යුරෝපයත් ගංවතුරින් යටවෙයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    යුරෝපයත් ගංවතුරින් යටවෙයි

    යුරෝපයත් ගංවතුරින් යටවෙයි

    පවතින අයහපත් කාලගුණය හමුවේ ප්‍රංශයේ ෂේන් නදියේ ජල මට්ටම මීටර් හයකින් ඉහළ යාම හේතුවෙන් පැරිස් නගරයේ ගංවතුර මට්ටම ඉතා කෙටි වෙලාවක් තුළ ඉහළ නැග තිබේ.ලෝක ප්‍රසිද්ධ ලූවර් සහ ඔර්සෙයි කෞතුකාගාර වසා දැමීමට පැරිස් බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර කෞතුකාගාර කාර්යමණ්ඩලය මිල කළ නොහැකි කලා නිර්මාණ ආරක්ෂා සහිත ස්ථාන වලට ගෙන යාමට කටයුතු කරමින් සිටින බවයි පැවසෙන්නේ.දකුණු ජර්මනියේ පුද්ගලයන් දස දෙනෙකු සහ ප්‍රංශයේ එක් පුද්ගලයකු ඇතුළුව යුරෝපයේ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව එකොළහ දක්වා ඉහළ ගොස් තිබේ.

    ප්‍රංශයේ සිට යුක්‍රේනය දක්වා මධ්‍යම යුරෝපයට එළඹෙන සති අන්තයේ ධාරානිපාත වැසි කඩා හැලෙනු ඇති බවටයි කාලගුණික අනාවැකි පළ වී තිබෙන්නේ.ඒ අනුව මෙම කලාපයට මිලිමීටර 50ක වර්ශාපතනයක් පැය කිහිපයක් පුරාවට කඩා හැලෙනු ඇති බවයි කාලගුණ විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ.දකුණු ජර්මනියේ නගර කිහිපයක් දැඩි ගංවතුරෙන් සම්පුර්ණයෙන්ම වාගේ යට වී ඇති අතර බෙල්ජියම, ඔස්ට්‍රියාව සහ පොලන්තයද අයහපත් කාලගුණයෙන් දැඩි පීඩාවට පත්ව සිටියි.

    ප්‍රංශ ජනාධිපති ප්‍රාන්ශුවා ඕලොන්ද් කියා සිටියේ මෙම දරුණු ගංවතුර තත්වය කාලගුණික විපර්යාසයේ ඉතාමත් තීව්‍ර ප්‍රතිපලයක් වන අතර මෙය ගෝලීය වශයෙන් ඉදිරිපත් වී ඇති අභියෝගයක් බවයි.

    ප්‍රංශයේ ඉතා දැඩි ලෙස ගංවතුරින් පීඩා විඳින ප්‍රදේශ වල හදිසි ආපදා තත්වයක් නිවේදනය කිරීමට සැරසෙන ප්‍රංශ ජනාධිපති බලාපොරොත්තු වන්නේ එමගින් ඒ ඒ ප්‍රදේශ වලට සහන සැපයීමට හදිසි ආපදා කළමනාකරණ අරමුදල් භාවිතා කිරීමට නිල අවසරය නිකුත් කිරීමටයි.



    _89867946_033252874-1.jpg


    _89872209_bfd30b46-e1d8-49b3-9e97-804fd2bda7df.jpg


    89867948_033252362-1.jpg


    34D1EA8600000578-0-image-a-6_1464802620837.jpg


    34D333D500000578-0-image-a-11_1464802648779.jpg


    34D3527D00000578-0-image-a-16_1464802694741.jpg


    34D3527900000578-0-image-a-9_1464802643491.jpg


    floodurope63.jpg


    floodurope633.jpg



    bbc-blocks-dark.png
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    BBC බලන්න ඕන දැන් ඒ රටේත් අර ගම්මන්පොල වගේ නිවටයෝ ඉන්නවද කියල ඔය අවස්තාව ප්‍රයොජනයට අරගෙන ප්‍රංශ ආන්ඩු පෙරලන්න හීන මවන. මොනම දියුණු රටක් උනත් කාලගුනික විපර්‍යාස වලට දෙක වෙනවා. ස්වභාවික විපත් වලින් අසරන උනු මිනිසුන්ට ඉක්මනින් යතා තත්වයට පත්වෙන්න ප්‍රාර්තනා කරනවා !:yes:
     
    • Like
    Reactions: Dath