රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

රාජ්‍ය ආයතන විකු

  • රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය ) හොදයි

    Votes: 3 6.7%
  • රාජ්‍ය ආයතන විකිණීම හොද නැ

    Votes: 15 33.3%
  • 3 පාඩු ලබන ඒවා විකුනන්න ඕනා

    Votes: 22 48.9%
  • 4 කොචර පාඩු උනත් තියන් ඉමු

    Votes: 5 11.1%

  • Total voters
    45

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය )

    පවුද්ගලිකරණය ගැන ඔබේ මතය ඉදිරිපත් කරන්න :D:D:D:D


    1 රජය ආයතන විකිණීම (පවුද්ග්ලිකරනය ) හොදයි
    2 රාජ්‍ය ආයතන විකිණීම හොද නැ
    3 පාඩු ලබන ඒවා විකුනන්න ඕනා
    4 කොචර පාඩු උනත් තියන් ඉමු


    update
    රාජ්‍ය ආයතන පාඩු ලැබුවාම ඒවා පියවා ගන්නා ආකාරය ගැන ඔබ දන්නවාද
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පෞද්ගලීකරණය

    පෞද්ගලීකරණය යනු ආර්ථිකය ප්‍රතිව්‍යුහකරණය සඳහා භාවිතා කරණු ලබන උපාය මාර්ග වලින් එකකි.ප්‍රතිව්‍යුහකරණය ක්‍රියාවලියසාර්ථක වීමට නම් පෞද්ගලීකරණය ක්‍රමවත්ව කිරීම සඳහා පියවර ගැනීම අත්‍යවශ්‍යය.පෞද්ගලීකරණය දශක 3කට වැඩි කාලයක් තිස්සේ මෙරට ප්‍රචලිතව පවතින සංකල්පයකි.
    පෞද්ගලීකරණය කරා ඒකරාශී වන ක්‍රියාවක් වශයෙන් පෞද්ගලීකරණය ඉතා සරලව අර්ථ නිරූපනය කළ හැකිය.රාජ්‍යව්‍යවසායන් සහ පෞද්ගලීකරණය එක්ව සලකනවිට පෙනී යන්නේ රජය විසින් භාරගෙන තිබූ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය පෞද්ගලික අංශයට පැවරීමේදී පෞද්ගලීකරණය යන ක්‍රියාව සිදුවන බවය.

    "පෞද්ගලීකරණය යනු පෞද්ගලීක නොවන දේපළ වලින් පෞද්ගලීක දේපළ කරා පැවරීමේ ක්‍රියාවලියකි."
    ෆෙඩ්‍රික් ඊබට්.​
    ප්‍රායෝගික අර්ථයෙන් ගත්කළ පෞද්ගලීකරණය 3න් ආකාරයකින් කරනු ලැබිය හැකිය.​

    1. මානව අවශ්‍යතා ඉටු කිරීම සඳහා රාජ්‍ය අංශයට වඩා වැඩි විශ්වාශයක් පෞද්ගලීක අංශය කෙරෙහි දැක්වීම.​
    2. ක්‍රියාත්මක වීමේ අර්ථයෙන් ගතකළ ව්‍යවසායන්හි රාජ්‍ය හිමිකාරත්වය කළමනාකරණය සහ මෙහෙයවීම පෞද්ගලීකඅංශයේ මෙහෙයුම් සමානුපාතිකව ඉහළ යාමේදී අවම මට්ටමක පැවතීම.​
    3. බලපෑම් කිරීමේ අර්ථයෙන් ගත් කළ පෞද්ගලීකරණය යනු රාජ්‍ය ව්‍යවසායන් පෞද්ගලීක අංශයට පැවරීම.​
    පෞද්ගලීකරණයේ ඉලක්ක​

    • රජයේ අධිකතර වියදම් අවම කිරීම.​
    • නව කළමනාකරණ ශිල්පක්‍රම වලින් සංවිධානය පෙරළාශක්තිමත් කිරීම.​
    • දේශීය හා විදේශීය ආයෝජනය ආකර්ෂණය කරගැනීම.​
    • රාජ්‍යයේ මූලික ආර්ථික ක්‍රියාකාරීත්වයන් විමධ්‍යගත කිරීම.​
    • ජාත්‍යන්තර ණයදෙන ආයතන විසින් නියම කරනු ලබන කොන්දේසිවලට අනුකූලවීම.​
    • රාඡ්‍ය අංශය තුළ ඇති වී තිබෙන දේශපාලනීකරණය ඉවත් කිරීම.​
    පෞද්ගලීකරණ වැඩසටහනක් අනුගමනය කිරීමෙන් රජය සපුරා ගැනීමට අදහස් කරන අරමුණු ආර්ථික විද්‍යාඥ Hanke විසින් සාකච්ඡා කරනු ලැබිණ.ඒවා පහත දැක්වෙන පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.​

    • ආර්ථික කාර්යක්ෂමතාව වර්ධනය කිරීම.​
    • අයවැය හිඟය පියවනු වස් රජය සතු ව්‍යවසායන් විකිණීම.​
    • ආර්ථික තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ දේශපාලනකරණය ඉවත් කිරීම.​
    • පාඩු ලැබෙන රාජ්‍ය ව්‍යවසායන් හේතුවෙන් ඇතිවන වියදම් අඩුකිරීම.​
    • රාජ්‍ය අංශයේ වෘත්තීය සංගම්වල බලය අඩු කිරීම.​
    පෞද්ගලීකරණයේ ස්වරූපයන්
    1.පැවරීමෙන්
    (අ)විකිණීම​

    • පෞද්ගලික ගැනුම්කරුට
    • මහජනයාට
    • සේවකයින්ට
    • භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට
    (ආ)නිදහස් පැවරීම​

    • සේවකයින්ට​
    • භාවිතා කරන්නන්ට හෝ ගනුදෙනුකරුවන්ට​
    • කලින් අයිතිකරුවන්ට​
    2.බලය පැවරීමෙන්​

    • ගිවිසුම​
    • වරණය​
    සහන
    බදු​

    • ප්‍රදානය​
    • වවුචර​
    • බලය​
    3.විස්ථාපනයෙන්​

    • පැහැර හැරීම​
    • ඉවත්වීම​
    • අවිධිමත්කරණය​
    පෞද්ගලීකරණය වැඩසටහනේ දුර්වලතා​

    • ආයතනික වැඩසටහනේ දුර්වලතා​
    • විනිවිද පෙනෙන සුළු භාවයේ ගැටලු​
    • ප්‍රාග්ධන වෙළෙඳපොළේ සංරෝධක​
    • ඵලදායි නොවන ආර්ථික ප්‍රතිපත්ති​
    • ශ්‍රම වෙළෙඳපොළේ ගැටලු​
    • සැලසුම්කරණයේ දුර්වලතා​
    ආශ්‍රිත ග්‍රන්ථ:- ආර්ථික විමසුම, 2001 අප්‍රියෙල්/ජූනි, පරිගණක මුද්‍රණ අංශය,මහජන බැංකුව



    http://siphala.blogspot.com/2010/09/blog-post_14.html
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අධ්‍යාපනය, සෞක්‍ය හා ප්‍රවාහන හැර අනිත් ඒවා පුද්ගලීකරණය කරන්න ඕන. නැත්නම් මොන ආණ්ඩුව ආවත් කරන්නේ උන්ගේ හෙන්චයියෝ දාල කන එක.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔිනි එකෙකුට රාජ්‍ය ආයතන පාඩු කරල විකුණලා දාන්න පුලුවන්.

    පාඩු පිට මහජනතාවට බරක් වෙන්න දේශපාලක්යොන්ට රස්සා මවන්න රාජ්‍ය ව්‍යවසාය අවශ්‍ය නෑ........හරියට කරන්න බැරිනම් විකුණලා නිකන් ඉන්න ඕනේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    hariyata 2002 sathosa wage......
    SATHOSA 2002 PADU WELA NEMEDA THIBBE ,

    ඕක පාඩු වෙන්න හේතුව සැටලයිට් ඇන්ටි 3.50 පන් දෙන්න පිටි නිකුත් කලේ සතොස හරහා
    එකෙන් ඕක කෙල වෙලා තිබ්බා
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අධ්‍යාපනය, සෞක්‍ය හා ප්‍රවාහන හැර අනිත් ඒවා පුද්ගලීකරණය කරන්න ඕන. නැත්නම් මොන ආණ්ඩුව ආවත් කරන්නේ උන්ගේ හෙන්චයියෝ දාල කන එක.
    ඒවා පුද්ගලික සේවා තිනවා බන් :D:D:D
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පාඩු පිට මහජනතාවට බරක් වෙන්න දේශපාලක්යොන්ට රස්සා මවන්න රාජ්‍ය ව්‍යවසාය අවශ්‍ය නෑ........හරියට කරන්න බැරිනම් විකුණලා නිකන් ඉන්න ඕනේ
    හ්ම් අදහස් 1
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පාඩු පිට මහජනතාවට බරක් වෙන්න දේශපාලක්යොන්ට රස්සා මවන්න රාජ්‍ය ව්‍යවසාය අවශ්‍ය නෑ........හරියට කරන්න බැරිනම් විකුණලා නිකන් ඉන්න ඕනේ

    හරිය‍ට කරන්න බැරි නැහැ. කරන්නෙ නැති එකයි අවුල. විකිණිය හැකි රාජ්‍ය ආයනත් තියෙනවා. කොහෙත්ම නොවිකිණිය යුතු රාජ්‍ය ආයතනත් තියෙනවා.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරිය‍ට කරන්න බැරි නැහැ. කරන්නෙ නැති එකයි අවුල. විකිණිය හැකි රාජ්‍ය ආයනත් තියෙනවා. කොහෙත්ම නොවිකිණිය යුතු රාජ්‍ය ආයතනත් තියෙනවා.
    හ්ම් ඇයි කරන්න බැරි වෙන්නේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංගප්පූරු මොඩලයෙන් රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණයවන මෛත්‍රී‍ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වෘත්තීය සමිති විරෝධය



    (කොළඹ, ලංකාපුවත්) - තමන් බලයට පත් වූ පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුව පාලනය කරන බවට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල මහතාගේ විපක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියැවෙන අතර ඒ අනුව ජයවර්ධන, ප්‍රේමදාස, චන්ද්‍රිකා හා රනිල් පාළන කාලයන් තුල ක්‍රියාත්මකකල පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය එසේම අනුගමනය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වී ඇති බැවින් එයට විරෝධය දක්වමින් සමස්ථ රාජ්‍ය සේවකයින්ම දෙසැම්බර් 23 වැනිදා රාජ්‍ය සේවය සුරක්ෂිත කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරනු නියත බවත් රජයේ පවුල් සෞඛ්‍ය සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළාය.
    උපායමාර්ගික වශයෙන් බැංකු, වරාය, ගුවන්තොටුපල, බලශක්තිය, ප්‍රවාහනය, ජල සම්පාදනය, ඛනිජ තෙල් වැනි රාජ්‍ය ආයතනයන්හී කළමණාකරණය විධිමත් කිරීම සඳහා සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතියට අනුකූලව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බව එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තවදුරටත් දැක්වෙන බවත් මේ සිදුවූයේ බළලා මල්ලෙන් එළියට පැනීම බවත් ඇය ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ(19) පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
    මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ්, ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි, ප්‍රගතිශීලී බැංකු සේවක එකමුතුවේ කැඳවුම්කරු උදිත නන්ද හෙට්ටිආරරච්චි, එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායක හා ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේ සභාපති ජනක හේවාපතිරණ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
    වැඩිදුරටත් අදහස් දක්වමින් ලංකා කම්කරු සංගමයේ මධ්‍ය මණ්ඩලයේ ප්‍රධාන ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මෙසේ ප්‍රකාශ කළේය
    ‘‘කම්කරුවන්ට, රාජ්‍ය සේවකයින්ට ආදරය කරන නායකයෙක් නැවත බලයට පත්කරවන්න ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ පෙරමුණ ගන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දේශීය විදේශීය කුමණ්ත්‍රණයකට හසුවෙලා, ඉතිරි රාජ්‍ය ආයතන ටික සිංගප්පූරුවේ සමර්සෙට් හෝල්ඩින්ස් සමාගමට විකිණීමට අවශ්‍ය පිඹුරුපත් සැකසීම මේ දිනවල සිදුකරගෙන යනවා. ඔහු පවසන සිංගප්පූරුවේ සමර්සෙට් ආකෘතිය යනු පැහැදිලිවම ‍රාජ්‍ය ආයතනවල කොටස් අයිතිය පැවරීමයි. ඒ අනුව මේ රාජ්‍ය ආයතන වල අයිතිය එම සමාගමට විකිණීම හෝ කළමණාකරණය පැවරීම සිදු කිරීමටයි මේ සැරසෙන්නෙ. එජාප ආණ්ඩුකාලෙ රාජ්‍ය සංස්ථා 93ක් වසා දැමුවා. වතු 22ක් වතු සංගම් බවට පත් කලා.
    චන්ද්‍රිකා පාළන කාලෙ සේවකයින් 185,000කට රැකියා අහිමි කලා. ඔවුන් විනාශ කල රාජ්‍ය සේවය නැවත සුරක්ෂිත කලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එතුමා ඔවුන් පෞද්ගලීකරණය කල රාජ්‍ය ආයතන නැවත රජයට පවරා ගත්තා විනා එකදු රාජ්‍ය ආයතනයක්වත් පෞද්ගලීකරණය කලේ නැහැ. ඒ වගේම මේ වනවිට කෝප් වාර්තාව මගින් පෙන්වාදුන් රාජ්‍ය ආයතනවල අඩුපාඩු සකස් කරගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසාම විපක්ෂය ගෙනයන මේ කුමණ්ත්‍රණයට රාජ්‍ය සේවකයින් මේ මාසෙ 23 වැනිදා තැපැල් ඡන්දෙදි පැහැදිලි පිළිතුරක් දෙන බව විශ්වාසයි යනුවෙන්ද” චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.
    මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් දුම්රිය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නදීක මනෝජ් මහතා කියා සිටියේ, 2002දී දුම්රිය අධිකාරියක් බවට පත්කර, ‍සේවකයන් විශාල පිරිසකගේ රැකියා අහිමි කල බවයි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ‘‘ජනාධිපතිතුමා සමස්ථ ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දුන්නා. මැතිවරණයෙන් පසු සියළුම රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි ලබා දෙන බව පවසනවා. ඒ වෙනුවෙන් කිසිදු සේවකයකුගේ වරප්‍රසාද අහිමි කරලා නෑ. රාජ්‍ය සේවකයන්ගෙ අතිකාල නැවැත්වීම සදහා මුදල් අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලේඛයක් නිකුත් කර නෑ. සමහර ආයතන ප්‍රධානීන් රාජ්‍ය සේවකයන් නොමග යවන්න උත්සාහ දරනවා. බුද්ධිමත් රාජ්‍ය සේවකයා ඒවට රැවටෙන්නෙ නෑ. තැපැල් ඡන්ද දිනය වන 26 වෙනිදා ඔවුන් ඊට පිළිතුරු දේවි‘‘
    ප්‍රගතිශීලී බැංකු සේවක සංගමයේ කැඳවුම්කරු උදිතනන්ද හෙට්ටිආරච්චි හා එක්සත් ලංකා අධ්‍යාපනවේදීන්ගේ සංගමයේ බුද්ධික අත්තනායන යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වීය.
    http://www.lankapuvath.lk/sinhala/index.php/2010-08-26-02-17-41/--4/49246-2014-12-20-03-02-37




     
    මොන තියරිය කතා කරත් වැඩක් නෑ රවී කරුණානායක වගේ උන් ට සල්ලි බාර දෙනවා නම්. කොහොම ලාබ ලබන ඒවා උනත් අන්තිමේ බංකොලොත්.