රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය

    Kandy-convention-old-pic.jpg





    1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව
    වසර 2000 කට අධික කාලයක් පැවතුණා වූ ලාංකීය රාජාවලියේ අන්තිමයා බවට පත්වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ කියන නායක්කර් වංශික රජතුමා. ඔහුගේ රාජ්‍යත්වය අහෝසි වෙන්නේ 1815 පෙබරවාරි 14 වෙනිදා ඉංග්‍රීසින් සෙංකඩගල නගරය අත්පත් කර ගැනීමත්, ඊට පස්සේ පෙබරවාරි 18 මැද මහනුවර ගල්ලැහැවත්තේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ බිසෝවරුන් අල්ලා ගන්න ඉංග්‍රීසින් සමත් වීමත්, මාර්තු 2 වෙනිදා ප්‍රකාශයට පත් කළ උඩරට ගිවිසුමත් හරහා.


    මාර්තු 18 අත්සන් තබා අවසන් කෙරුණු උඩරට ගිවිසුමේ දෙවෙනි වගන්තිය වුණු


    "ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවෝ රජ දරුවන්ගේ ප්‍රධාන තවද මහත් සීලාචාරවූ යුතුකම් කඩ කරන ස්වභාවයකින ඒ තරඟයට ඇත්තාවූ සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්න යෙදුනාය. එම ගෝත්‍රයද මවු පිය දෙපක්ෂයෙන් පැවත එන අනෙක ප්‍රකාරවූ නෑදෑයින් හැම කල්හිම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙ නා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවූ සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ ..............."


    හරහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ වගේම ඥාතීන්ගේ රාජ්‍ය උරුමය ලිඛිතවම අහෝසි කරලා තිබුණා.


    පස්සේ 1816 ජනවාරි 24 හිටපු රජතුමා ඇතුළු පිරිස ඉන්දියාවේ වෙල්ලෝර් කොටුවට පිටුවහල් කරනවා. අන්තිම සිංහල රජතුමාට අන්තිමට මොකද වුනේ කියන එකත් ඉදිරියේදී ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කියන්නම්.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා



    මේ විදිහට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව රාජ්‍යත්වයෙන් පහ කරන්න මුල්වුණු පිරිසට කිසියම් ශාපයක් වැදුණාද කියන එක කතා කරන්නයි අද මේ සටහන වෙන්වෙන්නේ. අපි ඒක කරුණු කාරණාත් එක්කම සළකා බලමු.

    ඇහැලේපොළ මහ නිළමේ


    මේ කාර්යය සඳහා මූලිකම වුණු පුද්ගලයා වුණේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් ධූරය දරපු ඇහැලේපොළ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ.

    රජතුමා එක්ක වුණු විවිධ මතභේද වගේම රදළයන්ගේ කේළම් බස් නිසා රජතුමාත් එක්ක හිත් අමනාප කරගත්තු ඇහැළේපොළ 1814 මැයි හෝ ජූනි ඉංග්‍රීසීන් වෙතට පලා යනවා.

    මේ නිසා තමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඇහැළේපොළ පවුල කෲර මරණයක් අත් කර දෙන්නේ. ඇහැළේපොළගේ සහය නිසා ඇහැළේපොළගෙන් පසුව පළමු අදිකාරම් ධූරයට පත්වුණු මොල්ලිගොඩ මහ නිළමේගේ සහයත් ලබාගන්න ඉංග්‍රීසීන් සමත් වෙනවා.



    අවසානයේදී කලිනුත් කිව්වා වගේ 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නත් පසුව ලංකාවේම අධිපතියා වන්නටත් ඉංග්‍රීසීන්ට හැකිවෙනවා.


    ඇහැලේපොළ උඩරට සිහසුන බලාපොරොත්තු වුණත් ඒක හිමිවෙන්නේ නැහැ. ඔහු පළමු අදිකාරම තනතුරට නැවත පත්වෙන්න කැමති වෙන්නෙත් නැහැ. ඔටුන්න හිමි කුමාරයාගේ රුව සහිත පදක්කමක් පිරිනමමින් ඇහැලේපොළට ගෞරව කරන්න ඉංග්‍රීසි ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් පොරොන්දු වුණත් ඒක සිදුවෙන්නේත් නැහැ.

    අවසානයේදී සිදු වෙන්නේ 1818 උඩරට කැරැල්ල ඇරඹීමත් එක්කම සැකපිට ඇහැලේපොළව 1818 මාර්තු 2 සිරභාරයට අරගෙන කොළඹ නිවාස අඩස්සියේ තැබීම. 1825 ජූනි 6 වෙනිදා එවකට ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ නියමයෙන් ඇහැලේපොළ මහ නිළමේව මුරුසි දිවයිනට පිටුවහල් කරනවා



    වසර 4 ක් පමණ මුරුසි දිවයිනේ ඇහැලේපොළ මහ නිළමේ ගත කරන්නේ තමන්ගේ මව්බිමෙන් ඇත්වෙලා වගේම කිසිම වැරැද්දක් නොකර.

    ඇහැලේපොළ මහ නිළමේ සමඟම පිටුවහල් කරලා හිටිය පිළිමතලාවේ නිළමේ දවසක්දා ඇහැලේපොළ කල්පනා කර කර සක්මන් කරද්දී
    "මහ නිළමේතුමා නැතිවුණු යමක් සොයනවාද ?" කියලා අහනවා.

    ඒකට ඇහැලේපොළ මහ නිළමේ පිළිතුරු දෙන්නේ
    "ඔව් මම මගේ නැතිවෙච්ච වටිනා කියන තරුණ කාලය හොයනවා" කියලා.


    අන්තිමටම 1829 අප්‍රේල් 5 ඇහැලේපොළ මහ නිළමේ මියයනවා. එතකොට ඔහුට වයස අවුරුදු 56. නිරපරාදේ වැරැද්දක් නොකර කාත් කවුරුත් නැතිව මවුබිමෙන් ඈත්වෙලා මියයන්න ඔහුට සිදුවෙනවා.


    ඇහැලේපොළ මහ නිළමේ දෙවෙනි වතාවට පිළිමතාලව දිසාවගේ අක්කා වුණු මීගස්තැන්න අදිකාරම් වැන්දඹු බිරිඳව 1815 මැයි මාසයේ විවාහ කරගත්තත් ඇහැලේපොළ දාව ඇයට දරුවන් උපදින්නේත් නැහැ. ඇහැලේපොළ මහ නිළමේ මුරුසියේ වාසය කළ කාලයේ ඇය මියගිය බවයි කියවෙන්නේ.

    මොල්ලිගොඩ මහ නිළමේ


    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බලයෙන් පහ කරන්න මූලික වුණු අනෙක් වැදගත් පුද්ගලයා තමා මොල්ලිගොඩ මහ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් මොල්ලිගොඩ රාජකරුණා සෙනෙවිරත්න හේරත් වාහල මුදියන්සේ.

    1815 පෙබරවාරි 8 වෙනිදා ඉංග්‍රීසීන්ට එකතු වුණු මොල්ලිගොඩ පසුව ඉංග්‍රීසි පාලනය යටතේත් පළවෙනි අදිකාරම් හෙවත් පල්ලේ ගම්පහ අදිකාරම් තනතුරට පත්වෙනවා. 1818 උඩරට මහ කැරැල්ල මර්දනය කරන්න ඔහුගෙන් ලැබුණු දායකත්වය නිසා රික්ස් ඩොලර් 200 විශ්‍රාම වැටුපකුත් මොල්ලිගොඩට ලබාදෙන්න ඉංග්‍රීසි රජය කටයුතු කරනවා. ඒ වගේමයි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා සන්නසක් මඟින් විශාල ප්‍රදානයකුත් මොල්ලිගොඩට කරනවා.



    ඒත් දැඩි ලෙසම මත්පැන්වලට ඇබ්බැහි වුණු මොල්ලිගොඩ මහ නිළමේ අකාලයේ මියයනවා වගේම ඔහුගේ පුතාත් මත්පැන්වලට ඇබ්බැහිවෙලා තරුණ කාලයේදීම මියයනවා. ඒකෙන් මොල්ලිගොඩ පෙළපතත් අහෝසි වෙනවා

    රජතුමාව අල්ලා ගත් මැද මහනුවර ගල්ලැහැවත්තේ පිහිටුවා ඇති ස්මාරකය


    ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මැද මහනුවර ගල්ලැහැවත්තේදී අල්ලා ගත්තු කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නේ එක්නැළිගොඩ නිළමේ. ඔහුගේ සම්පූර්ණ නම් කිව්වොත් එක්නැළිගොඩ මහීපාල අක්‍රක් කුරුප්පු වික්‍රමසිංහ බස්නායක මුදියන්සේ.

    රජතුමාව අල්ලාගත්තු අවස්ථාවේ බිසෝවරුන්ට හානි කරමින් ඔවුන්ගේ ඇඳුම් ඉරාදමන්නත් කන් පෙති ඉරා දමමින් කුණ්ඩලාභරණ ඉරා ගන්නත් තමන්ගේ පිරිසට ඉඩ දෙන්නේ ඔහු.


    ඒ වගේමයි "
    වැල් පටක් කඩාගෙන ඇවිදින් මේ ඌරා බැඳ ඇද ගෙන යව්" කියලා තමන්ගේ මිනිසුන්ට අණ දීපු එක්නැළිගොඩ ඒ සඳහා දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක{නීලපෙරුමාල් කළුකපුගේ} සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන{තම්බු මුදලි} එකතු කර ගන්නවා , රජතුමාගේ ඇඳුම් ඉරා දමා බිම දමාගෙන ඇදගෙන යනවා.


    එක්නැළිගොඩ කරපු සේවය අගය කරලා ඉංග්‍රීසීන් මඩවල, මැද්දේගම ගම් සහිතව සතර කෝරළයේ මඩිගේ මුහන්දිරම තනතුර එක්නැළිගොඩට පිරිනමනවා. තමන්ගේ පුතා සහ බෑණා ඉංග්‍රීසි උගන්නවන්න ඉංග්‍රීසි රජයට බාරදෙන්නත් ඔහු කටයුතු කරනවා.

    1818 උඩරට මහ කැරැල්ලේදී ඉංග්‍රීසින් මහත් සේවයක් කරන එක්නැළිගොඩ ඌවේ වැසියන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනි තබනවා පමණක් නෙමෙයි හිතු මනාපයට මිනිසුන් මරා දැමීම පවා කරනවා. මේ සේවය වෙනුවෙන් 1829 ජනවාරි 29 ප්‍රකාශ පත්‍රයෙන් ආණ්ඩුකාර රොබර් බ්‍රවුන්රිග් සබරගමුවේ හිරමඩගම එක්නැළිගොඩට පිරිනමනවා.



    ඒත් 1822 දී වයස අවුරුදු 39 ක් වුණු එක්නැළිගොඩ අකාලයේ මියයනවා. ඔහුට කරන ගරු කිරීමක් විදිහට එක්නැළිගොඩ පුත්‍රයාට සබරගමුවේ මහ සමන් දේවාලය බස්නායක නිළමේ ධූරය පිරිනැමුනත් අයහපත් කල් කිරියාව නිසාවෙන් බස්නායක නිළමේ ධූරයෙන් එක්නැළිගොඩ පුත්‍රයාව පහ කරනවා.


    මේ අන්තිම පුද්ගලයා ගැන කතාව. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලන්න ගිය කණ්ඩායමේ හිටිය වැලිඅංගා කියන පුද්ගලයා තමා මුලින්ම රජතුමාව අල්ලගන්නේ.

    වැලිඅංගා රජතුමා ගාවට ගියාම රජතුමා කියනවා
    "අඩේ මේ වැලිඅංගා නේද?" කියලා.

    ඒ වෙලාවේ වැලිඅංගා
    "දෙයියෝ බුදුවන්ට, එදා මෙහෙමයී අද මෙහෙමයි" කියලා රජතුමාට පයින් පාරක් ගහලා බිමට පෙරලනවා.

    ඊට පස්සේ තමා රජතුමාගේ ඇඟ උඩට නැග ගත්තු අනිත් අයත් රජතුමාට ගුටි බැට දීලා රජතුමාව අඩපණ කරන්නේ.



    පස්සේ මේ වැලිඅංගා කියන රජතුමාට පයින් ගහපු මනුස්සයාගේ කකුල කුණුවෙලා මැරුණලු. ඒ පරම්පරාවේ සියලු දෙනාම කකුලේ කුෂ්ට රෝගයක් නිසා මිය ගිහින් තියෙනවා.

    මේ කතාව තමන්ගේ මග දිගට ජනකතා කෘතියට ලියපු ඩී.පී. වික්‍රමසිංහ මුල් ගුරුතුමාට මේ කතාව කියපු පුද්ගලයාගේන් වැලිඅංගාගේ පරපුරේ කෙනෙක්. අවුරුදු 14 ඉදන්ම කඩුවේගන් කියන කුෂ්ට රෝගය ඔහුගේ දකුණු කකුලේ තිබුණලු. එයාගේ සීයාටත්, තාත්තාටත් මේ ලෙඩේම තිබිලා එම රෝගය නිසා ලේ විෂවෙලාලු ඒ අය මිය ගිහින් තියෙන්නේ.


    මේ තමා රජතුමා අල්ලා දෙන්න සම්බන්ධ වුණා කියලා නිශ්චිතවම හිතාගන්න පුලුවන් කීප දෙනෙක්ට සහ පවුල්වලට සිදුවුණු දේ.... මොකක් හරි සාපයක් වගේ දෙයක් පේන්න තියෙනවාද ???


    මේ කරුණු ගැන කතා කරද්දී සමහර විට ප්‍රශ්නයක් එන්න පුලුවන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රට පාලනය කරද්දී අනුගමනය කරපු ක්‍රියාමාර්ග යහපත් ඒවාද කියලා. බොහෝ දෙනාගේ පිළිගැනීම එතුමා බොහොම කෲර පාලකයෙක් කියන එක.


    ඒ විදිහට රජතුමා අනුගමනය කරපු යම් යම් ක්‍රියාමාර්ග ගැන රජතුමාට පමණක් චෝදනා එල්ල කිරීම සාධාරණද ? මේ සියල්ලටම හේතුව රජතුමාමද ? සිංහල සෙබළුන් විසින් රජතුමාව අල්ලා ගත්තාට පස්සේ කරපු වද හිංසා සාධාරණද කියන ප්‍රශ්න මතු වෙනවා.


    ඔටුණු පළදලා සිහසුන් අරා සිටින රජතුමාව හඳුන්වන්නේ "දේවයන් වහන්ස එහෙමත් නැත්නම් දෙයියෝ" යන නමින්. රජතුමා ජීවමාන දෙවියෙක් විදිහටයි සළකන්නේ. වැඩිහිටි, බාල භේදයක් නැතුව හැමෝම රජතුමාට නමස්කාර ක්‍රරනවා වගේම රජතුමා ඉදිරියේ දණ ගසාගෙන සිටින්නේ. කොටින්ම රජතුමා ඉදිරියේදී තමන්ට ආමන්ත්‍රණය කරගන්නේ "බලුගැත්තා" කියලා.


    ඉතින් ඒ ආකාරයෙන් දේවත්වයෙන් සළකපු, වන්දනා කරපු රජෙක්ට සිංහල මිනිස්සු කරපු දේ හරිද? උඩරැටියන් මේ සම්බන්ධව පූර්ණ නිර්දෝෂී අයද ? කියන එකයි ප්‍රශ්නය.




    ප.ලි.: රජතුමා ඇතුළු පිරිසට කරදර කරපු දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක
    {නීලපෙරුමාල් කළුකපුගේ}(චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මුල් පුරුක) සහ දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන {තම්බු මුදලි}(ජේ ආර් ජයවර්ධනගේ මුල් පුරුක ) පරම්පරාවලට පස්සේ කාලේ මොකද වුණේ කියලා දන්නවනේ :)




    http://aagiyakatha.blogspot.com/2012/06/07.html
     
    Last edited:

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    Hmmmmm Sri Wickrama Rajasinha kiyanneth honda rajek newei... pora raja una hatith wena tread ekakin mama kiyewwa... kohomen kohoma hari une anthimedi Lankawata kela wechcha eka :D ekata Ingirisinta banala wadak naa... apema minissunge gonkam walin thamai apita kela unee... apita karanna thiyenne ithihaseta vaira nokara ithihasen padam igena ganna ekaii... Thanks machoo mee info tika apith ekka share karagattata :) :)
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    Hmmmmm Sri Wickrama Rajasinha kiyanneth honda rajek newei... pora raja una hatith wena tread ekakin mama kiyewwa... kohomen kohoma hari une anthimedi Lankawata kela wechcha eka :D ekata Ingirisinta banala wadak naa... apema minissunge gonkam walin thamai apita kela unee... apita karanna thiyenne ithihaseta vaira nokara ithihasen padam igena ganna ekaii... Thanks machoo mee info tika apith ekka share karagattata :) :)

    රජ උන හැටි තියෙන නූලේ ලින්ක් එක දෙන්න පුලුවන්ද?
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Hmmmmm Sri Wickrama Rajasinha kiyanneth honda rajek newei... pora raja una hatith wena tread ekakin mama kiyewwa... kohomen kohoma hari une anthimedi Lankawata kela wechcha eka :D ekata Ingirisinta banala wadak naa... apema minissunge gonkam walin thamai apita kela unee... apita karanna thiyenne ithihaseta vaira nokara ithihasen padam igena ganna ekaii... Thanks machoo mee info tika apith ekka share karagattata :) :)
    අපේම උන්ගෙ වරද තමයි හැමදම කරුමෙ වෙන්නේ......
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපිම අපේ අයව පාවලදීපු නිසා තමයි අදත් ඒ පාපය හැමකෙනාම විඳින්නේ