රජය මුස්‌ලිම් කොංග්‍රසයේ ඉල්ලීම ඉවත දමයි
කීර්ති වර්ණකුලසූරිය
ශ්‍රී ලංකාව තුළ ඊශ්‍රායල් තානාපති කාර්යාලයක් ස්‌ථාපිත කිරීම අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.
ඊශ්‍රායලය හා පලස්‌තීන නායකත්වය අතර සාකච්ඡා පවා පැවැත්වෙන අවස්‌ථාවක ඊශ්‍රායල් තානාපති කාර්යාලයත් ස්‌ථාපිත කිරීම නතර කරන්නැයි කළ ඉල්ලීම අනවශ්‍ය අර්බුදයක් යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
ඊශ්‍රායලය දැනටමත් ශ්‍රී ලංකාවේ පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයනට රැකියා අවස්‌ථා ලබාදීමට ඉදිරිපත් වී ඇත.
මේ හැර ඊශ්‍රායල් නියෝජිත කණ්‌ඩායමක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ රජය සමඟ සාකච්ඡා පවත්වා තිබිණි.

http://www.divaina.com/2012/05/23/news16.html