ධර්මය අවබෝධකරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුවයි තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි හිතන්ට පුරුදු වුණොත් ධර්මය අවබෝධකරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරයම කියල කියන්නෙ. ධර්මය අවබෝධකරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ ‘අයෝනිසෝ මනසිකාරයම කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම . යමෙක් යෝනිසෝ මනසිකාරයට පැමිනුණොත් එයාට ධර්මය අවබෝධකරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරා බේරාගත යුත්තේ යෝනිසෝ මනසිකාරයම උපදවා ගැනීමයි.@asliyanage යොනිසො මනසිකාරය කියන්නෙ ඔබේ වචන වලින් මොකක්ද?
ps: - මොකක් වුනත් උඹ මෙහෙම හරි මිනිස්සුන්ගෙ හිත නිවෙන දෙයක් දාන එක ලොකු දෙයක් ......................................
ධර්මය අවබෝධකරන්ට පුළුවන්ද බැරිද කියන දේ අපි හිතන ආකාරය අනුවයි තීරණය වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදුන් විදිහට අපි හිතන්ට පුරුදු වුණොත් ධර්මය අවබෝධකරන්ට පුළුවන්. ඒ හිතන රටාවට තමයි යෝනිසෝ මනසිකාරයම කියල කියන්නෙ. ධර්මය අවබෝධකරන්ට බැරිවෙන විදිහට හිතන එකට තමයි කියන්නෙ ‘අයෝනිසෝ මනසිකාරයම කියල. එතකොට අපිට අමාරු දේ තමයි අයෝනිසෝ මනසිකාරය අතහැරල යෝනිසෝ මනසිකාරයට පැමිණීම . යමෙක් යෝනිසෝ මනසිකාරයට පැමිනුණොත් එයාට ධර්මය අවබෝධකරගන්ට පුළුවන්. එතකොට අපි කල්පනා කළ යුත්තේ තෝරා බේරාගත යුත්තේ යෝනිසෝ මනසිකාරයම උපදවා ගැනීමයි.
යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය උපදවාගත්තොත් එයාට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය ඇතිකර ගැනීමට පුළුවන්. යෝනිසෝ මනසිකාරය උපදවාගන්නා ආකාරය භාග්‍යවතුන් වහන්සේ අපිට විවිධ ආකාරයට විස්තර කරල තියෙනව. අන්න ඒ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ විස්තර කළ ධර්මයන් ඉගෙනගෙන ඒ විදිහට අපි කල්පනා කළොත් කාටත් තමාගේ සිතේ යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ හැම දෙනාටම චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය උපදව ගන්ට පුළුවන්කම තිබෙනව.
ඉතින් ඒ දක්ෂකම උපදව ගන්ට ප්‍රමාද නො විය යුතු යි. ප්‍රමාදවෙන හැම මොහොතක් පාසාම අයෝනිසෝ මනසිකාරය තුළයි අපි වාසය කරන්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් බැහැර වෙලා යෝනිසෝ මනසිකාරයට පැමිණීම තමයි දුෂ්කර. ඒ සඳහා තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් මඟ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තරයේ පිළිපැදිය යුත්තේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ම ඟ පෙන්වීම අනුව යමින් ඒ අවවාද අනුශාසනාව යමෙක් තරයේ පිළිපැද්දොත් එයාට යෝනිසෝ මනසිකාරය උපදවාගැනීම කළ හැකි ම ය.
භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වාදෙනවා පාපි අකුසල විතර්ක හිත හිත ඉන්ට එපා. පව් රැස්වෙන අකුසල සිතුවිලි පවත්වා ඉන්ට එපා කියල. මොනවද ඒ අකුසල විතර්ක? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහින්සා විතර්ක භාග්‍යවතුන් වහන්සේ කියා දෙන්නෙ?” නේතේ භික්ඛවේ විතක්කා අත්ත සංහිතාම පින්වත් මහණෙනි, ඒ පාපී අකුසල විතර්ක හිත හිතා ඉඳීම අර්ථය පිණිස පවතින්නෙ නෑ කියල. ඒ කියන්නෙ තමාටත් අනුන්ටත් යහපත උපදවල දෙන්නෙ නෑ. සැපත ඇතිකරල දෙන්නෙ නෑ. දුකෙන් නිදහස්වීම ඇතිකරල දෙන්නෙ නෑ. අනර්ථයක්මයි ඇතිකරල දෙන්නෙ. අන්න ඒ නිසා පාපී අකුසල විතර්ක කරන්ට එපා කියල තියෙනවා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියාදෙනව, ඒ අකුසල විතර්ක හිත හිතා ඉඳීම පිරිසිදු බඹසර උපදවන්ට හේතුවන්නෙ නෑ. ඒ කියන්නේ පිරිසිදු ජීවිතයක් උපදවන්ට හේතුවන ශීල, සමාධි, ප්‍රඥා කියන නිවන් මඟ වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවන්ට ඒ පාපී අකුසල සිතුවිලි උපකාර වෙන්නෙ නෑ. දැන් බලන්න යම් කෙනෙක් කාමයන් ගැන හිත හිතා ඉන්නවා නම් කාමයන් ගැන සිතුවිලි සිතේ පවත්වා ඉන්නවා නම් තරහ සහිත සිතුවිලි පවත්වා ඉන්නවා නම් හිංසා සහගත සිතුවිලි පවත්වා ඉන්නවා නම් එයා තමන්ට හිත පිණිස හිතන කෙනෙක් නෙවෙයි.
එයාට අනුන්ට හිත පිණිස හිතන්ටත් බෑ. එයාට පුළුවන්ද ශීලය ආරක්ෂා කරගන්ට? සිල්පද ආරක්ෂා කරගන්ට බෑ. යමෙහකුට සිල්පද ආරක්ෂා කරගන්ට බැරිනම් සිතේ එකඟතාවයක් උපදවාගන්ට එයාට බෑ. සිතේ සමාධියක් උපදවාගන්ට එයාට බෑ. සමාධියක් උපදවාගන්ට බැරි කෙනාට ප්‍රඥා උපදවාගන්ට බෑ. ආර්ය සත්‍යය පිළිබඳ ඥානයක් ඇතිකරගන්ට බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපිට කියාදෙනවා. ඒ පාපී අකුසල සිතුවිලි හිත හිත ඉන්ට එපා කියලා.
අපි මේ පින්වතුන්ට ආශිර්වාද කරනවා අපගේ බුදු රජාණන් වහන්සේ පෙන්වාදුන් පරිදි අකුසල් බැහැර කරමින් කුසල් උපදවා ගනිමින් නිවන් මඟ පුරුදු කරගැනීමට භාග්‍යය උදාවේවා කියල.
මේ ලියනගේ කියන කෙනා ප්‍රශ්නයක් ඇහුවට කවදාවත් හරියට උත්තරයක් දෙන්නෙ නෑ.දිග වැඩියි මචන්.. අනික යෝනිසෝමනසිකාරය කියන්නෙ මෙන්න මේකයි කියලා ඔයාගෙ උත්තරේ ඇතුලෙ නැහැ.
ඔයා ඇත්තටම උත්තරේ දන්නව නම් මෙච්චර වටේ යන්නෙ නැහැ. සූත්‍රයෙ තියෙනවා තේරුම..
ඔවු අවුල තියෙන්නෙ වැරදි දහම් කරුණක් අනුන්ට දුුුුුන්නොත් තමනුත් අමාරුවේ, අනුනුත් අමාරුවේ....මේ ලියනගේ කියන කෙනා ප්‍රශ්නයක් ඇහුවට කවදාවත් හරියට උත්තරයක් දෙන්නෙ නෑ.
දිග වැඩියි මචන්.. අනික යෝනිසෝමනසිකාරය කියන්නෙ මෙන්න මේකයි කියලා ඔයාගෙ උත්තරේ ඇතුලෙ නැහැ.
ඔයා ඇත්තටම උත්තරේ දන්නව නම් මෙච්චර වටේ යන්නෙ නැහැ. සූත්‍රයෙ තියෙනවා තේරුම..
ඔව් වැරදි දෙයක් කියනවට වඩා නොදන්න ධර්මය කතා නොකර ඉන්න එක වටිනවා.ඔවු අවුල තියෙන්නෙ වැරදි දහම් කරුණක් අනුන්ට දුුුුුන්නොත් තමනුත් අමාරුවේ, අනුනුත් අමාරුවේ....
සංඝභේද පාපයේ ලගින් යන්නෙ ඕක...
ඔව් වැරදි දෙයක් කියනවට වඩා නොදන්න ධර්මය කතා නොකර ඉන්න එක වටිනවා.
මම දෙවෙනි කමෙන්ට් එකෙත් දැම්මා ඒක හොයාගන්න විදියHari yoniso manasikaraya kiyanne mokakda kiyala daapan muchan.. anit ayatat godak wedagat wei..
මම දෙවෙනි කමෙන්ට් එකෙත් දැම්මා ඒක හොයාගන්න විදිය
ප්‍රථම භූමි
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්දක නිකාය » පෙටකොපදෙශ » 1. ප්‍රථම භූමි
3. එහි අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාරය කවරෙ යත්: අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර නම් : යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ ද මේ අධ්‍යාත්මයෙහි යෝනිසො මනසිකාර යී කියනු ලැබේ. යම් සේ පුරුෂයෙක් තෙත පහවැගිය වියළි කාෂ්ඨයෙක මතුයෙහි වියළි උත්තරාරණියකින් මදිනුයේ ගිනි ඉපැදවීමට සුදුසු වෙයි, කවර හෙයින යත් ගිනි ඉපැදවීමට කාරණ වන හෙයිනි. එපරිදි මැ හෙ දුක්ඛ–සමුදය–නිරොධ–මග්ගයන්ගේ අවිපරීත ධර්මදේශනාව මෙනෙහි කෙරෙයි. මේ අධ්‍යාත්මයෙහි යොනිසො මනසිකාර'යි කියනු ලැබේ.
***-**************
බුදුදහමේ පරම අරමුණ තමයි දුක කෙළවර කිරීම, නිවන් සුවය ලැබීම....
යොනිසො මනසිකාර කිව්වම හැමෝම පුරුද්දට කියන්නෙ "නුවණින් මෙනෙහි කිරීම" කියලා.
නමුත් නුවණින් මෙනෙහි කරලා තමයි හුගක් අය වැඩකරන්නෙ. විශේෂයෙන් ඩ්‍රයිවින් කරන අය, යන්ත්‍ර සූත්‍ර වල වැඩ කරන අය. ඉතින් එහෙම කලාට උන් නිවන් දකින්නෙ නැහැනෙ.
එතකොට බුදුදහමේ නුවණින් මෙනෙහි කරන්න ඕන මොකක්ද...
යොනිසෝමනසිකාරය එන්නෙ සෝතාපත්ති අංග වල තුන් වෙනියට. ඊට කලින් දෙකක් තියෙනවා කරගන්න.
අඞ්ග සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 5. සගාථකපුඤ්ඤාභිසන්ද වර්ගය
3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්:
සත්පුරුෂසෙවනය
සද්ධර්මශ්රවණය
යොනිසොමනස්කාරය
ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි.
මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
සත්පුරුෂයෙක් (ධර්මය දන්න, එනම් අඩුම සෝවාන් හෝ මාර්ග අනුගාමී) ඇසුරු කරන්න ඕන.
"සද්ධර්ම" "ශ්‍රවණය" - නිකන් ධර්මය නෙවෙයි. අනික ශ්‍රවනය හෙවත් අහලාම දැනගන්න ඕන.
ඊලගට තමයි පොයින්ට් එක. යොනිසොමනසිිිිකාරය. ඒ ධර්මය අර ඉහත පඨමභූමි සුත්‍රයේ තියෙන විදියට නීවරණයන්ගෙන් තොරව ධර්මය අවබෝධ වෙන මට්ටමට හිත හදාගෙන මනසිකාරය කරන්න ඕන.
ඉතින් යොනිසොමනසිිිිකාරය කරද්දී මොකද වෙන්නෙ? සබ්බාසව සුත්‍රයේ සදහන් ආකාරයට උපන් කෙලෙස් දුුුුුරුවෙනවා. නූපන් කෙලෙස් නූපදින්නම හේතු වෙනවා.
අර මේකෙ අත්ට්‍රැක්ටර් පදින එක නවත්තගන්න ක්‍රම අහලා ත්‍රෙඩ් අරින එවුන්ටත් මේක ප්‍රයොජනවන් වේවි. නමුත් සෝතාපත්ති අංග වල මුල් කරුණු දෙක සපුරලා තියෙන්න ඕන. එහෙම නැතිව මොකක් නුවණින් මෙනෙහි කරන්නද......
සබ්බාසව සූත්‍රය
ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ගය
3. මහණෙනි, මම (නුවණින්) දන්නහුට දක්නහුට ආස්‍රවයන්ගේ ක්ෂය කිරීම කියමි. නො දන්නහුට නො දක්නහුට නො කියමි. යලි දු මහණෙනි, කුමක් දන්නහුට කුමක් දක්නහුට ආස්‍රව ක්ෂය වේ ද? යොනිසොමනසිකාරය ද අයොනිසොමනසිකාරය ද (දන්නහුට දක්නහුට ආස්‍රව ක්ෂය) වේ. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ උපදිති. උපන්නාවූ ද ආස්‍රවයෝ වැඩෙති. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නුපන්නා වූ ද ආස්‍රවයෝ නුපදිති. උපන්නා වූ ද ආස්‍රවයෝ ප්‍රහීණ වෙති.
මේ මගේ අවබෝධයට අනූව යොනිසොමනසිිිිකාර විග්‍රහය.
ඇත්තටම නොතේරෙන එක හරි. ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්..Muchan, keepa watawak kiyewwa...mata meter wenne naa kiyala tiyena dee... pddak pahadili karanna puluwan da?
යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ" meken kiyanne mokkda?
"එතකොට බුදුදහමේ නුවණින් මෙනෙහි කරන්න ඕන මොකක්ද... " mekata uttare mokakda kiyala hoyaganna bari una....
aramunak aragena example ekak denna puluwanda?