බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල් (කේන්තියට කියන විරිඳු)
මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
පරෙයියන්ගෙ වෙස් ගත්තත්
පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක්
උන් ඒවිද පිහිට වෙන්ට (පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත්
මොකටද ලක් මෑණි මගේ (ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව (සාධාරන පහරදිම)