රජයේ තීරණ වලට ප්‍රසාදය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාජ්‍ය ව්‍යවසායකත්වයෙන් මිදීමේ වැදගත් පියවරක් ලෙස ලංකා රෝහල් සහ ටෙලිකොම් කොටස් විකුණා දැමීම පිළිබඳව අපගේ ප්‍රසාදය!!!

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය හදන වැඩපිළිවෙලක අමාරුම මෙන්ම වැදගත්ම පියවරක් තමයි මේ රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කිරීම හෙවත් වෙළෙඳපොළට නිකුත් කිරීම.

    රජය සතුව පවත්වා ගැනීම උපක්‍රම ශ්‍රීලීව වැදගත් වන අත්‍යාවශ්‍ය කර්මාන්ත හැරුණු කොට ගෙන අනෙකුත් සියළු කර්මාන්ත රටේ වෙළෙඳපොළට නිකුත් කිරීම කියන්නේ කරන්න ඕනෙම ප්‍රතිසංස්කරණයක්. ඒ ටික කර ගන්නේ නැතුව මේ රට ගොඩ ගන්නවත්, දියුණු කරන්නවත් බෑ.

    දැන් පුරවැසියන් උත්සාහ කළ යුත්තේ මේ සමාගම් වල කොටස් තමන්ට හිමි කර ගැනීමටයි. ඒකට හැකියාවක් හැමෝටම නොලැබෙන්න පුළුවන්. ඒ අපි හැමෝම ධනය ඉතුරු කර ගෙන නැති නිසා. ධනය ඉතුරු කර ගන්න මහන්සි උන අයට ඒ ධනය වර්ධනය කර ගන්න හොඳ ආයෝජන අවස්ථා ලැබෙන්න ඕනේ. මේ ආකාරයට වෙළෙඳපොළක් නිර්මාණය වීම තුල මිනිස්සුන්ට ලැබෙන්නේ ඒ අවස්ථාව.

    ටික ටික මේ කර්මාන්ත වෙළෙඳපොළට නිකුත් කරපු, පුරවැසියා මූලික ආර්ථිකයක් හදන්න ඕනේ. දැන් තියෙන රාජ්‍ය මූලික ආර්ථිකය ලෝකෙට ගැලපෙන එකක් නෙවෙයි.

    ජනතාවගේ සහය මේ වෙනුවෙන් ලැබීම අත්‍යාවශ්‍යයි.
    අපිට පුළුවන්.

    Small Government !

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    • Love
    Reactions: monson