රජයට කට දී කොටින්ට .. දෙන සිඵමිණ පත්තරේ

Sakibura

Member
Sep 20, 2009
226
10
0
රජයට කට දී කොටින්ට .. දෙන සිඵමිණ පත්තරේ

රජයට කට දී කොටින්ට .. දෙන සිඵමිණ පත්තරේ Written by ලංකාපුර Sunday, 27 September 2009 21:21 Top Lanka News සැප්තැම්බර් 27

ලේක්හවුස් රජයට පක්ෂපාතිව පුවත් පළකරන පුවත්පත් ආයතනයක් බව කවුරුත් දනිති. ඒ තුළට අඩු විහිදීමට ටැමිල් ඩයස් පෝරාව සමත් වී සිටින බව ආරක්ෂක හමුදාව පවා නොදන්නා රහස් සිද්ධියකි. ටොප් ලංකා නිවුස් දැනගත් පරිදි යුද්ධය පරාජයවීමත් සමග වැටී පිරිහී ගිය ඇල්ටීටීඊ හිතවාදින් පිරිස් ආයෙත් උඩට උස්සා ඔවුන් සමාජයේ ප‍්‍රබලයන් කිරීමට දෙමළ ඩයස් පෝරාව වෙහෙසේ. ලේක්හවුසියේ ප‍්‍රබලයෙක්ව ඊට සම්බන්ධකර ගැනීමට ඩයස්පෝරාවට සමිබන්ධ අයෙක් සමත්ව සිටී.

ඩයස්පෝරා නියෝජිතයා සමග මෙම හොර ගණුදෙනුවට සම්බන්ධ වු ලේක්හවුස් නියෝජිතයා ලේකහවුස් පත්තර මගින් ඉදිරි කාලයේදි මහාචාර්ය සුචරිත ගමලත් , ජයදේව උයන්ගොඩ, කුමාරි ජයවර්ධන වැනි ඇල්ටීටීඊ හිතවාදී උගතුන් කරලියට ගෙන ඒම ඉතාම පහසු කාර්‍යයක් බව පවසා තිබේ. ඔහු සිඵමිණ 27 දා, පත‍්‍රයෙන් මහාචාර්ය සුචරිත ගමලත් එළිදක්වන්නේ සිය හපන්කම විදහා දැක්වීමක් ලෙසිනි.
booklaunch_4.jpg


කොටි සුරතලූන් කරළියට ගෙන ඒමේ (ලේක්හවුස්) ඉදිරි වැඩ පිළිවෙලේ මංගල දර්ශනය වශයෙන් මහාචාර්ය ගමලත්ව ඉදිරිපත් කර තියෙන්නේ ඔහු සැකසු සිංහල ඉංග‍්‍රිසි ශබ්දකෝෂය තේමා කර ගනිමිනි. බැලූ බැල්මට මෙය යහපත් ක‍්‍රියාවකි. නමුත් ඊට යටින් දිවයන්නේ කුමන්ත‍්‍රණයකි. මහාචාර්ය සුචරිත ලංකාවේ වෙසෙන අග‍්‍රගණ්‍ය උගතෙක් වශයෙන් හදුන්වා දෙමින් ඇරඹෙන මෙම වැඩ පිළිවෙල ජනාධිපතිතුමාටත් රජයටත් මහජනතාවටත් කොකා පෙන්විමකි. එය සහසුද්දයටම රජයේ ගමන කනපිට පෙරළීමේ වැඩ පිළිවෙලේ පුරුකකි.

මහාචාර්ය සුචරිත ගමලත් මාක්ස්වාදියෙක් වශයෙන් රගපාන දරුණු ඊළාම් වාදියෙක් බව රහසක් නොවේ. ඇල්ටීටීඊ ත‍්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම සදහා ශ‍්‍රී ලංකා රජයේ හමුදාව සටන් කරන සමස්ත කාලය තිස්සේම ඔහු කළ කාරිය රජයට හා හමුදාවට විරුද්ධව හඩ තැලිමයි. සම්මන්ත‍්‍රණ සහ පොත් එළිදැක්වීමේ උත්සව ආදියේ කතා පැවැත්වු ඔහු ඒ හැම විටකම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඇට්ටි හැලෙන්ඩ පහර ගැහුවේය.

ජනාධිපතිතුමාට හා රජයට බැටදී ඇල්ටීටීඊ කාරයින්ගේ මහත් ප‍්‍රශංසාව ලැබු සුචරිත් ඔවුන්ගෙන් සම්මාන පවා හිමිකර ගත්තේ ය. ඔහුගේ පාවාදිම කොයිතරම්ද යත් සිංහලයින්ට උතුරට පා ගැසීම තහනම්ව සිටි කාලයේ ඔහු උතුරේ කරක් ගැසුයේය. තල්ගස්යට ඉදගෙන රා බීවේය. පදම් වි ඊළාම් වාදින්ට ගීත ප‍්‍රබන්ධය කළේය .

මහාචාර්ය සුචරිත ගමලත් වෙත ඇල්ටීටීඊ නායකයින් ආදර ගෞරවය පිරි නමන හැටි පෙන්වන ඡුායාරූප ටැමිල් වෙබ් අඩවියෙන් ඉවත්කර නැත. ටැමිල්නෙට් කැනේඩියන් ටැමිල් ආදි අන්තර් ජාල අඩවිවල සුචරිත ගමලත් ශ‍්‍රී ලංකා රජයට හා ජනාධිපතිතුමාට විරුද්ධව කී කතා අපහාස උපහාස පළව තිබේ.

ඇල්ටීටීඊ සංස්කෘතික අංශයේ නායක රතුනතුරෙයි ගමලත්ව සීඹගැනීම

මහාචාර්ය සුචරිත ගමලත් තම ජාතියට විරුද්ධව දොඩවන්නෙකි. මෙය මාක්ස්වාදයෙන් ඔහු ලත් දායාදයක් යයි යමෙක් කියතොත් ඔහු දෙමළ ජාතියට විරුද්ධව වචනයක් නොකියන්නේ ඇයිදැයි ප‍්‍රශ්නය ඔවුන්ගෙන් ඇසීමට පුලවන. විශ්ව විද්‍යාලයේ දේශන පවත්වන ඔහු කිසි විටක ලංකාව රටක් හැටියට සදහන්කර නැත. ලංකාව කොදිව්වක් වශයෙන් හදුන්වමින් ලංකාවේ උපදින්නේ පව්කාරයින් බව කීම ගමලත්ගේ ප‍්‍රසිද්ධ කතාවකි. සුචරිත උගැන්වු පරිදි ලංකාව බදු කොදිව්වක සාහිත්‍යයක් පහළ නොවේ. උගතුන් බිහි නොවේ. ලංකාවේ ග‍්‍රාම සේවකයින් මිස රජවරුන් බිහිව නැති බව ඔහු විශ්ව විද්්‍යාලයේ පෑවැත්වු දේශන වලදී කියා තිබේ.

රට ජාතිය හා බෞද්ධ උරුමයන් හාස්‍යයට ලක්කරමින් දේශන පැවැත්වු ඔහු රටේ ෙසෙවරීභාවය නුරුස්සමින් ඇල්ටීටීඊ ත‍්‍රස්තවාදින්ට පක්ෂව කතා පැවැත්වු බවද රහසක් නොවේ. මේ නිසාම සුචරිත ගමලත්ගේ අපරාධ හෙලිකරමින් පොත පත ලිවීමට ජාති මාමක ලේඛක ලේඛිකාවන්ට සිදුවිය. සිඵමිණ පත‍්‍රයේ ක‍්‍රියාව ඒ දේශපේ‍්‍රමින් නිග‍්‍රහයට ලක් කිරිමකි. රටේ ජනතාව හෑල්ලූවට ලක්කිරිමකි.

TamilNationalFlag.jpg
මුල් පිටුවේ රජයට හිතවාදී ඡුායාරූපයක් හා ප‍්‍රවෘත්තියක් දමා මැද විශේෂාංගය ඇල්ට්ිටීඊ යට පක්ෂවුවෙකු සදහා වෙන්කිරිම ලේක්හවුස් පුවත්පතක් විසින් කිරිම උතුම් පත්තරයක් ඝනිකා සේවයේ යොදිමකි. මෙවැනි කටයුතු වල නියැලෙන පුද්ගලයින් අගේ ඉදගෙන කන කන්නන් හැටියට හැදින්වීමට පුලූවන.

ඇල්ටීටීඊ ව්‍යාපාරයට බැදුණු පොඩි එකා කොටි ත‍්‍රස්තවාදියෙක් වෙනවිට ඇල්ටීටීයට පක්ෂව රටට හා රජයට ද්‍රෝහිවු මහාචාර්යවරයෙක් අතිශ්‍රේෂ්ඨ පඩිවරයෙක් විය නොහැක. මෙවැනි අපරාධ කරන උගතුන් පඪිවරු වෙන්නේ කොහොමද ? මහාචාර්ය ගමලත් ශබ්දකෝෂ සියයක් ලිව්වත් ජාතියට විරුද්ධව කළ පව් වලින් ගැලවීමට ඔහුට නොහැක. එහෙත් ඇල්ටිටීඊ බුවල්ලාට හසුවු ලේක්හවුස් නියෝජිතයා ඒ සදහා පරිශ‍්‍රමයක යෙදේ.
:lol: