යුද_අපරාධ_වැසීම
යුද අපරාධ වැසීමට 'සමූහ මිනී වල වනසලා'
අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 5 බදාදා - 18:54 GMT
යුද්ධයේ අවසාන දින වලදී (JDS)
දහස් ගණන් සිරුරු වල දමා තිබූ බවට සැක කැරෙන උතුරේ සමුහ මිනී වල කිහිපයක් යුද අපරාධ සාක්ෂි වසන් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා විසින් විනාශ කොට ඇතැයි නැගුනු චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කැරුණි.ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ දී ජාත්‍යන්තර නීති කඩවීම් පිලිබඳ විමසමින් නිකුත් කරන ලද මෙතැන ඔබන්න නවතම වාර්තාවක යි රජයේ සන්නද්ධ හමුදා වලට දොස් පවරා ඇත්තේ.ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය එලි දැක්වූ පිටු දෙසිය තිස් පහක ලියවිල්ලක දැක්වෙන පරිදි රජයේ හමුදාවේ මෙන්ම එල්ටීටීඊ යේත් සාමාජිකයන් ජාත්‍යන්තර මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළ බවට සාක්ෂි ලැබී තිබේ.
යුද අපරාධ
වාර්තා ගත උල්ලංඝන බොහොමයක් යුද අපරාධ ගනයේ ලා සැලකීමට කරුණු ඇති බවයි එහි සඳහන් වන්නේ.වාර්තාවේ කතුවරයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් බීබීසී යට කියා සිටියේ යුද්ධයේ අවසාන වකවානුවේ දී සාමාන්‍ය ජනතාව කොටු වී සිටි ප්‍රදේශයේ සිරුරු වල දමා තිබුණු බවයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් 2011 දී නිකුත් කළ මෙතැන ඔබන්න විශේෂඥ වාර්තාවේ ප්‍රමිතිය ම නව වාර්තාව සඳහා යොදා ගත් බවයි ගෝඩන් වයිස් පවසන්නේ.
වන්නි යුද බිමේ අවසාන සමයේ (JDS)
සාක්ෂි වාචක, ඡායාරූප හා වීඩියෝ, චන්ද්‍රිකා දර්ශන, විශ්වසනීය ලේඛන මෙන් ම එක්සත් ජාතීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මුලාශ්‍ර ගණනාවක් වාර්තාව සැකසීමේ දී විශ්ලේෂණය කැරුණු බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
විශ්වසනීය නොවන ‘සමාගමක්’
කෙසේ වෙතත් වාර්තාව සම්පාදනය කළ ආයතනයේ විශ්වසනීයත්වය ශ්‍රී ලංකා රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගේ ප්‍රශ්න කිරීමට ලක් වුනි.ICEP යනු මීට පෙර හඳුනා ගෙන නැති ‘සමාගමක්’ බව පැවසූ බ්‍රිගේඩියර් වනිගසුරිය වැරැදී තොරතුරු පදනම් කොට ගෙන නගන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව බීබීසී යට කියා සිටියේය.යුද වැදි දෙපාර්ශවයම කළ බවට චෝදනා කැරෙන අපරාධ අතුරින් වැඩි ප්‍රමාණයක් සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා බවයි වාර්තාව පවසන්නේ.
චෝදනා නඩු විභාගයකින් ඔප්පු කැරුනොත් ආණ්ඩුවේ බලධාරීන්ට, රජයේ හමුදාවේ අණදෙන නිලධාරීන්ට මෙන්ම ජීවතුන් අතර සිටින එල්ටීටීඊ සංවිධානයේ ජ්යෙෂ්ටයන්ටත් දඬුවම් හිමි වනු ඇති බවත් එහි සඳහන්.
එල්ටීටීඊයට එරෙහි චෝදනා
ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ප්‍රාණ ඇපයට ගැනීම සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම එල්ටීටී ඊ යට එරෙහි චෝදනා අතර වන බව ගෝඩන් වයිස් පවසයි.නව වාර්තාවේ ඇත්තේ රජය මීට ඉහත දී එල්ටීටී ය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති චෝදනා ම බවයි හමුදා ප්‍රකාශකයා කියා සිටියේ.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ඒ පිලිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් සාක්ෂි ද රජය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙන බව යි.මාර්තු මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් වෙත ශ්‍රී ලංකා රජය සහ සන්නද්ධ සේනා කැඳවා ගෙන යාම වාර්තාවේ අරමුණ බවට බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය නගන චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් ප්‍රතික්ෂේප කළේ ය.
එසේ වෙතත්, එය ද ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය විසින් සැලකිල්ලට ගන්නා ලද කරුණක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.
BBC Sinhala Sandeshaya www.bbc.co.uk/sinhala/sri_lanka/2014/02/140205_piac_report_lanka_warcrimes.shtml