රජතුමාට දඩ ගැසූ උඩරට රාජ සභාව
රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස
ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා
ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
1747 රාජ්‍යත්වයට පත්වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා [1747-1782] බොහොම ලාබාල වියේ හිටිය කෙනෙක්. මේ නිසා රජතුමාගේ පියා වුණු නරේනප්පා රජ වාසළ තුල ලොකු බලයක් හිමි කරගෙන හිටියේ.
ඒ බලයට උදාහරණ විදිහට 1745 දී කීර්ති ශ්‍රී රාජසිංහ කලින් රජවෙලා හිටිය ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් උඩරට පළාත්වලින් පිටමං කරපු ක්‍රිස්තියානි මිෂනාරීන්ව ආපහු උඩරට රාජධානියට ඇතුල් කරගන්න නරේනප්පා කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ මිෂනාරීන් විසින් නරේනප්පාට ලබා දීපු වටිනා කියන තෑගි බෝග.
ඒ හැරෙන්න 1749 අප්‍රේල් මාසේදි නරේනප්පා ඒවකට මහ අදිකාරම් තනතුර උසුලපු ඇහැලේපොලව [මේ අපි දන්න ඇහැලේපොලගේ තාත්තා] තමන්ගේ ගෙදර ගෙන්වලා කඩුවක් දිගු කරලා බැන වදිනවා.
මේ සිද්ධිත් එක්ක උඩරට රාජ සභාවේ සිටිය රදළයන් තමන්ගේ පුද්ගලික වාද භේද පසෙක දාලා එකතු වෙලා ඒ අවුරුද්දේ ඇසළ මංගල්‍යය නිමා කරපු දවසේ රජතුමා බැහැ දැකලා නරේනප්පාගේ කටයුතු ගැන රාජ සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
අවසානයේදි "රජතුමා රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන්නේ නැත්නම් රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන වෙනත් රජතුමෙක්ව රාජ සභාව විසින් පත් කරගන්නවා" කියලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට තර්ජනය කරනවා.
ඒකෙන් "රාජ්‍යය හැම ලෙසින්ම විනාශ කළ රජතුමාගේ පියාගේ නිරන්තර පීඩාවලින් නිදහස ලැබේ" කියලත් කියනවා.
මේ තර්ජනයෙන් බියට පත්වෙන රජතුමා තමන්ගේ පියා වුණු නරේනප්පාට අවවාද කරපු බවයි කියවෙන්නේ.
ජෝන් ඩොයිලි
උපුටා ගැනීමකි
කලින් ලිපි බැලුවේ නැත්නම් ඒවත් බලලාම එන්න මොකද මේ ලිපි පෙළ එකකට එකක් ඈදුණු ලිපි පෙළක්
රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස
ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා
ජෝන් පයිබස් සොයා එංගලන්තයට ගිය ගමන
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්
මේ ලිපිය මීට කලින් ලියවුණු රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය කියන ලිපියට සම්බන්ධයක් තියෙන නිසා කලින් ලිපිය කියවන්න බැරි වුණා නම් ඒ ලිපිය වගේම ඒ ලිපියට එක්වුණු විවිධ අදහස් ටිකත් කියවලා ආවා නම් මේ ලිපියෙන් කියන්න යන දේ වඩාත් හොඳින් වැටහේවි.
කන්ද උඩරට රාජධානිය ගැන කරුණු එකතු කරලා A Sketch of The Constituton of The Kandyan Kingdom කෘතිය ලියපු ජෝන් ඩොයිලි කෘතියේ ආරම්භ කරන්නේ මේ විදිහට.
"The power of the king is supreme and absolute. The ministers advise, but can not control his will."
රජුගේ [කන්ද උඩරට] බලය උත්තරීතරය, අනගිභවනීයය. ඇමතිවරු ඔහුට අනුශාසනා කරන නමුත් ඔහුගේ අභිමතය පාලනය කිරීමට ඔවුන්ට නොහැකිය.
මේ විදිහට ජෝන් ඩොයිලි කිව්වත් රජතුමාටත් සීමාවන් තිබුණු බවට මේ කතා දෙකෙන් අවබෝධයක් ගන්න පුලුවන් වෙයි.
අන්තිම සිංහල රජතුමා විදිහට සැලකෙන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා [1707-1729] තමන්ට අතිශය හිතවත් වුණු විස්සුවේ පනික්කියා කියන බෙරකාරයාට වටිනා කියන හැට්ටයක් [උඩුකය වස්ත්‍රයක්] තෑගි කරනවා.
බෙරවායන්ගේ කුලේ ඒ වෙනකොට කන්ද උඩරට තිබුණු කුල ක්‍රමේට අනුව පහළම ඉදන් 7 නැත්නම් 8 වගේ ස්ථානයක තිබුණු සාමාන්‍යයෙන් පහත් කුළයක්. ඒ අනුව බෙරවායන්ගේ කුලයට උඩුකය වැහෙන්න වස්ත්‍ර අඳින එක වගේම දණ හිසෙන් පහළට වස්ත්‍ර ඇඳීමත් තහනම් කරපු දෙයක්.
මේ බව දැනගත්තු රජතුමාගේ මහා අදිකාරම් වුණු රම්මලක පනික්කියාගෙන් හැට්ටය අරගෙන ඉරා දාලා ඔහුව හිර කරනවා. ඒ වගේමයි රාජ සභාව විසින් රජතුමාට දඩයක් නියම කරනවා. රජතුමා ඒ දඩය මහනුවර මහා දේවාලය විදිහට සැලකුණු විෂ්ණු දේවාලයට ගෙව්වා කියලා තමා කියවෙන්නේ

මේ දෙවෙනි කතාව.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා
1747 රාජ්‍යත්වයට පත්වුණු කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා [1747-1782] බොහොම ලාබාල වියේ හිටිය කෙනෙක්. මේ නිසා රජතුමාගේ පියා වුණු නරේනප්පා රජ වාසළ තුල ලොකු බලයක් හිමි කරගෙන හිටියේ.
ඒ බලයට උදාහරණ විදිහට 1745 දී කීර්ති ශ්‍රී රාජසිංහ කලින් රජවෙලා හිටිය ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ නියෝගයෙන් උඩරට පළාත්වලින් පිටමං කරපු ක්‍රිස්තියානි මිෂනාරීන්ව ආපහු උඩරට රාජධානියට ඇතුල් කරගන්න නරේනප්පා කටයුතු කරනවා. ඒකට හේතුව වෙන්නේ මිෂනාරීන් විසින් නරේනප්පාට ලබා දීපු වටිනා කියන තෑගි බෝග.
ඒ හැරෙන්න 1749 අප්‍රේල් මාසේදි නරේනප්පා ඒවකට මහ අදිකාරම් තනතුර උසුලපු ඇහැලේපොලව [මේ අපි දන්න ඇහැලේපොලගේ තාත්තා] තමන්ගේ ගෙදර ගෙන්වලා කඩුවක් දිගු කරලා බැන වදිනවා.
මේ සිද්ධිත් එක්ක උඩරට රාජ සභාවේ සිටිය රදළයන් තමන්ගේ පුද්ගලික වාද භේද පසෙක දාලා එකතු වෙලා ඒ අවුරුද්දේ ඇසළ මංගල්‍යය නිමා කරපු දවසේ රජතුමා බැහැ දැකලා නරේනප්පාගේ කටයුතු ගැන රාජ සභාවේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.
අවසානයේදි "රජතුමා රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන්නේ නැත්නම් රටේ සිරිත් විරිත් ආරක්ෂා කරන වෙනත් රජතුමෙක්ව රාජ සභාව විසින් පත් කරගන්නවා" කියලා කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට තර්ජනය කරනවා.
ඒකෙන් "රාජ්‍යය හැම ලෙසින්ම විනාශ කළ රජතුමාගේ පියාගේ නිරන්තර පීඩාවලින් නිදහස ලැබේ" කියලත් කියනවා.
මේ තර්ජනයෙන් බියට පත්වෙන රජතුමා තමන්ගේ පියා වුණු නරේනප්පාට අවවාද කරපු බවයි කියවෙන්නේ.
ජෝන් ඩොයිලි
ඒක නිසා ඩොයිලි කියන තරම්ම යකා කලු නැහැ
)
ගිය සතියේ පළ කරපු රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය කියන ලිපියත් එක්කම බොහෝ කතාබහ ඇතිවුනා. රජතුමා කෲර නිසා රජතුමාට ශෝචනීය ඉරණමක් අත්වුණු බව සමහරුන්ගේ අදහස වුනා. ඒ කරුණු තවත් හොඳින් කතා කරන්න කලින් ලිපියේම දිගුවක් විදිහට තමා මේ ලිපිය ලියවුණේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර අත්තනෝමතික පාලකයෙක් කියලා කිව්වත් උඩරට රජුන්ට එවැනි තත්වයකට ඉඩක් තිබුනේ නැහැ ඒ වගේම එවන් තත්වයක් ඇතිවුණා නම් ඒකට රජතුමාට විතරක් දොස් කියන්න බැහැ කියන එක තමා මේ කතාවලින් මතු කරන්න මම උත්සහ කළේ...
)ගිය සතියේ පළ කරපු රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය කියන ලිපියත් එක්කම බොහෝ කතාබහ ඇතිවුනා. රජතුමා කෲර නිසා රජතුමාට ශෝචනීය ඉරණමක් අත්වුණු බව සමහරුන්ගේ අදහස වුනා. ඒ කරුණු තවත් හොඳින් කතා කරන්න කලින් ලිපියේම දිගුවක් විදිහට තමා මේ ලිපිය ලියවුණේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා කෲර අත්තනෝමතික පාලකයෙක් කියලා කිව්වත් උඩරට රජුන්ට එවැනි තත්වයකට ඉඩක් තිබුනේ නැහැ ඒ වගේම එවන් තත්වයක් ඇතිවුණා නම් ඒකට රජතුමාට විතරක් දොස් කියන්න බැහැ කියන එක තමා මේ කතාවලින් මතු කරන්න මම උත්සහ කළේ...
උපුටා ගැනීමකි
HTML:
http://aagiyakathablogspot.com
Last edited: