රංගජීව මිනිමරුවා යලි සේවයේ!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රංගජීව මිනිමරුවා යලි සේවයේ!

gossiplanka_2018-11-21-484.jpg

වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසියකදී රැඳවියන් 27 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරය සිට ඇප මත මුදා
හැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා අද (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිසිය කියයි.

නියෝමාල් රංගජීව මහතා නැවතත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම සේවයේ පිහිටුවා ඇති බවත්


ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීය.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා පෙරේදා (19) වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය ඊයේ (20) දින පොලිස්පතිවරයා පරීක්ෂා කර මෙම පියවර ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින අත්අඩංගුවට ගෙන තබුණි.

අත්අඩංගුවට ගෙන මාස 6 ට අධික කාලයක් පුරා රිමාන්ඞ් බාරයේ සිටි රංගජීව මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියානාධිකරණය ඉකුත් සැත්තැම්බර් 21 වැනි දින ඒ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

(ඉන්දිකා රාමනායක)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    is that the one you took from this story? Nothing else ?:dull:

    නැතුව වෙන මොනාද ඒකෙන් ගන්ඩ තියෙන්නෙ??? පැහැදිලි කරපන් බලන්ඩ ගන්ඩ තියෙන දේ..???
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තාම කිසිම උසාවියකින් වැරදිකාරයෙක් කරල නැත්නම් සේවයේ පිහිටවපු එක වැරැද්දක් නැහැ..
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ane uba danna huththa thama Rangajeewa gana
    hama labbatama deshapalane gawagena kiyonawa
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕකුන්ව මරල දාන එක නම් කොච්චර හොදද බං
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඕකුන්ව මරල දාන එක නම් කොච්චර හොදද බං

    මේ වගේ ම්ලෙච්ඡ කතා තමයි දැන් වැඩි වැඩියෙන් ඇහෙන්නේ. නීතිය බල්ලට ගිහින්, බල්ලෝ රජ වුනාම ඔහොම තමයි!
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේ වගේ ම්ලෙච්ඡ කතා තමයි දැන් වැඩි වැඩියෙන් ඇහෙන්නේ. නීතිය බල්ලට ගිහින්, බල්ලෝ රජ වුනාම ඔහොම තමයි!

    කුඩු කාරයො ජීවත් වෙලා ඉද්දි වෙන හානිය
    එක්ක බලද්දි මරල දාන එකෙන් වෙන යහපත වටිනව
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Kudu gena unta api mokada karanna ona? Ex. Duminda Silva?

    අපිට කරන්න දෙයක් නෑනෙ බං..
    කරන එකෙක්ට වත් කරගන්න දෙන්න එපායෙ..
    අපිට නෙමෙයි ඒක ලේසි එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
    ඇමරිකාවෙවත් කුඩු අයින් කරන්න පුලුවන් වෙලා නෑනෙ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අපිට කරන්න දෙයක් නෑනෙ බං..
    කරන එකෙක්ට වත් කරගන්න දෙන්න එපායෙ..
    අපිට නෙමෙයි ඒක ලේසි එකෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
    ඇමරිකාවෙවත් කුඩු අයින් කරන්න පුලුවන් වෙලා නෑනෙ

    ඈමරිකාවට බෑ කියලා අපිත් බෑ බෑ කියලා ඉන්න ඕනීද? මීනීමරලා මේ මිනිස්සු පවු පුරෝගන්නේ රටේ දරුවෝ කුඩ්ඩන්ගෙන් කුඩ්ඩන් වීමෙන් බේර ගන්න.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කුඩු කාරයො ජීවත් වෙලා ඉද්දි වෙන හානිය
    එක්ක බලද්දි මරල දාන එකෙන් වෙන යහපත වටිනව

    aniwa marannama thama one
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕකුන්ව මරල දාන එක නම් කොච්චර හොදද බං

    ඔය දැක්මෙන්ම අපි මිනීමරලා හිරේ ඉන්න, කුඩු දුමින්දවත් මරා දමමුද? :confused: :confused: :confused:

    නෑ ෆ්‍රෙන්ස් ලඟදීම කුඩු දුමින්ද නිදහස්වී එනවා. ඇවිත් වීරයා වෙනවා. ඌට නඩුදාපු, හිරේ ඇරපු උන් වැරදිකාරයෝ වෙනවා. :D :D :D :D

    හිරු කඩේ යන්නේ ඒ සඳහායි :yes: :yes: :yes: :yes:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔය දැක්මෙන්ම අපි මිනීමරලා හිරේ ඉන්න, කුඩු දුමින්දවත් මරා දමමුද? :confused: :confused: :confused:

    නෑ ෆ්‍රෙන්ස් ලඟදීම කුඩු දුමින්ද නිදහස්වී එනවා. ඇවිත් වීරයා වෙනවා. ඌට නඩුදාපු, හිරේ ඇරපු උන් වැරදිකාරයෝ වෙනවා. :D :D :D :D

    හිරු කඩේ යන්නේ ඒ සඳහායි :yes: :yes: :yes: :yes:

    හිරු එක අයිතිකාර රෙනෝට සල්ලි ලැබුනේ කොහෙන්ද? මල්ලිගේ බිස්නස් වලින් එන කලු සල්ලි සුදු කරන්න අටවාගත් එකක් නොවේද?