යුද_ටැංකි_22ක්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    වසර 60ක් පැරණි යුද ටැංකි 22ක් යුද හමුදාවට ගැනීමේ තැතක්..!

    එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව නියෝජනය කරමින් මාලි රාජ්‍යයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද හමුදාව වෙත යැවීම සඳහා වසර හැටකට ආසන්න කාලයකට පෙර නිෂ්පාදනය කළ යුද ටැංකි 22ක් චෙක් ජනරජයෙන් මිලදී ගැනීම සඳහා සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.

    එකක් ඩොලර් ලක්ෂ 5ක් බැගින් වූ මිලක් යටතේ ඩොලර් ලක්ෂ 110ක මිලකට (කෝටි 198කට) එම යුද ටැංකි මිලදී ගැනීමට සැලසුම් කර ඇත. OT 64SK නමැති වර්ගයේ යුද ටැංකිවල තාක්ෂණය හා තත්ත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින අතර ඊට වඩා තාක්ෂණයෙන් උසස් නවතම ඒවා (බ්‍රැන්ඩ් නිව්) සහනදායි ණය ක්‍රමයක් යටතේ ලබාදීම සඳහා චීනය, යුක්රේනය, පොරොන්දු වී ඇති බවද දැන ගැනීමට ඇත.

    මාලි රාජ්‍යයේ සිටින එක්සත් ජාතීන්ගේ හමුදාවට අවශ්‍ය වන්නේ කිලෝග්‍රෑම් අටක පිපිරුමකට පවා ඔරොත්තු දෙන යුද ටැංකියේ ඇති බඳ මිලිමීටර් 12ක ඝනකමින් යුත් තහඩුවෙන් නිෂ්පාදනය කළ ඒවා වන අතර, එහෙත් මිලදී ගැනීම සඳහා යන යුද ටැංකියේ බඳෙහි තහඩුව මිලිමීටර් 6ක් බව වාර්තා වේ.

    මීට මාසයකට පෙර මාලිහිදී දුරස්ථ පාලක පිපිරුමකට හසුව යුද ටැංකියක සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරයකු හා සෙබළකු නැති වූ අතර තිදෙනකු තුවාල ලැබීය.

    කෙසේ වෙතත් මෙම යුද ටැංකි මිලදී ගැනීම කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර එහි තත්ත්වය සොයා බැලීම සඳහා සිව් දෙනකුගෙන් යුත් හමුදාවේ නිලධාරීන් කණ්ඩායමක් චෙක් ජන රජයට යාම සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා පසුගිය 18 වැනි දින ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක්ද යවා ඇති බව වාර්තා වේ.

    සුගන්ධි බස්නායක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    මිග් වලින් කොමිස් ගැහුවා. නැව් වලිනුත් කොමිස් ගැහුවා. දැන් ටැන්කි වලින්?

    අපේ රටේ ඩිෆෙන්ස් වලට බජට් එකෙන් වෙන් කරන සල්ලි වලින්ද සාම සාධක හමුදාවට යුද ටැංකි අරන් දෙන්නෙ?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මිග් වලින් කොමිස් ගැහුවා. නැව් වලිනුත් කොමිස් ගැහුවා. දැන් ටැන්කි වලින්?

    අපේ රටේ ඩිෆෙන්ස් වලට බජට් එකෙන් වෙන් කරන සල්ලි වලින්ද සාම සාධක හමුදාවට යුද ටැංකි අරන් දෙන්නෙ?

    සාම සාධක හමුදා සදහා ශ්‍රි ලංකාවෙන් සපයනු ලබන සේවාවන් සදහා එක්සත් ජාතින්ගේ සංගමය මගින් ගෙවිම් කරනු ලැබේ. මෙහිදි හමුදා සාමාජිකයන් හා උපකරන (වාහන, අවි අයුධ) සදහා වෙන් වෙන් වශයෙන් ගෙවිම් සිදුකරනු ලැබේ.
     
    Tank walata salli denawa nam mun parana ewa ganne ai? Aluth ewa ganna puluwan neda? Parana badu aragena ape kollange arakshawa adu wena ekane wenne

    Mata theruna widiyata arun gewanne api dena service ekata misak, e service eka denna api aluthin badu gaththa kiyala e badu walata un wena wenama gewanne na. Ekai ape unta parana badu denne. Brand new tank da used tank da sl wala thibba tank da kiyala unta adala na.
     
    සමහර විට අඩුවෙන් වියදම් කරලා වැඩි ලාභ ගන්න හදනවා ෙවන්න ඇති :rolleyes::rolleyes: ආරක්ෂාව බල්ලට ගියාදෙන් කියලා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මිග් වලින් කොමිස් ගැහුවා. නැව් වලිනුත් කොමිස් ගැහුවා. දැන් ටැන්කි වලින්?

    අපේ රටේ ඩිෆෙන්ස් වලට බජට් එකෙන් වෙන් කරන සල්ලි වලින්ද සාම සාධක හමුදාවට යුද ටැංකි අරන් දෙන්නෙ?

    උදයංග සර් කතා කරලා මිග් ගත්තේ නියම ගානටත් අඩුවෙන්

    ඒවා ගත්තේ නැතිනං උඹලව වලලපු තැන්වල ගසුත් පැලවෙලා කොටියා මෙහෙ රජ කරන්නේ සහෝ
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    සමහර විට අඩුවෙන් වියදම් කරලා වැඩි ලාභ ගන්න හදනවා ෙවන්න ඇති :rolleyes::rolleyes: ආරක්ෂාව බල්ලට ගියාදෙන් කියලා
    Matath oka thamai hithune. Soldiers lata mehemada salakanne. Diplomatic wahal weladamak

    උදයංග සර් කතා කරලා මිග් ගත්තේ නියම ගානටත් අඩුවෙන්

    ඒවා ගත්තේ නැතිනං උඹලව වලලපු තැන්වල ගසුත් පැලවෙලා කොටියා මෙහෙ රජ කරන්නේ සහෝ
    :(:(
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    චීනෙන් ඉන්දියාවෙන් ගන් නැතුව ඕන දිහාකින්