යොසෙමිට් ජාතික වනොද්‍යානය

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    යොසෙමිට් ජාතික වනොද්‍යානය

    කැලිෆෝනියාවේ ඇමරිකා එක්සත් ජනපදය


    1890 මෙම උද්‍යානය ජාතික උද්‍යානයක් ලෙසට ගැසට් නිවෙදනයකින් නම් කරන ලදි. රළු භූමි ප්‍රදේශයන් දිය ඇලි සහ සියවස් ගනන් පැරණි පයින් ගස් වැනි දෑ හේතුවෙන් මෙය ලොකප්‍රකට වනොද්‍යානයක් විය. ව.කි.මි 1200 පුරා පැතිර ඇති මෙම උද්‍යානයේ වඩාත්ම සිත්ගන්නා සුළු ආකර්ශණීය දර්ශනය වනුයේ "ගිනි" දිය ඇල්ලයි ("Fire" waterfall of El capitan).

    මෙම සිත්ගන්නා සුළු දර්ශණය නිරමාණය වී ඇත්තේ හිරු එළිය නියත කෝණයකින් කඩා හැලෙනා දිය ඇල්ලේ වතුර මත පතිත වීම නිසාය. මෙම දුරුලභ දර්ශණය දැක ගත හැකි වනුයේ සෑම අවුරුද්දකම පෙබරවාරියේ අග, සති ඩෙකක කාලයක් ඇතුලතය. මෙම දුරුලභ දර්ශණය ඡායාරූපයට නැගීමට ඡායා රූප හට ඉතා ඉවසීමෙන් බලා ඉඳීමට සිදුවේ. මන් යත් මෙම දර්ශණය උදෙසා ස්වාභාවික ආශ්චර්යයන් කිහිපයක් එකම වෙලාවක සිදු වීම අවශ්‍ය වීම ශ වාසනාව තිබීම අත්‍යාවශ්‍ය වීමත්ය.....

    1) දිය ඇල්ලේ ආරම්භය :-

    දිය ඇල්ල සෑදෙනුයේ කඳුමුදුනේ ඇති හිම සහ අයිස් දිය වීමෙන්ය. දෙසැම්බර් සහ ජනවාරි අතර තුර මේවා දියවීම සිදුවන අතර පෙබරවාරිය අවසන් වීමට ලඟාවත්ම තව දුරටත් දිය වීමට අයිස් සහ හිම ඉතිරි නොවෙයි. එහෙයින් මේවා කඬුමුදුනේ සිට පහලට කඩා හැලෙන්නේ දියඇල්ලක් ලෙසටය

    2)හිරු එලිය අවශ්‍ය කොණයකට කඩා හැලෙන දිය ඇල්ලේ වතුර මත පතිත වීම :-

    හිරුගේ පිහිටීම අහසේ විශේශ ස්ථානයක විය යුතු අතර, මෙම පිහිටීම පෙබරවාරියේ අග සැන්දෑ කාලයක ඉතා කෙටි කාලයකට සීමා වේ. යම් හෙයකින් මෙම සුර්යාගේ පිහිටීම වන අවස්ථාවේ අඳුරු වළාකුලකින් හිරු එළිය ගිලගතහොත් මෙම දර්ශනය නොපෙනී යනු ඇත.
    මේ අනුව මේ උද්‍යානයේ කාළගුනයේ එකවිට සිදුවන මෙම ස්වාභාවික සිදුවීම් බොහෝ වර්ශවල ඉතා ඉක්මනින් වෙනස්වන සුළුවන අතර කලින් කිව නොහැකිවේ. එහෙයින් ඡායාරූපයට ගැනීමද ඉතා අසීරු වේ.

    viewer 01.jpg

    viewer 02.jpg

    viewer 04.jpg

    viewer 06.jpg

    viewer 10.jpg

    මම මේවා ගත්තේ ඊමේල් එකකින්...
    මේක මීට කලින් දැකපු නැති අය ඉන්නවනම් ඔන්න දැන් බලලා comment එකකුයි rep දාලා ගියාට කමක් නෑ............ :) :) :)
     
    • Like
    Reactions: slsaico

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mata ada bnz mail eka aawe....sry wenna ona..repost ekata
    aththatama oyage eka mata wada hondata thiyenawa bnz....elaz
    :sorry::sorry::shocked::shocked:

    ඉතින් ඕකත් ඔය මගේ එකම තමා බන්.........
    සිංහල ට්‍රාන්ස්ලේෂන් එක කලේ මම.............