රංජිත් අයියා
ඊයේ දිනයේ රබර් මිලදී ගැනීමට සුපුරුදු පරිදි පෑලියගොඩ IDB එකට ගොඩ වැදුනෙමි. මා වසර කිහිපයක් පුරාවට ඔවුන්ගෙන් රබර් මිලට ගන්න බැවින් දැන් එහි සියලුම සේවකයෝ මාත් සමග ඉතා මිත්‍රශීලි ය. කුළුපගය.
රබර් අවශ්‍ය පමණට මිලට ගෙන සල්ෆ සමග මිල් එකට දමා එය ඇඹරීමට රංජිත් අයියාට බාර දුන්නෙමි. ඔව්හු රබර් අබරමින් සිටි මිල් එක අසලට ගොඩ වැදී ඔහු සමග කතා බස් කරමින් සිටියෙමි.
රංජිත් අයියා කොහොමද ඉතින් . දැන් ළමයි දෙන්න ඉස්කෝලේ යනවද තවම . " ඔව් මහත්තයා ලොකු ළමයා මේ අවුරුද්දේ ඕලෙවල් ලියනවා . කෙල්ල ඉන්නේ 8 පන්තියේ.
රංජිත් අයියට පෙන්ෂන් එක තියන නිසා ඉතින් බය වෙන්න ඕනේ නැහැ නේ. කවද හරි එක හම්බ වෙනවා නේ. එවිට රංජිත් " මොන පිස්සුද මහත්තයා අපිට හම්බ වෙන පෙන්ෂන් එකක් නැහැ. මේවා මණ්ඩල නේ. අපිට ලැබෙන්නේ EPF ETF විතරයි. පෙන්ෂන් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නැහැ මහත්තයා. ඔය EPF ETF එක අපිට හම්බ වෙයි වයස 60 න් පස්සේ. අතට ලොකු ගානක් නම් එයි . එත් මහත්තයා ඕක අපු ගමන් ළමයින්ට බෙදලා දෙන්න වෙනවනේ . නැත්නම් උන් තරහා වෙනවා. එතකොට අපිට මොනවද ඉතුරු වෙන්නේ. අපේ අක්කගේ මහත්තය විදේශ අමාත්‍යංශයේ ක්ලාක් කෙනෙක්. මිනිහ ගිය අවුරුද්දේ පැන්ෂන් ගියා. මිනිහට හැම මාසෙම පැන්ෂන් එක ලැබෙනවා. එතකොට ළමයි ඉල්ලනෙත් නැහැ , පඩිය වගේ මාසෙකට විශ්‍රාම වැටුප ලැබෙනවා. ළමයින්ට බරක් වෙන්න ඕනෙත් නැහැ. අපිට වෙන්නේ EPF ETF හම්බ උනාට පස්සේ එක ළමයින්ට බෙදලා දීලා උන්ට බරක් වේවි මැරෙනකන් ජිවත් වෙන්න.
ඔහුගේ කතාව දුක්මුසුය , සෝචනීය වේ. සමහරවිට හැමෝටම අදාළ නොවුනත් මෙය ලංකාව වගේ රටවල පොදු තත්වයකි.
එක අතකින් ළමයින් වැරදිය. ළමයින් හදා වඩා උගන්වා ආරක්ෂාව සලසා ලොකු මහත් කර දෙමවුපියන් ජිවිත කාලය තුලම දුක් මහන්සියෙන් උපාය ගත් දේ සුරා කෑම නොහොබිනා වැඩකි.
Last edited:
