ඔය හෙඩින්ග් එක වැරදි අවබෝධයක් එන විදියටනෙ බන් දාල තියෙන්නෙ "යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ලංකාවත්" කියල දාල පහල තියනව "අසාදු ලේඛනයට ශ්‍රී ලංකාවද ඇතුළත් වීමේ දැඩි අවධානමක් පවතින බව" කියල මුන්ටත් පත්තරේ විකුන ගන්ඩ තියනවනන් ආයෙ රටට මොනා උනත් කමක නෑ... මම සයිට් EU site එකේ බැලුවම එහෙම කතාවක් නෑ හැබැයි, ඇයි ඔහොම චන්ද ගන්ඩ කියල ඔහොම නව නින්ගිරා වැඩ කරන්නෙ කුජීතයි නේද?
කිරිම වරදක් නැ...


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මුල්‍ය විශුද්ධිකරණය පිළිබඳ අධි අවධානමක් සහිත රටක් ලෙස අසාදු ලේඛනගත කර ඇත.
යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය සදහන් කරන්නේ බ්රසල්ස්හි පිහිටි යුරෝපා පාර්ලිමේන්තුවේදී 07 වැනිදා පැවති ඡන්ද විමසීමකදි ශ්‍රී ලංකාවද එම ලැයිස්තුවට ඇතුළත් කරන ලද බවයි.
එහිදී ශ්‍රී ලංකාවට අමතරව ටියුනීසියාව, ට්‍රිනිඩෑඩ්, ටොබැගෝ යන රටවලද එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී මෙම රටවල් අසාදු ලේඛනගත කිරීමට පක්ෂව ඡන්දය 350 ක් හා විරුද්ධව ඡන්ද 283ක් ලැබී ඇත.






