තජුඩීන් ඝාතනය ගැන අනුර සේනානායකගෙන් ප්‍රශ්න කරයි: අනුර කොට කලිසමකින් සැරසී ඝාතනය මෙහෙයවන වීඩියෝවක් හමුවෙලා
නියෝග දුන් අය කව්ද කියා බේරෙන්නැයි අනුරගේ දරුවෝ පියාට බල කරති
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.19, ප.ව.11.30) රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගෙන් ඊයේත් අදත් පැය ගණනාවක් තිස්සේ ප්‍රශ්න කළ බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
තජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් ලෙස පොලිස් පරීක්ෂණ විකෘති කිරීමට උපදෙස් සහ බල කෙළේ අනුර සේනානායක බව දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන එම පරීක්ෂණය සිදුකළ නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ද ඉන්පසුව කට උත්තර දුන් පොලිසියේ තවත් නිලධාරීන්ද රහස් පොලිසියට ප්‍රකාශ කර තිබිණ.
එවකට රහස් පොලිසියේ ලොක්කෙකු ලෙස කටයුතු කළ ඉහල පොලිස් නිලධාරියෙකුද තමන්ට තජුඩීන් ඝාතනයේ පරීක්ෂණ විකෘති කිරීමට අනුර සේනානායක බල කළ බව ප්‍රකාශ කර තිබේ.
අඩුම ගණනේ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට තජුඩීන් රථය තුල මියගොස් සිටිනවා පරීක්ෂා කරන්නටවත් අනුර සේනානායක ඉඩ දී නැති අතර එහි සේයාරුවක් හෝ පෙන්වා නැත. ඔවුන් මළ සිරුර පරීක්ෂා කර ඇත්තේ මෝචරියට රැගෙන ගියාට පසුව ය.