ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැති නම් ඒ සඳහා මැදිහත් වී සාකච්ඡා කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
රටට ගැළපෙන ආකාරයේ ගනුදෙනුවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කලේ නම් එය රටේ වාසියට යොදා ගැනීමට තිබූ බවද හෙතෙම පැවසීය.
නමුත් රජය මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකවර එකඟ වීමෙන් වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් පීඩාවට පත්ව ඇති බව විපක්ෂ නායකයා කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවකදීය.
විපක්‍ෂ නායකවරයා මීට පෙර ද අවස්ථාවන්වල කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි එක්වර පිළිනොගත යුතු බවත් තම රජයක් යටතේ කේසර සිංහයෙකු ලෙසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කිරීමට කටයුතු කරන බවත් ය.
ane manda ban, mu dan athal denawa wedi wela