රජයට කෝටි 5000ක පාඩුවක්,,,

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    රජයට කෝටි 5000ක පාඩුවක්,,,

    රජයට කෝටි 5000ක පාඩුවක් - අවම ලන්සුව දුන් දේශීය සමාගම නොසලකා LNG විදුලි බලාගාර ටෙන්ඩරය චීනයට
    විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට් අනුමත ප්රසම්පාදන කමිටුව (SCAPC) මගින් කෙරවලපිටියේ ස්වභාවික වායු (LNG) සංයුක්ත චක්ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය (PAB) විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක් වන චීනයේ GCL China සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
    විද්වතුන් 13 දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත සහ විද්වතුන් 05 දෙනකුගෙන් සමන්විත කැබිනට් අනුමත ප්රසම්පාදන කමිටුව මගින් කෙරවලපිටියේ ස්වභාවික වායු සංයුක්ත චක්ර විදුලි බලාගාරයේ ඉදිකිරීමේ ටෙන්ඩරය අවම ලන්සුවකින් ලබාගත් දේශීය සමාගමක් වන ලක්ධනවි සමාගමට ලබාදීමට අනුමැතිය ලබාදී තිබියදී එය නොසලකා හැර බලශක්තිය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් නැති නිලධාරින් තිදෙනකුගෙන් සමන්විත ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය විසින් එම ටෙන්ඩරය විදේශීය සමාගමක් වන චීනයේ GCLChina සමාගමට ලබාදීමට අනුමැතිය ලබා දී ඇත.
    මෙම මණ්ඩලය තමන්ගේ නියමිත කාර්යය පටිපාටියෙන් සම්පූර්ණයෙන් ම බැහැරව ගොසින් තමන්ට කිසිදු අද්දැකීමක් හෝ නිපුණතාවයක් නොමැති තාක්ෂණික කරුණු විකෘති කරමින් කැබිනට් මණ්ඩලය ද නොමඟ යවමින් රටට ද රුපියල් කෝටි 5000 ක අලාභයක් සිදු කරමින් අදාළ ටෙන්ඩරය චීන සමාගමට ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.
    මෙම තීරණය පදනම් කරගෙන චීන සමාගමට ටෙන්ඩරය ප්රදානය කිරීමට අවශ්ය කැබිනට් පත්රිකාව විදුලිබල අමාත්යවරයා විසින් ඉතා ඉක්මනින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
    පසුගිය සමයේදී රටේ දැඩි ආන්දෝලනයක් ඇති කළ මෙම විදුලි බලාගාරය ඉදිකිරීම හා සම්බන්ධ ටෙන්ඩරය ඊට අදාළ තාක්ෂණික සහ මූල්යමය ඇගයීම්වලින් අනතුරුව දේශීය සමාගමක් වෙත ලබාදීමට නිර්දේශ විය. විවිධ ක්ෂේත්රවල විශේෂඥ දැනුම සහිත නිලධාරීන් 13 දෙනෙකුගෙන් සැදුම්ලත් තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ කැබිනට් අනුමත ප්රසම්පාදන කමිටුවේ නිර්දේශය නොසලකා හරිමින් විදුලිබල අමාත්යාංශයේ ලේකම් විසින් මුල සිටම ඊට දැඩි විරුද්ධත්වයක් දැක්වූ අතර මුලදී කොරියාවේ සැම්සුන්ග් සමාගම වෙත මෙම ටෙන්ඩරය හිමිකර දීමට ඔහු උත්සාහ කළද සැම්සුන්ග් සමාගමේ ටෙන්ඩරයේ පැවති බරපතළ දෝෂ සහගතබව නිසා එම සමාගම ඉවත් කරන ලදි. අනතුරුව GCLChina නම් සමාගම වෙත මෙම ටෙන්ඩරය හිමිකරදීම සඳහා ඔහු දැඩි ආයාසයක් ගනිමින් සිටියි.
    මාස ගණනාවක් පුරා ප්රමාදයට ලක්වූ ටෙන්ඩර් ක්රියාදාමයේ අවසන් අදියරට පැමිණ තිබියදී එම ටෙන්ඩරය හිමිවීමට තිබූ දේශීය සමාගම ඉන් ඉවත් කරන ලෙසත් ටෙන්ඩරය තමා වෙත ලබා දෙන ලෙසත් චීනයේ GCLChina සමාගම විසින් අභියාචනාවක් මගින් ඉල්ලා සිටි අතර එය ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ක්රියාත්මක වන ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු කරන ලදි. එහි කරුණු 9ක් සඳහන් විය. සම්මත ආචාරධර්ම වලට පටහැනිව තමාද සාමාජිකත්වය දැරූ කැබිනට් අනුමත ප්රසම්පාදන කමිටුවේ නිර්දේශ උඩුයටිකුරු වන හා ඉහත කරුණු 9නවයම සනාථ වන පරිදි රහසිගත වාර්තාවක් සැකසීමට ලේකම්වරයා එඩිතර වී ඇත. එහිදී පෙරකී චීන සමාගමේ ටෙන්ඩරය අනුමැතියට සුදුසු බවත්, මෙම ටෙන්ඩරය ඔවුන්ට ලබා දිය යුතු බවටත් විදුලි බල අමාත්යාංශයේ ලේකම්වරයා විසින් අමාත්යංශයේ මතය ලෙස සඳහන් කරමින් ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත එම රහසිගත වාර්තාව ලබාදී ඇත.
    ලක්ධනවි සමාගම ටෙන්ඩරය ලබා ගැනීමට නුසුදුසු බව සනාථ කිරීමට විදුලිබල අමාත්යාංශයේ ලේකම්වරයා ඔහුගේ වාර්තාවේ හුවා දක්වන කරුණු පුදුම සහගතය. ලේකම්වරයාට අනුව, ලක්ධනවි සමාගම විදුලිබල මණ්ඩලයට අයිතියක් ඇති සමාගමක් නිසා ලක්ධනවි සමාගම අඩුම ලංසුව ඉදිරිපත් කළද ටෙන්ඩරය එම සමාගමට ලබාදීමෙන් අනෙකුත් ලංසුකරුවන්ට අසාධාරණයක් සිදුවේ. ටෙන්ඩර් පත්රිකාවේ කිසිවිටකත් විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ආයතන ටෙන්ඩරයට සහභාගී වීම සීමා කොට නැති අතර සියලු ඇගැයීම් අවසන්කොට ටෙන්ඩරය ලක්ධනවි සමාගමට ප්රදානය කිරීමේදී මෙය ඔහුට මතක් වීම පැහැදිලි සැකයකට තුඩුදෙයි. කරුණු සොයා බැලීමේදී අපට පෙනීගියේ ලක්ධනවි සමාගම දශක දෙකකටත් වඩා ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ විශාල කාර්යභාරයක් ඉටුකර ඇති ප්රවීණ සමාගමක් බවයි. 1996 වර්ෂයේ ඔවුන් මුලින්ම ඉදිකළ මෙ. වොට්. 24 ක බලාගාරයේ සිට මේ දක්වා ඔවුන් මුළු ධාරිතාව මෙ.වොට් 500 කට වඩා වැඩි තාප බලාගාර 7ක් ලංකාවේ ඉදිකර ඇති අතර මුළු ධාරිතාව මෙ. වොට් 350 පමණ වන බලාගාර 6ක් විදේශ රටවල ඉදිකර ඇත. මීට අමතරව මේ මොහොත වන විටත් ඔවුන් බංගලාදේශයේ මෙ. වොට් 550 මුළු ධාරිතාව ඇති බලාගාර 5ක් ඉදිකිරීම් කටයුතු කරමින් පවතී. ලක්ධනවි සමාගම පුත්තලමේ ඉදිකළ මෙ. වොට් 100ක් ධාරිතාව ඇති හෙලධනව් බලාගාරය ලංකා ඉතිහාසයේ අඩුම මිලට විදුලිය සැපයූ තාප බලාගාරයයි. මෙවන් දක්ෂතාවක් ඇති සමාගමක් විදුලිබල මණ්ඩලය සතු වීම ගැන අමාත්යාංශ ලේකම්වරයා ආඩම්බර විය යුතු අතර එම සමාගම රටේ පුරවැසියන්ගේ සුභ සිද්ධිය උදෙසා වැඩි වැඩියෙන් විදුලිබල ව්යාපෘති වල යෙදවීමට ඔහුට වගකීමක් ඇති බව අපගේ අදහසයි. එම වගකීම පසෙකලා විදේශ සමාගමකට වැඩි මිලට මෙම ටෙන්ඩරය ප්රදානය කිරීම ඔහු නිර්දේශ කර ඇත.
    යම් අභියාචනයක් ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය වෙත යොමු වූ විටදී ඔවුනට එම ටෙන්ඩර් ක්රියාවලිය නීත්යානුකූලද යන්න පිළිබඳව පමණක් සොයා බැලිය හැකි අතර එම ටෙන්ඩරයට අදාළ තාක්ෂණික ඇගයීම් කරන ක්රියාවලියට බලපෑම් කළ නොහැක.
    නමුත් මෙහිදී විද්වත් මණ්ඩලයකගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව පවා මින් පෙරදී අනුමත කළ ටෙන්ඩර් යෝජනාවක් ඉවත් කොට ඒ වෙනුවට මින් පෙර කිසිදාකවත් LNG විදුලි බලාගාරයක් ඉදිකර නැති චීන සමාගමකට ටෙන්ඩරය ලබා දෙන ලෙසට ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය කරනු ලබන නිර්දේශයන් කිසිසේත්ම නීත්යානුකූල නොවේ. එසේ නිර්දේශ කිරීමට ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය ට කිසිදු බලයක් නොමැත. කරුණු එසේ වුවද විදුලිබල අමාත්යංශයේ ලේකම්වරයා විසින් ඉහත නිර්දේශය මත පදනම්ව චීන සමාගමට ටෙන්ඩරය පැවරීමට අවශ්ය කැබිනට් පත්රිකාව මේ වන විටත් සකස්කොට ඇති අතර අද හෙටම එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    GCLChina සමාගම එක් විදුලි ඒකකයක් සඳහා රු 15.97 ක මුදලක්ද, ශ්රී ලාංකික, ලක්ධනවි සමාගම විදුලි ඒකකයක් සඳහා රු. 14.98ක් ද ලන්සු ලෙස ඉදිරිපත් කර ඇතá එනම්, ලක්ධනවි සමගම ඒකකයකට රු 1ක් ලාභදායී වේ. විදුලි බලාගාරය ඉදිකළ පසු, වසරකට ඒකක මිලියන 2,500ක් ජනනය කිරීමට නියමිත වන බැවින්, චීන ඨCඛ සමාගමට ටෙන්ඩරය ලබාදුනහොත් වසරකට රු. මිලියන 2,500 ක පාඩුවක් ද, වසර 20 තුළ රු. මිලියන 50,000 ක පාඩුවක්ද විදුලිබල මණ්ඩලයට දැරීමට සිදුවනු ඇත. අවසානයේදී මේ අලාභයේ බරද දැරීමට සිදුවන්නේ විදුලි පාරිභෝගිකයාටය.


    http://divaina.com/daily/index.php/puwath-2/13014-19-23
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අවුලක් නෑ දැන් වික්කාමසිංහ මේක සිංගප්පුරුවක් කරලනේ තියෙන්නේ. ඇති තරම් සල්ලි තියෙනවනේ.. කෝ අපේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන් ටික :angry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    Lakdanavi Rs.1 aduwata dennawa kiyanne government eken VAT, NBT, PAL tax exemptions aragena. anith bidders la Tax cost ekath ekkama thamai unit price deela thiyenne. Anika Lakdanavi oka hadanna ganna loan ekath loan eke 22 years grace period eken passe CEB eken gewanna one. anika 300million USD kiyana CEB engineering estimate ekath un 42% boruwata aduwata 175 million USD kiyala pennala thiyenne. Unta lend karana bank eken check kalahama estimate eka USD 330 miilion lu.

    Link to cabinet paper: https://drive.google.com/file/d/19xWfvsHCC9dk2DsmlbKH5RpTGPmBqxBb/view

    check this cabinet paper document pages

    005.jpg

    006.jpg

    007.jpg



    Mekath Divaine thibbe :lol::lol::lol:

    :baffled::P:lol:

    අඟහරු ග්‍රහයා මත ගඩොල් තොගයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    angaharu775.jpg


    අඟහරු ග්‍රහයා මත ගොඩනැඟිලි ඉදිකරන ගඩොල් තොගයක්‌ තිබී සොයාගෙන ඇතැයි ඇමරිකානු නාසා ආයතනය මුළු ලොවම විශ්මයට පත්කරමින් හෙළිකර ඇත.

    කියුරෝසිටි යානාව විසින් මේ ගඩොල් තොගය සොයාගෙන තිබේ.

    මේ ගඩොල් වසර බිලියන 3.5 ක්‌ පැරණි බව නාසා ආයතනය කියයි.

    මෙය විශ්මය ජනක සොයාගැනීමක්‌ යෑයි නාසා ආයතනය අභ්‍යවකාශ භූ විද්‍යාඥ ජෙනිපර් එයිගන්බ්‍රොaඩ් මහත්මිය පැවසුවාය.

    මින් සනාථ වන්නේ අඟහරු ග්‍රහයා මත ජනාවාස තිබීම බවද ඇය කීවාය.

    ඉදිරියේදී කියුරෝසිටි රෝවර් යානාව මෙයට වඩා විශ්මය ජනක තොරතුරු සොයාගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඇය කීවාය.


    - http://divaina.com/daily/index.php/puwath-2/12677-2-17
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    26461949177_d8863ece49_k.jpg


    meh inne doubalama

    kilowatt 10-15 podi solar cells open kara kara

    ratakata wadak wena meh wage loku plant parakku kara//
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුලක් නෑ දැන් වික්කාමසිංහ මේක සිංගප්පුරුවක් කරලනේ තියෙන්නේ. ඇති තරම් සල්ලි තියෙනවනේ.. කෝ අපේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන් ටික :angry:

    :yes::yes::yes: