යෝශිතගේ CSN ගැන විශේෂ විමර්ශනයක්
Source gossip lanka http://www.lankagossipgirlnews.com/2015/01/special-investigation-about-csn.html
හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාවික නිලධාරී යෝෂිත රාජපක්ෂ මහතා විසින් පවත්වා ගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක්ස් (CSN) රුපවහිනි ආයතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
මේ අනුව, එම රුපවාහිනි නාලිකාවට අදාල බලපත්‍ර ලබාදීමේදී අදාල රාජ්‍ය ආයතන නිත්‍යානුකුල නොවන අකාරයෙන් කටයුතු කර තිබෙන බවටත්, එමෙන්ම ජාතික රූපවාහිනියේ හා ස්වාධින රුපවාහිනියේ විකාශන කුළුණු, කැමරා ඇතුළු උපකරණ එම නාලිකාව විසින් භාවිතා කර තිබෙන බවටත් ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර තිබේ.
CSN එකෙන් ක්‍රිකට් තරග ගැලවේ !
මේ අතර (ඊයේ 23) පැවති මාධ්‍ය සාකච්ජාවකදී ජාතික රූපවාහිනියේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ප්‍රකාශ කළේ, දැනට CSN. නාලිකාව සතු කරගෙන ඇති ක්‍රිකට් තරග විකාශන අයිතිය යළි ජාතික රූපවාහිනියට ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.
නීත්‍යනුකූලව ක්‍රිකට් විකාශන අයිතිය පැවරී තිබුණේ ජාතික නාලිකාවට පමණක් වුවද, අදාළ පනත සංශෝධනය කරමින් පසුගිය රජය විසින් ක්‍රිකට් තරග විකාශන අයිතිය රාජ්‍ය හෝ ක්‍රීඩා නාලිකාවකට ලබා දිය හැකි බවට නීති ගෙන ආ බව ද දිසානායක මහතා කීවේය.
ඒ අනුව පෞද්ගලික නාලිකාවක් වන CSN නාලිකාවට ක්‍රිකට් තරග විකාශනය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන් ම පවරා දී තිබූ බව කී දිසානායක මහතා එම නාලිකාව රටේ සියලු ප්‍රදේශ ආවරණය නොකරන නිසා ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් රැසකට දැඩි අසාධාරණයක් වූ බව ද කීය.
පනතට ගෙන ආ එම සංශෝධනය යළි වෙනස් කර තරග විකාශන අයිතිය නැවත ජාතික නාලිකාව වෙත පවරා ගැනීම පිළිබඳ සොයා බැලීම කරන බව ද ඉදිරි සති දෙක තුළ මේ සම්බන්ධව අවසන් තීන්දුවක් ගන්නා බව ද දිසානායක මහතා පැවැසීය.