යුධ අපරාධ

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    යුද අපරාධ

    30 අවුරුද්දක බිහිසුණු යුද්ධයකට මැදිවෙලා හිටපු රටක වැසියො හැටියට යුධ අපරාධ එහෙමත් නැත්නම් War Crimes කියන වචන දෙක අපි කවුරුත් අහල තියනවා. මනුෂ්‍යයන් හැටියට අපි අපිව කොච්චර දියුණු ජීවීන් කොට්ටාසයක් හැටියට සැලකුවත් අපේ සංස්කෘතීන්, ඇදහීම්, ආකල්ප වල ගැටුම් බොහොමයක් අවසානයේදී විසඳගන්න තීරණය කරන්නෙ වෙඩි උණ්ඩ හරහා තමයි. ඉතින් සතුරා මැරීම ප්‍රධාන කාරියක් වෙන යුද්ධෙකදි මිනිස් ජීවිතයක් නසන එකට වඩා වැඩි තවත් අපරාධයක් තියෙන්න පුලුවන්ද කියල කෙනෙක් ප්‍රශ්න නගන්න පුලුවන්. සෑහෙන බොන්න ඕනෙ ප්‍රශ්නයක් තමයි නේද? යුධ අපරාධ සහ ඒ සම්බන්ධ නීතිය ගැන කතා කරද්දිත් අර විදිහෙ තවත් බොහොම ගැටලුකාරී තැන් අපේ මනසට වද දෙන්න පුලුවන්.
    අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ යුධ අපරාධ නීතියේ ඇරඹුම සහ විකාශනය වගේ දේවල් ගැන කතා කරන්න නෙමෙයි. ඒ වෙනුවට මිනිස් ඉතිහාසය තුල යුධ අපරාධ ගැන සටහන් වෙලා තියන විශේෂ කාරණා ටිකකින් ඔබේ දැනුම සන්නන්ධ කරන්නයි. මේ ලිපිය කියවගෙන යද්දි යුධ අපරාධ හැටියට සැලකෙන සමහර කරුණු ගැන ඔයාලට පුදුමත් හිතෙයි.

    1. යුධ අපරාධ කියන්නෙ මොනවටද?

    i. යුධ අපරාධයක් කියන්නෙ මොකක්ද? අද කාලෙ යුධ අපරාධ හැටියට සැලකෙන්නේ මොනවද?

    War-Crimes-101-aniwa-01.jpg
    Source – imirasire.com


    යුධ අපරාධයක් කියන්නෙ යම්කිසි හමුදාවක් විසින් ජාත්‍යන්තර යුධ සහ මානුෂවාදී නීතියට පටහැනිව යමින් තමන්ගේ සතුරු හමුදාවට හෝ සාමාන්‍ය වැසියන්ට කරනු ලබන අපරාධ වලටයි. මිලිටරිමය අවශ්‍යතාවයක් හැටියට සාධාරණීකරනය නොවෙන මනුෂ්‍ය ඝාතන, තහනම් අවි භාවිතය, යුද සිරකරුවන්ට වදදීම, ප්‍රාණ ඇපකරුවන් හැටියට තබාගැනීම, පිටුවහල් කිරීම සහ වහල් සේවයට යොදාගැනීම, ලිංගික හිරිහැර වලට පාත්‍ර කිරීම, පොදු සහ පෞද්ගලික දේපල කොල්ලකෑම වගේ තවත් දේවල් බොහොමයක් යුධ අපරාධ ගණයට වැටෙනවා.

    ii. බොහොම මෑතක් වෙනකම්ම මේක යුධ සීන් එකේම කොටසක්

    War-Crimes-101-aniwa-02.jpg
    Source – wikipedia.org


    “මිනිස්සු මරාගෙන, ගම්බිම් ගිනි තියාගෙන, ස්ත්‍රීන් දූෂණය කරගෙන…” ඉස්සර කාලෙ යුද්ද සහ ආක්‍රමණ ගැන කියවද්දි අනිවා මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් ගැන තොරතුරුත් අපේ ඇස ගැටෙනවනෙ නේද? දැන් කාලෙ යුධ අපරාධ හැටියට සැලකෙන බොහොමයක් අපරාධ ක්‍රියාවන් ඈත අතීතයේදි යුද්ධයකදී සාමාන්‍යයෙන් සිද්ධ කරන ආතල් ටයිප් වැඩ හැටියට තමයි ගණන් අරගෙන තියෙන්නෙ. ගොඩක්ම ඈත අතීතයේදි විතරක් නෙමෙයි පළවැනි සහ දෙවැනි ලෝක යුද්ධ කාලවලදිත් මේ වගේ අපරාධ බහුලවම සිදු වෙලා තියනවා.

    iii. දැන් පවතින යුධ නීති සකස්වෙන්නෙ කොහොමද?

    War-Crimes-101-aniwa-03.jpg
    Source – wikipedia.org


    1864 සිට පවත්වපු ජිනීවා සමුළු, 1899 සහ 1907 දී පවත්වපු හේග් සාම සමුළු, දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ පවත්වපු නියුරම්බර්ග් නඩු විභාග ආදිය ඇසුරින් සකස් කරන ලද නීති මාලාවන් ඇසුරින් තමයි වර්තමාන නීති යුධ අපරාධ නීති බිහිවෙන්න අඩිතාලම සැකසෙන්නෙ.
    අනිවා Life Today Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි
    1f642.svg







    2. යුධ අපරාධ ඉතිහාසයෙන් බිඳක්


    i. 1474 දී සිදුකල යුධ අපරාධයක් සඳහා වූ මුල්ම නඩු විභාගය

    War-Crimes-101-aniwa-04.jpg
    Source – theatre-lichtenberg.com


    යුධ අපරාධ සම්බන්ධ නීති වල උපත සිද්ධ උනේ බොහොම මෑත ඉතිහාසයක උනත් යුධ අපරාධයක් සම්බන්ධයෙන් නඩු විභාගයක් තියල දඬුවම් දීපු පැරණි ඉතිහාස කතාවක් 1474 දි රෝම අධිරාජ්‍යයෙන් වාර්තා වෙනව. බුරුගුන්ඩි හි නයිට් වරයෙක් වුනු පීටර් ෆොන් හේගන්බාක් (Peter von Hagenbach) තමයි මේ නඩු විභාගයෙදි වරදකරුවා වෙන්නෙ. නගරයක් අල්ලාගැනීමේ සටනක් අතරතුර ජනතාවගේ දේපල කොල්ල කෑම සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරීම නිසා හේගන්බාක්ට මරණ දණ්ඩනය හිමිව තිබෙනවා.

    ii. නියුරම්බර්ග්

    War-Crimes-101-aniwa-05.jpg
    Source – likesuccess.com


    ජාත්‍යන්තර අධිකරණයක් බිහිවෙන්නටත් යුධ අපරාධ සම්බන්ධ නීතියට අඩිතාලම දමන්නටත් හේතු වූ සිදුවීමක් හැටියට නියුරම්බර්ග් නඩු විභාගය ගැන අපි සඳහන් කලා ඔබට මතක ඇති. මිත්‍ර හමුදා පාර්ශව විසින් නාසීන්ට එරෙහිව අසන ලද මේ නඩු විභාගයට මුහුණ දුන් දෙවැනි ප්‍රබලතම නාසි නිලධාරියා තමයි හර්මන් ගෝරිං (Hermann Göring) කියන්නෙ. හිට්ලර්ගෙ දකුණු අත වශයෙන් සැලකුණ ගෝරිංට මේ නඩු විභාගය අවසානයේදි මරණ දඬුවම ලැබෙනවා. ගෝරිං මේ මරණ දඬුවමට ඒ තරම් ප්‍රසාදයක් දක්වන්නෙ නෑ. කවුද කැමති මැරෙන්න නේද? හැබැයි ගෝරිං මේ දඬුවමට අකැමැති වෙන්නෙ ඉන් ඔහුගේ මරණය සිද්ධ වෙන නිසා විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ කාලෙ ක්‍රියාත්මක කරපු වෙඩි තබා මරා දැමීම වෙනුවට එල්ලා මැරීමෙන් ඔහුගේ ජීවිතය තොර කරන්න තීරණය කල නිසායි ඔහු ඊට අප්‍රසාදයක් දක්වන්නෙ. ඒ හින්ද එල්ලා මරන්නට කලින් දවසේ සයනයිඩ් පානය කිරීමෙන් ගෝරිං සියදිවි නසාගෙන තියනවා.

    iii. ලොවක් කැළඹූ මායි ලායි ඝාතන

    War-Crimes-101-aniwa-06.jpg
    Source – npr.org


    1400 ගණන් වල යුධ නීතියක් කියල නාමයක් නැති කාලෙකදී ශුද්ධ වූ රෝමයේදී පළමු වරට යුධ අපරාධකරුවෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනව. එහෙම උනත් යුධ අපරාධ ගැන ලෝකයේ අවධානය යොමුවෙලා තියන 1960 ගණන් වගේ මෑත භාගයක ඇමරිකානු හමුදාව විසින් වියට්නාමයේදී මහා දරුණු යුධ අපරාධයක් සිද්ධ කරනව. ඒ 1968 මාර්තු 16 වැනිදා මායි ලායි හීදී නිරායුධ වැසියන් 500කට ආසන්න ප්‍රමාණයක් අමානුෂික අන්දමින් මරා දැමීමෙන්. වැඩිහිටි පිරිමින් සහ කාන්තාවන් පමණක් නොව කුඩා දරුවන් සහ අත දරුවන් පවා අමු අමුවේ මරා දැමුණු ඒ බිහිසුණු දවසේදී මායි ලායි හි කාන්තාවන්ව මරා දැමීමට පෙර සමූහ දූෂණයට පවා ලක්කරන්න තරම් ඇමරිකානු හමුදා පිරිස සැහැසි වෙලා තිබුණා. මුලදී ඇමරිකානු හමුදාව විසින් යට ගසන්න සූදානම් උන මේ මහා අපරාධය සම්බන්ධ කරුණු එළිදරවු වීමත් සමගම මේ සම්බන්ධ පරීක්ෂණ ඇරඹෙනවා. කොහොම නමුත් එදින මේ අපරාධයට සම්බන්ධ වුන භට කණ්ඩායමේ අණ දෙන්නා වුණ ලුතිනන් විලියම් කැලීට (William Calley) විතරයි මේ අපරාධය සඳහා දඬුවම් ලැබෙන්නෙ. ඔහුත් වසර 3ක නිවාස අඩස්සියකින් පස්සෙ නිදහස ලබන්න සමත් වෙනව.

    iv. Unit 731

    War-Crimes-101-aniwa-07.jpg
    Source – dirkdeklein.net


    731 වැනි ඒකකය කියන්නේ දෙවැනි ලෝක යුද්ධ කාලයේදි ජපානය විසින් රහසිගතවම පවත්වාගෙන ගිය රසායනික සහ ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානයක්. ජෙනරාල් ෂිරෝ ඉෂි (Shirō Ishii) නම් හමුදා නිලධාරියාගේ නායකත්වය යටතේ පවත්වාගෙන ගිය මේ පර්යේෂණාගාරෙ තුලදී යුද සිරකරුවන්ට විඳින්නට වෙන්නේ වචනයෙන් විස්තර කල නොහැකි තරම් දුක් ගැහැටයි. නිර්වින්දනයටවත් ලක් නොකර සිරකරුවන්ගේ සිරුරු විච්ඡේදනය කර පරික්ෂණ පැවැත්වීම, සමාජ රෝග සහ දරුණු වෛරස ඒ අයට ශරීරගත කිරීම, රසායනික අවි ආයුධ පරික්ෂා කිරීමට ඔවුන් යොදාගැනීම ඇතුලු තවත් විස්තර කල නොහැකි අන්දමේ දරුණු පර්යේෂණ වලට මේ කඳවුරු වලදී සිරකරුවන්ව ලක්කර තිබෙනවා. මේ කඳවුරු තුලදී හිරිහැරයන්ට ලක්වුණ පිරිස ලක්ෂ 2කුත් ඉක්මවිය හැකි බවට සමහර ඉතිහාසඥයින් මත පල කර තිබෙනවා.
    සතුරු හමුදා පිරිස් සහ සිරකරුවන් පර්යේෂණ සඳහා යොදාගැනීම යුධ නීතිය යටතේ බරපතල වරදක් උනත් ජෙනරල් ඉෂි ෂිරෝ ඇතුලු 731 හමුදා ඒකකයේ කිසිවෙක්ට මේ සඳහා දඬුවම් ලැබෙන්නේ නැහැ. එයට හේතුව ඇමරිකාව විසින් මේ පර්යේෂණ සම්බන්ධ තොරතුරු ඔවුන් අතට පත් කරගෙන 731 ඒකකයේ සියලු දෙනාටම රහසිගතවම නිදහස ලබාදීමයි.

    v. යුධ අපරාධ වලට වැරදිකරුවන් වූ තැනැත්තන්

    War-Crimes-101-aniwa-08.jpg
    Source – looklex.com, wikipedia.org, bbc.com, alchetron.com, ijmonitor.org


    ඉතිහාසය හාරා අවුස්සා බැලුවහම යුධ අපරාධ වලට නීතිය හරියට ක්‍රියාත්මක වෙලාම නෑ වගේ කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. ඒ සිතුවිල්ලේ යම් ඇත්තකුත් නැතිව නෙමෙයි. හැබැයි යුධ අපරාධ නීතිය යටතේ යුධ අපරාධ වලට දඬුවම් ලබපු අයවලුත් බොහෝ පිරිසක් ඉන්නවා. අපි මේ කියන්න යන්නෙ මෑත ඉතිහාසෙ එහෙම යුධ අපරාධ සඳහා දඬුවම් ලබපු පුද්ගලයින් 5 දෙනෙක් පිළිබඳවයි.

    සදාම් හුසේන් (Saddam Hussein) –
    හිටපු ඉරාක ජනාධිපති සදාම් හුසේන්ට මරණ දඬුවම හිමිවන්නේ 2006 වසරේදීයී. ඒ 1982 වසරේදී ෂියා මුස්ලිම්වරු 182දෙනෙක් ඝාතනය කිරීමේ වරදට.
    අලි හසන් අල් මජීඩ් (Ali Hassan al-Majid) –
    හිටපු ඉරාක ආරක්ෂක අමාත්‍යවරයෙක් වුනු අල් මජීඩ්ට 2010දී මරණ දඬුවම හිමිවෙනවා. ඒ 1980 වසරේදී සිදු කරන ලද කුර්දි ජන සංහාරයන් නිසා.
    මෝතියුර් රහමන් නිසාමි (Motiur Rahman Nizami) –
    බංගලාදේශයේ විශාලම ඉස්ලාමීය පක්ෂයේ හිටපු නායකයෙක් වූ මොතියුර් රහමන් ගිය වසරේ සැප්තැම්බර් 3 වැනිදා එල්ලා මරණු ලැබුවා. ඒ 1971 වසරේ බංගලාදේශ නිදහස් සටනේදී කරන ලද යුධ අපරාධ නිසා.
    සලෞද්දීන් කාදර් චෞද්‍රි (Salahuddin Quader Chowdhury) –
    පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරමින් සිටියදී යුධ අපරාධයකට වරදකරු වූ පළමුවැනියා ලෙසටයි චෞද්‍රි ඉතිහාසගත වන්නේ. චෞද්‍රිට මරණ දඬුවම හිමිවෙන්නෙත් 1971 වසරේ බංගලාදේශ නිදහස් සටනේදී සිදුකරන ලද අපරාධ නිසයි.
    තෝමස් ලුබන්ගා (Thomas Lubanga Dyilo)
    2002දී පිහිටවපු ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නිකුත් කරපු වරෙන්තුවකට අනුව අත්අඩංගුවට ගත්ත පලමු යුධ අපරාධකරු හැටියටයි කොංගෝවේ තෝමස් ලුබංගා ඉතිහාසගත වෙන්නෙ. ජනවාර්ගික ඝාතන, වධදීම් සහ ළමා සොල්දාදුවන් භාවිතය වැනි අපරාධ වලටයි ලුබන්ගා වැරදිකරු වෙන්නෙ.

    3. යුධ නීතිය සම්බන්ධ අමුතු කරුණු


    i. සතුරාගේ නිල ඇඳුම් ඇඳගෙන පහරදීම යුධ අපරාධයක්

    War-Crimes-101-aniwa-09.jpg
    Source – pinterest.com


    ඒ කාලෙ වීඩියෝ ගේම්ස් එහෙම ගහද්දි අපි කරපු ආතල්ම වැඩක් තමයි සතුරු යුනිෆෝම් එකක් ඇඳගෙන ඒ අයලෙ කඳවුරු වලට ඇතුලු වෙලා පහර දෙන එක. බැලූ බැල්මට නියම උපක්‍රමයක් කියල හිතුවට යුද්ධ නීතිය යටතේ සතුරු නිල ඇඳුමක් ඇඳගෙන ඒ අයව රවට්ටල පහර දෙන එක වැරැද්දක් හැටියටයි සැලකෙන්නේ. සමහර රට වල නීතියට අනුව සතුරාගෙ නිල ඇඳුමක් පලිහක් හැටියට සහ ආරක්ෂා වීම සඳහා ඇඳගැනීමත් වැරැද්දක් හැටියට සැලකෙන්නක්.

    ii. පැරෂුට් වලට වෙඩි තැබීම අපරාධයක්

    War-Crimes-101-aniwa-10.jpg
    Source – worldwarwings.com


    ආපදාවට පත් වෙච්ච ගුවන් යානයකින් පැරෂුට් මගින් බිමට බසින භටයන්ට වෙඩි තැබීම අපරාධයක් හැටියටයි සැලකෙන්නේ. ඔවුන් බිමට බැසීමෙන් අනතුරුව යටත් වීමට අවස්ථාවක් දීමෙන් පසුව තමයි ඒ අයට ප්‍රහාර එල්ල කල හැකි වෙන්නේ. හැබැයි ගුවනින් ප්‍රහාර එල්ල කරන එයාබෝන් භට පිරිස් (Paratroopers වැනි) වලට මේ නීතිය අදාල වෙන්නේ නැහැ. ඔවුන් අපදා අවස්ථාවකදී පැරෂුටයකින් බැස්සත් ඔවුන්ට වෙඩි තැබීමට නීතියෙන් අවහිරයක් නෑ.

    iii. Pepper Spray පාවිච්චි කරන්නත් ඔට්ටු නෑ

    War-Crimes-101-aniwa-11.jpg
    Source – taskandpurpose.com


    යුද්ධයකදි භාවිතා කරන්න තහනම් මස්ටර්ඩ් ගෑස් වගේ භයානක රසායනික අවි ගැන අපි කලින් ලිපියකත් කතා කලානෙ. හැබැයි කවුද හිතුවේ මාරන්තික අවියක් නොවෙන පෙපර් ස්ප්‍රේ යුද්ධ කටයුතු වලදි තහනම් කියල? බොහෝ රටවල උද්ගෝෂණ වගේ අවස්ථා වලදි පිරිස් පාලනයට පෙපර් ස්ප්‍රේ යොදාගැනීමේ තහනමක් නැතත් යුද්ධ කටයුතු වලදීනම් පෙපර් ස්ප්‍රේ යොදාගැනීම සම්පූර්ණයෙන් තහනම්.

    iv. සුදු කොඩි සම්බන්ධ නීතිය

    War-Crimes-101-aniwa-12.jpg
    Source – muwee.tistory.com


    ලංකාවට යුධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවුණ සුදු කොඩි සිද්ධිය මතකයිනෙ? සාමාන්‍යයෙන් මේ වගේ සාමය හරි යටත් වීම හරි ප්‍රකාශ කරන්න කොඩියක් යොදාගැනීමේ නීතිය පවතින්නෙ මෙහෙමයි. යටත් වීම පිණිස කොඩියක් සංකේතාත්මකව ප්‍රදර්ශනය කරගෙන එන කෙනෙක්ට වෙඩි තැබීම වරදක්. හැබැයි ඒ වගේම තමයි යටත් වෙන බව බොරුවට කොඩියකින් දක්වලා රවටලා ප්‍රහාර එල්ල කිරීමත් යුධ අපරාධයක්.

    v. මළසිරුරු එක්ක සෙල්ලම් බෑ

    War-Crimes-101-aniwa-13.jpg
    Source – metropostcard.com


    ජාත්‍යන්තර යුධ සහ මානුෂවාදී නීතියට අනුව සතුරෙක්ගෙ උනත් මළසිරුරකට නියමිත ගෞරවය දක්වන්න කියල තමයි සඳහන් වෙන්නෙ. මළ සිරුරු අංග ඡේදනය කිරීම සහ විකෘති කිරීම යුධ නීතියට පටහැනි දෙයක්. හැකි සෑම අවස්ථාවකදිම මේ මළසිරුරු වළදැමීම හෝ දවාලීම කල යුතුයි කියල තමයි ජාත්‍යන්තරව පිළිගත් නීති වල සඳහන් කර තිබෙන්නේ.


    උපුටා ගන්නා ලද්දේ

    http://www.aniwa.lk/2017/03/06/1703063-war-crimes-101/
     
    Last edited:

    waligamaya

    Well-known member
  • Americawa kohomath yudha aparada walata puka denna asai. හිට්ලර් ගෙ කොමාන්ඩො භටයන්න අලුත් නීති හදල වෙඩිතියපු විදිය මේකෙ තියන 3i හේතුව තමයි මෙතනදි ඉදිරිපත් කරල තියෙන්නෙ.



    මේක ඔත්තු බැලීම නේද. ඔත්තු කරුවන්ට මරණ දඩුවම තමයි හිමිවෙන්නේ
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    LpwFDEt.jpg

    1988 ඉරාන අහසේ ඉරාන මුහුදු සීමාවේ ඉදන් ඉරාන මගී ගුවන් යානාවකට ඇමෙරිකානු නැවකින් මිසයිල ප්‍රහාරයක් කර එක බිමහෙලනවා..
    https://en.wikipedia.org/wiki/Iran_Air_Flight_655
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුන්ට පිස්සු බං කරන යුද්දෙ කරන විදිහට කල්ල ඉවරයක් කරන්නැතුව මගුලක් කරනව :angry: :angry:
    දැන් පැරිශුට් වලට වෙඩි නොතිබ්බ කියල උන් පැරිශුට් වලිං බැස්සට පස්සෙ ඇවිත් යාලු වෙනවද ජිනීව වල ඉන්නෙ අමු පිස්සො :angry: :angry:
    ඔය යුරෝපා රටවල් ටිකට කවද හරි කෙලවෙන්නෙ ඔය කෙහෙම්මල් මානව හිමිකං රැක රැක යුද්ධ කරන්න ගිහිල්ල :sorry: :sorry:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :angry::angry:
    මුන්ට පිස්සු බං කරන යුද්දෙ කරන විදිහට කල්ල ඉවරයක් කරන්නැතුව මගුලක් කරනව :angry: :angry:
    දැන් පැරිශුට් වලට වෙඩි නොතිබ්බ කියල උන් පැරිශුට් වලිං බැස්සට පස්සෙ ඇවිත් යාලු වෙනවද ජිනීව වල ඉන්නෙ අමු පිස්සො :angry: :angry:
    ඔය යුරෝපා රටවල් ටිකට කවද හරි කෙලවෙන්නෙ ඔය කෙහෙම්මල් මානව හිමිකං රැක රැක යුද්ධ කරන්න ගිහිල්ල :sorry: :sorry:

    උන් රකින්න‍්‍ෙ නෑ බන් ග උන් කරන්න‍ේ අනිත් එවුන්ට රකින්න උපද‍ෙස් ද‍ෙන එකයි , අනිත් එවුන්ට දඩුවම් ද‍ෙන එකයි ...උන්ට බය අනිත් එවුන් මුන්ට යුද්ධවලදී අපරාධගනයට වැට‍ෙන ද‍ේවල් කරයි කියලා .. ඒවග‍ෙන් ගැලව‍ෙන්න තමයි ඔය ඔක්ක‍ොම ... බටහිර එවුන් කරපු ඒවට කවද්ද නියම දඩුවම් ලැබුන‍ේ .....:angry::angry::angry:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    එල...

    Americawa kohomath yudha aparada walata puka denna asai. හිට්ලර් ගෙ කොමාන්ඩො භටයන්න අලුත් නීති හදල වෙඩිතියපු විදිය මේකෙ තියන 3i හේතුව තමයි මෙතනදි ඉදිරිපත් කරල තියෙන්නෙ.

    Captured-soldiers-in-American-uniform-are-prepared-for-execution_.jpg

    :confused::confused::confused:

    Americawa kohomath yudha aparada walata puka denna asai. හිට්ලර් ගෙ කොමාන්ඩො භටයන්න අලුත් නීති හදල වෙඩිතියපු විදිය මේකෙ තියන 3i හේතුව තමයි මෙතනදි ඉදිරිපත් කරල තියෙන්නෙ.

    මේක ඔත්තු බැලීම නේද. ඔත්තු කරුවන්ට මරණ දඩුවම තමයි හිමිවෙන්නේ

    අපිට තියන නීති උන්ට නැ බන්....



    බෙන් 10;21322500 said:
    TFS
    You must spread some Reputation around before giving it to SoapLK again.

    එල මචන්


    බුම්ප්... රෙප්

    tq මචන්

    Tfs, rep 10+

    tq මචන්


    එල

    LpwFDEt.jpg

    1988 ඉරාන අහසේ ඉරාන මුහුදු සීමාවේ ඉදන් ඉරාන මගී ගුවන් යානාවකට ඇමෙරිකානු නැවකින් මිසයිල ප්‍රහාරයක් කර එක බිමහෙලනවා..
    https://en.wikipedia.org/wiki/Iran_Air_Flight_655

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බන්...



    එල

    මුන්ට පිස්සු බං කරන යුද්දෙ කරන විදිහට කල්ල ඉවරයක් කරන්නැතුව මගුලක් කරනව :angry: :angry:
    දැන් පැරිශුට් වලට වෙඩි නොතිබ්බ කියල උන් පැරිශුට් වලිං බැස්සට පස්සෙ ඇවිත් යාලු වෙනවද ජිනීව වල ඉන්නෙ අමු පිස්සො :angry: :angry:
    ඔය යුරෝපා රටවල් ටිකට කවද හරි කෙලවෙන්නෙ ඔය කෙහෙම්මල් මානව හිමිකං රැක රැක යුද්ධ කරන්න ගිහිල්ල :sorry: :sorry:

    :D:D:D

    :angry::angry:

    උන් රකින්න‍්‍ෙ නෑ බන් ග උන් කරන්න‍ේ අනිත් එවුන්ට රකින්න උපද‍ෙස් ද‍ෙන එකයි , අනිත් එවුන්ට දඩුවම් ද‍ෙන එකයි ...උන්ට බය අනිත් එවුන් මුන්ට යුද්ධවලදී අපරාධගනයට වැට‍ෙන ද‍ේවල් කරයි කියලා .. ඒවග‍ෙන් ගැලව‍ෙන්න තමයි ඔය ඔක්ක‍ොම ... බටහිර එවුන් කරපු ඒවට කවද්ද නියම දඩුවම් ලැබුන‍ේ .....:angry::angry::angry:

    සිරා කතාව
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :angry::angry:

    උන් රකින්න‍්‍ෙ නෑ බන් ග උන් කරන්න‍ේ අනිත් එවුන්ට රකින්න උපද‍ෙස් ද‍ෙන එකයි , අනිත් එවුන්ට දඩුවම් ද‍ෙන එකයි ...උන්ට බය අනිත් එවුන් මුන්ට යුද්ධවලදී අපරාධගනයට වැට‍ෙන ද‍ේවල් කරයි කියලා .. ඒවග‍ෙන් ගැලව‍ෙන්න තමයි ඔය ඔක්ක‍ොම ... බටහිර එවුන් කරපු ඒවට කවද්ද නියම දඩුවම් ලැබුන‍ේ .....:angry::angry::angry:

    උන් බිම් බෝම්බ එහෙම පාවිච්චි කරන්නැද්ද කොහෙද මං හිතන්නෙ :yes: :yes:
    එලියට පේන්න පොඩ්ඩක් රැකල හොරෙං ගහල කියනව අත්වැරදීම් කියල :baffled: :baffled:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    Battle of bulge eka False flag එකේ , ඉතිං මේ යුරෝපයේනෙ ඇමරිකාව මොකටද මේකට සෙට් වෙන්නෙ? ජිනීවා මානව හිමිකම් නෙවෙයි යුද අපරාධ පිලිබඳව ප්‍රඥප්තියෙ 1949 ජාත්‍යන්තර යුද්ධවලදි සම්මත කරගත්තු ඒවට අදාලව. ඒවා අපේ රටට අදාල වෙන්නෙ නෑ


    මේක තේරුන් නැ බන්.....:confused::confused::confused::confused:
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    සොහොන;21324797 said:
    Lankawe yuda aparada sida une na kiyane wihiluwak neda ?

    ඇත්ත අනිවාරෙන්ම සිද්ද වෙන්න ඇති....මොකද කිහිපදෙනෙක් හරි අනිවාරෙන්ම නීතියෙන් පිට යනවනේ..... නමුත් ප්‍රශ්නේ දිහා බලන්නේ ඒක පාර්ශවිකව... හමුදාවට තමා ගොඩක් චෝදනා කරන්නේ.... LTTE ගැන කතාව අඩුයි....නමුත් වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කොටි....



    Additional Protocol I ඔව් ඔයා හරි මේක ලංකාවටත් අදාලයි:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    waligamaya

    Well-known member


  • ඇත්ත අනිවාරෙන්ම සිද්ද වෙන්න ඇති....මොකද කිහිපදෙනෙක් හරි අනිවාරෙන්ම නීතියෙන් පිට යනවනේ..... නමුත් ප්‍රශ්නේ දිහා බලන්නේ ඒක පාර්ශවිකව... හමුදාවට තමා ගොඩක් චෝදනා කරන්නේ.... LTTE ගැන කතාව අඩුයි....නමුත් වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කොටි....





    11.gif
    11.gif
    11.gif
    11.gif


    එකනේ බන් කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක් විදියට නම් කරලා තහනම් කරනේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇත්ත අනිවාරෙන්ම සිද්ද වෙන්න ඇති....මොකද කිහිපදෙනෙක් හරි අනිවාරෙන්ම නීතියෙන් පිට යනවනේ..... නමුත් ප්‍රශ්නේ දිහා බලන්නේ ඒක පාර්ශවිකව... හමුදාවට තමා ගොඩක් චෝදනා කරන්නේ.... LTTE ගැන කතාව අඩුයි....නමුත් වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කොටි....

    https://en.wikipedia.org/wiki/Criticism_of_the_United_Nations

    LTTE කාරයො කියනව UN එක අපි මරපුව කියල නෑලු :baffled: :baffled:
    අපි මරණකං උන් කටවහං ඉඳලලු :rolleyes: :rolleyes: