
නැගෙනහිර මධ්‍යධරණී කලාපයේ යුද්ධයක් ඇති වීමට තිබෙන අවස්ථාවන් තවදුරටත් වර්ධනය කරමින් තුර්කිය සහ ඊජිප්තුව ලිබියානු වෙරළාශ්‍රිතව සිය යුද ශක්තිය ප්‍රදර්ශනය කරමින් සිටිති.
පළමුව,තුර්කි ජාතික ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කලේ තමන් නුදුරේදීම ලිබියානු වෙරළාශ්‍රිතව මහා පරිමාණ නාවික යුද අභ්‍යාස සිදු කිරීමට සූදානම් වන බවයි.නිල ප්‍රකාශයට අනුව මෙම අභ්‍යාස මාලාව "නෆ්ටෙක්ස්" යන නමින් හඳුන්වන අතර එය බාර්බරෝස්,ටර්ග්ට්‍රයිස් සහ චැක බේ යන කලාප මේ සඳහා යොදා ගන්නේ යැයිද සඳහන්වේ.තුර්කිය පවසන පරිදි නාවික අභ්‍යාස සඳහා යුද ගුවන් යානා 17ක් සහ නෞකා 8ක් සහභාගී වේ.කලාපීය මුහුදු සහ ගුවන් අවකාශය පාලනය කිරීමට තුර්කියට ඇති හැකියාව ඉන් නිරූපණය කරන්නේ යැයි එරට පවසයි.

තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකර් ජූලි 4දා ලිබියාවේ අගනුවර පැමිණි අවස්ථාව
සියර්ට් වරාය නගරය ආසන්නයේ තුර්කියට පක්ෂපාතී හමුදා සහ ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය හිමි ලිබියානු ජාතික හමුදාව අතර තිබෙන පෙරමුණේ තත්ත්වය නරක අතට හැරුණද,පෙරමුණට අලුත් අවි සහ උපකරණ එවීම නවත්වා නැත.ඊට අමතරව බටහිර ලිබියාවේ අල්-වටියා ගුවන් හමුදා කඳවුරට අමතර යුදෝපකරණ යැවීමට තුර්කිය ක්‍රියා කලේය.මේ වර්ෂයේ මුල් භාගයේදී මෙම ගුවන් හමුදා කඳවුර තුර්කි හමුදාවන්ගේ ශක්තිමත් ස්ථානයක් බවට පත් වූ අතර,නොබෝදා එය ඉලක්ක කරගෙන ලිබියානු ජාතික හමුදාවේ යුද ගුවන් යානා බෝම්බ හෙළීය.එම ප්‍රහාර හමුවේ අවම වශයෙන් තුර්කි හමුදාවේ MIM-23 හොක් නම් මැදි දුර ගුවන් ආරක්ෂක පද්ධතියක් සහ 'කොරල්' නම් ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධතියක් විනාශයට පත් විය.තුර්කියට පක්ෂපාතී මූලාශ්‍ර ඊට ප්‍රථමයෙන් පැවසුවේ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුලුව උපකරණ ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කලේ ලිබියානු ජාතික හමුදාවට පාඩමක් ඉගැන්වීමට බවයි.

තුර්කිය විසින් ලිබියාවේ අල්-වටියා කඳවුරට එවා තිබූ MIM-23 හොක් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති දෙක ස්ථානගත කර තිබූ අයුරු - චන්ද්‍රිකා ඡායාරූප

MIM-23 හොක් ගුවන් ආරක්ෂක මිසයිල පද්ධතියක්
ලිබියානු දේශසීමාව ආසන්නයේ ස්ථානගත කර තිබෙන ඊජිප්තු සන්නද්ධ හමුදාවන්හි පාබල,ගුවන් සහ නාවික හමුදා ජූලි 9වනදා යුද අභ්‍යාස මාලාවක් ආරම්භ කලහ.එරට වයඹදිග දිස්ත්‍රික්කය වන කබීර් ගබීස් හි පැවැත්වෙන අභ්‍යාස මාලාවේ ගොඩබිම් ක්‍රියාකාරකම් රිසෝල්ව් 2020 යන කේත නාමයෙන් හඳුන්වයි.මෙම ක්‍රියාමාර්ගයෙන්, සියර්ට් නගරය අල්ලා ගැනීමට තුර්කි හමුදා දරන උත්සාහයක් ඊජිප්තුවේ රතු ඉර ඉක්මවා යෑමක් යැයි තුර්කිය සහ එහි ප්‍රොක්සි හමුදාවන්ට මේ ක්‍රියාමාර්ගය හරහා සංඥාවක් ලබා දෙයි.ඔවුන් සීමාව ඉක්මවා ගියහොත් ඊජිප්තු හමුදාවේ ප්‍රතිචාරයට මුහුණ දේවි.
යුද අභ්‍යාස සඳහා එක් වූ ඊජිප්තු මිග් ප්‍රහාරක යානා,කමොව් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා,මල්ටි බැරල් රොකට් විදින පද්ධති,ස්ව-බලයෙන් ක්‍රියාත්මක කාලතුවක්කු අවි,ගුවන් ආරක්ෂක පද්ධති සහ අනෙකුත් අවි




ලිබියාවේ සිටින තුර්කි හමුදාවන්ට සැපයුම් ලබා ගැනීම සහ නඩත්තු කිරීම් ආදී කටයුතුවලදී මතුවන අසීරුතාවයන් සහ සිය බටහිර දේශසීමාවේ සංග්‍රාමයකදී ඊජිප්තුවට තිබෙන පැහැදිලි වාසිය නිසා ලිබියානු අර්බුදයට ඊජිප්තුවේ විවෘත මැදිහත් වීමක් මගින්,පසුගිය කාලයේදී ලිබියාව තුල අත්කර ගත් ජයග්‍රහණ ශක්තිමත් කර ගැනීමේ තුර්කියේ බලාපොරොත්තු අවසන් කර දමනු ඇත.
ඒ අතරතුර,මෙම ව්‍යාකූල තත්ත්වයෙන් වාසි ලබා ගැනීමට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් උත්සාහ දරමින් සිටිති.වාර්තාවලට අනුව මධ්‍යම ලිබියාවේ කාන්තාර ප්‍රදේශයේ තවමත් සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පසුගිය දිනවල සිය ක්‍රියාකාරකම් උත්සන්න කරමින් සිවිල් ඉලක්ක වෙත කරන පහර දීම් නැවත ආරම්භ කලහ.කුඩා ගම්මාන කොල්ලකෑම සහ සිවිල් වැසියන්ගේ වාහන පැහැර ගැනීමට ත්‍රස්තවාදීන් කටයුතු කරමින් සිටියි.තම සාපරාධී හැසිරීම් සාධාරණීකරණය සඳහා විවිධ අපරාධ කල්ලි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ සන්නාමය භාවිතා කරති.ලිබියාවේ අර්බුදය අලුත් අධියරයකට පිවිසුනත් නැතත් මෙවැනි කල්ලි එරට ආරක්ෂාවට බරපතල තර්ජනයක වනු ඇත.
source:southfront.org