යුද_අපරාධ_වැසීම

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යුද_අපරාධ_වැසීම

යුද අපරාධ වැසීමට 'සමූහ මිනී වල වනසලා'

අවසාන යාවත්කාලීන කිරීම : 2014 පෙබරවාරි 5 බදාදා - 18:54 GMT

140205180516_lanka_war_512x288_jds.jpg

යුද්ධයේ අවසාන දින වලදී (JDS)

දහස් ගණන් සිරුරු වල දමා තිබූ බවට සැක කැරෙන උතුරේ සමුහ මිනී වල කිහිපයක් යුද අපරාධ සාක්ෂි වසන් කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා විසින් විනාශ කොට ඇතැයි නැගුනු චෝදනා ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කැරුණි.ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ දී ජාත්‍යන්තර නීති කඩවීම් පිලිබඳ විමසමින් නිකුත් කරන ලද මෙතැන ඔබන්න​ නවතම වාර්තාවක යි රජයේ සන්නද්ධ හමුදා වලට දොස් පවරා ඇත්තේ.ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය එලි දැක්වූ පිටු දෙසිය තිස් පහක ලියවිල්ලක දැක්වෙන පරිදි රජයේ හමුදාවේ මෙන්ම එල්ටීටීඊ යේත් සාමාජිකයන් ජාත්‍යන්තර මානවීය නීති සහ මානව හිමිකම් නීති උල්ලංඝනය කළ බවට සාක්ෂි ලැබී තිබේ.

යුද අපරාධ

වාර්තා ගත උල්ලංඝන බොහොමයක් යුද අපරාධ ගනයේ ලා සැලකීමට කරුණු ඇති බවයි එහි සඳහන් වන්නේ.වාර්තාවේ කතුවරයකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් බීබීසී යට කියා සිටියේ යුද්ධයේ අවසාන වකවානුවේ දී සාමාන්‍ය ජනතාව කොටු වී සිටි ප්‍රදේශයේ සිරුරු වල දමා තිබුණු බවයි.එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් 2011 දී නිකුත් කළ මෙතැන ඔබන්න​ විශේෂඥ වාර්තාවේ ප්‍රමිතිය ම නව වාර්තාව සඳහා යොදා ගත් බවයි ගෝඩන් වයිස් පවසන්නේ.

140205180819_lanka_war_512x288_jds.jpg

වන්නි යුද බිමේ අවසාන සමයේ (JDS)

සාක්ෂි වාචක, ඡායාරූප හා වීඩියෝ, චන්ද්‍රිකා දර්ශන, විශ්වසනීය ලේඛන මෙන් ම එක්සත් ජාතීන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු මුලාශ්‍ර ගණනාවක් වාර්තාව සැකසීමේ දී විශ්ලේෂණය කැරුණු බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

විශ්වසනීය නොවන ‘සමාගමක්’

කෙසේ වෙතත් වාර්තාව සම්පාදනය කළ ආයතනයේ විශ්වසනීයත්වය ශ්‍රී ලංකා රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරියගේ ප්‍රශ්න කිරීමට ලක් වුනි.ICEP යනු මීට පෙර හඳුනා ගෙන නැති ‘සමාගමක්’ බව පැවසූ බ්‍රිගේඩියර් වනිගසුරිය වැරැදී තොරතුරු පදනම් කොට ගෙන නගන චෝදනා පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව බීබීසී යට කියා සිටියේය.යුද වැදි දෙපාර්ශවයම කළ බවට චෝදනා කැරෙන අපරාධ අතුරින් වැඩි ප්‍රමාණයක් සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා බවයි වාර්තාව පවසන්නේ.

චෝදනා නඩු විභාගයකින් ඔප්පු කැරුනොත් ආණ්ඩුවේ බලධාරීන්ට, රජයේ හමුදාවේ අණදෙන නිලධාරීන්ට මෙන්ම ජීවතුන් අතර සිටින එල්ටීටීඊ සංවිධානයේ ජ්‍යෙෂ්ටයන්ටත් දඬුවම් හිමි වනු ඇති බවත් එහි සඳහන්.


120612171130_ltte_child_soldier_304x171_gosl_nocredit.jpg


එල්ටීටීඊයට එරෙහි චෝදනා

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ප්‍රාණ ඇපයට ගැනීම සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම එල්ටීටී ඊ යට එරෙහි චෝදනා අතර වන බව ගෝඩන් වයිස් පවසයි.නව වාර්තාවේ ඇත්තේ රජය මීට ඉහත දී එල්ටීටී ය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති චෝදනා ම බවයි හමුදා ප්‍රකාශකයා කියා සිටියේ.

එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ඒ පිලිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් සාක්ෂි ද රජය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙන බව යි.මාර්තු මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් වෙත ශ්‍රී ලංකා රජය සහ සන්නද්ධ සේනා කැඳවා ගෙන යාම වාර්තාවේ අරමුණ බවට බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය නගන චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් ප්‍රතික්ෂේප කළේ ය.

එසේ වෙතත්, එය ද ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය විසින් සැලකිල්ලට ගන්නා ලද කරුණක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.



BBC Sinhala Sandeshaya www.bbc.co.uk/sinhala/sri_lanka/2014/02/140205_piac_report_lanka_warcrimes.shtml
 

trng

Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    එල්ටීටීඊයට එරෙහි චෝදනා

    ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, ප්‍රාණ ඇපයට ගැනීම සහ සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීම එල්ටීටී ඊ යට එරෙහි චෝදනා අතර වන බව ගෝඩන් වයිස් පවසයි.නව වාර්තාවේ ඇත්තේ රජය මීට ඉහත දී එල්ටීටී ය සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති චෝදනා ම බවයි හමුදා ප්‍රකාශකයා කියා සිටියේ.

    එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ ඒ පිලිබඳ ඡායාරූප හා වීඩියෝ දර්ශන ඇතුලත් සාක්ෂි ද රජය විසින් ප්‍රසිද්ධියට පත් කොට තිබෙන බව යි.මාර්තු මස අග දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණයක් වෙත ශ්‍රී ලංකා රජය සහ සන්නද්ධ සේනා කැඳවා ගෙන යාම වාර්තාවේ අරමුණ බවට බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය නගන චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රකාශක ගෝඩන් වයිස් ප්‍රතික්ෂේප කළේ ය.

    එසේ වෙතත්, එය ද ICEP හෙවත් ජාත්‍යන්තර අපරාධ පිලිබඳ සාක්ෂි විමසන ව්‍යාපෘතිය විසින් සැලකිල්ලට ගන්නා ලද කරුණක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    Answer-ඔය ICEP වෙ__ පුතාලා ගම්මාන වලට LTTE ඈවිත් මිනිස්සු මරපුව, හාමුදුරුවරු ඝාතනය කරපුවා, බස් වලට කොච්චි වලට බොම්බ තියපුවා etc....නොදෑක්කෙ එ කාලෙ උන් ඈස් උන්ව ජාතක කරපු තෑන දිහාද බලගෙන හිටියෙ කියලා,, අහන්න කොන්ද පණ ඈති එකෙක් ආන්ඩුවෙ නෑනෙ
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මේ දැම්මේ කෙටියෙන්, මොකද කරපු ඔක්කොම දාන්න ගියොත්, පිටු 5ක් ඔනා.... :growl::growl:
    Attack Date Location Death toll Sources 1990 massacre of Sri Lankan Police officers 11 June 1990 Eastern Province 600-774 [4][5] Kattankudy mosque massacre 3 August 1990 Kattankudy, Batticaloa District 147 [6] Anuradhapura massacre 14 May 1985 Anuradhapura, Anuradhapura District 146 [7] Habarana bus massacre 17 April 1987 Habarana, Anuradhapura District 127 [8][9] October 1995 Eastern Sri Lanka massacres 16 October 1995 Eastern Province 120
    Central Bus Station Bombing 21 April 1987 Pettah, Colombo, Colombo District 116
    Palliyagodella massacre 15 October 1991 Palliyagodella, Polonnaruwa District 109 [8] 2006 Digampathana bombing 16 October 2006 Digampathaha, Matale District 92–103 [10] Central Bank bombing 31 January 1996 Colombo, Colombo District 91 [7] Kebithigollewa massacre 15 June 2006 Kebithigollewa, Anuradhapura District 66 [11] Dehiwala train bombing (1996) 24 July 1996 Dehiwala, Colombo District 64 [12] Kent and Dollar Farm massacres 30 November 1984 Mullaitivu District 62 [13] Lionair Flight 602 29 September 1998 off the cost of Mannar District 55 [14] Gonagala massacre 18 September 1999 Gonagala, Ampara District 54 [15] Kallarawa massacre 25 May 1995 Kallarawa, Trincomalee District 42 [16] Aranthalawa Massacre 2 July 1987 Aranthalawa, Ampara District 35 [17] Air Lanka Flight 512 3 May 1986 Bandaranaike International Airport, Gampaha District 21 [18] 1998 Temple of the Tooth attack 25 January 1998 Temple of the Tooth, Kandy 17 [7][19][20] Kokilai massacre 1 December 1984 Kokilai, Mullaitivu District 11
    Gomarankadawala massacre 23 April 2006 Gomarankadawala, Trincomalee District 6 [21] 2009 suicide air raid on Colombo 20 February 2009 Colombo, Colombo District 2 [22]
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113
    අනේ මන්දා..මේවයින් ලකුණු ගන්නේ මහින්ද කාරයා..