මචන් මගේ කාර් එක හයිවේ එකේ යනකොට බැරි වෙලාවත් ඒකෙ රන්වැටට හානියක් වෙන විදියට ඇක්සිඩන්ට් එකක් වුනොත් ගෙවන්න වෙන අලාභය රක්ෂණයෙන් ගන්න ක්‍රමවේදය මොකක්ද? මොකද හිතාගන්න වත් බැරි ගනන් RDA එකෙන් කියන්නේ හැප්පුනාම
සාමාන්යෙන් තුන්වන පාර්ශ්වයේ දෙපලකට අලභානියක් උනොත් බොහෝ වෙලාවට උසාවියේ නඩුවක් මාර්ගයෙන් තමයි ඒ අයට වන්දියක් දෙන්නේ.
උදා: ඔයාගේ වාහනේ ගිහින් තව වාහනේක හැප්පෙනවා. ඔයාගේ වැරැද්ද බව ඇස් පියාගෙන උනත් කියන්න පුළුවන් කියමුකෝ. අනිත් වාහනේ තියෙන්නේ ෆුල් හෝ තඩ් පාර්ටි වෙන්න පුළුවන්. කොහොම උනත් එයාට ඔයාගෙන් වන්දියක් ඕනේ කියල කිවොත් ඔයා බැඳිලා නෑ එක පාර අතින් ඒ වන්දිය ගෙවන්න. එකයි නීතියක් තියෙන්නේ අවම වශයෙන් තුන්වන පාර්ශ්වයේ රක්ෂනවරනයක් වත් නැතිව පාරේ වාහන ධාවනය කරන්න තහනම් කියල. ඒ නිතිය අනුව හැම වහනයකම වගකීම රක්ෂණ ආයතනයක් මගින් භාර අරන් තියෙනව. හැබැයි අනිත් කෙනාට වන්දියක් ගෙවන්න ඉන්ෂුරන්ස් කොම්පැනි එක වගකීමකට බැඳෙන්නේ වරද ඔයාගේ නම් විතරයි. එහෙම නම් කොමපනි එකට ඕන වෙනවා වරද කාගේද කියන එක දැනගන්න. ඒ නිසා කියනවා උසාවියේ නඩුවක් හරහා වැරදිකරු තීරණය වෙන්න ඕනේ කියල. අන්න එතැනදී ඔයා වැරදිකරු කියල ඔප්පු උනොත් ඔයාගේ ඉන්ෂුරන්ස් එක අනික් කෙනාට වන්දියක් ගෙවනවා.
හැබැයි රජයේ දේපල කියන ඒවා භයානකයි. ඒ කියන්නේ රජයේ දෙපලකට ඔයාගේ වාහනේ නිසා අලාභයක් උනොත් ඔයා ඒ අලාභය ගෙවන්න ඕනේ, එකට උසාවි තීන්දු ඕනේ නෑ ඉන්ෂුරන්ස් එකට.
ඔයාගේ කෙස් එක අනුව ඔයාට හයිවේ සෙකියුරිටි එකෙන් දෙනවා බිල් එක ඒ අලාභයට අදාළ. පොලිසිය මැදිහත් වෙලා තමයි දෙන්නේ. පොලිස් පොතේ කට උත්තර ලියල එහෙම. ඔයා එක ගෙවල ඒ බිල ඉන්ෂුරන්ස් එක හරහා ක්ලෙම් කරගන්න ඕනේ, එකයි ක්‍රමය. ලයිට් කණුවක් නම් LeCO හෝ CEB එකෙන් දෙනවා බිල් එක. ඒ වගේ අදාල ආයතනය තමයි එක දෙන්නේ පොලිසිය හරහා.






ikmanatama eka karaganna one.. ekata naya wenna kemati na.. so, me tike ekata save karana case nisa thama insurance eke awla awe. eth ayeth patan gatta nam hodai kiyala hithenawa thama. bank wala save karanna amarui kohen hari wiyadam wenawamai 