රංගජීව මිනිමරුවා යලි සේවයේ!

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    මිනී මරුවන් යළි සේවයට කැඳවයි. නියෝමාල් රංගජීව සුපුරුදු රාජකාරියට

    Published in පුවත් Thursday, 22 November 2018 13:00

    2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ රංගජීව එදින (09 වනදා) මධ්‍යම රාත්‍රිය වන විට බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. ඒ නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශවල නිළධාරින් සමඟයි. එම සිදුවීමේදී සිරකරුවන් තෝරමින් ඝාතනය කළේ මෙම නියෝමාල් රංගජීව බවට සාක්ෂිකරුවන් රැසක් සිය සාක්ෂි ලබා දී තිබුණා.

    තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සහ ඇඟේ හිරි ඇර ගැනිමට අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන කුඩු ගංජා චෝදනා ඉදිරිපත් කරමින් තාඩන පීඩන එල්ල කිරීම ගැනද මේ මිනි මරු නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනව. එලෙස රංගජීවගෙන් පැහර කෑ අයකුද මෙමෙ වැලිකඩ සංහාරයේදි ‍තෝරගෙන ඝාතනයට ලක් කර තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

    එහිදි රංගජීව එයට පිළිතුරු ලෙස දිවයින පුවත්පතට පවසා තිබුණේ මත්කුඩු ව්‍යාපාරිකයන් ට සම්බන්ධ පිරිස් තමාට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.එසේ චෝදනා එල්ල කළද මත්ද්‍රවය ජාවාරම් කරුවන් සමඟ රංගජීවද සමීප සම්බන්ධත පවත්වමින් ඇතැමුන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු එම රාජපක්ෂ පාලන සමයේදී හෙළිව තිබුණා .

    දැඩි ගෝඨා හිතවාදියකු වන මෙම නිධාරියාට එරෙහිව තිබෙන චෝදනා නොසලකා හැර ඔහුට යළි රාජකාරි කටයුතු පැවැරීම රාජපක්ෂලා සුපුරුදු මර්දනකාරී මිනී මරු පලනයකට සූදනම් වෙන බවට සාක්ෂියකි. රාජපක්ෂලාගේ අපරාධ විමර්ශනය කළ නිශාන්ත සිල්වා වැනි පොලිස් නිලධාරීන්ව සේවයෙන් ඉවත් කිරීම හා මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ යළි මහින්ද ගෝඨා මිනී මරු යුගය අත ලන්ග බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන උන්නැහේද ඊට ඉඩ දෙමින් තිබෙන බවය.

    - https://www.lankadaily.com/latestnews/item/9918-2018-11-22-07-30-10
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    46494607_2232128740397510_1955386618596556800_n.jpg

    dan meka etage neme kiyanne. :P habei itng api dannawa Range Rover one kata da kiyala:rofl:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    නියෝමාල් රංගජීව සේවයේ පිහිටුවීම සාක්ෂිකරුවන්ට කෙරෙන විශාල බලපෑමක් !

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත් අඩංගුවට ගැණුනේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව ය. මෙහි විමර්ශකයින් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. නියෝමාල් රංගජීව යළි සේවයෙහි පිහිටුවීමට පෙර පොලිස් සම්ප්‍රදාය අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මෙහි විමර්ශකයින් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මතය විමසිය යුතුය.

    පොලිස් සම්ප්‍රදායට අනුව නම් ඔහුව සේවයෙහි පිහිටුවිය හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රෙකමදාරුව මත පමණි. එහෙත් මෙතැනදී කිසිදු ආකාරයකින් විමර්ශකයින්ගේ මතය විමසීමක් පොලිස්පතිවරයා සිදු කර නොමැත.

    මේ තත්වය යටතේ රංගජීවට එරෙහිව සාක්ෂි සැපයූ සාක්ෂිකරුවන්ට මින් එල්ල වී ඇත්තේ දරුණු බලපෑමක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

    තත්වය මෙසේ නම් ලලිත් ජයසිංහ සේවයෙහි පිහිටුවන්නේ කවදාද ?

    නියෝමාල් රංගජීවට එල්ල වී තිබුණේ මීනීමැරුම් චෝදනාවන්ය. එසේ තිබියදීත් පොලිස්පතිවරයා විසින් ඉතා පහසුවෙන් ඔහුව යළි සේවයෙහි පිහිටුවා තිබේ. හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබුණේ විද්‍යා දැරිය ඝාතනයේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙනි. මෙවන් තත්වයක් යටතේ ලලිත් ජයසිංහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ද හැකි ඉක්මනින් සේවයෙහි පිහිටුවනු ඇත්දැයි පොලිස් නිලධාරීහු ප්‍රශ්න කරති.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මීගමුව පොලිසියේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කෙරුණේ පසුගියදා ය. එහෙත් පසුව එම පියවර ආපසු හැරවීමට පොලිස්පතිවරයාට සිදුවූයේ ඊට එරෙහිව සමාජයෙන් ප්‍රබල හඬක් නැඟුණු නිසාය. මේවායේ විශේෂත්වය වන්නේ දක්ෂ නිලධාරීන් සාමාන්‍ය රාජකාරිවලට මාරු කිරීම, මිනීමැරුම් චෝදනා ලද්දන් සැණින් යළි සේවයෙහි පිහිටුවීම යන මේ සියල්ල සිදුවන්නේ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ හෝ අනුමැතියකින් තොරව පොලිස්පතිවරයාගේ අත්තනෝමතික තීරණ අනුව වීමයි.

    රංගජීව මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙහි වැඩ භාරගැනීමට පළමුව ම ෆේස්බුක් ගිණුමේ වැඩ අරඹා තිබිණි. පහතින් දැක්වෙන්නේ "කල්ලතෝනි බෙදුම්වාදීන්ට" නන්දිකඩාල් විසඳුම් දෙන්නට රංගජීව සහ ඔහුගේ ෆේස්බුක් මිතුරන් සැරසෙන ආකාරයයි. වැලිකඩ ඝාතනය පිළිබඳව හෙළිකළ මාධ්‍යවේදීන්ට එරෙහිව නඩු පවරන බවට ද ඔහු ප්‍රකාශ කර තිබුණු අතර පසුව එම කමෙන්ටුව ඉවත් කරගෙන තිබේ.

    - https://lankanewsweb.net/sinhala/පු...ේ-පිහිටුවීම-සාක්ෂිකරුවන්ට-කෙරෙන-විශාල-බලපෑමක්
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,968
    763
    113
    මෙහෙ තමා
    ඕකුන්ව මරල දාන එක නම් කොච්චර හොදද බං

    Machan ochchara pahath wenna epa.kuddo hinda ape gamath epa wela thiyenne.ehemai kiyala a minissu maranna apita aithiyak na.a minissuth uba mama wagema minissu.lamai innawa.ganu innawa.uba danne na kudu gahana unge ammala widina duka.uba balapan owa mechchara pathirune api danna kiyana kale.kale ubama hithaganin.balayata,salli walata ratata mewa genapu un ta ida dunna.anika oya marapu un kuddo nemei.un kauda un sambanda mnawada ewa passse inne kauda kiyala balapan.epa wei
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඈමරිකාවට බෑ කියලා අපිත් බෑ බෑ කියලා ඉන්න ඕනීද? මීනීමරලා මේ මිනිස්සු පවු පුරෝගන්නේ රටේ දරුවෝ කුඩ්ඩන්ගෙන් කුඩ්ඩන් වීමෙන් බේර ගන්න.

    කරන විදිහක් කියපං බලන්න..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔය දැක්මෙන්ම අපි මිනීමරලා හිරේ ඉන්න, කුඩු දුමින්දවත් මරා දමමුද? :confused: :confused: :confused:

    නෑ ෆ්‍රෙන්ස් ලඟදීම කුඩු දුමින්ද නිදහස්වී එනවා. ඇවිත් වීරයා වෙනවා. ඌට නඩුදාපු, හිරේ ඇරපු උන් වැරදිකාරයෝ වෙනවා. :D :D :D :D

    හිරු කඩේ යන්නේ ඒ සඳහායි :yes: :yes: :yes: :yes:

    පුලුවන් නම් මරපං රටට කරන සේවයක්..
    උඹට බෑනෙ නේද.. එහෙනම් කරන එකෙක්ට කරන්න දීපන්.. කුඩ්ඩො නොමර කුඩු කන්ට්‍රෝල් කරන්න බෑ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Machan ochchara pahath wenna epa.kuddo hinda ape gamath epa wela thiyenne.ehemai kiyala a minissu maranna apita aithiyak na.a minissuth uba mama wagema minissu.lamai innawa.ganu innawa.uba danne na kudu gahana unge ammala widina duka.uba balapan owa mechchara pathirune api danna kiyana kale.kale ubama hithaganin.balayata,salli walata ratata mewa genapu un ta ida dunna.anika oya marapu un kuddo nemei.un kauda un sambanda mnawada ewa passse inne kauda kiyala balapan.epa wei

    :yes::yes:
     
    මොකද්ද දැන් ඔයා කියන්නෙ මොනාද කරන්න තියෙන්නෙ ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මොකද්ද දැන් ඔයා කියන්නෙ මොනාද කරන්න තියෙන්නෙ ?

    ගොන්කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. හිරේ ඉන්න මිනිස්සුන්ගේ අත්බැඳලා පිටිපස්සෙන් වෙඩි තියලා මැරුවේ. හේතු ඇතිව තෝරාගත්ත අයවයි මැරුවේ. හිරේ ඉන්න මිනිස්සු මරන්න අයිතියක් නැති බව දැනගනිං. මිනිහෙක්ගේ ජීවිතයක් නැතිකරන එක උඹ සාධාරණීකරනය කරනවා නම් මොකක් හරි හේතුවක් උඩ උබේ අම්ම, තාත්තා, ගෑනි, ලමයා මැරුව දවසටත් ඔය වගේ ලොරි ටෝක් දීපන්, සාදාරනේ ගැන කතා නොකර. මොකද එතකොටත් උබේ ඒ පවුලෙ සාමජිකයා මරපු එක උඹ වගේම සාධාරණීකරනය කරන්න උඹ වගේම ගොන්නු ඉඳියි එදාටත්.:angry::angry:
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607

    Did you see he killed those people ? :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මේ යකා මැරුවා
    පාතාලේ උන්ව නම්

    ඒ ඇර මේ යකාගේ වැරද්දක් නෑ
    මොඩ පකයලා හැම මගුලටම දේශපාලනේ

    mu inna kale pathle godak adu wela tibbe,bayatama hangila hitiye.e wage full suddayak tamay denna ona apahu
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ගොන්කම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා. හිරේ ඉන්න මිනිස්සුන්ගේ අත්බැඳලා පිටිපස්සෙන් වෙඩි තියලා මැරුවේ. හේතු ඇතිව තෝරාගත්ත අයවයි මැරුවේ. හිරේ ඉන්න මිනිස්සු මරන්න අයිතියක් නැති බව දැනගනිං. මිනිහෙක්ගේ ජීවිතයක් නැතිකරන එක උඹ සාධාරණීකරනය කරනවා නම් මොකක් හරි හේතුවක් උඩ උබේ අම්ම, තාත්තා, ගෑනි, ලමයා මැරුව දවසටත් ඔය වගේ ලොරි ටෝක් දීපන්, සාදාරනේ ගැන කතා නොකර. මොකද එතකොටත් උබේ ඒ පවුලෙ සාමජිකයා මරපු එක උඹ වගේම සාධාරණීකරනය කරන්න උඹ වගේම ගොන්නු ඉඳියි එදාටත්.:angry::angry:

    උඹ ඇසින් දුටු සාක්ශියක් ද ?
    උසාවියට ඉදිරිපත් වෙලා සාක්ශි කියපංකො
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ubata mata karanna deyak na machan.waraddata anubala nodi imu.waradda waradda widihata dakimu.echcharai. :yes::yes: :love:

    කවුද අනුබල දෙන්නෙ? අපේ රටෙ කොතනද වැරැද්ද නැත්තෙ ?
    අපිට කරන්න කිසිම දෙයක් නෑ.. අපි වැරැද්ද දැක්කත් කරන්න කිසිම දෙයක් නෑ..
    කොහෙන් හරි කුඩ්ඩො ටික නැති වෙනව නම් ඒකෙන් සැනසේමත් රටේ මිනිස්සුන්ට
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මාර්තු 28 වන දින පස්වරුවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා රංගජීව මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි. ඉන් අනතුරුව මාර්තු 29 වනදින මෙම ඝාතන වලට අනුබල දුන් තවත් සැකකරුවෙක් වන බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන එමිල් රන්ජන් ලමාහේවා යන අයවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් දෙදෙනාම මාර්තු 29 වන දින අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

    වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේ සාක්ෂි දුන් පුද්ගලයන්ගේ ප්‍රකාශවලට අනුව රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බව අනාවරණය වී තිබේ. වැලිකඩ බන්ධනාගාරයේ මෙම සිද්ධියේදී රංගජීව විසින් රැඳෙවියන් තිදෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවට කොමිසම හමුවේ සාක්ෂි දුන් පිරිස ප්‍රකාශ කර ඇති අතර එය පරීක්ෂණවලදී ද තහවුරු වී තිබේ. පසුව ඔවුන් තිදෙනාගේ මළසිරුරු හමු වූ අතර ඔවුන් තිදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඒ අනුව සෘජුව රංගජීවට නඩු පැවරිය හැකිය. මෙම වැලිකඩ රැදවියන් 27 දෙනාගේ ඝාතනය සදහා බන්ධනාගාරයෙන් සියළු පහසුකම් සපයමින් බන්ධනාගාර කොමසාරිස්වරයෙක් වන එමිල් රන්ජන් ලමාහේවා විසින් රැදවියන් ඝාතනයට පුර්ණ සහය ලබා දී ඇත.
    ගෝඨාගේ අණට වැලිකඩ රැඳවියන් 27ක් මරපු රංගජීව සහ එමිල් රංජන් අත්අඩංගුවට