රජ+කඩු+හොරු නාටකය(හොරු සමග හෙලුවෙන්)
පස්මසක් තිස්සේ වේදිකාගත වන රජ+කඩු+හොරු නාටකය
කොළඹ, ජාතික කෞතුකාගාරය පිළිබඳ වැඩිම අවධානයක් යොමු වුණේ පසුගිය මාර්තු 17 වැනිදාය. හේතුව මාර්තු 16 වැනිදා රාත්‍රි කොළඹ කෞතුකාගාරය තුළට ගිය සොර මුලක් කෞතුකාගාරයේ තිබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිතයට ගත් අසිපතක් ඇතුළු මිල කළ නොහැකි තරම් වටිනා කෞතුක භාණ්ඩ සොරාගෙන නිරුපද්‍රිතව පලාගොස් තිබීම නිසාය.
මාර්තු 17 එළිවන විට මුළු රටම මේ සිද්ධියෙන් කම්පනය වූවා පමණක් නොව ලැඡ්ජාවට ද පත්විය. ජාතියක් ලෙස අප විලිලැඡ්ජාවට පත්වූ මේ නහීන ක්‍රියාව සිදුකල පාහරයින් සිදුකර තිබුනේ තවත් එක් සොරකමක් පමණක් නොව උන් හොර රහසේ ගලවා දමා තිබුනේ මුලු මහත් ජාතියේම ඇදි වතයි. ඇතැම්හු ජාතික කෞතුකාගාරයේ පෞරාණික වස්තූන් සොරාගත් උන්ට ශාප කළහ. දැඩි ආරක්ෂක රැකවල් යටතේ පවතින අධි ආරක්ෂක කලාපයක පිහිටි කෞතුකාගාර මංකොල්ලය සිදු වූයේ කෙසේ දැයි වික්ෂිප්ත විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෞතුකාගාර ආරක්ෂක අංශයටත්, ප්‍රබලම පෙලේ දේශපාලන අංශ දෙසටත් සාමාන්‍ය ජනයාගේ සැක සංකාව යොමු වූ අතර "සති දෙකක් ඇතුලත කටුගේ කැඩූ හොරුන් අල්ලන බවට" පොලීසිය විසින් ද වහසි බස් දොඩවනු දක්නට ලැබුනි.
කටුගේ මංකොල්ලයෙන් පසු ගතවුනු මාස පහ තිස්සේ වරින් වර පොලීසිය විසින් කටුගේ කැඩූ හොරුන් ලෙස හදුන්වමින් විවිධ පුද්ගලයන් කිහිප දෙනෙක් කරලියට ගෙනා අතර, හොරුන් හදුනාගෙන ඇති බවත්, හෙට අනිද්දාම අල්ලා ගන්නා බවත් කියන කතන්දර ද අඩු නැතිව පසු මාස කිහිපය තිස්සේ පොලිසිය දෙසින් ඇසෙන්නට විය. මේ අතර සොරාගේ හැඩ රුව සහිත ග්‍රැෆික් ඡායාරූපයක්ද මහජන හදුනා ගැනීම සදහා නිකුත් කර තිබූ අතර, පසුව අල්ලා ගන්නා ලද එකදු පුද්ගලයෙකුගෙන්වත් පොලීසිය කිවු ආකාරයේ හැඩ රුව ගැලපීමක් නොවීය. ඔවුන් විසින් ඇද බෑ මේ පරස්පර විරෝධී ප්‍රකාශ හරහා මේ හොරා ඇල්ලීමේ කටයුත්තත් ජනාතාවට විහිලු සපයන තවත් එක් විනෝද සමයක් වන බවනම් කනින් කොනින් ඇසෙන කථා වලින් වටහා ගත හැකිය.
නියම හොරා කෙසේ වෙතත් වාසනාවකට මෙන් මේ වන විට පාතාල සාමාජිකයන් කිහිප දෙනෙක් සමග කෞතුකාගාරයෙන් සොර ගත් බව කියැවෙන අමිළ කෞතුක භාණ්ඩ කිහිපයක් හොයා ගන්නට හැකි වී තිබේ. ඒ සම්බන්ධයෙන් කියවෙන කථා මේසේය.
අත් අඩංගුවට ගත් පාතාල සාමාජිකයෙකු තම පුතාට "අර බඩු වෙත තැනක හංගපන්" යැයි ඇමතුමක් දි ඇති අතර එම ඇමතුම ලබාගත් පුත්‍රයා තම පෙම්වතියගේ නිවසට එම බඩු යවා ඒවා හංගා තබන ලෙස උපදෙස් දී ඇත.
එම බඩු හංගා තැබිමට බියවූ පෙම්වතිය ඒවා ත්‍රීවීල් රියදුරෙකුට දී ඇත්තේ බොල්ගොඩ ගඟට දැමීමටය. නමුත් රියදුරු විසින් ඒවා පොලීසියටම ගොස් බාරදීමෙන් නැතිවූ භාණ්ඩ පොලීසිය සොයාගන ඇත.
මීට පෙර ජාතික කළා භවනේ මුරකරු වූ ස්ටැන්ලි පැහැරගෙන ගොස් දින 20 ක් පහර දෙමින් කටුගෙයි සොරකම බාර ගන්නා ලෙස බල කළ අතර පසුව කටුගෙයින් සොරකම් කළ රන් භාණ්ඩ උණු කළේ යයි ද රන් භාණ්ඩ කිහිපයක් අල්ලා ගත්තා යැයි ද කියමින් වත්තල ප්‍රදේශයේ රන් කරුවෙකු අත් අඩංගුවට ගෙන "කටුගෙයි සොරුන් අල්ලා ගත්තා" කියා පුළුල් ප්‍රචාරයක් දී පසුව හෙමින් සීරුවේම රන් කරුවා නිදහස් කෙළේය.
ඉහත සිද්ධිදාමය හා බැදෙන අලුත්ම කතා පුවත "දිවයින" පුවත්පත වාර්තා කර තිබුනේ මෙසේය
මෙම පුරාවස්තු කොල්ලය පිළිබඳව සුලමුල හෙළි වී ඇත්තේ කොළඹ වරායේ භාණ්ඩ මිලදී ගන්නා දෙමළ ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් පනස් ලක්ෂයක කප්පම් මුදලක් ලබාගැනීමට සැලසුම් කළ කප්පම් කල්ලියට නායකත්වය දුන් බිල්ඩර් ප්‍රසාද් නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
බිල්ඩර් ප්‍රසාද් යනු මාලිගාවත්ත ප්‍රදේශයේ ශරීර අභ්‍යාස ආයතනයක් පවත්වාගෙන ගිය මෙම සැකකරු කොළඹ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන 'බැට් සංජිව'ගේ සහෝදරයෙකි.
ඔහුට අයත් මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස කොටහේන පොලිසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත්තේ අවි ආයුධ කීපයක් එම නිවසේ සඟවා ඇති බවට ලැබුණු තොරතුරු මතය.
එම නිවසේ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානය පරිහරණය කළ පිස්තෝලයක් සහ අත්බෝම්බයක් ද පොලිසිය සොයාගන්නා ලද අතර පරීක්ෂාව කරන අවස්ථාවේදී මෙම පුරාවස්තු කීපය බෑගයක දමා නිවසේ කැබිනට්ටුව මත තබා තිබූ අතර එය ද පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්විය.
එහිදී සැකකරු පවසා ඇත්තේ තමා පැරණි භාණ්ඩ එකතු කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයකු නිසා මෙම පැරණි භාණ්ඩ ළඟ තබාගෙන සිටින බවයි.
අවි ආයුධ සෙවීමට උනන්දු වූ පොලිස් නිලධාරීන් මෙම පුරාවස්තු කොටස් ගැන එතරම් උනන්දුවක් දක්වා නැති අතර ඔවුන් ආයුධ රැගෙන ගොස් ඇත. පසුව නැවතත් මෙම නිවසට පැමිණ පොලිසිය එහි සැක කටයුතු ස්ථාන පරික්ෂා කර තිබේ.
මෙම සිද්ධියෙන් පසු බිල්ඩර් ප්‍රසාද්ගේ 18 හැවිරිදි පුත්‍රයා සිය පෙම්වතියට දුරකථනයෙන් කතා කර තමා පැරණි භාණ්ඩ කීපයක් නිවසට එවන බව පවසා එම භාණ්ඩ සඟවා තබන ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව හිතවතකු මාර්ගයෙන් මෙම පුරාවස්තු කොටස් කීපය කැලණිය ප්‍රදේශයේ පිහිටි බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයාගේ පෙම්වතියගේ නිවසට යවා ඇත. පුරාවස්තු කොටස් ළඟ තබාගෙන සිටීමට බිය වූ එම පවුලේ සාමාජිකයන් එම භාණ්ඩ කීපය ඔවුන් හඳුනන ත්‍රිරෝද රථ රියෑදුරකුට ලබාදී ඇත්තේ ඒවා බොල්ගොඩ ගඟට දැමීමටයි.
එම ත්‍රිරෝද රථ රියෑදුරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර පුරාවස්තු කොටස් පිළිබඳව සැක පහළ කළ ත්‍රිරෝද රථ රියෑදුරු එය පිළියන්දල පොලිසියේ නිලධාරියකුට භාර දී ඇත.
ඉපැරණි කඩුවක මිට කොටස සහ තවත් කඩුවක කොටස් කීපයක් පිළිබඳව සැක පහළ කළ පොලිස් නිලධාරීන් ඒ පිළිබඳව කොළඹ ජාතික කෞතුකාගාරය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව එම පුරාවස්තු කොටස් ජාතික කෞතුකාගාරයේ නිලධාරියකුට පෙන්වා ඇති අතර ඒවා කෞතුකාගාරයේ නැති වූ භාණ්ඩ බවට හඳුනාගෙන නැත.
ඒ අනුව පොලිස් නිලධාරීහු මෙම කෞතුක භාණ්ඩ පරීක්ෂා කිරීමේදී ඒවා කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බවට සැක කර ඇති අතර පසුව කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් කැඳවා පරීක්ෂා කරද්දී එම පුරාවස්තු කොටස් කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව හඳුනාගෙන තිබේ.
ඒ අනුව ත්‍රිරෝද රථ රියෑදුරාගෙන් ලද තොරතුරු මත කැලණියේ පදිංචි බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයාගේ පෙම්වතිය සහ මව අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. මව කොළඹ නගර සභාවේ පිරිසුදු කිරීමේ සේවිකාවකි. පෙම්වතිය ගුවන් සමාගම් සේවිකාවකි.
එහිදී හෙළිවූයේ මෙම පුරාවස්තු බිල්ඩර් ප්‍රසාද්ගේ පුත්‍රයා විසින් ලබාදුන් ඒවා බවයි. ඒ අනුව මෙම පුරාවස්තු ලැබුණේ කෙසේද යන්න බිල්ඩර් ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.
මෙම පුරාවස්තු කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව තමන් නොදන්නා බවත් ඒවා මත්කුඩුවලට ඇබ්බැහි වූ තරුණයකු තමන්ට ලබාදුන් බවත් බිල්ඩර් ප්‍රසාද් පොලිසියට පවසා ඇත.
මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා බියගම ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තමා කැඳවාගෙන ගිය අවස්ථාවේ මෙම පුරාවස්තුවලින් කොටසක් කැලෑවට විසිකිරීමට රැගෙන ගිය බවත් ඒවා පිළිබඳව ආශාවක් ඇති වී තමා ඒ භාණ්ඩ ලබාගත් බවත් ඔහු පවසා තිබේ.
ඒ සඳහා රුපියල් 4,000 ක් තමා සැකකරුට දුන් බව ද බිල්ඩර් ප්‍රසාද් පවසා ඇත.
මෙම භාණ්ඩ ලබාදීමෙන් පසු සැකකරු රන් මුදුවක් ද තමන්ට දුන් බවත් එය නිධානයකින් ලබාගත් එකක් බව පැවසූ බවත් බිල්ඩර් ප්‍රසාද් ප්‍රකාශ කර සිටියේය.
එහෙත් තමා ඒ රන් මුදුව භාර ගත්තේ නැති බව ද ඔහු පවසයි. ඊට අමතරව රන් ආලේපිත මංජුසා දෙකක් ඇතුළු පුරාවස්තු කීපයක්ම තමා සතුව ඇති බව මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා ප්‍රකාශ කළ බවට බිල්ඩර් ප්‍රසාද් පොලිසියට කටඋත්තර ලබා දී තිබේ.
මෙම සිද්ධියෙන් පසු මොහු තමා හමුවීමට නොපැමිණි බව ද ඔහු පවසා ඇත.
මේ අතර බිල්ඩර් ප්‍රසාද් නමැත්තාගේ යතුරු කැරැල්ලේ එල්ලා ගෙන සිටි රිදී මුදු දෙකක් ද පොලිසිය සොයාගත් අතර ඒවා ද මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ තරුණයා ලබාදුන් භාණ්ඩ බව ඔහු පවසා ඇත. එම මුදු දෙක ද කෞතුකාගාරයෙන් සොරාගත් ඒවා බව පසුව හෙළිවිය.
නමුත් මේ කයිකතන්දර පිළිබදව අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ සදහන් කරන්නේ මෙවැන්නකි
//"සාමාන්‍ය බුද්ධියට වැටහෙන දේ තමයි මේ තරම් සියුම් සැලසුමක් ක්‍රියාත්මක කරන්න මේ කුඩු වලින් මංමුලා වෙච්ච, උමතුවෙච්ච පුද්ගලයින්ට පුළුවන්කමක් නෑ. මේක කෞතුකාගාරයේ ප්‍රධානීන්ගේ සහයෝගය ඇතුව සති ගනනාවක් නෙවෙයි මාස ගනනාවක් සැකසුම් කරලා තියනවා.
අධි ආරක්ෂිත කලාපයේ මේක සිද්ධ වෙන්නේ. මේ සිදුවීමට කලින් ආරක්ෂිත කැමරා පවා ක්‍රියාවිරහිත කරලා. එහෙම කරන්න බෑ කුඩු කාරයෙකුට, මුරකාරයෙකුට. මෙතන තියනවා විශාල දේශපාලන බලගතු හස්තයන්. ඒකයි සම්බන්ධ වෙලා තියනවා
යම් යම් ප්‍රභූවරුන්ගේ බඩු නැතිවුන වෙලාවෙදී රුපියල් ලක්ෂ හතලිහ, හතලිස්පහේ ඔරලෝසු නැතිවුන වෙලාවේ, ඒ වගේම ඇතැම් ඇත්තන්ගේ ගෙවල් බිඳලා සල්ලි හොරකම් කරපු වෙලාවේ පැය ගනන් ඇතුලත මේවා ඔක්කොම හෙව්වා. මෙතන අලුත් නිර්මානයන් වෙනවා. හොරුන්ට පැනලා යන්න ඉඩ ඇරලා අහිංසකයින්ව කොටුකරගැනීමේ වැඩ පිළිවෙලක් තියනවා කියන බව තමයි සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න තියනදේ.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයේදී හැදුනුම්පත් සාක්කුවේ දැමූ මළසිරුරක් වැරදිකරු වූවා සේ ජාතික කෞතුකාගාරයේ හොරකම අවසානයේදී කුඩු පැකට්ටුවක් වැරදිකරු වී තිබෙනවා."//
මෙම ප්‍රකාශය ආරක්ශක අංශ වලින් එකහෙලාම ප්‍රතික්ශේප කලද සෝභිත හිමියන් වැනි නායක ස්වාමීන්වහන්සේ නමක් ප්‍රකාශ නිකුත් කරන්නේ (වගකීමක් නැති ඇතැම් පොලිස් නිලදරුවන් සහ අදබාල දේසපාලුවන් මෙන්)කට කහනවාට නොවේ. පවතින ආණ්ඩුවේ කුණු රෙදි අපුල්ලන, ඒ සදහාම කැපවී සිටින ගුවන්විදුලියේ හඩ්සන් සමරසිංහ උන්නැහේද සිය උදෑසන අඩහැරයෙන් ගෞරවනීය නායක හිමියන් පට්ට ගසන අයුරු ද අසන්නට ලැබුනි. එවැනි තුට්ටුදෙකේ රෙදි අපුල්ලන්නන්ගේ ගෙරවීම් ගණන් ගත යුතු නොවුනද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයන් ගැන ජනාතාව කෙරෙහි යම් සැකයක් වෙත්ද එවැනි ගෙරවීම් නිසා එයම සැකය තවත් තහවුරු වන බව නම් කිව යුතුවම තිබේ.
කටයුතු සිදු වෙමින් පවතින්නේ මේ ලෙස වුවත් ජාතික කෞතුකාගාර සොරකමේ සුල මුල හෙළිවන හැටි අපේ රටේ පමණක් නොව තවත් රටවල උදවිය ද බලා දෑස් දල්වාගෙන බලා සිටිති. මේ රට බුදුන් තෙවරක් වැඩි බිමකි. අපට තරම් ප්‍රෙෘඩ ඉතිහාසයක් ලෝකයේ වෙන ජාතියකට තිබේද? පොළොන්නරුව, අනුරාධපුර ඇති පෞරාණික නටඹුන් දකින දරුවන්ට ඇතිවන අභිමානය මොන තරම්ද? ඒ අපේ අභිමානය, කොළඹ කෞතුකාගාරයට පිවිසිවිට දෙගුණ තෙගුණ වේ. පාසල් දරුවන් මේ දේවල් දෙස බලා....... අපේ මුතුන් මිත්තන් පිළිබඳ ඇති කර ගන්නා හැඟීම මොනතරම්ද? ඒ අභිමානවත්, ප්‍රෙෘඩ ඉතිහාසයක අයිතිය සොරා ගන්නට ක්‍රියා කළ උන්ගේ යටි අරමුණු මොනවාද?
මොන අරමුණින් මේ සොරකම කළද මෙය ජඩම ජඩ පාදඩ හොරකමකි. හොරකම් අතර පහත්ම පෙළේ හොරකමකි. " ජාතියක්" ම සොරාගත් සොරකමක්. හොරු ඇල්ලීම පමණක් නොව සොරකමට උඩ ගෙඩි දුන් සොරකමට සම්බන්ධ සිද්ධි දාමයද හෙළි කර ගත යුතුය. රටට අනාවරණය කළ යුතුය. නොඑසේ නම් එය ද විලි ලැඡ්ජාවට කරුණකි. මුළු ජාතියේම හෙළුව දැක විළිලැඡ්ජාවට පත්වන එක ඉවසිය හැක්කේ එවිටය.
(මූලාශ්‍ර දිවයින පුවත්පතින්)