ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස විසින් ඊයේ (03) හෙළිදරව් කළ දුෂණ වංචා පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී කාර්යාල අද (04) නිවේදනයක් නිකුත්කර තිබෙනවා. බලධාරියෙකුගේ අත්සනක් රහිතව නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ එම හෙළිදරව් කළ තොරතුරු අතර වූ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සමබන්ධ චෝදනා අසත්‍ය බවයි. එම නිසා ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.
අත්සනක් රහිතව නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි
“ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා 2022.05.03 වන දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිළිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී 2022.05.03 දින පවත්වන්නට යෙදුනු මාධ්‍ය සාකච්ඡාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාට අයත් ඉඩම් ලෙසට යම් ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසත්‍ය හා ජනතාව නොමගයවනසුළු ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඔහුට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව ඉදිරි නීති කටයුතු සිදුකිරීම සඳහා ස්වකීය නීතීඥවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.
එකී මාධ්‍ය ප්‍රකාශයේ දී සිදුකරන ලද අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකිමු.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය”