යෝනිසෝ මනසිකාරය අපිට අවශ්‍යමයි

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    ඇත්තටම නොතේරෙන එක හරි. ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්..

    "යමෙක් දහම් දෙසන කල්හි බාහිර අරමුණු නො ගෙන නුවණින් මෙනෙහි කෙරේ" සුත්‍රයේ මෙතන සරලවම කියලා තියෙන්නෙ වල්පල් කල්පනා නොකර ධර්මය නුවණින් මෙනෙහි කිරීම..

    bana ahana ekath baahira aramunak kiyala kiyanna barida kaata hari.. bahiren ena aramunak nisa..

    නමුත්...

    "එතකොට බුදුදහමේ නුවණින් මෙනෙහි කරන්න ඕන මොකක්ද... " කියන එකට උත්තරේ තියෙන්නෙ සෝතාපත්ති අංග සූත්‍රයේ.

    ඒකෙ විදියට මුලින්ම සත්පුරුයෙක්ගෙන් සද්ධර්මය අහන්න ඕන.. ඒ ධර්මය තමයි මෙනෙහි කරන්න ඕන. ඉතින් ඒ සද්ධර්මය නොදන්න කෙනෙක් මොකක් මෙනෙහි කරන්නද...ඒ දහම දැනගන්නකන් යොනිසොමනසිිිිකාරය මක්කටද...

    "ඒ ධර්මය තමයි මෙනෙහි කරන්න ඕන" ee dharmaya menehi karanawa kiyanne... mona dharma karanawada?...practically eka menehi kanarawa kiyanee mokakda?

    uda kiyala tiyena eka anuwa..manasi karaya kerenne bana ahana welawedi... yata kiyala tiyena anuwa manasikaraya karanne ahala iwaraunata passe...eka nogalapeemak newei da?
     
    • Like
    Reactions: asliyanage

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    bana ahana ekath baahira aramunak kiyala kiyanna barida kaata hari.. bahiren ena aramunak nisa..
    මට තේරෙන විදියට එතනදි බාහිර කියන්නෙ ධර්ම කරුණු වල⁣ට පරිබාහිර අරමුණු වලට තමයි ඔතන බාහිර කියන්නෙ.
    සමහර විට ඔයා හිතන එක හරි වෙන්න පුලුවන්.

    "ඒ ධර්මය තමයි මෙනෙහි කරන්න ඕන" ee dharmaya menehi karanawa kiyanne... mona dharma karanawada?...practically eka menehi kanarawa kiyanee mokakda?

    ඒ ධර්මය කියලා කියන්නෙ සත්පුරුෂයෙක් ඔබට කියන සද්ධර්මය. තවත් සරල කලොත් ආශ්වාද, ආදීනව, නිස්සරණය... තවත් සරල කලොත් සත්ත්වයා ජීවිත කාලය පුරාම හොයන ආතල් එක හෙවත් ආශ්වාදයේ අවුල....

    පඨම අස්‌සාද සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. අවිජ්‌ජා වර්ගය

    ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.

    අරහන්‌ත සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 1. අන්ත වර්ගය

    මහණෙනි, යම් කලෙක පටන් මහණ මේ පඤ්චොපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත වැ මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ අර්හත් යැ, ක්ෂීණාස්‍රව යැ, වුසූ බඹසර ඇත්තේ යැ, කළ සිවුමඟ කිස ඇත්තේ යැ, බහා තැබූ පස්කඳ බර ඇත්තේ යැ, (මඟ පල) පිළිවෙළින් පැමිණි ස්වාර්ථ ඇත්තේ යැ, ක්ෂය වී ගිය භවසංයෝජන ඇත්තේ යැ, මොනොවට දැන (සසරින්) මිදිණැ යි කියනු ලැබේ.
    uda kiyala tiyena eka anuwa..manasi karaya kerenne bana ahana welawedi... yata kiyala tiyena anuwa manasikaraya karanne ahala iwaraunata passe...eka nogalapeemak newei da?

    එතන පැහැදිලිවම නොගැලපීමක් තියෙනවා. හුගක් වෙලාවට මට වැරදීමක් වෙන්න පුලුවන්. සමහර විට පරිවර්තන දෝෂයක් වෙන්නත් පුලුවන්. ඒත් ඒක වෙන්න තියෙන චාන්ස් අඩුයි.

    හැබැයි ඔය මෙනෙහි කිරීම අවස්ථා දෙකේදිම කරන්න පුලුවන් කියලා අපිට ප්‍රායෝගිකව හිතාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG and asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    ඒ ධර්මය කියලා කියන්නෙ සත්පුරුෂයෙක් ඔබට කියන සද්ධර්මය. තවත් සරල කලොත් ආශ්වාද, ආදීනව, නිස්සරණය... තවත් සරල කලොත් සත්ත්වයා ජීවිත කාලය පුරාම හොයන ආතල් එක හෙවත් ආශ්වාදයේ අවුල....

    meka thawa pinpoint karanna puluwanda? ashwadahaya awul kiyala hitha hitha innada oni? nettam mokakda.. mama ahanne practically.

    හැබැයි ඔය මෙනෙහි කිරීම අවස්ථා දෙකේදිම කරන්න පුලුවන් කියලා අපිට ප්‍රායෝගිකව හිතාගන්න පුලුවන්.

    habai meka awastha dekakadeema karanna puluwan kiyala gattot.. bana ahana kena (mulinma) dharmaya danne naa nee..eyat manasi kara karanawanam...manasikara karanna bana ahala tiyenna oni kiyana eka awulne..nattam bana ahanakota manasikara arana kathawa awul.
     
    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දිග වැඩියි මචන්.. අනික යෝනිසෝමනසිකාරය කියන්නෙ මෙන්න මේකයි කියලා ඔයාගෙ උත්තරේ ඇතුලෙ නැහැ.

    ඔයා ඇත්තටම උත්තරේ දන්නව නම් මෙච්චර වටේ යන්නෙ නැහැ. සූත්‍රයෙ තියෙනවා තේරුම..
    සරලව කියනව නම්ද දර්මයට අනුව නුවනින් විමසීමේ හෑකියාව

    මේ ලියනගේ කියන කෙනා ප්‍රශ්නයක් ඇහුවට කවදාවත් හරියට උත්තරයක් දෙන්නෙ නෑ.
    මෙකෙන් වෙන්නේ එහෙම දෙයක් නේමේ, කට්ටිය දර්මය ගෑන හොයන්න පටන් ගන්නව, එතකොට දර්මය ගෑන ඉගෙන ගන්නවා
    ------ Post added on May 20, 2022 at 2:31 AM

    ------ Post added on May 20, 2022 at 5:08 AM
     
    • Love
    Reactions: INCORRECT

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    meka thawa pinpoint karanna puluwanda? ashwadahaya awul kiyala hitha hitha innada oni? nettam mokakda.. mama ahanne practically.

    ආශ්වාදයෙ අවුල දන්නවා කියන්නෙම කෙනෙක්ගෙ ජීවිතේ නෙවෙයි, මුලු සසරම කණපිට හැරෙනවා.
    ආශ්වාදය දන්න කෙනා එහි ආදීනව වටහාගන්නවා, නිශ්ශරණය හෙවත් නිවන් මගත් ඔහුට අවබෝධ වෙනවා.

    සත්‌තට්‌ඨාන සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 1. උපය වර්ගය
    මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය දනියි, රූප සමුදය දනියි, රූපනිරෝධය දනියි, රූපනිරෝධගාමිනීපටිපදාව දනියි, රූපයාගේ ආස්වාදය දනියි, රූපයාගේ ආදීනව දනියි, රූපයාගේ නිශ්ශරණය දනී.

    අස්‌සාද සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 3. ඛජ්‌ජනීය වර්ගය
    මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජන රූපයාගේ ආශ්වාද ද,ආදීනව ද, නිස්සරණය ද ඇති සැටි නො දනියි. වේදනාවගේ ... සංඥාවගේ ... සංස්කාරයන්ගේ ... විඥානයාගේ ආස්වාද ද, ආදීනව ද, නිශ්ශරණ ද ඇති සැටි නො දනියි.
    ++++++++++++++++++++++++++++++

    පිටකය පුරාම සදහන් වෙනවා මේ ආශ්වාදය, එහි ආදීනව සහ ඉන් මිදීම හෙවත් නිස්සරණය ගැන.

    මහාපුණ්ණම සූත්‍රය
    මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.

    දේසනාහාරවිභඞ්ගය

    එහි දේසනාහාර කවරෙ යත්: ‘අස්සාදාදීනවතා’ යන ගාථා යි. මේ දෙසනාහාර යැ. කුමක් දේශනා කෙරෙති යත්: ආස්වාදය ආදීනවය නිස්සරණය ඵලය උපායය ආණ්ත්තිය යන මේ දෙසෙති. “මහණෙනි, තොපට ආදිකලණ වූ මැදකලණ වූ අවසනැ කලණ වූ අර්ථසම්පත්තියෙන් සාර්ථ වූ ව්‍යඤ්ජනසම්පත්තියෙන් සව්‍යඤ්ජන වූ එළැවියැයුතු නැතියෙන් ඒකාන්තපරිපූර්ණ වූ හළයුතු නැතියෙන් පරිශුද්ධ වූ දහමක් දෙසමි. සසුන්බඹසර පවසමි” යි.

    එහි ආස්වාද කවරෙ යැ:

    1. මනාපිය රූපාදි ත්‍රෛභූමක වස්තුකාමය කැමැතිවන ඒ සත්වහට ඉදින් ඒ කාමවස්තුව සමෘද්ධ වේ නම් (ලැබේ නම්) ඒ සත්ත්ව රිසිවූ කාමය ලැබ ඒකාන්තයෙන් තුටු සිත්ඇතියේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කතාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාද යි.

    එහි ආදීනව කවරෙ යැ:
    2. වස්තුකාමයන් කැමතිවන උපන් තෘෂ්ණා ඇති ඒ සත්ත්වයාගේ ඒ වස්තුකාමයෝ ඉදින් පිරිහෙත් නම්, එකල්හි හේ අයෝමයාදි ශල්‍යයෙකින් විදුනාලද්දකු සෙයින් පෙළේ යයි. විපරිණාමාන්‍යථායෙන් පෙළෙනුයේ මේ ආදීනව යි.

    එහි නිස්සරණ කවරෙ යැ:
    3. යම් මහණෙක් (ජීවත්වනු කැමැති පුරුෂයෙක්) තමාගේ පාදය කෙරෙන් සර්පයකුගේ හිස සෙයින් වස්තුකාම ක්ලේශකාමයන් (විෂ්කම්භණ විසින් හෝ සමුච්ඡේද විසින් හෝ) දුරුකෙරේ ද ඒ මහණ ලොවැ විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව ස්මෘතිමත්ව ඉක්මවාලයි. මේ නිවන් අරමුණු කොට ඇති මාර්ගඥානයෙන් තෘෂ්ණාව දුරැලීම නිස්සරණ යි.

    සම්‌බොධ සූත්‍රය

    මහණෙනි, මට මෙබඳු සිතෙක් විය: ඇස නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ ඇසේ ආස්වාද යි. යම් ඇසෙක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ ඇසේ ආදීනව යි. ඇසෙහි යම් ඡන්දරාගය දුරුකිරීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ ඇසේ නිස්සරණ යි. කන නිසා යම් … නැහැය නිසා යම් … දිව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ දිවේ ආස්වාද යි. යම් දිවක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ දිවේ ආදීනව යි. දිවේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ දිවේ නිස්සරණ යි. කය නිසා යම් … සිත නිසා යම් සුවයෙක් සොම්නසෙක් වේ නම් මේ සිතේ ආස්වාද යි. යම් සිතක් අනිස වේ නම් දුක් වේ නම් වෙනස් වනසුලු වේ නම් මේ සිතේ ආදීනව යි. සිතේ යම් ඡන්දරාගය දුරැලීමෙක් ඡන්දරාග ප්‍රහාණයෙක් වේ නම් මේ සිතේ නිස්සරණ යි.
    ++++++++++++++++++++++++++++++

    නමුත් අවුල තමයි කොච්චර මේ ගැන කොච්චර පොතේ තිබුනත්, පොත කියවපු පමණින් ආශ්වාද, ආදීනව, නිස්සරණය අවබෝධ නොවීම.

    සමහර සූත්‍ර වල තියෙනවා මේක ‘අහලා‘ දැනගන්න ඕන කියලා.

    කීටාගිරි සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 2. භික්ඛු වර්ගය

    කිසෙයින් මහණෙනි, අනුපූර්‍වශික්ෂායෙන් අනුපූර්‍වක්‍රියායෙන් අනුපූර්‍වප්‍රතිපදායෙන් අර්‍හත්ත්වයෙහි පිහිටීම වෙයි යත්: මහණෙනි, මෙලොව්හි උපන් සැදැහැ ඇත්තේ ගුරුන් කරා එළඹෙයි, ගුරුන් කරා එළඹෙනුයේ උපාසන කෙරෙයි, (සමීපයෙහි හිඳීයි.) උපාසන කරනුයේ ඇසීමට කන් නතු කෙරෙයි, නතු කළ කන් ඇත්තේ දහම් අසයි, අසා දහම් ප්‍රගුණ කොට ධරයි, ධැරූ ධර්‍මයන් ගේ අර්ථය නුවණින් විමසයි, අරුත් විමසන්නාහට ධර්‍මයෝ වටහත්, ධර්‍මයන්ගේ වැටහීම ඇති කල්හි කත්තුකම්‍යකුසලච්‍ඡන්‍ද උපදී, උපන් කුසලච්‍ඡන්‍ද ඇත්තේ වැර වඩයි, වැර වඩා (අනිත්‍ය යැ දුඃඛ යැ අනාත්ම යැ යි) තුලනය කෙරෙයි, (තීරණප්‍රඥායෙන්) තුලනය කරනුයේ ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි, නිවනට මෙහෙයූ සිත් ඇත්තේ නාමකයිනුදු පරමසත්‍ය ප්‍රත්‍යක්ෂ කෙරෙයි, (නාමකායසම්ප්‍රයුක්ත වූ) මාර්ගප්‍රඥායෙනුදු එ නිවන ප්‍රතිවෙධ කොට දකී.
    ++++++++++++++++

    පිටකයේ දහම අවබෝධ කරපු බව සදහන් හුගක් තැන් වල ‘බණ අසා‘ සෝවාන් ආදී මාර්ගපල ලබපු බව සදහන් වෙන්නෙ..

    ඡන්‌න සූත්‍රය

    ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ මේ දම්දෙසුන් අසා මා විසින් දහම් අවබොධ කරණ ලද්දේ යයි.

    අභය ස්ථවිරගාථා

    26. සූර්ය්‍යබන්ධු වූ බුදුරජාණන් වහන්සේගේ සුභාෂිතය අසා (දක්ෂ දුනුවායකු) වලග හීයෙන් විදුනාක් මෙන් සියුම් වූ නිරොධසත්‍යය අවබොධ කෙළෙමි.

    කණ්හදින්න ස්ථවිරගාථා

    179. (මා විසින් ශාරීපුත්‍රාදි) සත්පුරුෂයෝ සෙවුනාලදහ. එක්වන් (නිතර) දහම් අසනලද යැ, අසා නිර්වාණය පිහිට කොට ඇති මඟට පිළිපන්මි.

    වාසෙට්ඨි ථෙරීගාථා

    137. ඔබගේ දහම් අසා සසුන්හි පැවිදි වුමු. බුද්ධ වචනයෙහි (භාවනානුයොග වශයෙන්) යෙදෙමින් නිර්වාණ පදය පසක් කළමු.
    +++++++++++++++

    ඒ වගේම බුද්ධශාසනයට අයිති කෙනෙක් හැර වෙන කෙනෙක්ට මේක කියාදෙන්න තේරෙන්නෙ නැහැ කියලත් තියෙනවා

    මහාදුක්ඛක්ඛන්ධ සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 2. සීහනාද වර්ගය

    5. මහණෙනි, මෙසේ කියන්නා වූ අන්තොටු පිරිවැජියෝ මෙසේ කියයුතු වන්නාහු ය: “ඇවැත්නි, කාමයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? රූපයන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් ද? වෙදනාවන්ගේ ආස්වාදය කවරේ ද? ආදිනවය කවරේ ද? නිස්සරණය කුමක් දැ’ යි. මහණෙනි, මෙසේ විචාළා වූ අන්තොටු පිරිවැජියෝ මෙය සපයා කිය නොහෙන්නාහ. මත්තෙහි දු වෙහෙසට පැමිණෙන්නාහ. එය කවර හෙයින යත්: එය ඔවුන්ට විෂය නො වූ ප්‍රශ්නයක් වන බැවිනි. මහණෙනි, තථාගතයන්ගෙන් හෝ තථාගත ශ්‍රාවකයාගෙන් හෝ මේ ශාසනයෙන් හෝ නො අසා යමෙක් මේ ප්‍රශ්න විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් එවැන්නක්හු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොකයෙහි, දෙවි මිනිසුන් සහිත මහණබමුණන් සහිත ප්‍රජාවෙහි මම නොදකිමි.
    +++++++++++++++++

    මේ දහම වැටහෙන පුද්ගලයො කවුද කියලා ධර්මයේ සදහන් වෙනවා.

    දේසනාහාරවිභඞ්ගය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » ඛුද්‌දක නිකාය » නෙත්තිප්පකරණ » 3. පටිනිද්දේසවාරය » විභඞ්ග

    එහි භාග්‍යවතුන් වහන්සේ උද්ඝටිතඥ (උද්දිෂ්ටමාත්‍රයෙන් අවබෝධ කරන) පුද්ගලහට නිස්සරණ දේශනාව දෙසනසේක. විපඤ්චිතඥ (විස්තරයෙන් නිර්දිෂට කල්හි අවබෝධ කරන) පුද්ගලහට ආදීනවය ද නිස්සරණය ද දෙසනසේක. ප්‍ර‍තිනිර්දේශයෙන් අවබෝධ කරවියයුතු නෙයපුද්ගලහට අස්සාදය ද ආදීනවය ද නිස්සරණය ද දෙසනසේකි.
    +++++++++++++++++++

    අහපු ප්‍රශ්ණෙට සරල උත්තරේ...

    මෙනෙහි කරන්න ඕන මොකක්ද කියලා මනසිකාර සූත්‍රය‍ෙ තියෙනවා. ඒ කියන්නෙ නිවනේ ශාන්තිය. ලෝකයේ අසාර බව....

    මනසිකාර සූත්‍රය - ත්‍රිපිටකය

    ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ මෙනෙහි කරන්නේ ය: “යම් බඳු මෙ සර්‍වසංස්කාරයන්ගේ ශමථයෙක් සර්‍වොධීන්ගේ ප්‍ර‍තිනිඃසර්‍ගයෙක්, තෘෂ්ණාක්ෂයයෙක්, විරාගයෙක්, නිරොධයෙක් නිර්‍වාණයෙක් වේ නම්, තෙල ශාන්ත ය, තෙල ප්‍ර‍ණීත ය” (කියා) යි.

    ඔය කරුණු “මට අවබෝධ විදියට“ තමයි ලිව්වෙ..

    ආශ්වාදය ගැන මම දන්න දේ ඕන නම් ටයිප් කරලා දාන්නම්...... හැබැයි හොදම දේ තමයි ආශ්වාද ආදීනව නිස්සරණය දන්න ස්වාමින්වහන්සේ නමකගෙන් හෝ සත්පුරුෂයෙකුගෙන් අහලම දැනගන්න එක....
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    Some great suttas there. Thanks!!!

    Meken kiyanne manasikara kiyala karanne

    1. Niwane shanthiya kalpana karanna
    2. lokaye asara bawa kalpana karanna

    ow da? na da?

    methana lokaya kiyanne panchaskandha lokayada?

    ඔය කරුණු “මට අවබෝධ විදියට“ තමයි ලිව්වෙ..

    ආශ්වාදය ගැන මම දන්න දේ ඕන නම් ටයිප් කරලා දාන්නම්...... හැබැයි හොදම දේ තමයි ආශ්වාද ආදීනව නිස්සරණය දන්න ස්වාමින්වහන්සේ නමකගෙන් හෝ සත්පුරුෂයෙකුගෙන් අහලම දැනගන්න එක....

    Ekath liyanna walawa tiyenam.
     
    • Like
    Reactions: asliyanage

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Some great suttas there. Thanks!!!

    Meken kiyanne manasikara kiyala karanne

    1. Niwane shanthiya kalpana karanna
    2. lokaye asara bawa kalpana karanna

    ow da? na da?
    සූත්‍රයේ සදහන් විදියට නිවනේ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරන්න තියෙන්නෙ. එය කරන්න වෙන්නෙ ධර්මය අසා දැනගත්තට පස්සෙ.

    ඒ වගේම එය විමුක්තායතන සූත්‍රයේ සදහන් වෙන ආකාරයට විමුක්ති මාර්ගයක්..

    විමුත්‌තායතන සූත්‍රය

    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » පඤ්චක නිපාතය » 3. පඤ්‌චඞ්‌ගික වර්ගය

    වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

    ලෝකය-

    සතිපට්ඨාන විභඞ්ගය

    ත්‍රිපිටකය » අභිධර්ම පිටකය » විභඞ්ගප්‍රකරණය 1 » 7. සතිපට්‌ඨානවිභඞ්ගය

    විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එ ම කය ලෝක යැ, පඤ්චොපාදානස්කන්ධයෝ ද ලෝක යැ, මේ ’ලෝක’ යි කියනු ලැබේ.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    සූත්‍රයේ සදහන් විදියට නිවනේ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරන්න තියෙන්නෙ. එය කරන්න වෙන්නෙ ධර්මය අසා දැනගත්තට පස්සෙ.

    ඒ වගේම එය විමුක්තායතන සූත්‍රයේ සදහන් වෙන ආකාරයට විමුක්ති මාර්ගයක්..

    methana prashna keepayak enawa

    1. sankathayaka indagena hiten wath ganna bari asankathayak menehi karanna kohomada..? nikan wachana maathryak arenna
    2. sutraya tiyenne manasikara kiyala...eken kohomda me yoniso manasikaraya gana kiyanne kiyala adahasata enne?
    3. sutraye tiyenne samadhiya wadena widhiha... onima sithuwillakin samadhiyak wadanna puluwan mama hithana widihata..
    4. yoniso manasikaraya kiyanne meka kiyaka support karanna pulwaun wena sutra tiyenawada?

    වැලිත් යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍ක කෙරේ. අනුවිචාර කෙරේ. සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ. මහණෙනි, මහණ යම් යම් පරිදි යථාශ්‍රැත යථාපර්ය්‍යාප්ත ධර්‍මය සිතින් අනුවිතර්‍කන කෙරේ නම්, අනුවිචරණ කෙරේ නම්, සිතින් අනුප්‍රෙක්‍ෂා කෙරේ නම්, ඒ ඒ පරිදි හෙ එ දහම්හි අරුත් පිළිවිදුනේත් පෙළදම් පිළිවිදුනේත් වෙයි. අරුත් පිළිවිදුනා පෙළදම් පිළිවිදුනා ඕහට ප්‍රමොදය උපදනේය. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදනේය. ප්‍රීතිමනස්කයාගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇතියේ සුව විඳිනේය. සුව ඇතියහුගේ සිත සමාහිත වේ. මහණෙනි, යම් විමුත්තායතනයෙක්හි අප්‍රමත්ත ව ආතාපී ව ප්‍රහිතාත්ම ව වාස කරණ මහණහුගේ අවිමුක්ත වූ හෝ චිත්තය මිදේ නම්, අපරික්‍ෂීණ වූ හෝ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් නම්, අනනුප්‍රාප්ත වූ හෝ අනුත්තරයොගක්‍ෂමයට අනුප්‍රාප්ත වේ නම්, මේ ඒ සතරවන විමුක්තායතනයයි.

    සතරවන විමුක්තායතනය kiyanne mokakda?

    thanks again!
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    methana prashna keepayak enawa

    1. sankathayaka indagena hiten wath ganna bari asankathayak menehi karanna kohomada..? nikan wachana maathryak arenna
    2. sutraya tiyenne manasikara kiyala...eken kohomda me yoniso manasikaraya gana kiyanne kiyala adahasata enne?
    3. sutraye tiyenne samadhiya wadena widhiha... onima sithuwillakin samadhiyak wadanna puluwan mama hithana widihata..
    4. yoniso manasikaraya kiyanne meka kiyaka support karanna pulwaun wena sutra tiyenawada?

    සතරවන විමුක්තායතනය kiyanne mokakda?

    thanks again!

    @INCORRECT ,

    brother, I know these things take huge amount of time, just wanted to send a friendly reminder for a reply when you can. Thanks!
     
    • Love
    Reactions: INCORRECT

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ මගේ අදහස පමණයි, වැරදි නම් කරුණාවෙන් නිවැරදි කරන්න:

    සත්පුරුෂසෙවනය
    සද්ධර්‍මශ්‍රවණය
    යොනිසොමනස්කාරය
    ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි.

    මේ සෝවන් අංග මිසක් කෙනෙක් සෝවාන් වෙන පිළිවෙල නෙමෙයි (මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි), එකියන්නේ මේ සෝවාන් වුන කෙනෙක් ලඟ තියෙන ගතිගුණ කියල තමයි මම හිතන්නෙ. සෝවාන් වෙනව කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධය මේක ක්ෂණිකව වෙන දෙයක්, ඔබගේ ජීවිතයට apply කරල බලන්න, ඔබට යමක් අවබෝධයට යන්නෙ සුළු වෙලාවයි නමුත් ඒ අවබෝධය පාවිච්චි කරල වැඩ කරන්න, නැත්නම් ඉදිරි ප්‍රතිපල ලබාගන්න තමයි වැඩි වෙලාවක් යන්නෙ. ඉතින් සෝවාන් වුන කෙනෙක් ඊළඟ මාර්ග ඵල ලබාගැනීමට තමයි මේ අංග අනුගමනය කරන්නෙ.

    මෙතන යොනිසොමනස්කාරය කියන්නෙ ශ්‍රවණය මගින් නොයෙක් අයුරින් අසන සද්ධර්‍මය සිතිවිලි උපන් තැන් වලදී (යොනි කියන්නේ උප්පත්ති ස්ථානයයි) apply කිරීම මගින් ආශ්වාද සහ විපාක කුමක්දැයි වෙන් වෙන්ව හඳුනාගෙන ආශ්වාදහි ආදීනවය දැනගෙන එමගින් කෙලෙස් ප්‍රහානය (නිස්සරණය) කිරීමයි. මෙමගින් වැඩෙන්නෙ ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියයි (එනම් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයයි),
     
    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    Ela

    මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර ගන්නේ කොහොමද
    ------ Post added on Jun 17, 2022 at 8:40 AM
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මේ මගේ අදහස පමණයි, වැරදි නම් කරුණාවෙන් නිවැරදි කරන්න:

    සත්පුරුෂසෙවනය
    සද්ධර්‍මශ්‍රවණය
    යොනිසොමනස්කාරය
    ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි.

    මේ සෝවන් අංග මිසක් කෙනෙක් සෝවාන් වෙන පිළිවෙල නෙමෙයි (මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි), එකියන්නේ මේ සෝවාන් වුන කෙනෙක් ලඟ තියෙන ගතිගුණ කියල තමයි මම හිතන්නෙ. සෝවාන් වෙනව කියන්නෙ චතුරාර්‍ය සත්‍ය අවබෝධය මේක ක්ෂණිකව වෙන දෙයක්, ඔබගේ ජීවිතයට apply කරල බලන්න, ඔබට යමක් අවබෝධයට යන්නෙ සුළු වෙලාවයි නමුත් ඒ අවබෝධය පාවිච්චි කරල වැඩ කරන්න, නැත්නම් ඉදිරි ප්‍රතිපල ලබාගන්න තමයි වැඩි වෙලාවක් යන්නෙ. ඉතින් සෝවාන් වුන කෙනෙක් ඊළඟ මාර්ග ඵල ලබාගැනීමට තමයි මේ අංග අනුගමනය කරන්නෙ.

    මෙතන යොනිසොමනස්කාරය කියන්නෙ ශ්‍රවණය මගින් නොයෙක් අයුරින් අසන සද්ධර්‍මය සිතිවිලි උපන් තැන් වලදී (යොනි කියන්නේ උප්පත්ති ස්ථානයයි) apply කිරීම මගින් ආශ්වාද සහ විපාක කුමක්දැයි වෙන් වෙන්ව හඳුනාගෙන ආශ්වාදහි ආදීනවය දැනගෙන එමගින් කෙලෙස් ප්‍රහානය (නිස්සරණය) කිරීමයි. මෙමගින් වැඩෙන්නෙ ධර්‍මානුධර්‍මප්‍රතිපත්තියයි (එනම් ආර්‍ය අෂ්ටාංගික මාර්ගයයි),

    Mee attach karala tiyena sutrayata anuwa nam saptipattanayen tamai sowan wenne...
     
    Attachments

    • 274667546_654584725869657_6121122664465225104_n.png
      274667546_654584725869657_6121122664465225104_n.png
      337 KB · Views: 46
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Mee attach karala tiyena sutrayata anuwa nam saptipattanayen tamai sowan wenne...

    ඔබ හරි බොහොම පිං, ඔරම්භාගිය සුත්‍ර දෙකක් තියනවා:

    සංයුත්තනිකාය » මහාවග්ගපාළි » මග්ගසංයුත්තං » ඔඝවග්ගො »
    “මහණෙනි, මේ ඕරම්භාගිය (යට කොට්ඨාශය නම්වූ එකොළොස් කාම භවයෙහි උපතට හේතුවූ) සංයෝජන පසකි. කවර නම් පසක්ද යත්? සක්කාය දෘෂ්ටිය, විචිකිච්ඡාව සීලබ්බතපරාමාසය, කාමච්ඡන්දය, ව්‍යාපාදය යන මොහුයි. මහණෙනි, මේ වනාහී ඕරම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
    (මේ ඡේදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡේදය මෙනි)
    “මහණෙනි, මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයයි” වදාළසේක.

    අඞ්ගුත්තරනිකාය » නවකනිපාතපාළි » (7) 2. සතිපට්ඨානවග්ගො »
    මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.
    “කවර පසක්ද යත්? විචිකිච්ඡාවය, සක්කාය දිට්ඨිය, සීලබ්බතපරාමාසය, කාමච්ඡන්‍දය, ව්‍යාපාදය කියායි. මහණෙනි, මේ ඔරම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.
    “මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්චොරම්භාගීයසඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.

    මේ අනුව සතිපට්ඨානයෝ වැඩීම යනු අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිමම තමයි සෝවාන් වෙනව කියන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වීම මම හිතන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වූ විගස මුල් සංයෝජන තුන නැතිවෙනව. මේක ක්ෂණිකව වෙන දෙයක් කියලයි මම හිතන්නෙ.
     
    • Like
    Reactions: NRTG and asliyanage