රජකම් කලත් කල කම් පළදේ

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    රජකම් කලත් කල කම් පළදේ

    රාජා බ්‍රාඡ්රාඡ් ක්‍ෂත්‍රිය බිර්බාර් චමුපති සින් යනු ඔරිස්‌සා ප්‍රාන්තයේ රජ පෙළපතක අවසන් පුරුකකි. ඔරිස්‌සා ප්‍රාන්තයේ ටිගිරියාහි පාලකයා වූ මොහු අද 92 හැවිරිදිය. එදා රජකු වුවත් අද දුගී පැලක එනම් මැටියෙන් තැනූ නිවසක වෙසෙයි. ඔහුගේ ආහාර වේල සපයන්නේ ගැමියෝය. බිරිඳ හා දරුවන් හයදෙනා මේ රජු හැරගොසිනි.

    මේ චමුපති රජකරන සමයේ ඔහුට ඒ කාලයේ හැටියට අධි සුඛෝපභෝගී කාර් රථ 25 ක්‌ තිබුණු අතර ඔහුගේ මාලිගයේ සේවය කළ පිරිස 30 දෙනෙකි. මේ තරුණ රජු දඩයමට බොහෝ කැමැත්ත පළ කළ අතර ඔහු තැබූ වාර්තාව සුවිශේෂය. එනම් ඔහු කොටි 13 දෙනෙකු හා දිවියන් 28 දෙනෙකු දඩයම් කර ඇත.

    එහෙත් මේ රජු අද දුගියකු බවට පත්වී ඇත්තේ මන්ද? මොවුන්ට කණකොකා හැඬුවේ ඉන්දියාව නිදහස ලැබූදා පටන්ය. නිදහසෙන් පසු ඔවුනට අයබදු ආදායම අහිමිවිය. එම නිසාම 1960 දී මොහුගේ රජ මාලිගය පවුම් 900 කට විකුණා දැමීමට සිදුවූ අතර බිරිඳ 1975 දී දික්‌කසාද විය. මොහුගේ දරුවන් සය දෙනා දේපළ බෙදාගෙන ඇති අතර පියා ගැන ඔවුහු කිසිම කරුණාවක්‌ නොදක්‌වති.

    මේ වියපත් රජු ගැන හොඳින් දන්නා රාජකීයකු වන ජයන්ත් මදුරාඡ් රාජා පවසන්නේ චමුපති වේගයෙන් වාහන හා මෝටර් බයිසිකල් පැදීමටත් ඒවා මිලදී ගැනීමටත් වඩා උනන්දුවූ බවයි. මොවුන්ගේ පරම්පරාව බලයට පත්වී ඇත්තේ වර්ෂ 1246 දීය.

    ඉන්දියානු එක්‌ප්‍රස්‌ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවී ඇති මේ හිටපු රජු මෙසේ පවසා ඇත. මම ඒ කාලයේ මගේ මිතුරන් සමග මනම්පූර්හි රජු සමග කල්කටාවට ගියා. ඉහළ හෝටල්වල හොඳට විස්‌කි බීලා සන්තෝෂ වුණා. අලුතෙන් කාර් එකක්‌ ආපු හැටියම මම මිලදී ගත්තා. මට අලුත් කාර් හා ජීප් 25 ක්‌ තිබුණා. සේවකයෝ 30 දෙනෙක්‌ හිටියා. එදා මම රජෙක්‌. නමුත් අද මම හිඟන්නෙක්‌ දුගියෙක්‌ බවට පත්වෙලා. නමුත් මට මේ ගැන කිසිම කනගාටුවක්‌ පසුතැවිල්ලක්‌ නැහැ.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    8.gif
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නෑ බන්සලා මුන් ඉස්සර අසරණ මිනිස්සුන්ගේ දේවල් බලෙන් අල්ල ගන්න ඇති,අර ෆිල්ම් වල පෙන්නවා වගේ උන්ට කන්න බොන්න තියෙන දේ පවා ගන්න ඇති,ඒවා තමයි ඔය පටිසන් දීල තියෙන්නේ ,ඔයදේ හැම එකාටම පොදුයි,
     
    • Like
    Reactions: Outzider

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    නෑ බන්සලා මුන් ඉස්සර අසරණ මිනිස්සුන්ගේ දේවල් බලෙන් අල්ල ගන්න ඇති,අර ෆිල්ම් වල පෙන්නවා වගේ උන්ට කන්න බොන්න තියෙන දේ පවා ගන්න ඇති,ඒවා තමයි ඔය පටිසන් දීල තියෙන්නේ ,ඔයදේ හැම එකාටම පොදුයි,

    ඔහුගේ ආහාර වේල සපයන්නේ ගැමියෝය

    Salli nasthi karala wenna athi bun kela wenna aththe :(
    Rep+
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Salli nasthi karala wenna athi bun kela wenna aththe :(
    Rep+

    බලපන් ඌ උගේ පරම්පරාව හුරා කාපු මිනිස්සුමයි දැන් උට සලකන්නේ,දුප්පත් උනත් ඒ මිනිස්සු ගාව ගුණ ධර්ම තියෙනවා .
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Pohosath hama minisekugema diha vapara asin balanna epa. Pohosath hodha danapathiyo innawa. Poor people lata help karana rich people la inawa. Kawadha hari poor people lata help karanne pohosath rich man kenek mane. Nathi ekkenk gen monawa gannadha ??? Samajawadayata waraduneth athanai.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-------Galle wala ***** SAMBODIYA ***** AYURVEDA HOSPITAL ***** KARAPITIYA HOSPITAL EKE CANCER WARD ***** UNIVERSITY STUDENTS LAGE HOSTEL ***** AHINSAKA MINISSUNTA LANDS AND HOUSES***** GALLE WALA SOUTHLANDS COLLEGE EKE BUILDINGS ***** DONATE KARAPU DISANAYAKA HAMU DEVIYEKI.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නැහැ එහෙම සීන් එකක් නෙමේ කියන්නේ ,අපි කියන්නේ මේ රජවරු කියන එවුන් දැන් අපිට වැඩක් නෑ කියන එක