යුද ටැංකි අංගනය-7
සිරියාවේ ටාර්ටස් නගරයට ගෙන ආ රුසියානු යුදෝපකරණ තොගයක් සිරියානු අරාබි හමුදාවට බාර දුන් බව දැක්වෙන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත්කර තිබේ.ඒ අතර ටී-62M යුද ටැංකි,බීඑම්පී-1 පාබල ප්‍රහාරක රථ සහ GAZ නම් පැරණි මොඩලයේ හමුදා ට්‍රක් රථයක්ද තිබේ.
ටී-62(T-62) යනු සෝවියට් දේශය විසින් නිෂ්පාදනය කල මධ්‍යම ප්‍රමාණයේ ටොන් 36-42 අතර බරකින් යුක්ත(නවීකරණය කල මොඩලත් සමග)යුද ටැංකියකි.එහි සංවර්ධන කටයුතු ඇරඹෙන්නේ 1957 තරම් ඈත කාලයේදීය.සේවයට එක් වන්නේ 1961 වර්ෂයේදීය.ටී-62 යුද ටැංකි මහා පරිමාණයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ 1961-1975 සමයේදීය.එම කාල සමය තුල අවම අවශයෙන් ටී-62 යුද ටැංකි 20,000ක් වත් නිපදවා ඇත.2011 වර්ෂයේ පටන් රුසියාව සිය ටී-62 යුද ටැංකි සේවයෙන් ඉවත් කරන ලදි.2015 වර්ෂයේ දත්තවලට අනුව ටී-62 යුද ටැංකි 2,500ක් තවමත් ගබඩාවල රඳවා තිබේ.පසුගියදා සිරියානු හමුදාවට ලබා දී ඇත්තේ එම සංචිත වලින් නිකුත් කල යුද ටැංකිය.
ටොන් 12.6 බර බීඑම්පී-1(BMP-1) රථය සන්නද්ධ ප්‍රහාරක රථයක් ලෙස භාවිතා කරයි.සෝවියට් දේශය විසින් නිපද වූ මෙම රථය පාබල හමුදා ප්‍රවාහනයට පමණක් නොව ඉදිරි පෙරමුණේ යුද වැදීමට යොදාගත හැකි එකකි.1966 වර්ෂයේදී සේවයට එක්වූ මෙය 1966-1983 අතර කාලයේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලදි.එහිදී නිපදවා තිබෙන බීඑම්පී-1 රථ ගණන 20,000 පමණ වෙතැයි කියවේ.2016 දත්තවලට අනුව සංචිතවල මෙම රථ 7,000ක් පමණ ඇතැයි සඳහන් වේ.
දුර්වල ලෙස සන්නද්ධ සතුරෙක් සමග කරන සටනේදී සිරියානු රජයට පවා ඔවුන්ගේ හමුදාවට ප්‍රමාණවත් අයුරින් පහසුකම් සලසන්නට නොහැකි මෙම අවස්ථාවේදී රුසියානු හමුදා භාවිතා නොකල මෙම යුදෝපකරණවලින් ලැබෙන අස්වැසිල්ල අනර්ඝය.කෙසේවෙතත් මේ රථ සහ යුද ටැංකි නාගරික සටන් සඳහා ගැලපෙන ලෙස නවීකරණය කර භාවිතයට ගැනීමට සිරියානු හමුදාව ක්‍රියා කරාවි(උදා:පහත දැක්වෙන බීඑම්පී-1 රථය-ලෝහයෙන් කල අමතර ආරක්ෂක විදිවිධාන සහ පසුපස කොටසට පසුව එකතු කල ආරක්ෂිත ආවරණ සහිත මැෂින් තුවක්කු රදවනය)
මීට මාසයකට පමණ පෙර රුසියාවේදී ටී-62 එම්(T-62M) හෙවත් වැඩිදියුණු කල ටී-62 යුද ටැංකි තොගයක් දුම් රිය ඔස්සේ ප්‍රවාහනය කරන අයුරු දැක්වෙන ඡායාරූප පළකර තිබිණි.ටී-62එම් යුද ටැංකියේ ආරක්ෂාව සහ ජංගමතාවය එහි මුල් මොඩලයට වඩා වැඩිය.'වොල්නා'වෙඩි පාලන පද්ධතිය,BDD සන්නාහය පැකේජය,අමතර ප්‍රති-බිම්බෝම්බ ආවරණය,මි.මී.10 ඝනකම් සවිගැන්වූ රබර් පැති ආවරණ ආදියෙන් එය සමන්විතය.එක්සත් ජනපද බුද්ධි අංශ පළමුවරට ටී-62එම් යුද ටැංකි දුටුවේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා සිදුකල සටන්වලදීය.ඔවුන් ඊට ලබාදුන් නාමය ටී-62ඊ ය.නමුත් ටී-62එම් යුද ටැංකියේ තවත් සංස්කරණ රැසක් තිබේ.ඊට අමතරව රුසියානු හමුදාව ටී-62එම් යුද ටැංකි චෙච්නියා,ජෝර්ජියා යුද්ධවලදී භාවිතා කර තිබේ.මේවා තවමත් එම කලාපයේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් සඳහා යොදාගැනේ.
Source:southfront.org
-HarshaLulzSec-

රුසියාවෙන් ලබාදුන් T-62M යුද ටැංකි තොගය

සිරියාවට ලබාදුන් BMP-1 රථ සහ GAZ ට්‍රක් රථයක්
ටොන් 12.6 බර බීඑම්පී-1(BMP-1) රථය සන්නද්ධ ප්‍රහාරක රථයක් ලෙස භාවිතා කරයි.සෝවියට් දේශය විසින් නිපද වූ මෙම රථය පාබල හමුදා ප්‍රවාහනයට පමණක් නොව ඉදිරි පෙරමුණේ යුද වැදීමට යොදාගත හැකි එකකි.1966 වර්ෂයේදී සේවයට එක්වූ මෙය 1966-1983 අතර කාලයේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලදි.එහිදී නිපදවා තිබෙන බීඑම්පී-1 රථ ගණන 20,000 පමණ වෙතැයි කියවේ.2016 දත්තවලට අනුව සංචිතවල මෙම රථ 7,000ක් පමණ ඇතැයි සඳහන් වේ.
GAZ ට්‍රක් රථයක්
දුර්වල ලෙස සන්නද්ධ සතුරෙක් සමග කරන සටනේදී සිරියානු රජයට පවා ඔවුන්ගේ හමුදාවට ප්‍රමාණවත් අයුරින් පහසුකම් සලසන්නට නොහැකි මෙම අවස්ථාවේදී රුසියානු හමුදා භාවිතා නොකල මෙම යුදෝපකරණවලින් ලැබෙන අස්වැසිල්ල අනර්ඝය.කෙසේවෙතත් මේ රථ සහ යුද ටැංකි නාගරික සටන් සඳහා ගැලපෙන ලෙස නවීකරණය කර භාවිතයට ගැනීමට සිරියානු හමුදාව ක්‍රියා කරාවි(උදා:පහත දැක්වෙන බීඑම්පී-1 රථය-ලෝහයෙන් කල අමතර ආරක්ෂක විදිවිධාන සහ පසුපස කොටසට පසුව එකතු කල ආරක්ෂිත ආවරණ සහිත මැෂින් තුවක්කු රදවනය)
මීට මාසයකට පමණ පෙර රුසියාවේදී ටී-62 එම්(T-62M) හෙවත් වැඩිදියුණු කල ටී-62 යුද ටැංකි තොගයක් දුම් රිය ඔස්සේ ප්‍රවාහනය කරන අයුරු දැක්වෙන ඡායාරූප පළකර තිබිණි.ටී-62එම් යුද ටැංකියේ ආරක්ෂාව සහ ජංගමතාවය එහි මුල් මොඩලයට වඩා වැඩිය.'වොල්නා'වෙඩි පාලන පද්ධතිය,BDD සන්නාහය පැකේජය,අමතර ප්‍රති-බිම්බෝම්බ ආවරණය,මි.මී.10 ඝනකම් සවිගැන්වූ රබර් පැති ආවරණ ආදියෙන් එය සමන්විතය.එක්සත් ජනපද බුද්ධි අංශ පළමුවරට ටී-62එම් යුද ටැංකි දුටුවේ ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා සිදුකල සටන්වලදීය.ඔවුන් ඊට ලබාදුන් නාමය ටී-62ඊ ය.නමුත් ටී-62එම් යුද ටැංකියේ තවත් සංස්කරණ රැසක් තිබේ.ඊට අමතරව රුසියානු හමුදාව ටී-62එම් යුද ටැංකි චෙච්නියා,ජෝර්ජියා යුද්ධවලදී භාවිතා කර තිබේ.මේවා තවමත් එම කලාපයේ ත්‍රස්තවිරෝධී මෙහෙයුම් සඳහා යොදාගැනේ.
සිරියාවට ගෙන ආ T-62M යුද ටැංකි රුසියාවේදී දුම්රිය ඔස්සේ ප්‍රවාහන කල අයුරු
T-62M යුද ටැංකිය
Source:southfront.org
-HarshaLulzSec-