රජයක් දුවන්න නම් විපක්ෂයක් සිටිය යුතුයි. Shiha

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    රජයක් දුවන්න නම් විපක්ෂයක් සිටිය යුතුයි. Shiha

    In Order for a Government to function, there has to be an opposition. - Shihan Mihiranga | රජයක් දුවන්න නම් විපක්ෂයක් සිටිය යුතුයි. - ශිහාන් මිහිරංග

    24.jpg


    මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.

    ප‍්‍රශ්නය - ශිහාන් ඔයාගේ අලූත්ම සින්දුව මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ඔයාටම ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?
    පිළිතුර - ඒක බොරු ආරංචියක්. ලංකාවේ හැටියට සින්දුවක් මිලියන 10කට ගන්න එක එක පැත්තකින් මෝඩකමක්. අනිත් එක ඔහොම නිවුස් එකක් යන්නේ මෙතෙක් කල් ශිහාන් මිහිරංග තමන්ගෙම සින්දු විතරයි කළේ. දැන් වෙනින් කලාකරුවන් එක්කත් එකතු වෙලා සින්දු කරනවා. දැන් ගීත 04ක් විතර නිකුත් වුණා.ඒකත් එක්ක තමයි ඔය කතාව එන්න ගත්තේ. හැබැයි එහෙම එක්ක නෙවෙයි මෙතන වෙලා තියෙන්නේ. නිර්මාණය හොද නම් මම ඒකට සහභාගි වෙනවා. මේ සින්දුවත් මම sing කරලා මම අයකිරීමක් කළා. ඒක මගේ වෘත්තීය. අයිතිය සියළු දේ Composition එක කරපු කෙනාට. මං හිතනවා ඒක හොද වැඩක්. නමුත් ඔය කියන විදියේ කතාවක් නම් මෙතන නෑ.


    Shihan_Thumb_03.jpg


    ප‍්‍රශ්නය - එහෙම නම් මේ වගේ කතාවක් හැදුනේ මොන වගේ හේතුවක් නිසා ද?
    පිළිතුර - ඒක මට හරියටම හිතාගන්න බෑ. මම හිතන්නෙ එකක් තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ මුල් ගායකයාගෙන් නිර්මාණකරුවෙකුගෙන් මුදල් දීල අරගෙන ගායකයා ඒක තමාගේ ගීතයක් බවට පත්කරගන්න එකයි. කවදාවත් ලංකාවේ සිද්ධ වුණේ නෑ මුල් ගායකයා නවකයාට සල්ලි ගෙවල සින්දුවක් ගායනා කරගත්ත කාලයක්. මේක ලංකාවට නුහුරුයි. ඉතින් නුහුරුකමත් එක්ක ඒක දරාගන්න බැරි ගතියක් ඇති.


    ප‍්‍රශ්නය - ශිහාන් ජනප‍්‍රිය නිසා ඊර්ෂියාවට මේ කථාව හැදුව කියලද කියන්නෙ ?
    පිළිතුර - නෑ. මං හිතන්නෙ නෑ කවුරුත් මට ඊර්ෂියා කරනවා කියලා. මට කවුරුත් ආදරෙයි.


    ප‍්‍රශ්නය - ඒ කියන්නේ, ශිහාන්ට අකමැති අය නැද්ද?
    පිළිතුර - අපෝ ඕනතරම් ඉන්නවා. ඊට සමානව ආදරය කරන අයත් ඉන්නව.

    ප‍්‍රශ්නය - ශිහාන්ට අකමැතිම පිරිමි ළමයිලූ. මොකද ගෑණු ළමයි ඔයාට කැමති නිසා පොඩි ඊර්ෂියාවක් එනවනෙ.
    පිළිතුර - ඔව්. එහෙම තිබුණ මුල් කාලෙ. නමුත් මේ වෙද්දි ඒක සමථයකට පත්වෙලා තියෙනවා.


    Shihan_Thumb_02.jpg


    ප‍්‍රශ්නය - ශිහාන් දැන් ප‍්‍රවීණ ගායකයෙක්.
    පිළිතුර - අනේ, ප‍්‍රවීන වෙන්න කිසිම හේතුවක් නෑ. ලංකාවේ ප‍්‍රවීන කියන්නෙ රැවුල ඉදෙන්න ඕන, කොණ්ඩෙ දිගට වැවිල ඉදෙන්න ඕන කියන එක. මං හිතන්නෙ ප‍්‍රවීන කියන්නෙ ඒක නෙවෙයි. තමන් කරන දේවල්වල ප‍්‍රවීනත්වයක් තියෙන්න ඕන. මම තාම ආධුනික මට්ටමේ ඉන්නෙ. තාමත් මගේ අඩුපාඩුකම් තියෙනවා.



    ප‍්‍රශ්නය - ශිහාන්, දැන් වෙඩින් එකේ කටයුතු කොහොමද?
    පිළිතුර - කාගෙද?


    ප‍්‍රශ්නය - ඔයාගෙ.. වෙන කාගෙද ?
    පිළිතුර - ඔක්කොම රෙඞී. තාම පල්ලියෙ ගන්නවද? පෝරුවෙ කරනවද කියල තීරණය නෑ. අනිත් එක කාවද බඳින්නෙ කියලත් තීරණය කරල නෑ. තාම විවාහයට සූදානමක් නෑ. හැබැයි ළඟදි බඳින්නත් පොඩි අදහසක් තියෙනව. සමහරවිට හැමෝම සන්තෝෂෙන් තියන්න තනිකඩව ඉන්නත් වෙයි. මම තනිකඩව ඉන්න කියලත් හිතුව.


    හරි ශිහාන් ඔයාගෙ කැමැත්තක්. කොහොම වුණත් බොහොම ස්තූතියි හිරුත් එක්ක මේ කථාබහට එකතුවුණාට.
    පිළිතුර - බොහොම ස්තූතියි, ජයවේවා !



    ශිහාන්ගේ අලුත්ම සින්දුව (මේ ඇස් දිහා බලන්න) පහතින් අහන්න.