන අවි පද්ධතියක තිබෙන වෙනස නම් ඒවා ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම පුද්ගලයෙක්ගේ මැදිහත්වීම අවශ්‍ය වීමයි.නමුත් ස්වයංක්‍රීය කොතක් කෘත්‍රීම බුද්ධිය/මෘදුකාංග සහ සංවේදක උපාංගවල සහායෙන් මනුෂ්‍ය මැදිහත්වීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රියා කරයි.

    tf9hNmz.jpg
    වම්පස:රුසියානු ටි-90එස් එම් යුද ටැංකිය දුරස්ථ පාලන මැෂින් තුවක්කුව සහ ඇමෙරිකානු මොඩලයක්(දකුණුපස)​





    ලේසර් අනතුරු ඇඟවීම් ප්‍රතිග්‍රාහක

    මෙය යුද ටැංකිවල භාවිතා වන නිෂ්ක්‍රීය ආරක්ෂණ උපායමාර්ගයකි.ලේසර් පරාස සොයන සහ ලේසර් මගින් මාර්ගෝපදේශනය සපයන අවි පද්ධති වලින් නිකුත්වන ලේසර් කිරණ විමෝචනය හඳුනාගෙන,විශ්ලේෂණය කර ඒවා පැමිණෙන දිශාව සොයාගැනීම මෙම ප්‍රතිග්‍රාහක වල කාර්යයි.එවැනි අනතුරක් දුටුවහාම යුද ටැංකියේ කාර්යය මණ්ඩලයට අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ.ඊට ප්‍රතිචාර ලෙස ඔවුන්ට දූම් විසර්ජක මුදා හැරීම හෝ ලේසර් මාර්ගෝපදේශනය මුලා කරන උපාය මාර්ගවලට පිවිසිය හැකිය.

    zPjr6Z9.jpg
    චීනයේ ටයිප් 99 යුද ටැංකිය භාවිතා කරන ලේසර් අනතුරු ඇඟවීම් ප්‍රතිග්‍රාහක​




    Source:tactdb.blogspot.com

    -HarshaLulzSec-
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks


    එලකිරි නියමයි.....පලවෙනියා
    Thanks

    Thanks

    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.
    Thanks

    Thanks

    Thanks

    fatta rep+
    Thanks

    Thanks
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ඊයේ ඉදලා දෙන්න හදන්නේ............:(:(
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.