යෙහාලි සංගක්කාර මෑණියෝ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඒ ගැනිට ඕනේ එකක් ඒ ගෑනි අදහයි ඇයි මේ සිංහල බෞද්ධ අය ටිපර් වෙන්නේ මුස්ලිම් හින්දු අය මීටත් වඩා ආගම ඇදහිල්ල නිසා තමන්ට හොද වෙනවා කියලා හිතනවා . සිංහල බෞද්ධයන්ගේ ඇදහිල්ල වල පල්ලට ගියා කියලා උන් පලිද
     
    • Like
    Reactions: Bart_Allen

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ ගැනිට ඕනේ එකක් ඒ ගෑනි අදහයි ඇයි මේ සිංහල බෞද්ධ අය ටිපර් වෙන්නේ මුස්ලිම් හින්දු අය මීටත් වඩා ආගම ඇදහිල්ල නිසා තමන්ට හොද වෙනවා කියලා හිතනවා . සිංහල බෞද්ධයන්ගේ ඇදහිල්ල වල පල්ලට ගියා කියලා උන් පලිද
    ඒ වුනාට උඹලට ලැජ්ජා නැද්ද ඔහොම මිත්‍යාවක් උඹලා අදහන එක ගැන? 😂
     
    • Haha
    Reactions: Arges

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    කැමති එකෙක්ට කැමති ආගමක් අදහන්න නිදහස තියෙනව උගේ ආගමික නිදහස් නිසා අපිට කරදරයක් නොවෙනකන්. ක්‍රිකට් කාරයන්ටත් ඕනෙ ආගමක් අදහ ගත්තට අපිට මොකද?

    බුදු හාමුදුරුවො ජීවමානව හිටපු යුගයෙත් ඉන්දියාවෙ ආගමික ඇදහිලි 62 තිබුණ කියනවනෙ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,101
    113
    අපාය, දිව්‍ය ලෝකෙ

    තම තමන්ගේ මිත්‍යා මත තම තමන් පෞද්ගලිකව අදහගෙන හිටියට කමක් නෑ. බෝධි පූජාව වුනත් ලෝකෙට පේන්න කරනවා කියනවා නම්, එතන එක්කො තියෙන්නෙ බොරු ආගමිකත්වයක මවා පෙන්වීමක්. නැති නම්, අන්තගාමී ආගමීකරණය නිසා මානසිකව බලපෑමකට ලක්වීමක්.

    මේ ආගමික මූව්මන්ට් වල වැඩ තාක්ෂණය නිසා යුටියුබ් සෝෂල් මීඩිය වල පෙන්නුවට පෞද්ගලික අවකාශයක වෙන ඒව විදිහට තමයි ගන්න වෙන්නෙ. මහජන අවකාශයකට ඇතුල් උනාය කියල සැලකෙන සීමාවක් තියෙනවනෙ ඒකෙන් එපිට එයාලගෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ කොහොමද. අනුරාධපුරේ පිච්ච මල් පූජාව මැද්දට ගිහින් උන්ට ගහල එළෙව්වා වගේ කුජීත වැඩක් ඒක.

    ගොඩක් අය කියනව ක්‍රිකට් වලට මේ නිකායන් වල බලපෑමක් තියෙනව කියල. මම දන්නෙ නෑ ඇත්ත නැත්ත. ඇත්ත කියල උපකල්පනය කලොත් ඒක මහජන අවකාශයකට ඇතුල් වීමක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතකයි. මේව මතක් කරන්නෙ මුකුත් නමේ අපේ සාමාන්‍ය ජනතාවට රෙද්දක් ඇදන් මේවට විරුද්ධ වෙන්න පුලුවන්ද කියන එක කියන්න.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    අන්‍යාගමීකරනය කියන්නේ මොකද්ද ?
    සල්ලි දීල හරවන එකද ? නැත්නම් තමන්ගේ ආගමේ බයිලාව ගහල අනිත් කෙනාට විශ්වාසෙ ඇති කරන එකද ?
    ඉතින් එක් වැරද්දක් ද ? :rofl:
    හැම ආගමක් ම ඕක කරල තියනව. එහෙම නැත්නම් ඒ ඒ ආගම මුලින් දේශනා කරපු ශාස්තෘ ට විතරක් සිමා වෙන්ව. එහෙම වෙලා නැත්තේ තමන්ගේ කතාව ප්‍රචාරණය කරල අනුගාමිකයෝ වැඩි කරගෙන ගිය නිසා.

    බලෙන් මිනිස්සුන්ට විශ්වාස ඇති කරවන්න බෑ නේ. ඌ දැනගන්න ඕනේ එක එකාගේ මගුල් විශ්වාස නොකර දේවල් තේරුම් ගන්න.

    මට තේරෙන විදියට එක ආගමක් අන්ධයෙක් විදියට විශ්වාස් කරගෙන ඉන්න එකාව තව ඊට වඩා අදහගන්න බැරි දේවල් දාල හදපු ආගමකට විශ්වාසය අති කරන එක ලේසි. එහෙම උන් බලන් ඉන්නේ මොකක් හරි මිත්‍යවකට රැවටෙන්න. ඒක කතාව කියන එකාගේ වැරැද්ද නෙවෙයි. දෙයක් තේරුම්ගන්න බැරි උන්ගේ වැරැද්ද.
    දැන් මේ 2022. මේ කාලෙ හැමෝටම Information වලට Access තියනව. ඒ නිසා ඉස්සර වගේ පණිවිඩ ගෙනියන්න කිසිම ආගමක් යන්නෙ නෑ ව්‍යාප්තවාදය ආගමේ කොටසක් උන ආගම් හැර. තමන්ගෙ මතේ බලෙන් වෙන කෙනෙක්ට දෙන්න යාමත් අනිත් කෙනාගෙ විශ්වාසය හෑල්ලු කිරීම හෝ නිගරු කිරීමක්. බලෙන් දෙනව කියන්නෙ ඉස්සර වගේ තුවක්කුව දික් කරල නෙමෙයි, ගෙදරට එන්න අවසර ඉල්ලන් දේව වාක්‍ය කියාගෙන අනිත් කෙනාව Convince කරන්න යන එකක් බලහත්කාරකමක්. මොකද එතනම තව කෙනෙක්ගෙ නිදහස බිඳල දාල. තව දෙයක් ඒ ව්‍යාප්තිවාදියො යන්නෙම අසරණයි කියල හිතන මිනිස්සු හොයාගෙන. ඒ අයගෙ අසරණකම Use කරනව. එක එක විදි වලට. සල්ලි එකතු කරන්නෙ බටහිර රටවල වියදම් කරන්නෙ අසරණ මිනිස්සු ඉන්න රටවල. ඔළුගෙඩි ගාන වැඩි කරගන්න එක ආගමක් තියනව පැටව් ගහනව හිටු කියල. Resources Overuse කරනව. අනිත් ආගම චාටුවෙන් පතුරවනව Passive විදියට aggression එක දෙනව. ඒ දෙකම වැරදියි. මේ 2022. Information Age. මිනිස්සුන්ට තමන්ගෙ විශ්වාසයන් ඔබන්නෙ නැතුව නිදහසේ තමතමන්ගෙ විශ්වාසයන් විදියට ඉන්න දෙන්න ඕනෙ. Summary - ව්‍යාප්තිවාදයෙන් හදන්නෙ Cult එකක්. ඒකෙන් හොඳක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: ජොසී

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    . හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතක් කරන්න ඕනෙ.
    දැන් කරන්නේ නැද්ද බන් ඒවා ?
    මම හිතන්නේ තාම කරනවා නේ ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ ආගමික මූව්මන්ට් වල වැඩ තාක්ෂණය නිසා යුටියුබ් සෝෂල් මීඩිය වල පෙන්නුවට පෞද්ගලික අවකාශයක වෙන ඒව විදිහට තමයි ගන්න වෙන්නෙ. මහජන අවකාශයකට ඇතුල් උනාය කියල සැලකෙන සීමාවක් තියෙනවනෙ ඒකෙන් එපිට එයාලගෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ කොහොමද. අනුරාධපුරේ පිච්ච මල් පූජාව මැද්දට ගිහින් උන්ට ගහල එළෙව්වා වගේ කුජීත වැඩක් ඒක.

    ගොඩක් අය කියනව ක්‍රිකට් වලට මේ නිකායන් වල බලපෑමක් තියෙනව කියල. මම දන්නෙ නෑ ඇත්ත නැත්ත. ඇත්ත කියල උපකල්පනය කලොත් ඒක මහජන අවකාශයකට ඇතුල් වීමක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතකයි. මේව මතක් කරන්නෙ මුකුත් නමේ අපේ සාමාන්‍ය ජනතාවට රෙද්දක් ඇදන් මේවට විරුද්ධ වෙන්න පුලුවන්ද කියන එක කියන්න.
    කමෝන් මෑන්. සම්ප්‍රදාය වෙනයි. ආගමීකරණය වෙනයි. ඔන්න පිරිත් නූල් බඳින අයව ටීම් එකට ගන්නවා වගේ දෙයක් තිබ්බා නම්, ඕන එකෙක් ඒකට එරෙහිව හඬක් නගන එක සාධාරණයි.
    පිරිත් නූලත් අල්ලන්නෙ නැතුව හිටපු ඇන්ජලෝලා වගේ අයත් කැප්ටන්සිය දක්වාම ගියා කිසි හෙනයක් නැතිව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    ගෙදරට එන්න අවසර ඉල්ලන් දේව වාක්‍ය කියාගෙන අනිත් කෙනාව Convince කරන්න යන එකක් බලහත්කාරකමක්. මොකද එතනම තව කෙනෙක්ගෙ නිදහස බිඳල දාල.
    මෙහෙත් එන්නේ බන්. ලස්සන කෑලි දෙක තුන එනව මට යෝහොවා ගැන කියලා දෙන්න කාලෙකට. මම ඉතින් උන් එක්ක උන්ගේ අත්දැකීම් , උන්ට දෙයියන් දීපු දේවල් අහනව, බෙදාගන්න්ව. ටිකක් වෙලා යද්දී උන්ට ත්රෙනේව ට්‍රෝල් කරනවා කියලා. ඉතින් කොල ටිකක් දීල ඉක්මනට යනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔය එක ආගමකටවත් නැතුව නිරාගමික වුනානම් ඉවරයි බන්.කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර නරක දේවල් නොකර පුලුවන් විදිහට හැමෝටම උදව් කරගෙන හිටියානම් ආගමක් ඕනේ නෑනේ.ආගම් වල නාමයෙන් මිනිස්සු රවට්ටන්න සහ මිනිස්සුන්ව මානසික වහල්ලු කරන්න බෑ එතකොට. ලෝකේ අනිත් හැම ආගමකටම වඩා ලංකාවේ චීවරධාරියෝ තමයි ඔය වැඩේ ජයටම කරන්නේ. මමනම් දැන් හිතාගෙන ඉන්නේ එහෙමයි. මිනිස්සු අදහනහැම ආගමකටම ගරු කරනවා.හැම ශාස්තෘ කෙනෙක්ටම ගරු කරනවා.හැබැයි ඒවා පස්සේ යන්නේ නෑ. හැබැයි කිසිම පූජකයෙකුට අමුතුවෙන් ගරු කරන්නේ නෑ.

    මිනිස්සු මහින්දට අමුතුවෙන් ගරු කරා ඇදහුවා, මහින්ද ඒකෙන් ප්‍රයෝජන අරන් මිනිස්සු රැවැට්ටුවා, සංගක්කාර ට මිනිස්සු ආදරේ කලා හැබ්යි මිනිහාත් ලෝක අන්ඩපාලයෙක්. සිවුරු ඇඳගත්තාම මිනිස්සු දැක්ක දැක්ක තැන වඳිනවා නිකන් කන්න බොන්න දෙනවා. ඒ අය ඒකෙන් ප්‍රයෝජන අරගෙන මිනිස්සු රවට්ටනවා.පුද්ගලයෝ උඩින් තියන්න එපා ක්‍රමවේදයක් උඩින් තියන්න. ක්‍රමවේදයක් අදහන්න.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Sen-lu and Boole

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    සර් ඉනකන් ඔය කුණු ගොඩවල් තිබ්බෙ නැ ක්‍රිකට් ලස්සනට දියුනු උනා, සර් ගියත් හරි අන්තවාදි ආගමික කන්ඩායම් ආයෙත් ශ්‍රි ලoකා ක්‍රිකට් ඩැහැගෙන .දැන් ශාරිරික ආබාද එන්නෙත් ආගමික අන්තවාදියට ඕන ව්දිහට...
    ඒක නම් ඇත්ත හැබැයි ඕයි. උන්ට ඕනි උන් දාල රඟුවත් වර්ල්ඩ් කප් එක ටාටා බස් වලට වික්කත් මෙහෙම දේවල් උනේ නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    මෙහෙත් එන්නේ බන්. ලස්සන කෑලි දෙක තුන එනව මට යෝහොවා ගැන කියලා දෙන්න කාලෙකට. මම ඉතින් උන් එක්ක උන්ගේ අත්දැකීම් , උන්ට දෙයියන් දීපු දේවල් අහනව, බෙදාගන්න්ව. ටිකක් වෙලා යද්දී උන්ට ත්රෙනේව ට්‍රෝල් කරනවා කියලා. ඉතින් කොල ටිකක් දීල ඉක්මනට යනවා.
    අපේ ගෙදරටත් ඇවිල්ල තියනව, අපි ඉතින් තේ එකක් දීල රටේ දේශපාලනේ පැත්තට කතාව වෙනස් කරල යවල තියනව. ඒත් සමහර මිනිස්සු ටික ටික හැරෙනව ප්‍රතිලාබ බලාගෙන. ගමේ ගෙදරක බුදු පිලිම පොඩි කරල කුණුගොඩට දාල Convert උනේ. දැන් FB ගියාම ඒ ගෙදර උන් තරම් Aggressive විදියට ගහන්නෙ නෑ මුස්ලිම් එකෙක්වත්. ඒ තරම් සැර වෛරයක් බ්‍රේන්වොශ් එකක් දීල තියනව. ඒ කල්ට් එක තමයි වැරදි. සමාජයෙ වෛරී විදියට හැසිරෙන පිරිස ටික ටික වැඩි වෙනව. අසමගිය ටික ටික වැඩිවෙන එක වෙන්නෙ. Chain reaction එකක් වගේ
     
    • Like
    Reactions: ජොසී

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,101
    113
    දැන් කරන්නේ නැද්ද බන් ඒවා ?
    මම හිතන්නේ තාම කරනවා නේ ?

    මාත් දන්නෙ නෑ දැන් කරනවද කියල. තාම කරනවනම් ඉතින් ආයෙ කතා කරල වැඩක් නෑනෙ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඔය එක ආගමකටවත් නැතුව නිරාගමික වුනානම් ඉවරයි බන්.කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර නරක දේවල් නොකර පුලුවන් විදිහට හැමෝටම උදව් කරගෙන හිටියානම් ආගමක් ඕනේ නෑනේ.ආගම් වල නාමයෙන් මිනිස්සු රවට්ටන්න සහ මිනිස්සුන්ව මානසික වහල්ලු කරන්න බෑ එතකොට. ලෝකේ අනිත් හැම ආගමකටම වඩා ලංකාවේ චීවරධාරියෝ තමයි ඔය වැඩේ ජයටම කරන්නේ. මමනම් දැන් හිතාගෙන ඉන්නේ එහෙමයි. මිනිස්සු අදහනහැම ආගමකටම ගරු කරනවා.හැම ශාස්තෘ කෙනෙක්ටම ගරු කරනවා.හැබැයි ඒවා පස්සේ යන්නේ නෑ. හැබැයි කිසිම පූජකයෙකුට අමුතුවෙන් ගරු කරන්නේ නෑ.
    හරි.උඹ එහෙම ඉන්නකොට, උඹ දකිනවා එක්තරා ආගමක එක්තරා පූජකයෙක් මහ අමුතු කතාවක් කියලා උඹලගෙ ගමේ ඉන්න අහිංසක මිනිස්සු ටිකක් රවට්ටලා සල්ලි ටිකක් ගරාගන්නවා. උඹ කට පුක වහං පාඩුවෙ ඉන්නවද ඕන එකෙක් ඕන එකක් කරගත්තාවෙ කියලා?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,776
    113
    එකමත් එක රටක
    අපේ ගෙදරටත් ඇවිල්ල තියනව, අපි ඉතින් තේ එකක් දීල රටේ දේශපාලනේ පැත්තට කතාව වෙනස් කරල යවල තියනව. ඒත් සමහර මිනිස්සු ටික ටික හැරෙනව ප්‍රතිලාබ බලාගෙන. ගමේ ගෙදරක බුදු පිලිම පොඩි කරල කුණුගොඩට දාල Convert උනේ. දැන් FB ගියාම ඒ ගෙදර උන් තරම් Aggressive විදියට ගහන්නෙ නෑ මුස්ලිම් එකෙක්වත්. ඒ තරම් සැර වෛරයක් බ්‍රේන්වොශ් එකක් දීල තියනව. ඒ කල්ට් එක තමයි වැරදි. සමාජයෙ වෛරී විදියට හැසිරෙන පිරිස ටික ටික වැඩි වෙනව. අසමගිය ටික ටික වැඩිවෙන එක වෙන්නෙ. Chain reaction එකක් වගේ
    ඕකට හේතුව මිනිස්සු කැමති උත්සහයෙන් දෙයක් ගන්නේ නැතුව නිකන් ලැබෙනවට . තමන් ගැන විශ්වාසයක් නෑ .. මොකක් හරි නොපෙනෙන බලවේගයක් ඇවිත් තමන්ට දෙයක් දෙනවට , පිහිට වෙනවට ... අනුන්ගේ දේවල් වලට. ඕව ටික අයින් කරගත්තා නම් ඔය මොකා කතාන්ද කිව්වත් ඒවා පස්සේ යන්නේ නෑ .
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,101
    113
    සම්ප්‍රදාය වෙනයි. ආගමීකරණය වෙනයි.

    දෙකක් බව නම් පිළිගන්නව. ඔය වෙනස නිශ්චිතව සූත්‍රගත කරන්න බැරි එකයි අවුල. එකක් තියෙනකම් අනික පවතින්න ඉඩ හදල දෙනව.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මාත් දන්නෙ නෑ දැන් කරනවද කියල. තාම කරනවනම් ඉතින් ආයෙ කතා කරල වැඩක් නෑනෙ.
    වෙනස් වෙන්න ඕන දේවල්. සම්ප්‍රදාය කියලා හැමදාම යල්පැන ගිය දේවල එල්ලිලා ඉන්න ඕන නෑ නෙ. දැං ලෝකෙ එන්න එන්නම එක යායක් වෙන නිසා open minded විදියට හැම දේම දකින්න ඕන.

    දෙකක් බව නම් පිළිගන්නව. ඔය වෙනස නිශ්චිතව සූත්‍රගත කරන්න බැරි එකයි අවුල. එකක් තියෙනකම් අනික පවතින්න ඉඩ හදල දෙනව.
    බැරිකමක් නෑ නෙ බං. සම්ප්‍රදාය කියන්නෙ යම් නිශ්චිත ප්‍රදේශයක යම් නිශ්චිත කටයුත්තක් කලාන්තරයක් කරගෙන ආපු විදිය.
    ආගමීකරනය කියන්නෙම එකෙක්ව ආගමකට ඇදලා ගන්න දහම් ගැටයක් ගහන එක.
    ------ Post added on Nov 20, 2022 at 12:41 PM
     
    • Like
    Reactions: RealityOfX