යුරේනිට_ඇඳුම්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පිරිත් කියන රථවාහන පොලීසිය සහ යුරේනිට ඇඳුම් අන්දන සංස්කෘතික පොලීසිය.


FormatFactory2.jpg


FormatFactory2A.jpg


FormatFactory3.jpg


ලංකාදීප පුවත් අඩවියේ පළ වී තිබෙන එක්තරා පුවතකට අනුව “මහනුවර මාර්ගයේ පිලැස්ස ද්විත්ව වංගුව අසල රිය අනතුරු බහුල වීම සැලකිල්ලට ගත් මාවතගම පොලිසිය අද (8) පාරට මහාසංඝරත්නය වැඩම කරවා සෙත් පිරිත් සජ්ඣායනයක්” කරවීමේ අපූරු සිදුවීමක් සිදුව තිබේ. මෙය සංවිධානය කර ඇත්තේ මාවතගම පොලීසියේ රථ වාහන අංශය විසිනි. සිද්ධියට අදාළ ආසන්නතම නිමිත්ත නම් මසක් ඇතුළත මෙම පාරේ රිය අනතුරු පහක් සිදුව තිබීමයි. පිරිත් සජ්ඣායනය සඳමා එහි වැඩම කළ ප්‍රදේශයේ ප්‍රධාන හිමි නමක් “එම පිරිත්වල බලයෙන් අනතුරු අවම වේවා”යි ආශිර්වාද කර ඇති බව එම පුවතෙහි දැක්වේ. මීටද වැඩිමනත් කරුණු දක්වන ලංකාදීප පුවතෙහි අවසානයට සඳහන් වන පරිදි මීට වසරකට ඉහතදී කොළඹ-නුවර පාරේ රිය අනතුරු වළක්වා දෙස ලෙස අලුත්ගම දෙයියන්ගෙන් ඉල්ලා සිටිමින් නිට්ටඹුව පොලීසිය දේව කන්නලව්වක් සිදු කර තිබේ. මේ පුවත කියවූ මට එකවරම සිතුණේ එක අතකින් මෙවැනි ‘පරීක්ෂා කර බැලීම්’ ජාතික ආර්ථිකය මෙන්ම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පැත්තෙන්ද මසුරං වටින බව ය. යම් හෙයකින් මේ වැඩේ පත්තු වුවහොත් පොලීසියේ සෑහෙන පිරිසක්ද විශ්‍රාම යවා පොලිස් රාජකාරීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සංඝයා වෙත පැවරීමට හැකි වනු ඇත!


යුරේනි

1381476903_5.jpg



තවත් සිද්ධියක් මීටම ඈඳා ගත් කල අපට බහුතර ශ්‍රී ලංකා සමාජයේ අසිරිමත්භාවය ගැන අපූරු කියවීමකට එළැඹීමට හැකි යැයි සිතේ. දැනට දින කිහිපයක සිට සමාජ මාධ්‍යයන්හි හුවමාරු වන එක්තරා සිද්ධියකට අනුව ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන යුරේනි නොෂිකාගේ එක ක්‍රියාවක් හේතුවෙන් වසර දෙදහස් පන්සියයකටත් අධික කාලයක් පුරාවට සම්ප්‍රේෂණය වන (එහෙත් පරිණාමය නොවන) සිංහල-බෞද්ධ ලෝක දෘෂ්ටියට අසීමිතව ‘ඌයියා’ වී ඇත. යුරේනි කොහොමත් කාලෙන් කාලෙට හැංගි හොරා නළු නිළියන්ගේ නම් ගූගල් කරමින් සෙක්ස් හොයන එහෙත් එළිපිට “නාභිය නොදක්වා – සළු ඇඳ බොලට දක්වා – දසන් දක්වා සිනා නොවීමේ” ආනිසංස ගැන ගෑණුන්ට බණ දේශනා කරන සංස්කෘතික පොලිස්කාරයන්ගේ ඉහ මොළ රත් කරවන්නියක ලෙස ප්‍රකට ය. තම සිරුර නිරාවරණය වන ආකාරයේ ඇඳුමක් හැඳ ගත් ඡායාරූප මුදා හැරීමෙන් ඇය මෙවර සිදු කර ඇත්තේද මේ කුහක මානසිකත්වය මැද්දට බෝම්බයක් අතහැරීමක් බඳු ක්‍රියාවකි. මට අනුව එහිද කිසියම් activism ගතියක් නැත්තේම නැත. මේ පුරුෂෝත්තමවාදී කුහක දෘෂ්ටිවාදයට දරාගන්නට බැරිද එයමය. මා පෞද්ගලිකව තර්ක කරන්නේ නම් මේ අය යුරේනිගේ “නොසන්ඩාල” ඇඳුම් පැළඳුම් විලාසයෙහි ඇති “නැහැදිච්චකම්” දරුණු ලෙස විවේචනය කරන්නේම වක්‍ර මානසික-ලිංගික තෘප්තියක් අපේක්ෂාවෙන් බව යි. එසේ නොවන්නේ නම්, කලින් කලට මොවුන්ගේ common object එක බවට පත්ව සමාජ මාධ්‍යවල විවිධ පාඨ අතරේ හුවමාරුවීම්වලට ලක් වන කාන්තා චරිත බිහි වීමට ඉඩක් තිබේද?
එකවර කියවන විට ඉහත සිද්ධි දෙකම විශද කරන්නේ දේශපාලනික-පරිපාලනමය මෙන්ම සංස්කෘතික වශයෙන්ද සමස්ථ රටක් වශයෙන් අප සිර වී සිටින පසුගාමී දෘෂ්ටිවාදයේ දිග පළල යි. බෞද්ධ සම්ප්‍රදායයට අනුව පිරිත් සජ්ඣායනය කරනු ලබන්නේ කෙනෙකුට නරකක් විය යුතුය යන චේතනාවෙන් නොවේ. කෙනෙකුට හොඳක් කරන චේතනාවෙනි. මේ ඇසුරින් ගත් කල සෙත් පිරිත් සජ්ඣායනා කිරීමෙහි කවර හෝ වරදක් ඇතැයි කිසි විටෙක තර්ක කළ නොහැක. එහෙත්, නූතන ලෝකයේ රටක් නම් රිය අනතුරු වළක්වා ගැනීම වැනි ජාතික අවශ්‍යතාවන් ඉටු කර ගනු පිණිස පිරිත් හෝ වෙනත් ඇහැට නොපෙනෙන බලවේගයක් හෝ සරණ පතන්නේ නැත. ඒ සඳහා අනුගමනය කළ හැකි ඊට වඩා ප්‍රායෝගික (සහ අවශ්‍ය) භෞතික මට්ටමේ පියවර කොතෙක් නම් තිබේද? මෙරට රිය අනතුරුවලට බලපාන ප්‍රධානතම සාධකය නම් අපේ මාර්ග පද්ධතියේ තිබෙන නොදියුණුකම යි. කොළඹ වාණිජ අග නගරයේ පවා මාර්ග පද්ධතියේ තරම මැන ගන්නට දින දෙකක් එක දිගට වර්ෂාව ලැබීම ප්‍රමාණවත්ය. අනෙක් අතට, රිය අනතුරු සහ රථ වාහන පරිහරණය ගැන දියුණු අවබෝධයක් සහ සවිඥානිකත්වයක් රියදුරන් බහුතරය අතර නැත. කොටින්ම කියනවා නම් ඒ විනය අප අතර නැත. පොලීසියද මහ පාරේ රථවාහන නීති ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ ලෙස පෙනෙන්නේ අහක යන ත්‍රී රෝද රථයක් හෝ අල්ලා ගෙන දඩ කොළයක් ලියා “දවසේ ටාගට් කවර් කර ගැනීම” බවට චෝදනා කොතෙකුත් එල්ල වෙමින් පවතී. මෙවන් පසුබිමක, පොලීසිය වැනි ආයතනයකින් අපට බලාපොරොත්තු වන්නට සිදු වන්නේ මෙවැනි ‘විසඳුම්දැ’යි අසන්නට සිදු වන්නේ එහෙයිනි.
සාමාන්‍යයෙන් කිසියම් රටක පරිපාලනමය-නෛතික-දේශපාලනික තීරණ/පියවර ගැනීමේදී ගුප්ත ශාස්ත්‍ර, අභිචාර විධි වැනි උපක්‍රම යොදා ගන්නේ නම්, එවිට අසන්නට සිදු වන්නේ සමස්ථයක් ලෙස ඒ රටේ පරිපාලන යාන්ත්‍රණය පවතින්නේ කොතරම් නොදියුණු තැනකද? යන පැනය යි. මීට පෙර පැවැති මහින්ද රෙජීමය යටතේ රටට වැදගත් හැම තීරණයක්ම ගනු ලැබුවේ දේශපාලනික නියෝජිතයන් නොව ගුරුන්නාන්සේලා සහ කේන්දරකාරයින් බව නොදන්නා කෙනෙක් නැත (දැන් මෙය පිරිත්වලට පහර ගැසීමක් ලෙස ගෙන කලබල වීමට අවශ්‍ය නැත. මෙහි ගැටළුව ඇත්තේ පිරිත්වල නොව පිරිත් යොදා ගන්නා සන්දර්භයන්හි ය). වත්මන් ආණ්ඩුව යටතේ පවා ජාතික මට්ටමේ විභාග සඳහා දින නියම කිරීමේදී විභාග අපේක්ෂකයන්ගේ සහ නිරීක්ෂකයන්ගේ පහසුව, අධ්‍යයන කාල සටහන් සකස් කිරීමේ පහසුව ආදියට වඩා රාහු කාලයට මුල් තැන දුන් සිදුවීම් අසන්නට ලැබුණි. මේ පසුබිම සලකා බලන කල, පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතවල හැඩහුරුකම් තීරණය කරන අභිචාර විධි දේශපාලනික-පරිපාලන-නෛතික ගැටළු විසඳීමේ උපකරණ ලෙස යොදා ගැනීමේ පසුගාමීත්වය වටහා ගැනීම අසීරු විය නොහැක.
මට නම් මේ සිද්ධි දෙකේදී රථ වාහන පොලීසිය සහ ඊනියා සංස්කෘතික පොලීසිය යන දෙකම එක සමාන ය. මේ දෙකම කරන්නේ කළ යුත්ත නිසි පරිදි ඉටු කිරීමට තමන්ගේ ‘නොහැකියාව’ වසා ගැනීම සඳහා වෙන වෙන බයිලා ගැහීම ය.


අශාන් වීරසිංහ –colombotelegraph


 
Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    යුරේනි කියන්නේ කතා කරන්න වටින මාතෘකාවක්ද බන් .. ඊයාක්.. :lol:
     
    • Like
    Reactions: urajdrlk

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    පිරිත් කියන රථවාහන පොලීසිය සහ යුරේනිට ඇඳුම් අන්දන සංස්කෘතික පොලීසිය.


    FormatFactory2.jpg


    FormatFactory2A.jpg


    FormatFactory3.jpg


    ..... වසර දෙදහස් පන්සියයකටත් අධික කාලයක් පුරාවට සම්ප්‍රේෂණය වන (එහෙත් පරිණාමය නොවන) සිංහල-බෞද්ධ ලෝක දෘෂ්ටියට අසීමිතව ‘ඌයියා’ වී ඇත.


    එහෙත්, නූතන ලෝකයේ රටක් නම් රිය අනතුරු වළක්වා ගැනීම වැනි ජාතික අවශ්‍යතාවන් ඉටු කර ගනු පිණිස පිරිත් හෝ වෙනත් ඇහැට නොපෙනෙන බලවේගයක් හෝ සරණ පතන්නේ නැත. ඒ සඳහා අනුගමනය කළ හැකි ඊට වඩා ප්‍රායෝගික (සහ අවශ්‍ය) භෞතික මට්ටමේ පියවර කොතෙක් නම් තිබේද?





    මට තියන ගැටලුව "පරිනාමය නොවන සන්ස්කෘතියක්" යැයි කියන මොහුගේද පරිනාමය නොවු චින්තන ධාරාවක් ඇතිබවයි.උදාහරනයක් විදියට යම්දෙයක් පාලනය කිරීමට ,නැවැත්වීමට ඔහුකියන "නුතන ලොකයේ" දැනට අනුගමනය කරන විධික්‍රම, හොදම විදික්‍රම ලෙස ද්‍රශ්ටිගත වසිටීමයි.ඒපමනක්ද නොව ගුප්ත ක්‍රම/පිරිත් වැනිදේට එකී විදික්‍රමයක් බවට තේරීපත්වීවීමට ඉඩකඩක් නොමැත යන අදහස ඔබගෙන් මටහැගේ.

    යම්කිසිදෙයක් වැලැක්වීමේ(නිකමට කියමු මාර්ග අනතුරු කියලා) හොදම විධික්‍රමය සොයන පරීක්ශනාගාරයතුලට විධික්‍රම 5ක් පරීක්ශාකන්න ගේනවා යැයිසිතමු.
    එසේ පරීක්ශාවට ග්ගේන විදික්‍රම දැක "මේවා මන්තර ක්‍රම, මේවා පිරිත් විධික්‍රම , මේවා කෙම් , මේවා රසායනික අදී බෙදයකින් ඉවතනොදමා සියකුම ක්‍රමයන්ට සම අවස්තාදී ප්‍රතිපල විශ්ලේශනය කලයුතුයි නමුත් ඔබ ඔය දරන , මතය අනුව , ඔබේ පරීක්ශනාගරයේ එහෙම ඉඩක් ලැබෙන්නේ නැත.හේතුව පරීක්ශනයට පෙරම ඔබ නිගමනවලට බැසඇතිනිසා.

    ඉන් පිට දෙයක් ගැන සිතන්නට අවකාශයක් නැත.ලු

    මොහොතක් සිතන්න......
    ඔබ ගුප්තක්‍රම විස්වාසකරන සමාජය යල්පැනගිය එකක්යැයිකියද්දී, ඔබත් යල් පැනගිය අදහස් ඇත්තෙක් බවට පත්වේ. ඒ කෙසේද කෙම් ,ගුප්ත ක්‍රම වලින් ඇත්තටම ප්‍රතිපලයක් නැතැයි යන පුර්වනිගමනයේ (පරීක්ශනයකින් )තොරව එල්බගෙන සිටීමයි.දැනට භාවිත කරන මොඩලයේ ක්‍රම තමයි හොදම ක්‍රම කියා සිතීමයි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    :rofl::rofl: රටට කෙළවෙන වෙන ඕන තරම් දේවල් කතා කරන්න තියෙද්දී ඒවා දැක්කේ නෑ වගේ පොඩි කතන්දර දෙකක් අරගෙන ඒවා ලොකු කරලා පොරක් වෙන්න පොර talks දෙන බුවෙක් වගේ.